ශ්‍රී ලාංකේය දේශපාලනයේ කොටළු සාධකය
Posted on January 14th, 2018

කතු වැකිය උපුටා ගැන්ම දිවයින

ඌවේ මහ ඇමැති චාමර සම්පත් දසනායක මනුෂ්‍යත්වයට කිසිසේත්ම නොගැළපෙන කසඩ වැඩක්‌ කළ බවට ආරංචි පැතිර යමින් පවතී. ඒ කසඩ වැඩය වූ කලී බදුල්ලේ ප්‍රසිද්ධ බාලිකා පාසලක දෙමළ විදුහල්පතිනියක්‌ ඔහුගේ නිල නිවසට කැඳවා දණ ගැස්‌වීමය. චාමර සම්පත් කියන්නේ තමන් එවැනි නීච ක්‍රියාවක්‌ නොකළ බවය. එහෙත් විදුහල්පතිනිය තම නිවසට කැඳවන ලද බව ඔහු පිළිගනී. චාමර සම්පත් කියන පරිදි මේ විදුහල්පතිනියට විරුද්ධව චෝදනාවක්‌ තිබේ. එනම් ඇය පාසලේදී හින්දු ආගමට හැර සෙසු ආගම්වලට මුල් තැන නොදෙන බවය. අනතුරුව තමා විසින් එම ගැටලුව විසඳන ලද බවද මහ ඇමැති චාමර සම්පත් කියයි. මෙහිදී අප ඉදිරිපිට එක තාක්‍ෂණික ගැටලුවක්‌ තිබේ. එනම් රාජකාරි කටයුතු පිළිබඳ ප්‍රශ්න මහ ඇමැතිගේ ගෙදරදී විසඳන්නේ කෙසේද යන්නය. එය සිදුවිය යුත්තේ ආණ්‌ඩුවට අයත් කාර්යාල පරිශ්‍රයක්‌ තුළය. මෙහිදී අදාළ විදුහල්පතිනිය ද බරපතළ වරදක්‌ කර තිබේ. එනම්, පණිවුඩයක්‌ ලැබුණ පළියට දේශපාලන කසඩයන්ගේ ගෙවල්වලට රිංගීම ය. ගුරු වෘත්තිය යනු ඉතා උතුම් වෘත්තියකි. එය නූගත් කොටළුවන්ගේ දේශපාලනයට වඩා අත්‍යන්තයෙන්ම උතුම්ය. ගුරු වෘත්තියේ යෙදෙන අය නිතරම වෘත්තීය ගරුත්වය ආරක්‍ෂා කරගත යුතුයි. අද විදුහල්පතිනිය සිය නිවසට කැඳවන දේශපාලනඥයා හෙට ඇයට නියම කිරීමට ඉඩ ඇත්තේ වළං හෝදන ලෙසය. එබැවින් දෙකයි පනහේ නූගත් අමන දේශපාලනඥයන්ට බිය නොවෙන ලෙස අපි මේ රටේ ගුරු පරම්පරාවෙන් ඉල්ලමු. ඒ කෙසේ වුවද විදුහල්පතිනිය දණගැස්‌වීමේ සිද්ධියට තමා සම්බන්ධ නැතැයි මහ ඇමැති චාමර සම්පත් දසනායක කියා තිබේ. එබැවින් මෙතැන් පටන් අප මේ තීරුව ලියනු ලබන්නේ ඔහු එවැනි වනචර වැඩක්‌ නොකළ බවට ප්‍රතිපත්තිමය එකඟත්වයක්‌ ඇතිකරගෙන ය.
 
 රජයේ සේවකයන්ට දේශපාලන ගොනුන් විසින් අනින ලද අවස්‌ථා බොහෝය. වරක්‌ මර්වින් සිල්වා සමෘද්ධි නිලධාරියකු ගස්‌ බැන්දේය. මර්වින් සිල්වා ඒ වන විට සිටියේ රාජපක්‍ෂ ආණ්‌ඩුවේ කුණු ගෑවුන යට ඇඳුම් සෝදන දේශපාලන ලොන්ඩරියේ භාරකරුවකු ලෙසය. එබැවින් සමෘද්ධි නිලධාරියා ගස්‌ බැඳීම සම්බන්ධයෙන් මර්වින් සිල්වාට එරෙහිව කිසිදු පියවරක්‌ නොගන්නා ලදි. මේ පව්වලට ඊළඟ ඡන්දයේදීම වන්දි ගෙවීමට මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමාට සිදුවිය. ඡන්දය පැරදුණු මහින්ද ගෙදර ගිය අතර මර්වින් සිල්වා වහා රාජපක්‍ෂවරුන් අත්හැර ගියේය. මේ සිද්ධියට පෙර හෝ පසුව එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ පළාත් සභා මන්ත්‍රීවරයකු වූ ආණමඩුවේ ආනන්ද සරත් කුමාර නමැත්තා නවගත්තේගම පාසලක ගුරුවරියක්‌ දණ ගැස්‌සුවේය. අන්තිමට ඔහු හිරේ ගියේය. එවැනි නීච මිනිසුන් සමාජයෙන් නෙරපා හැරිය යුතු නමුදු ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය කළේ කුමක්‌ද? ඔහු ආණමඩුව ආසනයේ සංවිධායක ලෙස පත් කිරීමය. සාමාන්‍යයෙන් මෙවැනි මිනිසුන් ගෙවල් ඉස්‌සරහින් යන විට පවා දොරවල් වසාගත යුතුය. එහෙත් අප ඉදිරිපිට සිදු වෙමින් පවතින්නේ එහි කණපිටය. ඒ අනුව ශ්‍රී.ල.නි.ප. ය ඓතිහාසික වරදක්‌ සිදු කරගෙන තිබේ.
 
 මෝඩයා තල් ගසක්‌ සේ වැඩෙතැයි භාග්‍යවත් ගෞතමයාණන් වහන්සේ වරක්‌ දෙසූහ. එසේම ළමා වියේදී රූපයෙන් කොතරම් එක සමාන නමුදු කොපමණ වයස ගියත් කොටළුවා අශ්වයකු බවට පත් නොවන්නේ යයි බටහිර කියුමක්‌ තිබේ. මේ කියමන් දෙකම ශ්‍රී ලංකාවේ දේශපාලනයට ඉතා හොඳින් ගැළපේ. කොටළුවන්ගෙන් සහ බූරුවන්ගෙන් විනිර්මුක්‌ත විය හැකි දවසට අපේ රටේ දේශපාලනය යහපාලනයක්‌ බවට පත් වන්නේය.

One Response to “ශ්‍රී ලාංකේය දේශපාලනයේ කොටළු සාධකය”

  1. Ancient Sinhalaya Says:

    We don’t know who is telling the truth in this case. If this woman has been hell bent on promoting a religion of convenience, she should visit a museum. Once I went a museum and asked the curator to see the god. He was very very annoyed by my request and told me, listen it is all science here. If you want fiction, go to the local library or online. Or when you got a bit of time try to spell it backwards. I got the message and quickly retreated.

    These god-based religions don’t regard killing, stealing, lying, drugs, sexual misconduct etc as sins while all the
    honest people including every law courts under the Sun do. Do we need to say anymore then? Buddhism’s five
    precepts cover all the misdeeds you can think of under the Sun. People following these religions of conveniences
    are only cheating themselves and accrue a lot of sins and as a result they won’t be two legged creatures in their
    next lives. My advice to this woman is follow the only true religion, Buddhism, in the world and try to better your
    next birth or if it’s not an option keep the religion to yourself and do your job. Teaching.

    Earth’s size is a grain of sand in the vast universe. Then how did these god/gods miss all these other much bigger
    planets and chose this ‘grain of sand’? Not clever/lazy/no water etc. to start life in those/it’s all fiction,
    a man-made thing? Come to think of all these things maybe the politician is right since he is saving a lot
    youngsters going down a wrong road!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress