‘මං අවුරුදු පහෙන් ගෙදර යනවා..හයක් එපා..’ ජනාධිපති කලින් කී කතාව උපරිමාධිකරණයේ ඇසේ… ජනපතිට හයක් ඉල්ලන් ආ අය තක්කු මුක්කු වේ..
Posted on January 11th, 2018

 lanka C news

තමන්ගේ අදහස වන්නේ විධායක ජනාධිපතිවරයාට හිමි වසර හයක කාලය වසර හතරක් දක්වා අඩු කිරීමට වුවත් ව්‍යවස්ථා විශේෂඥයින්ගේ කරුණු පෙන්වා දීම මත එය වසර පහක් බලට පත් කිරීම තීරණය කල බවත් තමන් වසර පහකින් ගෙදර යන බවත් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් කරන ලද ප‍්‍රකාශයක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඉදිරිපත් කරනු ලැබීය.

තම ධුර කාලය වසර හයක්ද පහක්දැයි නිගමනට කරන ලෙස ජනාධිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කරන ලද ඉල්ලීමක් අනුව විවිධ පාර්ශව ඒ සදහා අද දිනයේ කරුණු දැක්වීය.

ඒතාබද්ද විපක්‍ෂය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ මහෝහරද සිල්වා මහතා කියා සිටියේ ජනාධිපතිවරයා එසේ කියා ඇති නිසා බලහතක්කාරයෙන් ඔහුට තවත් වසරක කාලයක් ලබා දීම ඔහුට අනවශ්‍ය පීඩනයක් ඇති කිරීමක් විය හැකි බවයි.

ඔහු එසේ කියා සිටියේ ජනාධිපතිවරයාට වසර හයක් සිය ධුරයෙ සිටිය හැකි යයි නීතිපතිවරයා විසින් කරුණු දැක්වීමෙන් පසුය.

මනෝහරද සිල්වා මහතාගේ එම ප‍්‍රකාශයත් සමග අධිකරණ ශාලාවේ සිටි සියළු දෙනාට සිනා නැගෙනු පෙනිනි.

2015 ජනවාරි 26 වන දින පොලොන්නරුව තෝපාවැව ක‍්‍රිඩාංගනයේදී පැවති උත්සවයක් අමතමින් ජනාධිපතිවයා විධායක ජනාධිපතිවරයකුට තියෙන අසීමිත බලතල ඉවත් කරලා පාර්ලිමේන්තුවට වැඩි බලයක් දීලා කටයුතු කිරීමේ කටයුතු මේ දිනවල කර ගෙන යනවා. මම පෙරේදා ඒ සාකච්ඡාවට සහභාගී වෙලා කිව්වා – මගේ නිල කාලයට තියෙනවා අවුරුදු හයක්. මේක අවුරුදු හතරක් කරමුයි කියලා හිටන්. ඒත් ව්‍යවස්ථා විශේෂඥ කමිටුව සහ දේශපාලන නායකයන් අවුරුදු හතරට කැමති වුනේ නැහැ. අවුරුදු හතරකට සැරයක් මැතිවරණයකට යාම රටට හොඳ නැහැ කියල හිටන්. මගේ දැඩි ඉල්ලීම උඩ අවුරුදු හය පහ කරන්න ඒ ගොල්ලෝ කැමති වුනා. දැන් (අවුරුදු) හයෙන් එකක් ඒගොල්ලෝ අඩු කරලා තියෙනවා, පහෙන් ගෙදර යන්න ඒක මගේ ප්‍රතිපත්තිය” ලෙස කියා ඇති බවද ඔහු අධිකරණය හමුවේ කියා සිටියේය.

ජනාධිපතිවරයාගේ එම ප‍්‍රකාශය පහත වීඩියෝවේද වෙයි.

Hiru News 7.00 PM January 26, 2015 | Part 1

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress