මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට බලපාන්නේ 2015 ජනවාරි 09 දින ජනාධිපති ධුරයේ දිව්රුම් දුන් අවස්ථාවේ පැවති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විධිවිධාන වන්නේ නම් ඔහු ක්‍රියා කළ යුතු සහ යටත් විය යුතු සහ පිළිපැදිය යුතු නීතිය සහ තත්ත්වය………..?
Posted on January 13th, 2018

නීතීඥ අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col)

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට බලපාන්නේ 2015 ජනවාරි 09 දින ජනාධිපති ධුරයේ දිව්රුම් දුන් අවස්ථාවේ පැවති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විධිවිධාන වන්නේ නම් ඔහු ක්‍රියා කළ යුතු සහ යටත් විය යුතු සහ පිළිපැදිය යුතු නීතිය සහ තත්ත්වය………..?

(ජනාධිපතිවරයාගේ ධුර කාලය සම්බන්ධව පමණක් 2015 ජනවාරි 09 දින වන විට පැවති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විධිවිධාන අදාල වන්නේ නම් ජනතා පරමාධිපත්‍යය යටතේ කිව හැක්කේ වැටත් නියරත් ගොයම් කා නම් කාට කියනු ද ඒ අමාරු යන්නද?.)

  1. ධුර කාලය
  • මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා 2015 ජනවාරි 09 දින ජනාධිපති ධුරයේ දිව්රුම් දෙන අවස්ථාවේ ධුර කාලයට අදාල 30.2 ව්‍යවස්ථාව මෙසේ ය.

ජනරජයේ ජනාධිපතිවරයා ජනතාව විසින් තෝරා පත්කර ගත යුත්තේ ය. ජනාධිපතිවරයා සාවුරුදු කාලයක් ධුරය දරන්නේ ය.”

  • 2015 මැයි 15 වැනි දින කථානායකවරයා විසින් සහතික කරන ලද 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනතේ 3 වැනි වගන්තිය මගින් ජනාධිපතිවරයාගේ ධුර කාලය සම්බන්ධව පෙර පැවති 30.2 ව්‍යවස්ථාව සංශෝධනය කර ඇත.

ඒ මෙසේ ය…

ජනරජයේ ජනාධිපතිවරයා ජනතාව විසින් තෝරා පත්කර ගත යුතු අතර පස් අවුරුදු කාලයක් ධුරය දරන්නේ ය.”

පැහැදිලි කිරීම

ඒ අනුව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට බලපාන්නේ 2015 ජනවාරි 09 දින ජනාධිපතිධූරයේ දිව්රුම් දුන් අවස්ථාවේ  පැවති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විධිවිධාන නම් ඔහු ක්‍රියා කළ යුතු සහ යටත් විය යුතු සහ පිළිපැදිය යුතු නීතිය සහ තත්ත්වය වන්නේ සාවුරුද්දක කාලයකට ධුරය දරන බවට වන 2015 ජනවාරි 09 දින පැවති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30.2 ව්‍යවස්ථාවේ විධිවිධානය.

  1. දෙවරකට වැඩි වාරයක් ජනතාව විසින් තෝරාපත් කර ගනු ලැබීමට සුදුස්සෙක් ද? යන්න
  • මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා 2015 ජනවාරි 09 දින ජනාධිපති ධුරයේ දිව්රුම් දෙන අවස්ථාවේ ජනතාව විසින් දෙවරක් ජනාධිපති ධුරයට තෝරා පත් කර ගනු ලැබූ කිසිම තැනැත්තෙක් ඉන් පසුව එම ධුරයට ජනතාව විසින් තෝරා පත් කර ගනු ලැබීමට සුදුස්සෙක් නොවන්නේ ය” යන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විධිවිධානයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නො තිබුණි.
  • 2015 මැයි 15 වැනි දින කථානායකවරයා විසින් සහතික කරන ලද 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනතේ 4 වැනි වගන්තිය මගින් දෙවරකට වැඩි වාරයක් ජනාධිපතිවරයාගේ ධුරයට ජනතාව විසින් තෝරාපත් කර ගනු නොලැබිය යුතු බවට විධිවිධානයක් ඇතුළත් කර ඇත.

ඒ මෙසේ ය…

ජනතාව විසින් ජනාධිපති ධූරයට දෙවරක් තෝරා පත් කර ගනු ලැබූ තැනැත්තකු ජනතාව විසින් නැවත එකී ධූරය සඳහා තෝරා පත් කර ගනු ලැබීමට සුදුස්සකු නොවන්නේ ය”

පැහැදිලි කිරීම

ඒ අනුව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට බලපාන්නේ 2015 ජනවාරි 09 දින ජනාධිපතිධූරයේ දිව්රුම් දුන් අවස්ථාවේ  පැවති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විධිවිධාන නම් ඔහු ක්‍රියා කළ යුතු සහ යටත් විය යුතු සහ පිළිපැදිය යුතු නීතිය සහ තත්ත්වය වන්නේ ඒ අවස්ථාවේ නීතිමය සීමාවකින් තොරව ඕනෑම වාර ගණනක් ජනාධිපති ධූරයට පත් වීමට 2015 ජනවාරි 09 දින පැවති සීමාවකින් තොර නිදහස් තත්ත්වයයි…

  1. ජනාධිපතිවරයාගේ බලතල, කාර්ය සහ කර්තව්‍ය
  • ෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා 2015 ජනවාරි 09 දින ජනාධිපති ධුරයේ දිව්රුම් දෙන අවස්ථාවේ ජනාධිපතිවරයාගේ බලතල, කාර්ය සහ කර්තව්‍ය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 ව්‍යවස්ථාවේ දක්වා ඇත.

ඒ මෙසේ ය.

  • 2015 මැයි 15 වැනි දින කථානායකවරයා විසින් සහතික කරන ලද 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනතේ 5 වැනි වගන්තිය මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පෙර පැවති 33වන ව්‍යවස්ථාව ඉවත් කරමින් පහත දැක්වෙන ව්‍යවස්ථාව ආදේශ කරන ලදී.
  1. (1) ජනාධිපතිවරයාගේ කාර්යය විය යුත්තේ :-

(අ) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුගමනය කරන බවට ද, ආරක්ෂා කරන බවට ද වගබලා ගැනීම,

(ආ) ජාතික ප්‍රතිසන්ධානය හා ඒකාබද්ධතාවය ප්‍රවර්ධනය කිරීම.

(ඇ) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සහ VIIඅ  ව්‍යවස්ථාවේ සඳහන් ආයතනවල නිසි ක්‍රියාකාරීත්වය පහසුකරලීම සහ

(ඈ) මැතිවරණ කොමිෂන් සභාවේ උපදෙස් මත, නිදහස් හා සාධාරණ ඡන්ද විමසීම් සහ ජනමත විචාරණ පැවැත්වීම සඳහා උචිත වාතාවරණ නිර්මාණය කිරීම  තහවුරු කිරීම, වන්නේ ය.

(2) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හෝ වෙනත් ලිඛිත නීතියකින් හෝ ප්‍රකාශිතවම ජනාධිපතිවරයා වෙත පවරා හෝ නියම කර ඇත්තා වූ බලතලවලට සහ කාර්යයන්ට අමතරව, ජනාධිපතිවරයාට –

(අ) පාර්ලිමේන්තුවේ එක් එක් සැසිවාරය ආරම්භයේ, පාර්ලිමේන්තුවේ දී ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය කිරීමට බලය ඇත්තේ ය.

(ආ) පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම්වල මුලසුන දැරීමට බලය ඇත්තේ ය.

(ඇ) පාර්ලිමේන්තුව කැඳවීමට, වාර අවසන් කිරස්මට සහ විසුරුවා හැරීමට බලය ඇත්තේ ය.

(ඈ) තානාපතිවරයන්, මහකොමසාරිස්වරයන්, පූර්ණාධිකාරී රාජ්‍ය දූතයන් හා වෙනත් තානාපති නියෝජිතයන් පත් කිරීමට හා ඔවුන්ට බලතල පැවරීමට ද, ඔවුන් පිළිගැනීමට ද බලය ඇත්තේ ය.

(ඉ) නීතීඥ වෘත්තියෙහි විශිෂ්ඨත්වයට පත්ව ඇත්තා වූ ද, පැවැත්මෙහි හා වෘත්තිය කටයුතු පිළිබඳ අවංකභාවයෙහි උත්කෘෂ්ඨ තත්වයක් පවත්වාගෙන ඇත්තාවූ ද නීතිඥවරයන්, ජනාධිපති නීතීඥවරයන් වශයෙන් පත් කිරස්මට බලය ඇත්තේ ය. මේ ඡේදය යටතේ පත් කරනු ලබන සෑම ජනාධිපති නීතීඥවරයකුටම ඒ දක්වා රාජ නීතීඥවරයන් විසින් භුක්ති වි¢න ලද සියලු වරප්‍රසාදවලට හිමිකම ඇත්තේ ය.

(ඊ) ජනරජයේ රාජ්‍ය මුද්‍රාව භාරයේ තබා ගැනීමට ද අග්‍රාමාත්‍යවරයා ද අමාත්‍ය මණ්ඩලයේ අනෙකුත් අමාත්‍යවරයන් ද ශ්‍රේෂ්ඨාධිකරණයේ අග්‍රවිනිශ්චයකාරවර‍යා සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ අනෙකුත් විනිශ්චයකාරවරයන් ද අභියාචනාධිකරණයේ සභාපතිවරයා සහ අභියාචනාධිකරණයේ අනෙකුත් විනිශ්චයකාරවරයන් ද පත් කිරීමේ අධිකාර පත්‍රවල සහ ජනරජයට අයත් වූ ද ප්‍රදානය කිරීමට හා පවරා දීමට ජනාධිපතිවරයාට නීතියෙන් නියමව ඇත්තා වූ නැතහොත් බලය පැවරී ඇත්තා වූ ද ඉඩකඩම් හා අනෙකුත් නිශ්චල දේපළ ප්‍රදානය කිරීමේ දී හෝ පවරා දීමේ දී, ඒ සම්බන්ධ ප්‍රදාන ප්‍රත්‍රවල හා පැවරුම් පත්‍රවල රාජ්‍ය මුද්‍රාව තබා, අත්සන් කිරීමට ද රාජ්‍ය මුද්‍රාව තැබිය යුතු වෙනත් සෑම ලේඛනයකම රාජ්‍ය මුද්‍රාව තබා අත්සන් කිරීමට ද බලය ඇත්තේ ය.

(උ) යුද්ධය ප්‍රකාශ කිරීමට හා සාමය ප්‍රකාශ කිරීමට බලය ඇත්තේ යත සහ

(ඌ) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හෝ වෙනත් යම් ලිඛිත නීතියක හෝ විධිවිධානවලට පටහැනි නොවන්නා වූ ද ජාත්‍යන්තර නීතිය, චාරිත්‍ර වාරිත්‍ර හෝ භාවිතය අනුව ඉටු කිරීමට ජනාධිපතිවරයාට බලය ලැබී ඇත්තා වූ හෝ නියමිතව ඇත්තා වූ ද සියලු ක්‍රියා හා දේ කිරීමට බලය ඇත්තේ ය.

පැහැදිලි කිරීම

  • ඒ අනුව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට බලපාන්නේ 2015 ජනවාරි 09 දින ජනාධිපතිධූරයේ දිව්රුම් දුන් අවස්ථාවේ පැවති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විධිවිධාන අනුව ජනාධිපතිවරයාගේ බලතල, කාර්ය සහ කර්තව්‍ය වන්නේ නම් 2015 මැයි 15 වැනි දින කථානායකවරයා විසින් සහතික කරන ලද 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනතේ 5 වැනි වගන්තිය මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 ව්‍යවස්ථාවට ආදේශකර ඇති  ජනාධිපතිවරයාගේ බලතල, කාර්ය සහ කර්තව්‍ය අනුව ක්‍රියා කිරීම නීතියට පටහැනි වේ.

එනම් 2015 මැයි 15 වැනි දින කථානායකවරයා විසින් සහතික කරන ලද 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනතේ 5 වැනි වගන්තිය මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 ව්‍යවස්ථාවට ආදේශකර ඇති  ජනාධිපතිවරයාගේ බලතල, කාර්ය සහ කර්තව්‍ය අනුව ක්‍රියා කිරීම 2015 ජනවාරි 09 දින ජනාධිපතිධූරයේ දිව්රුම් දුන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට නොහැකි වේ. මන්ද යත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා 2015 ජනවාරි 09 දින ජනාධිපතිධූරයේ දිව්රුම් දෙන අවස්ථාවේ එකී විධිවිධාන සිය  බලතල, කාර්ය සහ කර්තව්‍ය යටතේ දක්වා නොතිබුණි.

එකී නොහැකියාවන් පහත දැක්වේ…

  • ජාතික ප්‍රතිසන්ධානය හා ඒකාබද්ධතාවය ප්‍රවර්ධනය කිරීම.
  • ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සහ VIIඅ ව්‍යවස්ථාවේ සඳහන් ආයතනවල නිසි ක්‍රියාකාරීත්වය පහසුකරලීම සහ
  • මැතිවරණ කොමිෂන් සභාවේ උපදෙස් මත, නිදහස් හා සාධාරණ ඡන්ද විමසීම් සහ ජනමත විචාරණ පැවැත්වීම සඳහා උචිත වාතාවරණ නිර්මාණය කිරීම තහවුරු කිරීම.

4. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වග කිව යුතු බව…

  • ෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා 2015 ජනවාරි 09 දින ජනාධිපති ධුරයේ දිව්රුම් දෙන අවස්ථාවේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකිව යුතු බවට වන විධිවිධානයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන සළස්වා නොතිබුණි.
  • 2015 මැයි 15 වැනි දින කථානායකවරයා විසින් සහතික කරන ලද 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනතේ 6 වැනි වගන්තිය මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පෙර පැවති 33 ව්‍යවස්ථාවෙන් ඉක්බිතිව 33අ ලෙස ව්‍යවස්ථාවක් ඇතුළත් කර ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකිවයුතු වන ව්‍යවස්ථාවක් ඇතුළත් කරන ලදී.

එකී 33අ. ව්‍යවස්ථාව මෙසේ ය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ද මහජන ආරක්ෂාව සම්බන්ධයෙන් තත්කාලයේ බලපවත්නා නීතිය ඇතුඵ යම් ලිඛිත නීතියක් යටතේ ද ස්වකීය බලතල, කාර්ය සහ  කර්තව්‍ය යථා පරිදි ක්‍රියාත්මක කිරීම සහ යථා පරිදි ඉටුකිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකිව යුත්තේ ය.

පැහැදිලි කිරීම

  • ඒ අනුව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට බලපාන්නේ 2015 ජනවාරි 09 දින ජනාධිපතිධූරයේ දිව්රුම් දුන් අවස්ථාවේ පැවති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විධිවිධාන වන්නේ නම්  2015 මැයි 15 වැනි දින කථානායකවරයා විසින් සහතික කරන ලද 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනතේ 6 වැනි වගන්තිය මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33අ. ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කර ඇති  ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකිවයුතු වන ව්‍යවස්ථාව අනුව ක්‍රියා කිරීම නීතියට පටහැනි වේ.

 

5. ජනාධිපතිවරයාට එරෙහිව නඩු පැවරීම….

  • ෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා 2015 ජනවාරි 09 දින ජනාධිපති ධුරයේ දිව්රුම් දෙන අවස්ථාවේ ජනාධිපතිවරයට එරෙහිව නඩු පැවරීමට ජනතාවට අවස්ථාව සළසා දෙන විධිවිධානයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන සළස්වා නොතිබුණි.

ජනාධිපතිවරයා 2015 ජනවාරි 09 දින ජනාධිපති ධුරයේ දිව්රුම් දෙන අවස්ථාවේ ඔහු සම්බන්ධව නඩු පැවරීමට අදාලව පැවති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35 ව්‍යවස්ථාව මෙසේ ය.

  • 2015 මැයි 15 වැනි දින කථානායකවරයා විසින් සහතික කරන ලද 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනතේ 7 වැනි වගන්තිය මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පෙර පැවති 35වන ව්‍යවස්ථාව ඉවත් කරමින් පහත දැක්වෙන ව්‍යවස්ථාව ආදේශ කරන ලදී.

එකී ආදේශ කරන ලද 35 වන ව්‍යවස්ථාව මෙසේ ය.

(1) යම් තැනැත්තකු ශ්‍රී ලංකා ජනරජයේ ජනාධිපතිවරයා ලෙස ධූරය දරන අවස්ථාවක දී, ඔහු විසින් පෞද්ගලික තත්ත්වයෙහි ලා හෝ නිල තත්ත්වයෙහි ලා කරන ලද හෝ නොකර හරින ලද කිසිවක් සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව කිසිම සිවිල් හෝ අපරාධ නඩු කටයුත්තක්  පැවරීම හෝ පවත්වාගෙන යාම හෝ නොකළ යුත්තේ ය :

එසේ වුව ද, ජනාධිපතිවරයා විසින් ඔහුගේ නිල තත්වයෙහි ලා කරන ලද හෝ නොකර හරින ලද කිසිවක් සම්බන්ධයෙන් නීතිපතිවරයාට විරුද්ධව 126 වන ව්‍යවස්ථාව යටතේ ඉල්ලීමක් කිරීමට යම් තැනැත්තකුට ඇති අයිතිය සීමා කරන ලෙස මේ අනුව්‍යවස්ථාවේ කිසිවක්, කියවා තේරුම් නොගත යුත්තේ ය :

එසේම තවදුරටත්, ජනාධිපතිවරයා විසින් 33(2)(උ) ව්‍යවස්ථාව යටතේ බලතල ක්‍රියාත්මක කිරීම මත ප්‍රඥාපනය කිරීමට, ශ්‍රේෂ්ඨාධිකරණයට අධිකරණ බලය නොතිබිය යුත්තේ ය.

(2) කවර වූ හෝ තැනැත්තකුට විරුද්ධව, කවර හෝ විස්තරයක නඩුවක් පැවරිය හැකි කාලය සීමා කරමින් නීතියෙන් විධිවිධාන සකසා ඇති විට, ඒ තැනැත්තා යම් කිසි කාලයක් ශ්‍රී ලංකා ජනරජයේ ජනාධිපති ධූරය දරා ඇත්නම් එකී නඩුව පැවරිය හැකි කාලසීමාව ලෙස නීතියෙන් නියමව ඇති කාලය නිශ්චය කිරීමේ දී ඒ තැනැත්තා ජනාධිපති ධූරය දැරූ කාලය නොගැනිය යුත්තේ ය.

(3) මේ ව්‍යස්ථාවේ (1) වන අනු ව්‍යවස්ථාවේ විධිවිධානවලින් පැවරී ඇති මුක්තිය, 129 වන ව්‍යවස්ථාවේ (2) වන අනු ව්‍යඅවස්ථාව යටතේ හෝ ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීම හා සම්බන්ධව හෝ ජනමත විචාරණයක වලංගුභාවය හා සම්බන්ධව 130 වන ව්‍යවස්ථාවේ (අ) ඡේදය යටතේ ශ්‍රේෂ්ඨාධිකරණයේ පැවැත්වෙන නඩු කටයුතුවලට හෝ අදාළ නොවන්නේ ය.

පැහැදිලි කිරීම

ඒ අනුව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට බලපාන්නේ 2015 ජනවාරි 09 දින ජනාධිපතිධූරයේ දිව්රුම් දුන් අවස්ථාවේ  පැවති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විධිවිධාන වන්නේ නම්  2015 මැයි 15 වැනි දින කථානායකවරයා විසින් සහතික කරන ලද 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනතේ 7 වැනි වගන්තිය මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35 ව්‍යවස්ථාව ඉවත් කරමින් ආදේශකර ඇති ව්‍යවස්ථාව මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කර ඇති ජනාධිපතිවරයා විසින් ඔහුගේ නිල තත්වයෙහි ලා කරන ලද හෝ නොකර හරින ලද කිසිවක් සම්බන්ධයෙන් නීතිපතිවරයාට විරුද්ධව 126 වන ව්‍යවස්ථාව යටතේ ඉල්ලීමක් කිරීමට යම් තැනැත්තකුට ඇති අයිතිය සීමා කරන ලෙස මේ අනුව්‍යවස්ථාවේ කිසිවක්, කියවා තේරුම් නොගත යුත්තේ ය” යන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විධිවිධානය වලංගු නොවේ.

මන්ද යත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට බලපාන්නේ 2015 ජනවාරි 09 දින ජනාධිපතිධූරයේ දිව්රුම් දුන් අවස්ථාවේ පැවති නීතිමය තත්ත්වය නම් එවැනි ආකාරයේ ජනාධිපතිවරයාට එරෙහිව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 126 ව්‍යවස්ථාව යටතේ නඩු පැවරීමක් (මූලික අයිතිවාසිකම් නඩු) සදහා ජනතාවට අයිතිය පිරිනමා නොතිබූ හෙයින් ඔහුට එරෙහිව මූලික අයිතිවාසිකම් නඩු පැවරීමේ නොහැකියාවක් හටගෙන ඇත.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට බලපාන්නේ 2015 ජනවාරි 09 දින ජනාධිපතිධූරයේ දිව්රුම් දුන් අවස්ථාවේ පැවති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විධිවිධාන නම් ඔහු ක්‍රියා කළ යුතු සහ යටත් විය යුතු සහ පිළිපැදිය යුතු නීතිය සහ තත්ත්වයද? යන්න විමසීමේදී 2015 මැයි 15 වැනි දින කථානායකවරයා විසින් සහතික කරන ලද 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනතේ සැක දුරුකිරීම සදහා දක්වා ඇති 49.1.ආ වගන්තිය දක්වනු නො ලැබුවහොත් මෙම ලිපිය කියවන පාඨකයාට බලවත් අසාධාරණයක් සිදු වෙයි.

සැක දුරුකිරීම සදහා 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනතේ දක්වා ඇති 49.1.ආ වගන්තිය මෙසේ ය.

2015 අප්‍රේල් මස 22 වන දිනට පෙර පිළිවෙලින් ජනාධිපති ධුරය සහ අග්‍රාමාත්‍ය ධුරය දරන තැනැත්තන් එම දිනෙන් පසු, මෙම පනත මගින් සංශෝධිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානවලට යටත්ව එම ධුර දැරිය යුතු වන්නේ ය

සමාප්තිය….

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වැනි ව්‍යවස්ථාවේ දක්වා ඇත්තේ ශ්‍රී ලංකා ජනරජයේ පරමාධිපත්‍යය ජනතාව කෙරෙහි පිහිටුවා ඇති බවයි. එකී ජනතාව සතු පරමාධිපත්‍යය අංග වන ජනතාවගේ විධායක බලය, ජනතාවගේ ව්‍යවස්ථාදායක බලය සහ ජනතාවගේ අධිකරණ බලය භාරයක් විලස පිළිවෙලින් ජනාධිපතිවරයාත්, පාර්ලිමේන්තුවත්, ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණ විසිනුත් ක්‍රියාත්මක කරන බව එකී අධිකාරීන් නිරන්තරයෙන් සිහි කිරීම වටී.

(මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට බලපාන්නේ 2015 ජනවාරි 09 දින ජනාධිපතිධූරයේ දිව්රුම් දුන් අවස්ථාවේ  පැවති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විධිවිධාන වන්නේ නම්  2015 මැයි 15 වැනි දින කථානායකවරයා විසින් සහතික කරන ලද 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනතේ දැක්වෙන විධිවිධාන සමග සැළකීමේදී ඉහත දැක්වෙන ආකාරයට අමතර  තවත් බොහෝ වෙනස් කම් දැක්විය හැකි වුවත් මෙම ලිපිය දිගුවන හෙයින් ඒවා මෙහි දක්වා නැත.)

නීතීඥ අරුණ ලක්සිරි උණවටුන

B.Sc(Col), PGDC(Col)

2018.01.12

 

 

6 Responses to “මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට බලපාන්නේ 2015 ජනවාරි 09 දින ජනාධිපති ධුරයේ දිව්රුම් දුන් අවස්ථාවේ පැවති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විධිවිධාන වන්නේ නම් ඔහු ක්‍රියා කළ යුතු සහ යටත් විය යුතු සහ පිළිපැදිය යුතු නීතිය සහ තත්ත්වය………..?”

  1. NeelaMahaYoda Says:

    In your argument,Laksiri, you have ignored Section 49(1)(b) of the 19th Amendment which states as follows:

    “49. (1) For the avoidance of doubt it is hereby declared that,– (b) the persons holding office respectively, as the President and Prime Minister on the day preceding April 22, 2015 shall continue to hold such office after such date, subject to the provisions of the Constitution as amended by this Act.”

    According to the change effected by the 19th Amendment to Article 30(2) of the Constitution, the term of office of the President was reduced to five years.

    By the provisions of Section 49(1)(b) of the 19th Amendment, that change has been made specifically applicable to the incumbent President as well.

    Hence the term of office of the incumbent President ends on 9 January 2020. According to Article 31(3) of our Constitution, a Presidential election has to be held not more than two months and not less than one month before the incumbent President’s term of office expires. Hence the next presidential election will have to be held between 9 November and 9 December 2019.

    When the mandatory periods between the declaration of the election, calling for nominations and the subsequent period up to the poll laid down in the Presidential Elections Act of 1981 are taken into account, it is clear that the next presidential election process will have to begin by October 2019…

  2. Senerath Says:

    This argument boils down to “people’s mandate” in the end.
    Whether we like or not this man will remain there.
    However, morally, this man should not stay there after 4 years, not five, not six.
    Having said that we shoudl take in to account that current herd has no moral values. (Hirir Opttappa) hence my prediction.
    Let us see who can predict better. I predict after removing my likings and considering current facts and the nature of current herd at battaramulla.

  3. Dilrook Says:

    I agree with NeelaMahaYoda. Strangely the parliament.lk website is down today! So I cannot look at the exact context of the updated Constitution. It is most likely deliberate to avoid people reading it today.

    However, the weak argument against it is 19A didn’t say it has retrospective application. Therefore the argument goes it applies to those elected after it was passed. In support of this they argue, the election (emphasis) of the president is tied to 5 years (30.2). People shall elect the president and he/she holds office for 5 years. Since Sirisena was elected by then, it does not apply to his first term. This is not my argument but the argument in support of Sirisena. In that case, 49(1) has no impact on the election of January 2015! However, it does have an impact of Sirisena’s remaining term on other matters like reconciliation (a president’s responsibility after 19A).

    These are verbal gimmicks played by lawyers and don’t reflect the intention of the legislature. The intention and the spirit was to make it 5 years for Sirisena.

    Arguments by the Mahinda camp are foolish. Just because Sirisena gets 6 years doesn’t mean Mahinda and Chandrika can contest elections. By 2019 and 2020, the new constitution as amended by 19A applies.

    (A similar matter arose in 2014. Nagananda Kodituwakku submitted a petition arguing against Mahinda’s ability to contest a third term. I disagreed in an article here. In my view, he had no case there. The case was postponed to after the Superior Courts convene from holidays which was too late to stop Mahinda. However, Mahinda sensing defeat and possibly under Mahinda’s instructions, the Court notified Nagananda it will be taken up during holidays! He was quick to realise what was going on and withdrew the case allowing Mahinda to get defeated and lose his 2 years.)

    Hope the Supreme Court has given due consideration to the spirit of the law and upheld 5 years.

  4. Christie Says:

    සිරිසේන, රනිල් හා චන්ද්‍රිකා ඉන්දියාවේ හා ඉන්දියානු පරපෝසිතයනේ රූකඩයන්ය.
    India and Indian Colonial Parasites are pretty happy with Sirisena, Ranil and Chandrika All Indian Puppets.

  5. . Says:

    අරුණ ලක්සිරි උණවටුන says;

    එම ලිපියේ මාතෘකාව සහ ලිපිය පුරා ඇති “නම්” යන් අනියමාර්ත ක්‍රියාව සම්බන්ධව අවධානය යොමු නොකර NeelaMahaYoda සහ Dilrook යන අය අදහස් දක්වා ඇති බව පෙනේ….

    එකී ලිපියේ පැහැදිලිව 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනතේ 49.1.ආ වගන්තිය දක්වා ඇත.

    සිංහල භාෂාවෙන් ඇති ලිපියක් හොදින් කියවීමට සමත් ඕනෑම අයෙකුට එකී ලිපියේ අනුව ජනාධිපතිවරයාගේ ධුර කාලය 2021 දක්වා දිගු නොවිය යුතු බවත් එසේ දිගු වන්නේ නම් 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව කටයුතු කිරීමට 2015 ජනවාරි 09 දින පත්වූ ජනාධිපතිට ජනවරමක් නැති බවත්, එමෙන්ම වත්මන් ජනාධිපති විසින් 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව සිදුකළ සියලු ක්‍රියාවන්, අගවිනිසුරැ අතුළු 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව සිදුකළ සියලු පත් කිරීම් නීතියට පටහැනි සහ 2015 ජනවාරි ජනවරමට පටහැනි ක්‍රියාවන් බව මැනවින් පැහැදිලි වේ. එවිට බරපතල ව්‍යවස්ථා අර්බුදයකට රට තල්ලු වෙයි. එය විය හැකිද? ධූර කාලය පරදුවට තබා ව්‍යවස්ථා අර්බුදයකට රට තල්ලු කරයිද?
    එ් අනුව යමක් අනියමාර්තය මගින් පැහැදිලි කරන විට කිසිසේත්ම ජනාධිපතිවරයාගේ ධුරය 2021 දක්වා පැවතිය නොහැකි බව පාඨකයාට වැටහෙනු නිසැකය.
    කෙසේ වෙතත් ඔවුන්ගේ විවේචන ඔබගේ පාඨකයන්ට තවත් දේවල් හිතන්නට සළස්වා ඇත.

    ස්තුතියි….

  6. Dilrook Says:

    Thank you for the reply Aruna.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress