එතකොට මෛත්‍රී බොරුද කිව්වේ?
Posted on January 11th, 2018

BY MALINDA SENEVIRATNE

තමන්ගේ ධූරකාලය අවසන් වන්නේ කවදාද කියල මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති තුමා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසලා තියෙනවා. ජනාධිපති මාධ්‍ය ඒකකයට අනුව එහෙම විමසලා තියෙන්නේ “ධූරකාලය පිලිබඳ මත දෙකක කතිකාවක් සිවිල් සහ දේශපාලන ක්ෂේත්‍ර වල පවතින නිසා” ලු.  එහෙම කතිකාවක් ගැන ඇහුවමයි!

‘මගේ ධූරකාලය ස්වකැමැත්තෙන් අවුරුදු හයේ සිට පහකට අඩුකරා…..එහෙම අඩු කරපු වෙන නායකයෙක් මේ ලෝකේ කොහෙවත් නැහැ’ වගේ කතා කියද්දී ඔය කියන කතිකාවක් ගැන වත් අපහදිලිතාවයක් ගැන වත් සිරිසේන මහත්තයා කිව්වේ නැහැ.  ‘වැඩේ අහවරයි’ කියන විදිහේ ස්වරයක් තමයි පාවිච්චි කෙරුවේ.

සිරිසේන මහත්තය දේශපාලන වේදිකාවට නැගල කිව්වේ ආයේ ජනාධිපතිවරණයකට ඉදිරිපත් වෙන්නේ නැහැ කියල විතරක් නෙවෙයි විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා කරනවාමයි කියලයි.  එහෙම කෙරුවේ නැහැ.

ඒ වුනාට 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනපති ධූරකාලය අවුරුදු පහකට සීමා කෙරුව. ඒ විතරක් නෙවෙයි, ඔය ධූරකාලය පිළිබඳව පැහැදිලි කිරීමකුත් සංශෝධනයට එකතු කෙරුව.  ධූරකාලයට අදාලව ලියල තියෙන්නේ 2015 අප්‍රේල් 22 දා ට පෙර දිනයේ ජනාධිපති ධූරයේ සිටින පුද්ගලයා එම ධූරයේ ම සිටින අතර (ධූරකාලය ට) ඔහු හෝ ඇය අදාළ ව 19වැනි සංශෝධනයේ කරුණු වලට යටත් වන බවයි. 

තත්ත්වය මෙසේ තිබිය දී නීතිපති මහත්තයා කියන්නේ සිරිසේන ජනපති තුමා ධූරයට පැමිණියේ 19වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත වීමට පෙර බැවින් එහි විධිවිධාන (ධූරකාලය පිළිබඳව) ඔහුට අදාළ නොවන බවයි. 

ලොක්කා පත් කල සොක්කා ලොක්ක ගේ කැමැත්තට සැලූට් දාන එක සාමාන්‍ය දෙයක්. විශේෂයෙන් ම සොක්කා ගේ උසස්වීම් තියෙන්නේ ලොක්කගේ අතේ නිසා.  නීතිපති ල අගවිනිසුරු වෙන රටක් මේක.  දූෂිත ශ්‍රේෂ්ඨාධිකරණයක් තියෙන රටක් මේක.  ශ්‍රේෂ්ඨාධිකරණය විධායකයට අවනත වෙන රටක් මේක. 

බලය එපා, බලතල එපා, ඥාති සංග්‍රහය එපා කිය කිය බලයට බලතලවට ලොබ බඳින, ඥාතීන්ට හිතවතුන්ට සංග්‍රහ කරන රටක් මේක.  නීතියට අවනත වෙමි කියල නීති කඩන, නීතිය නවන, නීතිය වටේ වංගු ගහන නායකයින් ඉන්න රටක් මේක.  ප්‍රේමදාස ජේආර් වුන, චන්ද්‍රිකා ප්‍රේමදාස වුන, මහින්ද චන්ද්‍රිකා වුන, මෛත්‍රී මහින්ද වුන රටක් මේක. 

ඒ නිසා මෛත්‍රිපාල බොරු ද කිව්වේ කියල අහන්න අවශ්‍ය නැහැ.  අහන්න ඕන මෛත්‍රිපාල බොරු නොකිය ඉඳියි ද කියලයි. 

2 Responses to “එතකොට මෛත්‍රී බොරුද කිව්වේ?”

  1. Senerath Says:

    Can’t stop commenting on this.
    If ලොක්කා පත් කල සොක්කා’s argument is correct, it is even worse for ලොක්කා because in that case his intention was to cut the period of power of others to 4 years, after he himself enjoying visiting various countries and eating Saivery Sapaattu for 6 years.
    OK. Never mind, you take 6 years and punsih the Bank Robbers and give us back the money please. Next man will punish you in 2 years !

  2. Dilrook Says:

    Of course Sirisena lied. He gave a deadline (April 19, 2015) to abolish executive presidency but failed to keep the promise. Chandrika gave a deadline of July 15, 1995 to abolish but lied. Mahinda also promised to abolish executive presidency in 2005 but lied. He even increased presidential terms infinitely.

    All the more reason to abolish executive presidency. All those who go there lose their mind.

    (The war could have been won much earlier if not for executive presidency. If not for EP, there won’t be 13A and provincial councils can be abolished – not just dissolved temporarily.)

    Sirisena is very clever (though incompetent). After a few crossovers, UNP+JO don’t have two thirds in parliament to abolish EP or impeach the president successfully. This is when he decided to be tough on both UNP and JO. With close to 3 dozen presidential commission reports to blackmail most UNP and JO leaders, he is playing his cards well.

    If the Court of Appeal decides 5 years and not 6, he will expedite prosecutions against UNP and JO leaders. Otherwise he will postpone punishing them closer to national elections.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress