බූරුවා ගැසීම අල්ලන්න ආ ආණ්ඩුව කැසිනෝ ගහනවා
Posted on January 13th, 2018

උපුටාගැණීම  මව්බිම

බැඳුම්කර වංචාවෙන් ඔප්පු කළේ බූරුවා ගැසීම් ඇල්ලීමට ආ ආණ්ඩුව කැසිනෝ ගැසීමෙන් නැවතුණු බව යැයි කෝප් කමිටු සභාපති, ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රි සුනිල් හඳුන්නෙත්ති කියයි.

මන්ත්‍රිවරයා පැවැසුවේ මහ බැංකු බැඳුම්කර පිළිබඳ ජනපති කොමිෂන් වාර්තාව පාර්ලිමේන්තුවට සභාගත කිරීමට නියමිතව තිබූ දින ඇති වූ ගාලගෝට්ටියේ සතුට හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් සිංගප්පූරුවට වී භුක්ති විඳිනු ඇති බවය.
එකී වාර්තාව සභාගත කිරීම හා බැඳුම්කර වංචාවට වගකිවයුතු වූවන් ඇතුළු සමස්ත කරුණු දැන ගැනීමට බලා සිටි ජනතාවට පසුදින මාධ්‍යවලින් දැකගැනීමට හැකිවූයේ දෙපිරිසක් අතර ගෝරනාඩුවක් පමණක් බවද හඳුන්නෙත්ති මහතා කීය.

කෙසේ නමුත් බැඳුම්කර වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකර පාර්ලිමේන්තුව කැඳවිය නොහැකි බව අගමැතිවරයා නොදන්නවා යැයි සිතිය නොහැකි බැවින් නැවත මෙවන් තත්ත්වයකට ඉඩ නොතබා එකී වංචනිකයන් රටට හෙළිදරව් කිරීමත්, නීතිමය ක්‍රියාමාර්ග ගැනීමත් කඩිනම් විය යුතු බව හෙතෙම වැඩිදුරටත් කීය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress