විදුහල්පතිනිය දණ ගැස්වීමෙන් බදුල්ලේ උණුසුම් තත්වයක්.
Posted on January 21st, 2018

CaFFE NEWS

අද  පෙරවරුවේ කට උත්තරයක් ලබාදීම සඳහා බදුල්ල පොලිසිය වෙත ගිය ඌව මහ ඇමතිවරයා විසින් දණගැස්වූ බව හෙළිවූ  බදුල්ල දෙමළ මහා විද්‍යාලයේ විදුහල්පතිනිය බදුල්ල පොලිසිය විසින් ස්ථාන පරීක්ෂාවක් යැයි පවසා ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාගේ නිල නිවසට රැගෙන ගොස් ඇති අතර මේ වනවිට බදුල්ල පොලිසිය විසින් ඇයට මානසික රෝගයක් ඇති බව පවසා බදුල්ල මහ රෝහලේ මානසික වෛද්‍යවරයෙකු වෙත යොමු කිරීමට කටයුතු කර තිබේ. 
 
මෙම සිදුවීමත් සමඟ බදුල්ල පොලිසිය සහ මහ රෝහල ආශ්‍රිතව උණුසුම් කාරී තත්වයක් ඇතිව තිබෙන බව වාර්තා වෙයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress