මෙන්න ඇත්ත! – ස්‌විස්‌ කොටි බළකොටුව දෙදරයි
Posted on January 14th, 2018

උපුටා ගැන්ම දිවයින

ඩොලර් මිලියන 15ක්‌ අවි මිලයට ගැනීමට ලබාදුන් ස්‌විස්‌ කොටි නායක රගුපති ඇතුළු 13කට නඩු

swiesස්‌විස්‌ටර්ලන්තය තුළ කොටි සංවිධානය තහනම් නැත. මේ නිසා ස්‌විස්‌ කෝකියකු වූ රගුපති නමැත්තා ස්‌විස්‌ටර්ලන්තයේ කොටි ශාඛාවේ ප්‍රධානියා ලෙස ක්‍රියාකරයි. ස්‌විස්‌ කොටි ක්‍රියාකාරීන් ජීනිවා සුරිච් බාසල් ලුසොන් – වින්ටතුර් ඇතුළු ප්‍රදේශ රැසක අරමුදල් එකතු කරද්දී ස්‌විස්‌ පොලිසිය නිහඬව සිටියේය. එසේම ඊළම් මාර්කට්‌ නමින් හඳුන්වන වෙළෙඳසල්ද ස්‌විස්‌ටර්ලන්තයේ බිහිවිය. වසර ගණනාවක්‌ තිස්‌සේ ස්‌විස්‌ටර්ලන්ත කොටි ජාලය අරමුදල් එකතුකරද්දී ස්‌විස්‌ රජය ඔවුන්ට එරෙහිව කිසිදු පියවරක්‌ ගත්තේ නැත. එසේම ජිනීවාහි එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ඉදිරියේ මෙරට රාජ්‍ය නායකයන් යුද අපරාධකරුවන් ලෙස හඳුන්වමින් මසක්‌ තිස්‌සේ ඡායාරූප ප්‍රදර්ශන පැවැත්වීමට මෙන් ශ්‍රී ලංකාවට එරෙහිව උද්ඝෝෂණ පැවැත්වීමටද ස්‌විස්‌ කොටි ජාලයට හැකිවිය. ස්‌විස්‌ පොලිසිය ඊට අවසර දුන්නේය.

එහෙත් වන්නි මෙහෙයුම අවසන් වී තව වසරකට පසු ස්‌විස්‌ නඩු අධ්‍යක්‍ෂවරයා කොටි ක්‍රියාකාරීන් 13 කට එරෙහිව ප්‍රෑන්ක්‌ මිලියන 15 ක්‌ හෙවත් ඩොලර් මිලියන 15.3 ක අරමුදල් ශ්‍රී ලංකාවේ කොටි සංවිධානයට ලබාදීම සම්බන්ධයෙන් නඩු පවරා ඇත. මෙය ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් මිලියන 2250 කි.

මෙලෙස නඩු පවරා ඇත්තේ ස්‌විස්‌ටර්ලන්තය, ජර්මනිය සහ ශ්‍රී ලංකාවේ පදිංචිකරුවන් වූ කොටින්ටය.

ලෝක ද්‍රවිඩ සම්බන්ධීකරණ කමිටුවේ ප්‍රධානියා මෙන්ම නියෝජ්‍ය ප්‍රධානියා සහ මූල්‍ය අංශයේ ප්‍රධානියාද ඔවුන් අතර වේ.

ස්‌විස්‌ නඩු අධ්‍යක්‍ෂවරයා මෙහෙයවූ විමර්ශන කණ්‌ඩායමක්‌ මගින් සිදුකළ පරීක්‍ෂණවලින් හෙළිවූයේ 1999 සිට 2009 දක්‌වා කාලය තුළ මොවුන් ව්‍යාජ සමාගම් ස්‌ථාපිත කර ව්‍යාජ වැටුප් ලේඛන ඉදිරිපත් කර ස්‌විස්‌ බැංකුවලින් විශාල ලෙස රූප ලබාගෙන ඇති බවයි.

මෙලෙස ලබාගත් මුදල් සෘජුවම ශ්‍රී ලංකාවේ කොටි සංවිධානය වෙත ලබාදීමට ක්‍රියාකර ඇත.

මේ නිසා මුදල් වංචාව, ව්‍යාජ ලියවිලි ඉදිරිපත් කිරීම, කළුසල්ලි ජාවාරම සහ කප්පම් ගැනීම යන චෝදනා මත මේ කොටි ක්‍රියාකාරීන්ට දැන් නඩු පවරා තිබේ.

එහෙත් 1999 සිට 2009 වනතෙක්‌ කොටි ක්‍රියාකාරීන්ට නඩු පැවරීමට ස්‌විස්‌ රජය ක්‍රියාකළේ නැත. ස්‌විස්‌ රජය කොටි සංවිධානය ත්‍රස්‌ත සංවිධානයක්‌ ලෙස හැඳින්වීමටද ක්‍රියා නොකෙරුණි. එසේ වුවත් අල්කයිදා සහ අයිසිස්‌ සංවිධාන ස්‌විස්‌ බලධාරීන් විසින් තහනම් කර තිබේ.

swies4
මේ නිසා වසර 9 කට පසු ස්‌විස්‌ රජයේ නඩු අධ්‍යක්‍ෂවරයා මේ කොටි ක්‍රියාකාරීන් 13 ක්‌ පිරිසට නඩු පැවරුවේ ඔවුන් ස්‌විස්‌ බැංකුවලට වංචාවක්‌ කිරීම නිසාය.

මෙලෙස ස්‌විස්‌ බැංකු වලින් ලබාගත් මුදල් ජිනීවා සහ සුරිච් නගරවල සිට කළුසල්ලි ප්‍රවාහනය කරන්නන් ලවා ඩුබායි සහ සිංගප්පූරුවට යවා එතැන්සිට වන්නියේ කොටින්ට ලබාදීමට ක්‍රියාකර ති

බේ.

swies3

මොවුන් එම මුදල් යවනු ලැබුවේ කොටින්ට අවිආයුධ මිලයට ගැනීම සඳහායි.

මේ පසුබිම මැද චෝදනා ගොනුවී ඇති කොටි 13 ක කණ්‌ඩායම් බේරාගැනීමට ඊලම් ද්‍රවිඩයන් සඳහාවූ ස්‌විස්‌ කමිටුවේ සභාපති අන්නා අන්නෝර් නමැත්තිය ඉදිරිපත් විය.

“මෙම දහතුන්දෙනා ශ්‍රී ලංකාවේ ද්‍රවිඩයන්ගේ ස්‌වයංපාලනය සඳහා කොටි සංවිධානයේ විමුක්‌ති අරගලයට සහය වුණා. එය යුද අපරාධකාරි ක්‍රියාවක්‌ නොවෙයි. යුද්ධය ඇතිවූයේ දෙපාර්ශ්වයක්‌ අතරයි. ස්‌විස්‌ රජය විසින් ශ්‍රී ලංකා හමුදාව සිදුකළ යුද අපරාධ ගැන විමර්ශනය කළයුතුයි යයි කොටි ක්‍රියාකාරිනි අන්නෝර් ප්‍රකාශ කළේය.

swies1එසේම එම කොටි 13 ක පිරිස නිදහස්‌ කරන ලෙස ඊලම් ස්‌විස්‌ කවුන්සිලයේ අන්නෝර් නමැත්තිය කළ ඉල්ලීම ස්‌විස්‌ නඩු අධ්‍යක්‍ෂවරයා විසින් ප්‍රතික්‍ෂේප කර තිබේ.

මෙලෙස ස්‌විස්‌ බැංකු වලින් වංචනික ලෙස මුදල් ලබාගැනීමේ සිද්ධියකට 2011 දී දියත්වූ මෙහෙයුමකදී ස්‌විස්‌ ප්‍රාන්තවල සිටි කොටි කීපදෙනෙක්‌ අත්අඩංගුවට ගෙන මාස දෙකකට පසු මුදාහැර තිබේ.

ඉන්පසු ස්‌විස්‌ නීතිපති කාර්යාලයේ සහ පෙඩ්පෝල් පොලිසියේ විමර්ශන කණ්‌ඩායමක්‌ මෙරටට පැමිණ රැඳවුම් භාරයේ සිටි කොටි 13 කගෙන් ප්‍රශ්න කර කටඋත්තර ලබාගෙන තිබේ.

රැඳවුම් භාරයේ සිටින කොටින්ගෙන් සාක්‍ෂි ලබාගැනීමේ සිද්ධිය උතුරේ සිටින කොටි හිතවාදීන් විගස ස්‌විස්‌ කොටි ජාලයට දැනුම්දීමෙන් පසු ඇතැම් ස්‌විස්‌ දේශපාලනඥයන් ලවා ස්‌විස්‌ නඩු අධ්‍යක්‍ෂ කාර්යාලයේ විමර්ශන කටයුතු නතර කරදැමීමේ ක්‍රියාමාර්ගයක්‌ දියත්විය.

එහිදී ස්‌විස්‌ ඊලම් කවුන්සිලය ස්‌විස්‌ නඩු අධ්‍යක්‍ෂවරයා වෙත කරුණු දක්‌වමින් ශ්‍රී ලංකාවේ ද්‍රවිඩයන් සමූල ඝාතනය කිරීමට එරෙහිව කොටි සංවිධානය සටන්වැදි සිටි බවත් ස්‌විස්‌ ද්‍රවිඩයන්ගෙන් සියයට 80 ක්‌ම කොටින්ට සහය පතා අරමුදල් ලබාදී ඇතිබවත් කියා සිටියේය.

මේ බව ස්‌විස්‌ ඊලම් කවුන්සිලයේ එවකට සිටි සභාපති කුරුබාරන් කුරුසාමි හෙළිකළේය.

මේ අතර රැඳවුම්භාරයේ සිටි කොටි ස්‌විස්‌ කොටි ජාලයෙන් කොටින්ට අවි මිලයට ගැනීමට අරමුදල් ලැබුණු බව සනාථ කර තිබේ. මේ නිසා 2006 ජුනි මස චූදිතයන් 13 ට එරෙහිව නඩු පැවරීමට තීරණය විය.

එහෙත් ජර්මනියේ සිටි ශ්‍රී ලාංකිකයකු සඳහා ණය අයදුම්පත් 135 ක්‌ සඳහා ණය ලබාදීමට ක්‍රෙඩිට්‌ සුයිස්‌ බැංකුව එකඟවූ බවට කොටි ක්‍රියාකාරියකු වෙනුවෙන් පෙනීසිටි නීතිවේදියකු පැවැසීම නිසා නඩුව පැවරීම කල්ගියේය.

එහෙත් ස්‌විස්‌ පෙඩරල් අධිකරණය එම තර්කය ප්‍රතික්‍ෂේප කර වහාම චූදිතයන්ට නඩු පවරන ලෙස නියෝග කරනු ලැබීය.

මෙලෙස වසර නවයකට පසු ප්‍රභාකරන්ට අවි ආයුධ මිලයට ගැනීම සඳහා ස්‌විස්‌ කොටි ජාලය අරමුදල් සැපයීමෙන් ශ්‍රී ලංකාවේ ත්‍රස්‌තවාදයට සෘජුව දායකවී ඇත්තේ ස්‌විස්‌ටර්ලන්තය නොවේද?

එහෙත් ජිනීවා මානව හිමිකම් සමුළුව වෙත යෝජනාවක්‌ ඉදිරිපත් කරමින් ස්‌විස්‌ටර්ලන්තය ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකාවේ හමුදාව සිදුකළ යුද අපරාධ ගැන විමර්ශනය කිරීම සඳහා ශ්‍රී ලංකාව ජාත්‍යන්තර අධිකරණයය පිළිගත යුතු බවයි.

එසේනම් 1999 සිට 2009 දක්‌වා කාලය තුළ කොටින්ට ත්‍රස්‌තවාදය ක්‍රියාත්මක කිරීම සඳහා පුපුරණ ද්‍රව්‍ය සහ වෙනත් අවිආයුධද, බිම්බෝම්බ සහ වෙනත් බෝම්බ වර්ග මෙන් මිලයට ගැනීමට මුදල් ලැබී ඇත්තේ ස්‌විස්‌ටර්ලන්තයෙනි.

එම තත්ත්වය මත ශ්‍රී ලංකාවේ යුද අපරාධ සිදුකිරීමට ක්‍රියාකළ කොටින්ට සහයවීම ගැන ස්‌විස්‌ රජය ජාත්‍යන්තර අධිකරණය වෙත යොමුකර දඬුවම් කළ යුතු නොවේද?

එහෙත් පසුගිය මහින්ද රාජපක්‍ෂ ආණ්‌ඩුව මෙන් වත්මන් ජනාධිපතිවරයාගේ රජය ඒ සම්බන්ධව මෙතෙක්‌ ක්‍රියාකර නැත.

ස්‌විස්‌ නඩු අධ්‍යක්‍ෂවරයා ගොනුකළ නඩුවෙන් කොටි ක්‍රියාකාරීන් 13 ක පිරිස මෙන්ම ස්‌විස්‌ රජයද යුද අපරාධවලට වගකිව යුතුවේ.

ජිනීවා යෝජනාව මත ශ්‍රී ලංකාවේ හමුදාව වගකිවයුතු නම් කොටින්ට අවි ලබාගැනීමට අරමුදල් සැපයූ ස්‌විස්‌ බැංකු සහ ඊට ඉඩදුන් ස්‌විස්‌ රජයද වගකිය යුතුය.

swies22018 වසරේ මාර්තු මස පැවැත්වෙන මානව හිමිකම් සමුළුව හමුවේ යළිත් වරක්‌ මතුවන ජිනීවා යෝජනාවට අදාළව ස්‌විස්‌ රජයද වගඋත්තරකරුවකු කිරීමට ස්‌විස්‌ නඩු අධ්‍යක්‍ෂවරයා කොටි කණ්‌ඩායමට පැවරූ නඩුව සාක්‍ෂියක්‌ නොවන්නේද?

එසේම 2016 වසර වනවිට ස්‌විස්‌ටර්ලන්තය තුළ ශ්‍රී ලංකා පුරවැසි බව හිටි 28000 ක්‌ ද්‍රවිඩයන් සිටින බව අනාවරණය වී ඇත.

එහෙත් මොවුන් ශ්‍රී ලංකාවේ පුරවැසිකම ලබාගත්තේ කුමකටදැයි මෙරට රාජ්‍ය යාන්ත්‍රණය විමර්ශනය කර නැත. මෙයට අමතරව 2016 මැයි මස වනවිට මෙරට ද්‍රවිඩයන් 1316 ක්‌ ස්‌විස්‌ටර්ලන්තයේ දේශපාලන රැකවරණ ලබා ඇත. එහෙත් මොවුන් කිසිවෙකුටත් මරණ තර්ජන එල්ලවී නැත. එසේනම් මොවුන් කටුනායක සිට ස්‌විස්‌ටර්ලන්තයට ගියේ කෙසේද?

ස්‌විස්‌ටර්ලන්තය යනු කොටි බලකොටුවකි. මෙම කොටි බලකොටුවේ සිටින කොටින්ගෙන් ප්‍රභාකරන්ට වංචනික ලෙස මුදල් එවීම ගැන ස්‌විස්‌ පොලිසියට අසුවූයේ 13 ක්‌ පමණකි. මේ කොටි කණ්‌ඩායමේ අනන්‍යතාවය හෙළිකිරීම ස්‌විස්‌ නඩු අධ්‍යක්‍ෂ කාර්යාලය ප්‍රතික්‍ෂේප කර තිබේ. අපි මේ කොටි කවුදැයි විද්යුත් තැපෑල මගින් ස්‌විස්‌ නඩු අධ්‍යක්‍ෂ කාර්යාලයෙන් විමසූ විට එහි බලධාරීන් අප වෙත ප්‍රතිචාර දක්‌වමින් එවා තිබූ විද්යුත් ලිපියේ සඳහන් වූයේ සිවිස්‌ නීතිය මත චෝදනා ඉදිරිපත් කර ඇති කොටින්ගේ නම් හෙළිකළ නොහැකි බවයි. එහෙත් ස්‌විස්‌ කොටි විරෝධි ආරංචි මාර්ග පැවසුවේ ස්‌විස්‌ටර්ලන්තයේ කොටි නායකයකු වූ විජයරත්නම් ශිවනේෂන් හෙවත් රගු හෙවත් රගුපති හිටපු කොටි නායක වෙල්ලයියා ජෙයපාලන් හෙවත් අබ්දුල්ලා යන තිදෙනාද චූදිතයන් 13 දෙනා අතර සිටින බවයි.

මින් කුලම් යනු රත්මලාන ගුවන් තොටුපලේදී ඇව්රෝ යානාවක බෝම්බයක්‌ අටවා එය පිපිරවූ ත්‍රස්‌තයායි. අබ්දුල්ලා යනු ස්‌විස්‌ කෝකියෙකි. ස්‌විස්‌ ආරංචි මාර්ග හෙළිකළේ ස්‌විස්‌ කොටි නායක රගුපතිගේ නිවසට කඩා වැදුණු පොලිසිය ඔහුගේ පරිගණක යන්ත්‍රයේ තිබූ මෘදුකාංග මෙන්ම සිම් කාඩ් පත්ද කොටි ලාංඡනය අඩංගු කබායද අත්අඩංගුවට ගත් බවයි. දින 25 ක්‌ සිරගතවී සිටි රගුපති පසුව ඇපමත නිදහස්‌ විය.

එසේම මඩකලපුව සහ අම්පාර කොටි නායකයා ලෙස ක්‍රියාකළ දයා මෝහන්ටද ස්‌විස්‌ටර්ලන්තයේ දේශපාලන රැකවරණ ලැබී ඇත.

පසුගිය වසරේදී දයා මෝහන් ස්‌විස්‌ ප්‍රාන්තයක්‌ වූ ෂුවයිස්‌හි සුපිරි වෙළෙඳ සංකීර්ණයක්‌ වෙත එන අයුරු දැකගත හැකිවිය.

නැගෙනහිර ප්‍රදේශයේ යුද අපරාධ රැසකට සම්බන්ධ දයා මෝහන් ස්‌විස්‌ටර්ලන්තයේ සිටින බව ජිනීවාහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවා දන්නේ නැත.

ස්‌විස්‌ටර්ලන්තයේ කොටි ක්‍රියාකාරියකුට සිටි ගෝපි පසුගිය 2014 වසරේදීය.

මෙරටට පැමිණ යළි කොටි සංවිධානයට ජීවය දීමට දැරූ උත්සාහයෙන් හමුදාවෙන් මැරුම් කෑවේය.

සෙල්වනායගම් පොන්නයියා කජිතන් හෙවත් ගෝබිගේ බිරිය කජිතන් ශර්මිලා ත්‍රස්‌ත මර්දන ඒකකයේ ඇස්‌ වසා කටුනායක ගුවන් තොටුපළින් ජිනීවා බලායැමට පැමිණි අවස්‌ථාවේ ත්‍රස්‌ත මර්දන නිලධාරීන්ට අසුවිය.

ඇයට විරුද්ධව නඩුවක්‌ ගොනුවී තිබියදී කොළඹ ස්‌විස්‌ තානාපති කාර්යාලය වීසා බලපත්‍රයක්‌ ලබාදී ඇත. ෂර්මිලාට කටුනායකින් ජිනීවා වෙත යාමට ආගමන විගමන බලධාරීන් ඉඩනොදීම ගැන ස්‌විස්‌ තානාපති නිලධාරීන්ට වාර්තා විය. ඒ අනුව ස්‌විස්‌ තානාපති නිලධාරියෙක්‌ පැමිණ ඇය සතුව වලංගු වීසා බලපත්‍රයක්‌ තිබෙන නිසා ස්‌විස්‌ටර්ලන්තයට යාමට ඉඩදෙන ලෙස කළ ඉල්ලීම ආගමන විගමන බලධාරීන් ප්‍රතික්‍ෂේප කරනු ලැබීය.

මින් සනාථ වූයේ කොටි ක්‍රියාකාරීන් සහ කොළඹ ස්‌විස්‌ තානාපති කාර්යාලය අතර ඇති දැඩි සබඳතාවයකි.

මෑතකදී උතුරේ පාසල් සිසුවියක්‌වූ විද්‍යා ඝාතනයට සම්බන්ධ වූයේද ස්‌විස්‌ කුමාර් නමැත්තෙකි. එහෙත් මේ ස්‌විස්‌ කුමාර් පිළිබඳව තොරතුරු මෙරට පොලිසිය ස්‌විස්‌ පෙඩ්පෝල් පොලිසියෙන් විමසුවේ නැත.

ස්‌විස්‌කුමාර් පිළිබඳ සියලු තොරතුරු ස්‌විස්‌ටර්ලන්තයේ කොටි ජාලයද වසන්කරනු ලැබීය. මේ අතර ස්‌විස්‌ටර්ලන්තයේ සිටින ද්‍රවිඩ ජන සංඛ්‍යාව 40000 සිට 50000 ක්‌ම දක්‌වා වැඩිවී ඇත.

මේ අතර හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග අපූරු ප්‍රකාශයක්‌ කරමින් ප්‍රභාකරන් අල්ලාගෙන සිටි භූමියෙන් සියයට 75 ක්‌ මුදාගත්තේ තමා බව කියා සිටියාය. එසේම ඇය පැවසුවේ වන්නි මෙහෙයුමෙන් මුදාගත්තේ කිලිනොච්චිය ගැන මුලිතිව් පමණක්‌ බවයි.

එහෙත් සැබෑ අතීතය අමතක කළ හැකිද?

1995 දී එවකට සිටි නියෝජ්‍ය ආරක්‍ෂක ඇමැති අනුරුද්ධ රත්වත්තේ යාපනය අර්ධද්වීපය කොටින්ගෙන් මුදාගැනීමට සැලසුම් කළේය. මේ පිළිබඳව තොරතුරු ලබාගැනීම සඳහා අපි රත්වත්තේ මහතාගේ රාජගිරියේ පිහිටි නිවසේදී ඔහු හමුවූයෙමු. එවිට ඔහුට දුරකථන ඇමතුමක්‌ ලැබුණේ ලන්ඩන් නුවර සිටය. මේ දුරකථන ඇමතුම ලැබුනේ ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග ගෙනි. ඇය එම දුරකථන ඇමතුමෙන් රත්වත්තේ මහතාට පැවසුවේ ද්‍රවිඩයන් විශාල සංඛ්‍යාවක්‌ මියයාමට ඉඩ ඇති නිසා යාපනය මුදාගැනීමේ රිවිරැස මෙහෙයුම අත්හිටුවන ලෙසයි.

මෙහිදී බරපතළ ප්‍රශ්නයකට මුහුණ පෑ අනුරුද්ධ රත්වත්තේ ඇයට ප්‍රතිචාර දැක්‌වමින් රිවිරැස මෙහෙයුමේ සැලසුම් සකස්‌ කර අවසාන බවත් දැන් එය නතර කළ නොහැකි බවත් කියාසිටියේය.

ජනාධිපතිනියගේ මේ ප්‍රකාශය ගැන සැකසිතූ රත්වත්තේ මහතා විගස ලන්ඩන් නුවර ශ්‍රී ලංකා මහකොමසාරිස්‌ කාර්යාලය අමතා රිවිරැස මෙහෙයුම නතර කරන්නැයි චන්ද්‍රිකා පැවැසුවේ මන්දැයි සොයාගත්තේය.

ඉන් හෙලිවූයේ කොළඹ ව්‍යාපාර ක්‍ෂේත්‍රයේ බලවත් කාන්තාවන් සහ ලන්ඩන් නුවර ද්‍රවිඩයන් කීපදෙනෙක්‌ පැමිණ රිවිරැස මෙහෙයුම නතර කරන ලෙස චන්ද්‍රිකාට දැඩි බලපෑම් කර ඇති බවයි. එසේම රිවිරැස මෙහෙයුම නිසා නල්ලූර් කෝවිලද විනාශ වන බවට ලන්ඩන් ද්‍රවිඩ පාර්ශ්ව විසින් චන්ද්‍රිකාට පවසා තිබූ බව රත්වත්තේ මහතාට හෙළිවිය.

එහෙත් ඇගේ ඉල්ලීම ප්‍රතික්‍ෂේප කළ අනුරුද්ධ රත්වත්තේ රිවිරැස මෙහෙයුම දියත් කර යාපනය අර්ධද්වීපය අල්ලා ගත්තේය. එසේම චන්ද්‍රිකා කුමාරතුංග පාලන සමයේ උතුරෙන් සියයට 75 ක ප්‍රදේශයක්‌ හමුදාව අල්ලාගත් බව ඇය කියන්නේ කෙසේද? 1996 ජුලි 18 දා කොටි මුලතිව් හමුදා කඳවුර මුළුමනින්ම වනසා දැමීය. ඉන් නිලධාරීන් ඇතුළු භටයන් 1173 ක්‌ ඝාතනය විය.

ඉන්පසු කිලිනොච්චි හමුදා කඳවුරට ප්‍රහාර එල්ල කළ කොටි සෙබළු 857 ක්‌ මරාදැමූහ. මේ ප්‍රහාරය එල්ලවූයේ 1998 සැප්තැම්බර් 28 දායි. 200 වසරේ අප්‍රේල් 23 දා අලිමංකඩ දැවැන්ත හමුදා කඳවුරට එල්ලවූ කොටි ප්‍රහාරයෙන් නිලධාරීන් සහ සෙබළු 908 ක්‌ මරුමුවට පත්වුණි.

එසේම ඇගේ පාලන සමයේදී සුදුසුකම් නොලන් බ්‍රිතාන්‍ය පුරවැසියකු වූ වසන්ත රාජා නමැත්තාව ජාතික රූපවාහිනියේ සභාපති ලෙස පත්කෙරුණි. ඔහුට ද්විත්ව පුරවැසි බව ලබාදීම සඳහා රුපියල් දෙලක්‍ෂයක්‌ ගෙවන ලද්දේ ජාතික රූපවාහිනියයි.

වසන්ත රාජා මෙරටට පැමිණීමෙන් පසු හිටපු ජනාධිපතිනිය ඔහුව අමතා පැවසුවේ කොටි තමාව මරාදැමීමට සැලසුම් කරන බව බුද්ධි සේවාව අනතුරු අඟවා ඇති නිසා යාපනයට ගොස්‌ ඒ ගැන සොයාබලන ලෙසයි.

යාපනයේදී කොටි න්‍යායාචාර්ය ඇන්ටන් බාලසිංහම් හමුවූ විට බුද්ධි සේවා වාර්තා ගැන විශ්වාස කරන්න එපා. ඇගේ මියගිය සැමියා වූ විජය කුමාරතුංගට අපි ගරු කරනවා. එක්‌සත් ජාතික පක්‍ෂය කෙරේ විශ්වාසය කරන්න එපා යයි ඇයට කියන්න යයි බාලසිංහම් කියා සිටියේය.

බාලසිංහම්ගේ ප්‍රකාශය මත චන්ද්‍රිකාට කොටින්ගෙන් මරණ තර්ජනයක්‌ නැතැයි වසන්ත රාජා දැනුම් දුන්නේය.

එහෙත් වසර කීපයකට පසු කොළඹ පුරහල් භූමියේදී ඇයව ඝාතනය කිරීම කොටි දැරූ උත්සාහය ව්‍යර්ථ විය.

එසේම 2008 වසරේදී ඇගේ රජය සමයේ ශ්‍රී ලංකාවේ ජාතික ආරක්‍ෂාවට අදාළ වාර්තාවක්‌ සකස්‌ කිරීමට බ්‍රිතාන්‍ය එස්‌ ඒ එස්‌ බළකායේ හිටපු ප්‍රධානියකු වූ ජෙනරාල් මයිකල් රෝස්‌ට බාරදී තිබුණි.

මේ හැර ඇමරිකානු සී අයි ඒ සංවිධානයේ නියෝජිතයකු ඇගේ සමයේ පැවැති ආරක්‍ෂක මණ්‌ඩලය රැස්‌වීමටද සහභාගිවිය.

මේ පසුබිම මැද වන්නි මෙහෙයුමෙන් මුදාගත් ප්‍රදේශ මෙරට ජනතාවගේ දැනගැනීම උදෙසා අපි නැවතත් හෙළිකරන්නෙමු.

2006 ජුලි – මාවිල්ආරු, සැප්තැම්බර් සාම්පූර් සහ වාකරේ, 2007- ජුලි තොප්පිගල, 2007 සිලාවතුර – 2008 අප්‍රේල් මඩුපාර, 2008 නොවැම්බර් මන්නාරම, පුනරීන් සහ ඒ-32 මාර්ගය – අලිමංකඩ සහ කිලිනොච්චිය.

මෙම වන්නි මෙහෙයුමින් කොටි සතුව පැවැති ඩොලර් 34426899 ක්‌ වටිනා අවි ආයුධද සොයා ගැනුනි.

මේ හැර සෑම් මිසයිල 10 ක්‌ද සී 4 පුපුරන ද්‍රව්‍ය කිලෝ 6050 ක්‌ද වෙනත් පුපුරන ද්‍රව්‍ය කිලෝ 1012 ක්‌ද හමුවිය. මේ අතීතය වසන් කළ හැකිද?

මේ අතර කොටි ක්‍රියාකාරීන් 13 කට එරෙහිව ස්‌විස්‌ටර්ලන්තයේ බෙලින්සෝනා අධිකරණය ඉදිරියේ ගොනුකර ඇති නඩුව අහෝසි කරන ලෙස ඉල්ලමින් ස්‌විස්‌ කොටි සියයකට අධික පිරිසක්‌ එම අධිකරණය ඉදිරියේ උද්ඝෝෂණයක නිරතවූහ.

“අපි සාමකාමී කොටි ක්‍රියාකාරීන්, මේ නඩුව නිසා අපේ මුළු කොටි සමාජයටම පහරක්‌ එල්ල වෙනවා යයි කොටි උද්ඝෝෂකයෝ ඝෝෂා කළහ.

මෙම කොටි නඩුවට අදාළ චෝදනා පත්‍රය පිටු 367 කින් යුක්‌තවිය. මෙහිදී ස්‌විස්‌ නඩු අධ්‍යක්‍ෂවරයා පැමිණිල්ලේ දක්‌වා ඇත්තේ අපරාධකාරි සංවිධානයකට අරමුදල් සැපයීම යන චෝදනාව ඇතුළු චෝදනා පහකි.

කොටි දහතුන් දෙනා වෙනුවෙන් පෙනීසිටි නීතිවේදීන් යළි එම චෝදනා පත්‍රය නීතිපති වෙත යොමුකරන ලෙස කළ ඉල්ලීමද ප්‍රතික්‍ෂේප විය. මෙම කොටි නඩුව ලබන මාර්තු මස දක්‌වා පැවැත්වේ. එහෙත් පුදුමයක්‌ නම් ශ්‍රී ලංකාවේ රජය ඊට සම්බන්ධවී කොටි අරමුදල් ගැන සත්‍ය තත්ත්වය හෙළිනොකිරීමයි.

3 Responses to “මෙන්න ඇත්ත! – ස්‌විස්‌ කොටි බළකොටුව දෙදරයි”

  1. Ancient Sinhalaya Says:

    Hope the swiss authorities won’t consider how many tiger votes in the constituencies when taking action aganist
    these former bogus asylum seekers now hell bent on breaking up Sri Lanka to have their drealam to go on holiday while keeping Colombo and the rest of the country to themselves as well.

    We have to thank anti Buddhist, anti
    Sinhalese, anti Sri Lankan catholic run traitor UNPatriotic party for creating ever-Sri Lanka hating diasporats. These
    traitors now living comfortable lives after fleeing barrel man hitler mala paharan’s forced conscriptions and claiming
    bogus asylums in (developed countries only please) still can’t leave Mother Lanka alone which gave them a much better life than their counterparts in tn. The dutch and british imports and later on kallathonis who crossed the seas to save the lives from the severe famine in tn, now paying back handsomely by trying to dismember Mother Lanka.

    At present catholic run anti Sinhalese, anti Buddhist, anti Sri Lanka UNPatriotic party ruling Sri Lanka doing everything possible to create 3 countries for its ardent supporters tamils, mussies and the catholics. Unfortunately Sinhala Buddhist modayas don’t feature in the grand plan.

    Traitor UNPatriotic karaya
    Siri Laka huuran kanna suuraya
    hathuru raja maraya
    Sihalun maranna suuraya
    traitor UNPatriotic karaya

    UNPatriotic kaaraya
    banku kadanna maraya
    UNPatriotic kaaraya
    yana yana thana pathire gandaskare
    pathire gandaskare
    UNPatriotic kaaraya

    UNPatriotic kaaraya
    Sihalun maranna suuraya
    UNPatriotic kaaraya
    Sihalunta BHEESHANA SAMAYE
    denna suuraya
    hathuru raja maaraya
    rata paava denna suuraya

    UNPatriotic karaya
    yana yana thena pathire gandaskare
    pathire gandaskare

    A song by portuguese national, r@nil wickrama Sinhala killer, domiciled in Sri Lanka, currently working as the chief
    robber at the CB in addition to his day job (dis)honest, (dis)graceful PM (Pathala Man) of the Socialist Republic (banana) of Sri Lanka.

  2. Senerath Says:

    QUOTE ඇය එම දුරකථන ඇමතුමෙන් රත්වත්තේ මහතාට පැවසුවේ ද්‍රවිඩයන් විශාල සංඛ්‍යාවක්‌ මියයාමට ඉඩ ඇති නිසා යාපනය මුදාගැනීමේ රිවිරැස මෙහෙයුම අත්හිටුවන ලෙසයි.
    මෙහිදී බරපතළ ප්‍රශ්නයකට මුහුණ පෑ අනුරුද්ධ රත්වත්තේ ඇයට ප්‍රතිචාර දැක්‌වමින් රිවිරැස මෙහෙයුමේ සැලසුම් සකස්‌ කර අවසාන බවත් දැන් එය නතර කළ නොහැකි බවත් කියාසිටියේය. UNQUOTE

    QUOTE “එහෙත් පසුගිය මහින්ද රාජපක්‍ෂ ආණ්‌ඩුව මෙන් වත්මන් ජනාධිපතිවරයාගේ රජය ඒ සම්බන්ධව මෙතෙක්‌ ක්‍රියාකර නැත.”
    UNQUOTE

    We can understand the uselesness of various Gods of Battaramulla from these quotes.

  3. Lorenzo Says:

    IF politicians won the war, what were SOLDIERS doing?

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress