අහෝ! සාධාරණ සමාජයේ බිම ඇදවැටීම; ඇමරිකානු තානාපති රජය ගැන නොසතුට පළ කරයි
Posted on January 18th, 2018

 කීර්ති වර්ණකුලසූරිය උපුටා ගැන්ම දිවයින

පසුගිය ජනාධිපතිවරණයට පෙර සාධාරණ සමාජය නමින් සංවිධානයක්‌ බිහිවිය. ඉන් පසු මහා හෙණය පරදවමු මැයෙන් මොවුන් විසින් පොත් පිංචක්‌ ප්‍රකාශයට පත් කෙරිණි. එහෙත් අද සිදුවී ඇත්තේ කුමක්‌ද? බැඳුම්කර මගඩිය සමඟ සාධාරණ සමාජයේ පාර්ශව ගලේ පැහැරූ බළලුන් සේ නිසොල්මන්ව සිටිති. එපමණක්‌ද නොවේ මොවුන් තම පරණ ස්‌වාමිවරු අත්හැරදමා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයට යම් යම් කේවට්‌ට උපදෙස්‌ දෙති. ලැ-ජා නැතිකම මහ මුදලිකමටත් වඩා ලොකුයි යන කියමනක්‌ ඇත. සාධාරණ සමාජයේ පාර්ශව දැන් මුහුණපා ඇත්තේ මෙවන් අවාසනාවන්ත තත්ත්වයකටය.

වසර ගණනකට පෙර ද්‍රවිඩ නිජබිම පිළිගත යුතු බව පැවසුවේද මේ පාර්ශවයි. එසේම දේශපාලන තර්ජන ඇති බවට දක්‌වන ව්‍යාජ ලේඛනයකට නම දමා මෙරටින් ඇමරිකාවට පැන ගොස්‌ ආපසු මෙරටට පැමිණියේද මෙවන් පාර්ශවයන්ය.

එහෙත් එකවරම පැත්ත මාරුකළ මේ පාර්ශව රෝමය ගිනි ගනිද්දී නීරෝ වීණා වාදනය කළාක්‌ මෙන් ජනාධිපති කාර්යාලයට සමීප වී වීණා වාදනය කරති.

හිටපු ජනාධිපතිවරයා අමාරුවේ වැටුණේ කේවට්‌ටයන් නිසාය. එම තත්ත්වයට වත්මන් ජනාධිපතිවරයාද මුහුණ පා ඇත. අද ජනාධිපති කාර්යාලයට සමීප වී සිටින පාර්ශවයන්ගේ අතීතය නිරීක්‍ෂණය කළහොත් එම පාර්ශව වෙස්‌ මුහුණු පැළද ගෙන සිටින බව තහවුරු විය.

එහෙත් මේ වෙස්‌මුහුණුකරුවන් අද ජනතාවට අනාවරණය වී ඇත. රණවිරුවෝ මිනීමරුවෝ යෑයි හඬ නැගුවේ මොවුන්ය. එහෙත් කොටි මිනීමරුවෝ යෑයි ඔවුන් පැවසූවේ නැත. එසේම හමුදා නිලධාරීන් අත්අඩංගුවට ගනු, ගෝඨාභය අල්ලනු යෑයි රජයට උපදෙස්‌ දීමට පවා මේ පාර්ශව ඉදිරිපත් වී සිටී.

මේ තත්ත්වය මත සාධාරණ සමාජයේ හැව ගැලවී බිමට වැටී ඇත. රටේ ජාතික ආරක්‍ෂාවේ සිට මානව හිමිකම් දක්‌වා රජයට උපදෙස්‌ දීමට ඉදිරිපත් වූ මේ පාර්ශව ජනතාවට පෙන්සුම් කළේ ජනාධිපති ප්‍රමුඛ රජය පාලනය කරන්නේ සහ තමන්a දෙන උපදෙස්‌ මතයෑයි සිතමිනි.

එසේම මොවුන් රටේ බුද්ධි අංශ ප්‍රධානියාවද එළවා දැමීය. ඉන්පසු රියර් අද්මිරාල් සරත් වීරසේකර ජිනීවා ගොස්‌ මානව හිමිකම් කවුන්සිලයට එරෙහි වීම ගැනද එරෙහි විය.

එසේ වුවත් රියර් අද්මිරාල්වරයා ජිනීවා යැම නතර කළේ නැත. මේ තත්ත්වය මත රියර් අද්මිරාල්ට අවලාද නැගූ එන්. ජී. ඕ ක්‍රියාකාරියෙක්‌ දේශපාලකයකුට හේත්තු වී කේලම් කීම නිසා එම දේශපාලකයා පාර්ලිමේන්තුවේදී අපට බැණවැදුනි. එහෙත් දිට්‌ට ධම්ම වේදනීය කර්මය පඩිsසන් දෙමින් එම දේශපාලකයාව අවමන් සහගත තත්ත්වයකට පත් වූයේ එක කටකින් නොව කටවල් රැසකිනි.

දේශපාලකයන් පාඩම් ඉගෙන ගන්නේ නැති බව පැවසුවේ ධවල මන්දිරයේ හිටපු කතා රචක ඩේවිඩ් ප්‍රොම්ය. එම ප්‍රකාශය සත්‍යයකි.

එසේම කේලම් කියන පාර්ශවද තම පැවැත්ම උදෙසා කේලම් කියති. එවැන්නෙක්‌ එම දේශපාලකයා විසින්ම අනාවරණය කරනු ලැබුවේ ප්‍රසිද්ධියේයි.

මෙලෙස සාධාරණ සමාජය අද බිම වැටෙද්දී උතුරේ පාර්ශව තම බෙදුම්වාදී අරමුණු ඉටු කර ගැනීම සඳහා විවිධ මෙහෙයුම් දියත් කරති.

මෑතකදී උතුරු මහ ඇමැති සී. වී. විග්නේශ්වරන් ඉන්දීය මහ කොමසාරිස්‌ තරන්ජිත් සන්දු හමු වී උතුරු නැගෙනහිර ඒකාබද්ධ කිරීම සඳහා ශ්‍රී ලංකා රජයට බලපෑම් කරන ලෙස ඉල්ලා ඇත.

මෙය ෙද්‍රdaහී ක්‍රියාවකි. ඉන්දීය මහ කොමසාරිස්‌ හමු වී ශ්‍රී ලංකාවට එරෙහිව ඉල්ලීම් කිරීමට විග්නේශ්වරන්ට හිමි කමක්‌ නැත.

මෙයට සමගාමීව කොළඹ ඇමරිකානු තානාපති අතුල් කේශාප් තෛපොංගල් උත්සවය නිමිත්තෙන් ප්‍රකාශයක්‌ කරමින් ජිනීවා යෝජනාව මුළුමනින්ම ක්‍රියාත්මක කළ යුතු බව පවසා ඇත.

ඇමරිකානු තානාපතිගේ මේ ප්‍රකාශය වියානා සම්මුතිය කඩ කිරීමකි. ජිනීවා යෝජනාව ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලීමට ඔහුට කිසිදු හිමිකමක්‌ නැත. එසේම ජිනීවා යෝජනාව ක්‍රියාත්මක කරන බව පවසා එය පසෙකට දමා ඇති බව පවසමින් තානාපති අතුල් කේශාප් සිය නොසතුට රජය වෙත පළ කර ඇත.

අතුල් කේශාප්ගේ මේ ප්‍රකාශය මෙරට රජයේ කටයුතුවලට බරපතළ ලෙස මැදිහත් වීමකි. එහෙත් රජයේ යාන්ත්‍රණය ඔහුට එරෙහිව වචනයක්‌වත් ප්‍රකාශ කර නැත.

රජයට සම්බන්ධ වී සිටින ලිපි ලියන කේවට්‌ටයන්ද අතුල් කේශාප්ගේ ප්‍රකාශය ගැන නිහඬ වී සිටිති. මේ ඇමරිකානු තානාපතිවරයා තවදුරටත් පවසන්නේ රජය මහින්ද රාජපක්‍ෂගේ බිහිසුණු ක්‍රියා ගැන ප්‍රකාශ කරනවා මිස ජිනීවා යෝජනාවට අදාළ වගකීම් ඉටු නොකරන බවයි.

ඇමරිකානු තානාපතිට එරෙහිව වචනයක්‌වත් ප්‍රකාශ කිරීමට කේවට්‌ටයන් ක්‍රියා නොකරන්නේ ඔවුන්ට ඇමරිකාව වෙත යැමට නොහැකි බැවිනි.

ශ්‍රී ලංකාවේ හමුදාවට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ල කරන ඇමරිකානු තානාපතිවරයා ඇමරිකාව සිදු කළ යුද අපරාධ ගැන නිහඬව සිටින්නේ මන්ද?

ජපානයේ හිරෝෂිමා සහ නාගසාකි නගරවලට පරමාණු බෝම්බ දැමුවේ ඇමරිකාවයි. වියට්‌නාමයට ඒජන්ට්‌ ඔරේන්- විෂවායුව ටොන් ගණන් දැමුවේද ඇමරිකාවයි. ඇමරිකාව ප්‍රමුඛ නේටෝ හමුදාව බෙල්ග්‍රෙඩ් රූපවාහිනි මධ්‍යස්‌ථානයට බෝම්බ දැමීය. ඉරාකය ආක්‍රමණය කිරීමෙන් ලක්‍ෂයකට අධික ජනතාවක්‌ අතුරුදන් විය.

මේ අතීතය ඇමරිකානු තානාපති අතුල් කේශාප්ට අමතක වී ඇත.

කීර්ති වර්ණකුලසූරිය

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress