මුග්ධ භාවය
Posted on January 11th, 2018

වෛද්‍ය රුවන් එම් ජයතුංග

මධ්‍යතන යුගයේදී යුරෝපයේ දැනුම ලබා ගන්නා එක ම ප්‍රභවය ලෙස භාවිත කළේ  බයිබලය පමණි. මේ නිසා යුරෝපය අන්ධකාරයේ ගැලී ගියේය​.  නව පුනරුදය තෙක් යුරෝපය පුරා නූගත්කම පැතිර ගියේය​. යුරෝපයට එළිය ලැබුනේ නව පුනරුදයත් සමගය​. ඉන් පසු ඔවුන් ක්‍රිස්තියානි ආගම වෙනුවට විද්‍යාව හරහා දැණුම ලබා ගැනීම ආරම්භ කලේය​. 
යුරෝපය අන්ධකාරයේ ගැලී සිටින විට අරාබිය දැණුම අතින් පොහොසත් විය​. ගණිතය , රසායණ විද්‍යාව , වෛද්‍ය විද්‍යාව තාරකා විද්‍යාව අතින් අරාබිය යුරෝපය පසු කරමින් යන්නට විය​. එහෙත් අරාබිය  දැනුම ලබා ගන්නා එක ම ප්‍රභවය ලෙස  ඉස්ලාම් ආගම භාවිතා කිරීමත් සමගම අරාබියේ ඥාණ පුනරුදය ඇණ හිටියේය​. 
කලක් ඉන්දියාව දැනුම ලබා ගන්නා එක ම ප්‍රභවය ලෙස භාවිත කළේ හින්දු ආගමය​.  එහි ප්‍රතිඑලය වූයේ ඒක පුද්ගල වැසිකිලි වලට වඩා ඉන්දියාවේ තිබෙන දේවාල ප්‍රමාණය වැඩිවීමය​. 
ලංකාව දැනුම ලබා ගන්නා එක ම ප්‍රභවය ලෙස භාවිත කළේ බුද්ධාගම පමණි . මේ නිසා ලංකාව විද්‍යාව සහ තාක්‍ෂණය අතින් යුරෝපයට පරාජය විය​.  
ඕනෑම ආගමක් අනවශ්‍ය ලෙස සෑම විශයක් වෙතම ආදේශ කිරීමට යාම භයානකය​. ප්‍රතිඑලය මුග්ධ භාවයයි 

3 Responses to “මුග්ධ භාවය”

  1. Senerath Says:

    This too is an idiotic statement which is totally unsceintific because no reasons are given which part of Buddhism caused Sri Lanka to loose out to europe in technology.
    Again it should be compared with sections of Christianity or Islam caused the downfall of those countries with a proper scientific argument in detail than giving such even more මුග්ධ sermons becuase this is 2018, not 1500.

  2. Senerath Says:

    I can’t beleive Ruwan wrote such a sermon.
    Leave aside Buddhism and Islam, Christianity teaches love and compassion in essence. Other stories there are in support of that teaching only. Where in the bible says don’t think of a device to get your work done easily ? Also which part of Christianity provides knowledge for advancement of human activities ? These arise automatically to humans. Smart people will always think of devices to get work done easily. When people get sick they would try eating this and that based on observation. Seing ‘Nidikumba’ as a ‘living plant’ for example, Australian aborigines found that it can cure certain nurological deceases. It is the same thing modern ‘medical sceince’ is doing in a more advance way. Actually medical fienld is not even sceintific, it simply borrows ideas from engineering and other inventions.

    Reasons of lack of advancement of science in Sri Lanka should be more sceintifically investigated. It was called paradise becuase people could just walk and find a fruit and eat. People could simply dirnk water in Thambiliy or Kurumba and be happy. In Europe there were more challanges. A child brought up with all comforts and gets what he asked for will not do well becuase of spoon feeding.

  3. Wetta Says:

    “ලංකාව දැනුම ලබා ගන්නා එක ම ප්‍රභවය ලෙස භාවිත කළේ බුද්ධාගම පමණි . මේ නිසා ලංකාව විද්‍යාව සහ තාක්‍ෂණය අතින් යුරෝපයට පරාජය විය​. ”

    එසේනම්, යුරෝපීයයන් තම සෙළුව වසාගැනීමටවත් ක්‍රමයක් නොදැන වානරයින් මෙන් ජීවත් වුන කාලයේ හෙලදිවේ මිනිසුන් බුදු දහමේ ආභාෂයෙන් සන්තෘප්ත වී සිටි සමයක යෝධ ඇල වැනි අතිශයින්ම නිවැරදිව තැනු වාරිමාර්ග, වැව් අමුණු, රුවන්ලිවැලි සෑය, සීගිරිය වැනි අති විශිෂ්ඨ විස්මිත සිවිල් ඉංජිනේරු තාක්ෂණ ව්‍යාපෘති කලේ කෙසේද? අපට එය නොතේරෙන්නේ අද ඔවුන් ඔය කියන “විද්‍යාව” යයි හඳුන්වන දේ වෙනත් සිංහල නමකින් අපි දැන සිටි නිසාද, එම සිංහල නම ඉංග්‍රීසියෙන් “science” කියන තරම් පොෂ් නැති නිසාද, එසේ නැත්නම් අපේ වහල් මානසිකත්වය නිසාදැයි මට මට සැකයක් සිතේ.

    අපේ පාරම්පරික සිංහල වෙදකමේ හාස්කම් ඊට ශත වර්ෂ ගණනකට පසු පැමිණි බටහිර වෙදකම ට වඩා අඩුවෙන් අපට පෙනෙන්නේ ඇයි? වෙද මහත්තයා කියනවාට වඩා “doctor” කියන එක පොෂ් නිසා විය යුතුය.

    බුදු දහමේ ඉගැන්වූ මානසික විද්‍යා මුලධර්ම ම වසර දහස් ගණනකට පසු ඉංග්‍රීසියෙන් වෙනත් context එකකින් ලියා එවූ විට එය බෙහෙවින් පොෂ් ලෙස දැනේ. කතෝලික ඉංග්‍රීසින් අපේ බුදු දහමේ මානසික විද්‍යාවන් ගණන් නොගනී, එය සාධාරණයි, මන්ද ඔවුන්ට ඔවුන්ගේ ආගම ධර්මය වටිනා බැවිනි. එහෙත් අපේ රටේ ඉන්නා උන්ගේ මානසික වහලුනුත් එසේම කිරීම තේරුම් ගැනීමට ඇති එකම ක්‍රමය හීනමානයයි. බෞද්ධ මානසික විද්‍යා මුලධර්ම ම ඉංග්‍රීසින් ඉංග්‍රීසි භාෂාවෙන් වෙනත් රටාවකින් ලියු විට ඒවා ඉහළින් පිළිගැනේ.

    කොහෙන්වත් පැමිණි “විද්‍යාව”ක් නිසා අප අනන්‍යව දැන සිටි අපේම විද්‍යාවල් පහත් කොට සැලකීමට අප පුරුදු වුනේ පරදේශක්කාරයන් අපේ සිත් සතන් එසේ සිතන්නට පුරුදු කල නිසා මිස අපේම විද්‍යාවල් ප්‍රමිතියෙන් අඩු වූ නිසා නොවේ. අපි බුදු දහමේ අභාෂයෙන් දෝ මානසිකව දියුණු වී සිටි නිසා අනුන්ගේ රටවල් ආක්‍රමණය කරමින් අනුන්ගේ වස්තුව කොල්ල කෑමෙන් වැලකී සිටි බව අපි දනිමු. ඒ නිසාම පර දේශක්කාර මංකොල්ල කරුවන් ඉදිරියේ අප දුර්වල හෝ අසරණ වුවා මිස අප එදා මුග්ධයින් නොවීමු. මුග්ධ කම සහ දුර්වල කම එකට පටලවා නොගැනීම යෙහෙකි.

    අනුන් මරා අනුන්ගේ රටවල් මංකොල්ල කෑම දියුණු බවට වඩා නොදියුණු බවේ ලක්ෂණයක් ලෙස මම දකිමි. අතීත ම්ලේච්ච මිනිසුන් කලේ එයයි. ඒ අනුව මැදපෙරදිග ඇතුළු ලොව පුරා කූට උපක්‍රම වලින් යුද ගිනි අවුළුවා ඇති නුතන ඇමරිකන් සහ යුරෝපීයයන් දියුණුද නැත්නම් මුග්ධ ද කියා සිතා බැලීම නුවනින් ම කල යුතු වේ. දියුණු ක්‍රම වලින් නොදියුණු දේ කිරීම ඥානවන්ත කමේ ලක්ෂණයක් නොවේ.

    අපි උන්ගේ මානසික වහලුන් වීමු, ඉදිරියටත් වෙන්නෙමු, එවිට අපිට අපේම දේවල් පහත් ලෙස පෙනේ.

    අද අපි රටක් වශයෙන් මුග්ධයින් බවනම් සැබෑය, ඒ අපි සැබෑ බුදු දහමින් ඈත් වූ නිසා (1505 පෘතුගීසි ආගමනයෙන් පසු ක්‍රම ක්‍රමයෙන් ) මිස බුදු දහම නිසා නොවේ. මට සිතෙන සැටියට අද අපි මුග්ධයින් වී ඇත්තේ ඉන්පසු අපි ලැබූ බටහිර ආභාෂය නිසා මිස අපේම විද්යාවල් දැනුමවල් නොතිබුන නිසා නොවේ. අපි මුග්ධයින් වීමට පටන් ගත්තේ 1505න් පසු බව මගේ දැනීමයි.

    චීන්නු, ජපන්නු ගැනත් කිව යුතුයි. ඒ අය බටහිර ආධිපත්‍යයට යටත් නොවූ නිසා ඔවුන්ට ඔවුන්ගේම තාක්ෂණික දියුණුව ලැබීමට හැකිවුණු බව හොඳින් පෙනේ. ඔවුන් තම පැරණි දැනුම අලුත් “science” එකටම අමුණා එකම දෙයක් ලෙස භාවිතා කළා මිස තමන්ගේ දැනුම සුද්දා ඉදිරියේ පාච්චල් කලේ නැත.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress