හොලොකෝස්ට් හෙවත් වාර්ගික සමූලඝාතනය
Posted on January 18th, 2018

වෛද්‍ය රුවන් එම් ජයතුංග විසින් ලියන ලද Lanka Daily News පුවත් පතේ පළවූ Reflecting Holocaust ලිපියේ සිංහල අනුවාදය​. පරිවර්තනය සුරංග ලියනගේ

හොලොකෝස්ට් යනු යුරෝපයේ සියලුම යුදෙව්වන් සමූල ඝාතනය කිරීමේ උත්සාහයේ ප්‍රතිඑලයයි. වාර්ගිකත්වය පදනම් කරගත් මෙම ජන සංහාරය සැලැස්ම මගින් 1941 සිට 1945 දක්වා කාලය තුළ දරුවන් මිලියන දෙකක් සහ මිලියන පහක් වන වෙනත් අය ඇතුළුව යුදෙව්වන් මිලියන හයකට වඩා ඝාතනය කරන ලදී. හොලොකෝස්ට් ඉහළ චිත්තවේගය මත ඇතිවූ අහඹු ලෙස මෙහෙයවූ ම්ලේච්ඡත්වයක් වූයේ නැත. එය ක්‍රමාණුකූලව  සහ සූක්ෂමව වසර ගණනාවක් තුළ සැලසුම් කරන ලදී. බලෙන් සේවයේ යෙදවීමට හා ගෑස් කුටීරවලට යැවීමට සිටි ගොදුරු සඳහා නාසින් විසින් රැඳවුම් කඳවුරු ඉදි කරන ලදී.
වර්ෂ 1933 දී හිට්ලර් බලයට පැමිණියේය. ඔහු බලය පැහැර ගත්තේ නැත. හිට්ලර්, ජර්මානු ජනතාවගේ ඡන්දයෙන් තෝරා පත් කරගන්නා ලදී. එම යුගයේ දී බොහෝ ජර්මානුවන් විසින් හිට්ලර් ජර්මනියේ ගැලවුම්කාරයා ලෙස සලකන ලදී. හිට්ලර්ගේ සිතෙහි, වාර්ගික සනීපාරක්ෂාව ගැන බලපෑමක් තිබුනි. ඔහුගේ දේශන ඉතා  ජනප්‍රිය  වූ අතර ජනතාව වාර්ගික ශ්රේෂ්ඨත්වය පිළිබඳ ඔහුගේ න්‍යාමය​ට යහපත් ලෙස ප්‍රතිචාර  දැක්වීය. හිට්ලර්ගේ මේන් කාම්ෆ් ( Mein Kampf )පොත ජර්මනියේ ජනප්‍රිය සහ අගය කොට සැලකූ පොත් අතරින් එකක් බවට පත්විය. ආර්යයන්ගේ ශ්රේෂ්ඨත්වයට විශේෂයෙන් යුදෙව් ජාතියෙන් තර්ජනය ඇති බව හිට්ලර් විශ්වාස කළේය. බොහෝ ජර්මන් ජනතාව අවිවාදයෙන්ම මෙම අදහස පිළිගත්හ. සිය ආධාරකරුවන්ගේ ද්වේශය සහ වෛරී සහගත හැඟීම් ඇවිස්සීමේ හිට්ලර්ගේ හැකියාව ඔවුන්ගේ සාහසික වැරදිවලට බොහෝවිට හේතුවිය. හොලොකෝස්ට් ඔහුගේ ප්රිචණ්ඩත්වයේ, ත්‍රස්තවාදයේ හා කෲරත්වය අද්විතීය කූඨප්රාප්තිය විය.
වසර 12 ක් පුරා ජර්මනිය නාසි පක්ෂය විසින් පාලනය කරන ලද අතර විපක්ෂයට යහතින් සිටීමට ඉඩක් නොලැබිණි. කිසිවෙකු හිට්ලර් අභියෝග කිරීමට තරම් එඩිතර නොවීය. බියපත්වූ සමාජයට සිතාගත නොහැකි අණකිරීම් වලට කීකරු වීමට බල කෙරිනි. හිට්ලර්ගේ යුදෙව් ජනතාව සමූලඝාතනය කිරීමේ ව්යාරපාරය ජර්මානු ජනතාවගෙන් සඟවන ලදී. සාමාන්යය ජර්මානු ජනතාව රැඳවුම් කඳවුරු තුළ සිදු වූ බිහිසුනු දේ ගැන කිසිවක් දැන නොසිටියහ. ජර්මනියේ හෝ අත්පත් කරගත් ප්‍රදේශ වල  කිසිදු ආකාරයකින් යුදෙව්වන් සමූල ඝාතනයක් නොවන බව නාසි ප්‍රචාරක අමාත්ය් ජෝසෆ් ගොබෙල්ස් නිරන්තරයෙන් වාර්තා කළේය. පාලක නාසි යකඩ හස්තය නොතකා ඔස්කාර් ෂින්ඩ්ලර් වැනි ජර්මානු මානව හිතවාදීන් යුදෙව්වන් 12,000කගේ ජීවිත බේරා ගැනීමට උදව් කළහ.
හිට්ලර් බලයට පැමිණෙන විට 500,000 කට අධික යුදෙව්වන් ප්‍රමාණයක් ජර්මනියේ ජීවත් වූහ . ඔවුන් ජර්මනියට අනුගතව සිටි අතර සෙසු ජනතාව සමග ප්‍රබල ගැටුම් කිසිවක් ඇති කර නොගත්හ. නව නාසි තන්ත්‍රයේ  යුදෙව් විරෝධි ප්‍රචාරණය  මගින් ජනවාර්ගික සමගිය වෙනස් කරන ලදී. 1938 නොවැම්බර් 9 වැනිදා නාසින් විසින් ජර්මානු යුදෙව්වන්ට එරෙහිව  ක්රිස්ටල්නැෂ් – Kristallnacht (පළිඟු රාත්රිය) නොහොත් “බිඳුනු වීදුරුවේ රාත්රිය” නමින් හැඳින්වෙන ප්‍රහාර  රැල්ලක් මුදාහරින ලදී. නාසි යොවුන් කණ්ඩායම් අවට යුදෙව් ව්යාපාරික ස්ථාන සහ නිවෙස්වල ජනේල බිඳිමින්, යුදෙව් පල්ලි ගිනිතබමින් සහ කොල්ලකමින් හැසිරුණහ. හොලෝකෝස්ට්හි නාසි ප්‍රචණ්ඩත්ව  කූටප්රාප්තියේ ආරම්භය ලෙස ඉතිහාසඥයන් විසින් සලකන, ජර්මානු යුදෙව්වන්ට එල්ල වූ ප්‍රහාරය වන ක්‍රිස්ටල්නැෂ් හි ප්‍රධාන මොළකරු  වූයේ ජෝෂප් ගොබෙල්ස්ය.
අවසන් විසඳුම 
අවසන් විසඳුම වූයේ ජර්මනියේ හා අත්පත් කරගත් ප්රෙදේශවල යුදෙව්වන් සමූලඝාතනය කිරීමේ නාසි ජර්මනියේ සැලැස්ම ය.  එම අවසාන විසඳුම 1933 සිට 1941 අතර කාලයේදී ක්රියාවට නැංවිනි. හෙන්රිච් හිම්ලර් සහ ඇඩොල්ෆ් අයික්මාන් සැලැස්මේ ප්රනධාන මොළකරුවන් වූහ.
යුදෙව් කටයුතු උපකාරක සැලසුම සහ හොලොකෝස්ට් ක්රි‍යාත්මක කිරීමට වගකිවයුතු පුද්ගලයා වූයේ ඇඩොල්ෆ් අයික්මාන්ය. නාසීන් යුරෝපයේ යුදෙව් ජනගහනය සමූලඝාතනය කිරීමට තීරණය කළහ. නාසි ඝාතන කඳවුරු වෙත යොමු කිරීමට යුරෝපයේ අත්පත් කරගත් ප්‍රදේශ වල සිටි මිලියන ගණනක් වූ යුදෙව්වන් හඳුනාගැනීම, එක් රැස්කිරීම සහ  ප්‍රවාහනය  සම්බන්ධීකරණය කිරීම සඳහා අයික්මාන්ව පත් කරන ලදී. SS ප්‍රධානී හිම්ලර් යුදෙව්වන් මිලියන හයක් ඇතුළු මිලියන 11 ක ජනගහනයක්, ඝාතනය කල මහා විනාශයේ භාරකරු විය.
ඇඩොල්ෆ් හිට්ලර් ප්රනසිද්ධියේ බොහෝ අවස්ථාවල දී යුදෙව්වන් සමූල ඝාතනය  ප්‍රකාශ  කළේය. බටහිර බලවතුන් සමඟ කටයුතු කරන විට, ප්‍රාණ ඇපකරුවන් වශයෙන් යුදෙව්වන් භාවිතා කරන බවට හිට්ලර් තර්ජනය කලේ ය.
“යුද්ධය ආරම්භයේදී, හෝ යුද්ධය පවතිද්දී මිනිසුන්ගෙන් මෙම යුදෙව් දූෂිතයන් 12,000 හෝ 15,000 ක් හුස්ම හිරකරන වායුවේ ගිල්වූයේ නම්….මිලියන ගණනක සොල්දාදුවන්ගේ කැපකිරීම නිෂ්ඵල වී නැත” යනුවෙන් හිට්ලර් මේන් කාම්ෆ් හි ලිවීය.
යුදෙව්වන් ක්ර්මානුකූළව සමූලඝාතනය කිරීම ආරම්භයේ දී, නාසීන් ජංගම ඝාතක කල්ලි යොදා ගත්තේය. 1941 සැප්තැම්බරයේ දී, නාසීන් විසින් පුද්ගලයින් කණ්ඩායම් පටවා අගුළු දමා කාබන් මොනොක්සයිඩ් මගින් හුස්ම හිරකිරීමට ගෑස් යොදන වෑන් සහ ට්‍රක්  රථ යොදාගත්හ. 1941 අග දී,  ක්‍රියාත්මක  කිරීම ආරම්භ කරන ලද පළමු ඝාතන කඳවුර වන, චෙල්ම්නෝහි වැඩ නිම වන තුරු මෙම වෑන් රථ භාවිතා කරන ලදී.
නාසීන් විසින් අත්පත් කරගත් රටවල කඳවුරු 15,000 ක් පිහිටුවන ලදී. මෙම සමූල ඝාතන කඳවුරු තුළ ගොදුරුවූවන්ගේ සිරුරුවල අඩංගුව තිබූ මේදය භාවිතයෙන් වානිජ වශයෙන් සබන් නිෂ්පාදනය කිරීමටද උත්සාහ දරා තිබුණි. විශාලතම ඝාතන කඳවුර වූයේ අවුෂ්විට්ස්ය. සිරකරුවන් විශාල සංඛ්‍යාවක්  හාමතින්, ඝාතන, රෝග, වධ හිංසා, හා සාපරාධී වෛද්‍ය පර්යේෂණවල ප්‍රතිඑල  ලෙස මිය ගියහ. මිලියන හතරක ජනතාවක් අවුෂ්විට්ස් දී ඝාතනය කරන ලදී.
1933 දී, යුරෝපයේ යුදෙව්වන් මිලියන නවයකට ආසන්න සංඛ්‍යාවක් සිටියහ. 1945 වන විට, නාසින් විසින් එම සංඛ්‍යාව මිලියන තුනකට පමණ අඩු කර තිබුණි. රැඳවුම් කඳවුරුවල තත්වයන්  බිහිසුනු විය. මුදවාගැනීමේදී ඉතිරිවූවන් පිළිබඳ බ්‍රිතාන්‍ය  හමුදා නිළධාරියකු වන කර්නල් ජෙරල්ඩ් ඩ්රැසපර් පහත පරිදි ආවර්ජනය කළේය:
“වැරහැලි ඔතාගත්, සාගින්න සහ ටයිපස් උණ නිසා යන්තම් චලනය වීමට පමණක් හැකි මිනිසුන් සහ ගැහැණුන් සෑම ආකාරයකම අපිරිසිදුකමින් සහ පහත් තත්වයන්ගෙන් ඔවුන්ගේ පිදුරු ඇඳන්වල වැතිර සිටියහ. මරණය සහ මියයාම යහපත් කල නොහැකි විය. මිනිසුන් සහ ගැහැණුන් ඇවිදින විට මැරී ඇදවැටුනහ”
හොලෝකෝස්ට් ප්‍රතික්ෂේප කිරීම
හොලෝකෝස්ට් ප්‍රතික්ෂේප කිරීම යනු යුදෙව්වන්ට එරෙහි නාසි ජන සංහාරයේ ස්ථාපිත ඉතිහාසය ප්‍රතික්ෂේප කිරීම හෝ අවප්‍රමාණ කිරීම  යුදෙව් විරෝධී ප්‍රචාරක ව්‍යාපාරයන්ය. හොලොකෝස්ට්හි මානව පිරිවැය අවම කිරීම සහ දෘෂ්ටිවාදාත්මක සහ වර්ගවාදී න්‍යාය පත්‍රයක කොටසක් ලෙස ඓතිහාසික සාක්ෂි හිතාමතා වෙනස් කිරීම සම්බන්ධයෙන් යුදෙව් සංවිධාන විසින් යුදෙව් සංහාරය ප්රතික්ෂේප කරන්නන්ට දෝෂාරෝපණය කරනු ලැබේ.
ඊශ්රායලය, ප්රංශය, ජර්මනිය සහ ඔස්ට්රියාව ඇතුළු රටවල්වල දී, “යුදෙව් සංහාරය ප්‍රතික්ෂේප  කිරීම” නීතියට එරෙහිය. යමෙක් යුදෙව් සංහාරය ප්රතික්ෂේප කරන්නේද හෙතෙම හොලෝකෝස්ට් අපරාධයේ කොටස්කරුවකු වන්නේ යැයි හොලෝකෝස්ට් වෙතින් දිවි ගලවාගත් අයෙක් වරක් ප්රකාශ කළේය.”
හොලෝකෝස්ට් හි  මානසික බලපෑම
 
හොලෝකෝස්ටය යුදෙව් ජනතාවට කේවල සහ සාමූහික යන ආකාර දෙකින්ම බලපෑවේය. දිවිගලවාගත් අය ව්‍යසනකාරී මානසික ආතති තත්වයන්ට සහ සමාජය සමග ඒකාබද්ධ වීමේදී ගැළපුම් දුෂ්කරතා වලට මුහුණ දුන්හ. ඔවුන් බිය, මග හැරීම, වරදකාරීත්වය, කණගාටුව  හා කාංසාව හැඟීම නිසා යටපත් වී යන ලදී. බොහෝ දිවි ගළවාගත් අය උකටලී බව හා බලාපොරොත්තු රහිත බව පෙන්වීය. ඔවුන්ගේ දෙවන පරම්පරාව ද යම් දුරකට පීඩාවට පත් විය. සාමූහික කම්පනය යුදෙව් විරෝධය හා විවිධ ආකාරයේ වධ හිංසා වලට උත්සන්න සංවේදීතාව හා සම්බන්ධ විය.
හොලොකෝස්ටය යුදෙව් ජනතාවගේ ආකෘතිය සහ ඔවුන්ගේ දේශපාලන දර්ශනය වෙනස් කළේය. දෙවන ලෝක යුද්ධයේ හොලෝකෝස්ටය යුදෙව් ඩයස්පෝරාව එක්සත් කළ අතර පීඩාවට ලක් වූ යුදෙව්වන් මුහුණ පා සිටින අවාසනාවන්ත තත්ත්වය පිළිබඳව ජාත්යන්තර අවධානය යොමු කළේය. හොලොකෝස්ටය හා ඊශ්රායෙල් රාජ්ය පිහිටුවීම අතර පවතින සම්බන්ධය ගැන කිසිම සැකයක් නොමැත.
ඊශ්රායලය හා පලස්තිනය අතර ගැටුමට ඓතිහාසික මූලයන් මෙන්ම හොලෝකෝස්ට්හි බලපෑම්ද තිබේ. පලස්තීන ජනතාවට එරෙහි ඊශ්රායලයේ කෲරත්වය ප්රක්ෂේපණය හෝ අනෙක් අයට අපහසු හැඟීම් ඇතිකිරීම ලෙස හැඳින්වෙන වැඩවසම් ආරක්ෂණ යාන්ත්රණයක් ලෙස සමහරු දකිති. වර්තමානයේ ගාසා තීරය ස්පාඤ්ඤ සිවිල් යුද්ධයේ ගුවර්නිකාව බවට පත්වී ඇත.
හොලොකෝස්ටයේ වැදගත්කම වන්නේ එය පසුගිය වසර දහසක් හෝ ඊට වැඩි කාලයක් තුළ මනුෂ්යත්වයට එරෙහිව සිදුවූ වෛරයේ හා ම්ලේච්ඡත්වයේ උච්චතම ක්රියාව බවය. මිනිසාට ඉටු කළ හැකි දේ කුමක්දැයි සනාථ කළ මනුෂ්ය ස්වභාවයේ මිලේච්ඡ කොටස හොලෝකෝස්ටය මගින් පෙන්වයි. හොලෝකෝස්ටය මිනිස් ප්‍රහේලිකාවක් නියෝජනය කරයි. අන්තවාදීන් රැළකට ශිෂ්ඨ සමාජයක් ඝාතන භූමියක් බවට පත්කළ හැකි ආකාරය පිළිබඳ පාඩමක් එමගින් මනුෂ්ය වර්ගයකට ඉගැන්වීය.

One Response to “හොලොකෝස්ට් හෙවත් වාර්ගික සමූලඝාතනය”

  1. Christie Says:

    ඔය මල යුදෙව් හොලොකොස්ටය උන්ගේ ජාතිවාදයේ ප්‍රති පලයක්.

    ජර්මානුවෝ මුන් මරා දැම්මේ ඇයි?.

    උන් ජර්මනියේ අනෙකුත් මිනිසුන් හූරා කෑවේය,

    ඔය යුදෙව් හොලොකොස්ටයට වඩා සන්හාරයක් ජපනුන් විසින් චීනයේ සිදු කලේය.

    ඉන්දියානු ත්‍රස්ත්යන් හා ඉන්දියානුවන්ගේ සින්හල ත්‍රස්තයන් කල සින්හල සන්හාරය ගැන දැනුවත් වෙමු.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress