මහින්ද ජනාධිපතිවරණයට ගේන හැටි උදය කියයි
Posted on January 13th, 2018

ඩබ්ලිව්.කේ. ප්‍රසාද් මංජු  උපුටාගැණීම  මව්බිම

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට 2021 දක්වා සය අවුරුදු කාලයක් ධුරයේ සිටීමට ශේ‍ර්ෂ්ඨාධිකරණය තීරණය…කළහොත් ඒකාබද්ධ විපක්ෂය ප්‍රමුඛ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ඊළඟ ජනාධිපතිවරණය සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කරන බව පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රි නීතිඥ උදය ගම්මන්පිල මහතා ‘ඉරිදා මව්බිම’ ට ප්‍රකාශ කළේය.

මේ සම්බන්ධයෙන් දැනටමත් නීති විශාරදයන් සමඟ සාකච්ඡා කර තිබෙන බවත්, 18 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව ශේ‍ර්ෂ්ඨාධිකරණයේ තීන්දුව වසර 6ක ධුරකාලය මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමාට ලැබුණොත් ඒ අනුව මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාටද ඉදිරි ජනාධිපතිවරණය සඳහා තරග කළ හැකි බව ගම්මන්පිල මන්ත්‍රිවරයා පෙන්වා දෙයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress