ආර්ථිකය අතට ගන්නේ නම් ඡන්දෙට වේදිකාවල කෑ නොගසා මේ වැඩ කර පෙන්වන්න..- පොහොට්ටුවෙන් ජනපතිට අභියෝගයක..
Posted on January 22nd, 2018

– ප‍්‍රදීප් අනුර කුමාර lanka C news

රටේ ආර්ථිකය හැසිරවීම සියතට ගැනීමට සැබෑ වුවමනාවක් ඇතිනම් ගෙවුණු වසර තුන ඇතුළත විකුණා දැමූ රාජ්‍ය සම්පත් යළි පවරාගෙන පෙන්වන්නැයි ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අභියෝග කරයි.

එසේ නැතුව අහිංසක මිනිස්සුන්ගේ ඡන්ද කඩාවඩා ගැනීමට මැතිවරණ වේදිකාවල සිංහ නාද පැවැත්වීමෙන් කිසිදු පලක් නොමැති බව පවසන රණතුංග මහතා එක පැත්තකින් එක්සත් ජාතික පක්ෂය සමඟ දීග කන ගමන් අනෙක් පැත්තෙන් බණ්ඩාරනායක ප්‍රතිපත්ති ගැන කතා කිරීම තරම් දේශපාලන කුහකකමක් තවත් නොමැති බවත් අවධාරණය කරයි.

ප්‍රසන්න රණතුංග මහතා මෙම අදහස් පළ කළේ මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග වදින අපේක්ෂකයන්ගේ ජයග්‍රහණය තහවුරු කිරීම සඳහා මිනුවන්ගොඩ, පත්තඬුවන දී පැවැති ජනහමුවකට සහභාගී වෙමිනි. මන්ත්‍රීවරයා එහිදී වැඩිදුරටත් මෙසේද ප්‍රකාශ කළේය.

කප්පරක් බොරු කියලා බලයට ආපු ආණ්ඩුව අද තමන් කියපු බොරු හින්දම අමාරුවේ වැටිලා තියෙනවා. එදා මහින්දට හොරා කිව්ව යහපාලන නඩය අද කම්බා හොරු වෙලා ඉවරයි. මහ දවාලේ මහ බැංකුව මංකොල්ල කාලා රුපියල් බිලියන ගාණක් සාක්කුවට දාගත්තු අය දැන් රටේ ආර්ථිකය ගොඩනඟන්න කතා කරනවා.

මහ බැංකුවේ ගැහිල්ල හින්දා තමයි අද අපේ රටේ ආර්ථිකය බිඳ වැටිලා තියෙන්නේ. ජීවන වියදම අහස උසට නැගලා මිනිස්සුන්ට තුන්වේල කන්න විදියක් නැහැ. බැංකු පොළී වැඩි වීම නිසා ණය ගත්තු මිනිස්සුන්ට ඒවා ගෙවා ගන්න විදියක් නැහැ. මේකද අර මාස හැටෙන් හදනවා කිව්ව අලුත් රට?

දැන් මේ ඡන්දෙට ඇවිත් කියනවා රට හැදුවා වගේ ගම හදන්න භාර දෙන්න කියලා. රට කාපු යහපාලන හොරුන්ට ගමත් දුන්නොත් නියමෙට තියෙයි. මෙයාලා ගම හදන ආණ්ඩුවක් නෙමේ ගම කන ආණ්ඩුවක්. ඒ හින්දා ගමට ආදරේ නම් රටට ආදරේ නම් ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ එකකටවත් ඡන්දය දෙන්න එපා.

අද ආණ්ඩුව කරවන එක්සත් ජාතික පක්ෂයත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එකම කාසියේ දෙපැත්ත වගෙයි. මේ පක්ෂ දෙකම පිරිලා තියෙන්නේ හොරු සහ කයිවාරුකාරයන්ගෙන්. ජනතා විමුක්ති පෙරමුණ ගැන නම් කතා කරලා වැඩක් නැහැ. ඒක ආණ්ඩුවේ රතු ශාඛාව මිසක් තවදුරටත් මේ රටේ විකල්ප බලවේගයක් නෙමෙයි.

ජනාධිපතිවරයා කියනවා අවුරුදු තුනක් එක්සත් ජාතික පක්ෂයට දීලා තිබ්බ රටේ ආර්ථිකය හැසිරවීමේ වගකීම මේ අවුරුද්දේ ඉඳන් එයා අතට ගන්නවාලු. එතුමා මේ හදන්නේ ආර්ථිකය විනාශ වීමේ වගකීම එක්සත් ජාතික පක්ෂයේ කරේ තියලා මිනිස්සු ඉස්සරහට ඇවිත් සුදනා වෙන්න.

රටේ ආර්ථිකයට වෙච්ච හානියට එක්සත් ජාතික පක්ෂය තරමටම ජනාධිපතිවරයාත් වගකිව යුතුයි. මොකද එතුමා තමයි මේ වැලේ වැල් නැතුව හිටපු එක්සත් ජාතික පක්ෂයට ආණ්ඩු බලයක් අරන් දුන්නේ. එතුමා තමයි පැරැදි පැරැදි හිටපු රනිල් වික්‍රමසිංහව අගමැතිකමට පත් කළේ.

එතුමාගේ කාලේ තමයි රටේ ආර්ථික මර්මස්ථාන විදේශිකයන්ට විකුණලා දැම්මේ. කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා ලෙස ජනාධිපතිවරයා ඒවාට විරුද්ධ වුණේ නැහැ. ඒ හින්දා දැන් මැතිවරණයක් කටඋඩ තියාගෙන ඇවිත් මිනිස්සු ඉස්සරහා අනෙක් අයට ඇගිල්ල දික්කරාට ජනාධිපතිවරයාට මේ වගකීමෙන් මිදෙන්න බැහැ.

ජනාධිපතිවරයාට ඔය කියන අන්දමේ සැබෑ වුවමනාවක් තියෙනවා නම් අපි අභියෝග කරනවා මේ ආණ්ඩුව විකුණපු රාජ්‍ය සම්පත් ආපහු අපේ රටට පවරා ගන්න කියලා. ඒ වගේම විකුණලා දාන්න සැලසුම් හදමින් තියෙන ආයතන විකුණා දැමීම නතර කරලා පෙන්වන්න කියලා අපි අභියෝග කරනවා.

එහෙම කරන්න එතුමට පුළුවන්කමක් නැහැ. රනිල් විකුණන රාජ්‍ය සම්පත් ආපහු පවරා ගන්න හෝ විකුණන්න හදන එක නතර කරන්න තරම් ශක්තියක් එතුමට නැහැ. එක පැත්තකින් එක්සත් ජාතික පක්ෂය එක්ක දීග කන ගමන් අනෙක් පැත්තෙන් බණ්ඩාරනායක ප්‍රතිපත්ති ගැන කතා කරනවා.

බණ්ඩාරනායක මැතිතුමා එක්සත් ජාතික පක්ෂය අතහැර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැදුවේ එ. ජා. ප ප්‍රතිපත්ති පිළිගන්න බැරි නිසයි. ඒ නිසා එක්සත් ජාතික පක්ෂයේ පිළිකනු ගාණේ නිදහස් පක්ෂ සාමාජිකයන් රිංගවන එකෙන් බණ්ඩාරනායක ප්‍රතිපත්ති රැකෙන්නේ නැහැ.

ඇත්ත වශයෙන්ම දෙවැනි වරටත් බණ්ඩාරනායක මැතිතුමාව ඝාතනය කළේ වත්මන් ජනාධිපතිවරයායි. එතුමා තමයි එ. ජා. පයේ කරේ නැගලා ගිහින් ජනාධිපති වුණේ. එතුමා තමයි නිදහස් පක්ෂයේ ජනාධිපතිවරයා, ආණ්ඩුව, පළාත් සභා, පළාත් පාලන ආයතන සියල්ල එ. ජා.පයට පාවා දුන්නේ.

එහෙම කරපු ජනාධිපතිවරයා අද බණ්ඩාරනායක ප්‍රතිපත්ති ගැන කතා කරන එක හරියට වැද්දෝ බණ කියනවා වගේ වැඩක්. එතුමා ආරක්ෂා කරන්නේ චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ ප්‍රතිපත්ති මිසක් අපේ පක්ෂයේ නිර්මාතෘ එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මැතිතුමාගේ ප්‍රතිපත්ති නෙමෙයි.

බණ්ඩාරනායක මැතිතුමා කියන්නේ විජාතිකයන්ට විකුණලා තිබ්බ සම්පත් ජනසතු කරපු නායකයෙක් මිසක් රටේ සම්පත් විකුණන් කාපු නායකයෙක් නෙමෙයි. සිරිමාමෝ මැතිණියත් විජාතිකයන් සතුව තිබුණු ජාතික සම්පත් අපේ රටට නැවතත් පවරා ගත්තා.

එක්සත් ජාතික පක්ෂයේ නායකයන් හැරුණු විට අපේ පක්ෂයෙන් ජනාධිපති වෙලා එහෙම ජාතික සම්පත් විකුණන් කෑවේ චන්ද්‍රිකා බණ්ඩාරනායකයි. චන්ද්‍රිකා මේ රටේ සියලු සම්පත් තමන්ගේ ගජමිතුරන්ට තුට්ටු දෙකට විකුණලා කප් ගහපු කෙනෙක්.

මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ කාලයෙදිත් එකම සම්පතක්වත් විකුණලා දැම්මේ නැහැ. ශ්‍රි ලංකන් එක, ෂෙල් ගෑස් සමාගම, රක්ෂණ සංස්ථාව වගේ ආයතන නැවත පවරා ගත්තේ එතුමාගේ කාලයෙයි. චන්ද්‍රිකාගෙන් පස්සේ මේ රටේ ජාතික සම්පත් විකුණලා දැම්මේ වර්තමාන ජනාධිපතිවරයයි. එතුමට ඒ චෝදනාවෙන් ගැලවෙන්න බැහැ.

 

7 Responses to “ආර්ථිකය අතට ගන්නේ නම් ඡන්දෙට වේදිකාවල කෑ නොගසා මේ වැඩ කර පෙන්වන්න..- පොහොට්ටුවෙන් ජනපතිට අභියෝගයක..”

  1. Ratanapala Says:

    This President promised to address Ranil as Sir! What more can one expect from such a spineless guttersnipe? Out of Colombo he tries to imitate a lion but while in Colombo, he is worse than a rat!

  2. Senerath Says:

    ශ්‍රී ලංකාවේ ණය උගුල’

    2018 ජන 23 අඟහරුවාදා

    Diwaina

    මෙරට නිදහස ලබන විට ශ්‍රී ලංකාවේ ආර්ථිකය විදේශ විනිමය අතින් පොහොසත්ව තිබිණි. ඒ වනවිට මෙරටට විදේශ විනිමය සංචිත ප්‍රමාණය වර්ෂ 3 1/2 ක රටේ වියදම් දැරීමට ප්‍රමාණවත් විය. එදිනෙදා රට තුළ අවශ්‍ය වියදම් දැරීම සඳහා එම විදේශ වත්කම් සම්පත් ප්‍රමාණය උසස්‌ මට්‌ටමක තිබූ අතර, ජපානය වැනි රටවල ආර්ථික තත්ත්වයන් හා සැසඳීමේදී දෙවැනි ශක්‌තිමත් ආර්ථිකයක්‌ ආසියාව කාලපය තුළ දක්‌නට තිබුණි.

    නමුත් මෙරට සුභ සාධන සේවාවන්හි ඇති වූ විශාල පරිවර්තනයන් සමග පුනරාවර්තන වියදම ඉහළ ගියේය. මේ යටතේ නිදහස්‌ අධ්‍යාපනය, නිදහස්‌ සෞඛ්‍ය රට තුළ පොදු යටිතල පහසුකම් සංවර්ධනය යනාදී සුභ සාධන සේවාවන් මෙන්ම කෘෂි ආර්ථිකය නඟාසිටුවීම, වැව් අමුණු සංවර්ධනය යනාදී අංශ කෙරෙහි විශාල මූල්‍යදායකත්වයක්‌ දැරීමට අප රටට සිදු විය. එහි ප්‍රතිඵලයක්‌ වශයෙන් පුනරාවර්තන වියදම විශාල වශයෙන් වැඩිවූ අතර, වර්ෂ 1950 – 1955 කාලසීමාව තුළ විදේශ විනිමය සංචිතවල අඩුවීමක්‌ ඇති විය.

    මේ සඳහා බලපෑ තවත් සාධකයක්‌ වන්නේ රටට ආහාර ගෙන්වීම, දේශීය ආර්ථිකය නඟාසිටුවීම සඳහා විශාල ලෙස මූල්‍ය ප්‍රතිපාදන වෙන් කිරීමට සිදුවීම යනාදී කරුණු හේතු කොට ගෙන දේශීය ආර්ථිකයේ විදේශ සංචිත ප්‍රමාණය පහළ යැමක්‌ දක්‌නට ලැබුණි. එමෙන්ම මෙරට මානව සම්පත් සංවර්ධනය අතින් චීනය, ඉන්දියාව, මැලේසියාව, සිංගප්පූරුව හා තායිලන්තය මෙන්ම නැගෙනහිර ආසියාවේ රටවල් අතරින් ඉතා ඉහළ තත්ත්වයක ඉහළ මානව සංවර්ධන ඉලක්‌කයක්‌ සපුරාගැනීමට අප රටට හැකිවී තිබුණි. 60 දශකය අවසානය වන විට අනෙක්‌ අංශයන් අභිභවා මානව සම්පත් සංවර්ධනයට විශාල දායකත්වයක්‌ ලබා තිබිණි.

    මෙහිදී මෙරට ආර්ථිකයේ කෘෂිකාර්මික අංශය ශක්‌තිමත් කිරීම සඳහා විශාල පියවර රැසක්‌ එවකට රජයන් විසින් ගත් අතර, කෘෂිකාර්මික අංශයේ වර්ධනය ඉලක්‌ක කරගනිමින් වාරි ජල කළමනාකරණය, වැව් අමුණු සකස්‌ කිරීම, නැවත පදිංචි කිරීම හා කෘෂි හා අපනයන භෝග වගාවන් දිරිමත් කිරීමට විශේෂත වූ ව්‍යාපෘතීන් ගණනාවක්‌ රට තුළ ක්‍රියාවට නැංවිය. මෙහිදී විශාල වශයෙන් පුනරාවර්තන වියදම් වැඩි වශයෙන් යෙදවීමට රජයට සිදු විය.

    70 දශකය තුළ ලෝක ආර්ථික අර්බුදය හමුවේ විදේශ විනිමය ගැටලුවලට මුහුණදීමට සිදුවූ අතර, ආනයන ආදේශන ආර්ථික ප්‍රතිපත්තිය යටතේ විදේශ භාණ්‌ඩ ආනයනය සීමා කිරීමට සිදු වූයේ විදේශ විනිමය ආරක්‍ෂා කිරීමේ උපායමාර්ගයක්‌ වශයෙන්. ඒ නිසා රට තුළ භාණ්‌ඩ හිඟයක්‌ නිර්මාණය විය.

    මෙරට ආර්ථිකයේ විශේෂ සුවිශේෂී සන්ධිස්‌ථානයක්‌ සනිටුහන් කරමින් 1977 ආර්ථික ප්‍රතිපත්තිය මගින් ආර්ථිකය ලිහිල් කිරීම නිසා අපනයනය ප්‍රමුඛ කොටගත් ආර්ථිකයට අප රට මෙහෙයවීම තුළින් නව ආර්ථික ප්‍රතිපත්තියක්‌ හඳුන්වා දෙන ලදී. මෙය ”අපනයනාභිමුඛ” ආර්ථික ප්‍රතිපත්තිය ලෙස හැඳින්වූ අතර, එමගින් කෘෂි කර්මාන්තය, කාර්මික අංශය හා සේවා අංශ යන අංශ තුන කෙරෙහි විශාල වර්ධනයක්‌ ඇති කිරීමට කටයුතු ක්‍රියාත්මක කරන ලදී. මේ යටතේ රටේ සුභ සාධනය, නිදහස්‌ අධ්‍යාපනය, නිදහස්‌ සෞඛ්‍ය, පාසල් සිසුන් ලක්‍ෂ 40 කට නොමිලේ පොත් හා නිල ඇඳුම් ලබාදීම. ග්‍රාමීය මට්‌ටමින් නිවාස දස ලක්‍ෂය හා පහළොස්‌ ලක්‍ෂයේ ව්‍යාපෘතීන් හරහා සුභ සාධන සේවාවන් රැසක්‌ ක්‍රියාවට නැංවීය.

    මීට සමගාමීව කඩිනම් මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය මෙරටට හඳුන්වා දුන් අතර, එවකට රජය කෙරෙහි ජාත්‍යන්තරව තිබූ සබඳතා හා මිත්‍රශීලීත්වය නිසා ශ්‍රී ලංකා රජයේ විදේශ ප්‍රතිපත්තිය පිළිබඳව ජාත්‍යන්තරය දැක්‌වූ සුභවාදී මතවාද හේතු කොට ගෙන මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති රැසක්‌ සඳහා මූල්‍යාධාර, ණය ආධාර, පරිත්‍යාග රැසක්‌ ලැබුණි. මේ යටතේ වසර 30 ක්‌ හෝ 40 කින් ගෙවා නිමකෙරෙන 0.5% සිට 1% වැනි ඉතා අඩු පොලී අනුපාතිකයන් යටතේ ආධාර අප රටට ලබාගැනීමට හැකි විය. මේ සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව, ඔපෙක්‌ අරමුදල, යන ආයතන කෙටි කාලීන සහ දීර්ඝ කාලීන සහන පොලී හෝ පොලී රහිත සහ අඩු පොලී ණය අප රටට නිකුත් කරන ලදී.

    කඩිනම් මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය යටතේ මෙරට ඉදිවුණු වික්‌ටෝරියා ජලාශය මහා බ්‍රිතාන්‍යයේ පරිත්‍යාගයක්‌ වන අතර, එය රුපියල් කෝටි 800 ක පමණ මුදලක්‌ වැය කර එංගලන්ත රජය විසින් අප රටට ලබාදුන් පරිත්‍යාගයකි. මෙලෙස රජයේ විදේශ ප්‍රතිපත්තිය පිළිගත් විවිධ මිත්‍ර රටවල් හා ජාත්‍යන්තර සබඳතා පුළුල්aවීමත් සමග මහා පරිමාණ ව්‍යාපෘතින් රැසක්‌ රට තුළ ක්‍රියාත්මක කිරීමට ලෝකයේ සෙසු බලවත් රටවල් එක විට ක්‍රියාත්මක විය. මේ යටතේ ලැබුණු තවත් ව්‍යාපෘති වන්නේ කොත්මලේ, රන්දෙණිගල, රන්ටැඹේ, මාදුරුඔය වැනි මහා ජලාශ මහවැලි සංවර්ධන ව්‍යාපෘතියට එක්‌විය. වසර 30 කින් නිම කිරීමට සැලසුම් කොට තිබූ මහවැලි සංවර්ධන ව්‍යාපාරය කඩිනම් මහවැලි සංවර්ධනය වශයෙන් වසර 05 ක්‌ තුළ නිම කිරීමට හැකියාව ලැබුණේ ජාත්‍යන්තර සබඳතාවල ප්‍රතිඵලයක්‌ වශයෙනි. මහවැලි සී, බී, එච්, එල් යන කලාප සංවර්ධනය කර රජරට සහ නැගෙනහිර වැව් අමුණු සඳහා ජලය සම්පාදනය කොට කෘෂිකර්මාන්තය නඟාසිටුවීමටත්, ජල කළමනාකරණය කිරීමටත්, අක්‌කර දස ලක්‍ෂයක්‌ පමණ අලුතින් වගා කිරීමට මෙම ව්‍යාපෘති හරහා හැකි විය.

    ඩී. එස්‌. සේනානායක යුගයෙන් පසු ඡේ. ආර්. ජයවර්ධන යුගයේ ගාමිණි දිසානායක මහතා සිදු කළ කඩිනම් මහවැලි සංවර්ධන බහුකාර්ය යෝජනාවලිය යටතේ මහා පරිමාණ ජලාශ ඉදිකිරීම, ජල කළමනාකරණය, වාරිමාර්ග පුළුල් කිරීම, ජල විදුලි උත්පාදනය, නව ගොවි ජන පද පිහිටුවීම සිදු විය. එමෙන්ම නව නගර සැලසුම් සකස්‌ කෙරෙණි. දෙහිඅත්තකණ්‌ඩිය, ගිරාදුරුකෝට්‌ටේ වැනි නව නගර සහ ගම්මාන බිහි විය. වැඩි අස්‌වනු සහිත බීජ වර්ග, කෙටිකාලීන අස්‌වනු සහිත වී ප්‍රභේද සහ කෘෂි තාක්‍ෂණික දැනුම, පසුඅස්‌වනු තාක්‍ෂණය, නවීන කෘෂි උපකරණ යනාදීය හරිත විප්ලවයෙන් ලබාගැනීමට නොහැකි වූ බොහෝදේ මෙම කාලය තුළ ලබාගැනීමට හැකි විය. පොළොන්නරුව, අනුරාධපුරය, ගිරාඳුරුකෝට්‌ටේ යන ප්‍රදේශ මේ යටතේ සංවර්ධන කළ අතර, රට දේශීය සහලින් ස්‌වයං පෝෂිත කිරීමට අවශ්‍ය යටිතල පහසුකම් රැසක්‌ සංවර්ධනය වූ අතර, හරිත විප්ලවයේ ප්‍රතිලාභ ලෙස මෙරට ගොවි ජනතාවට සුවිශේෂිත වාසි රැසක්‌ ඇති විය. අපනයන කෘෂි භෝග සංවර්ධනය ද මීට සමගාමීව සිදු කෙරිණ.

    මෙහි ප්‍රතිලාභ 80 දශකය වන විට රටට ගලා ආ අතර, තේ, පොල්, රබර් අපනයන කර්මාන්තයේ අංශයේ වර්ධනයක්‌ ඇති විය. එවකට වැවිලි සංස්‌ථාව සතුව තිබූ තේ නිෂ්පාදන ධාරිතාවය ඉක්‌මවා යමින් කුඩා තේ ඉඩම් හිමියන්ගේ තේ නිෂ්පාදනය විශාල ලෙස වර්ධනය විය. වර්තමානය වන විට කුඩා වතු තේ හිsමියන්ගේ නිෂ්පාදන ධාරිතාවය 57% දක්‌වා වැඩි වූ අතර, එය මෙරට ආර්ථිකයේ ඇති වූ සුවිශේෂී පරිවර්තනයකි. 1977 වන විට ශ්‍රී ලංකාවේ කෘෂි අංශයේ දායකත්වය 50% ක්‌ පමණ වූ අතර, කාර්මික අංශයේ දායකත්වය පැවතියේ 10% ක පමණ මට්‌ටමකි. සේවා අංශයේ දායකත්වය 40% ක මට්‌ටමක පැවැතිනි. නමුත් නිදහස්‌ ආර්ථික ප්‍රතිපත්ති මගින් රට තුළ කාර්මික අංශයේ සැලකිය යුතු වර්ධනයක්‌ ඇති කිරීමේ අරමුණින් නිදහස්‌ වෙළෙඳ කලාප, ග්‍රාමීය ඇඟලුම් කර්මාන්ත වැඩසටහන, දේශීය ආයෝජකයන් දිරි ගැන්වෙන සහන සැලසීම සහ පෞද්ගලික ව්‍යවසායකින් උනන්දු කිරීම නිසා කර්මාන්ත අංශයේ දායකත්වය 26% දක්‌වා වැඩි කර ගැනීමට ආර්ථික ප්‍රතිසංස්‌කරණ මගින් හැකි විය. මෙම ආර්ථික ප්‍රතිසංස්‌කරණවල ප්‍රතිඵලයක්‌ වශයෙන් දේශීය සහල් ස්‌වයං පෝෂිත භාවය 100% දක්‌වා ළඟා කර ගැනීමට 1995 වන විට ශ්‍රී ලංකාව සමත් විය. සරලව පවසන්නේ නම් රටේ සහල් අවශ්‍යතාව මුළුමනින්ම සම්පාදනය කර ගැනීමට ශ්‍රී ලංකා ආර්ථිකයට හැකි විය. එයින් ගම්‍යමානවන විශේෂ කරුණක්‌ වන්නේ ශ්‍රී ලංකා ආර්ථිකය ලිබරල්කරණ ආර්ථික ප්‍රතිපත්ති නිසා කෘෂි අංශයේ සංවර්ධනයත් සමගම කාර්මික අංශයේ සංවර්ධනයත් ද අත්කර ගත් රටක්‌ ලෙස ශ්‍රී ලංකා ආර්ථිකය ගමන් කර තිබීම වැදගත්ය.

    කෙසේ නමුත් 1994, 2005 දස වසරක කාලය තුළ ශ්‍රී ලංකා ආර්ථිකයේ කර්මාන්ත සහ කෘෂි කාර්මික අංශයේ සමබර වර්ධනයක්‌ ද මානව සම්පත් අංශයේ විදේශ දියුණුවක්‌ ද ඇති කර ගැනීමට රජය කටයුතු කර තිබිණි. කෙසේ නමුත් 2005 – 2015 කාලය තුළ මෙරට කෘෂි කර්මාන්තයේ වී ගොවිතැන ආශ්‍රිතව පැවැති තත්ත්වය ආරක්‍ෂා කර ගත් නමුත් තේ, රබර් සහ නිෂ්පාදන වැවිලි කෘෂි කර්මාන්තයේ සැලකිය හැකි වර්ධනයක්‌ අත් කර ගත නොහැකි විය. මෙම කාලය තුළ කර්මාන්ත අංශයේ බරපතළ කඩා වැටීමක්‌ සිදු විය. 2010 න් පසුව ඉදිකිරීම් අංශයේ වර්ධනයක්‌ සිදු වුවද එකී යටිතල පහසුකම් සංවර්ධනය රටේ ආර්ථිකයේ නිෂ්පාදන අංශ වර්ධනය කෙරෙහි මනා ලෙස සැලසුම් කොට නොතිබිණ. මෙම කාලය තුළ විදේශ ණය ආධාර වෙනුවට ශ්‍රී ලංකාව ලබාගත්තේ වානිජ ණය මගින් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමයි. එය ආර්ථිකයේ ඉතා ඉහළ ණය පොලී අනුපාතිකයක්‌ ගෙවීමට මේ සඳහා සිදුවිය.

    එක්‌ පැත්තකින් ඉහළ පොලී අනුපාත යටතේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම නිසා රටට දැරීමට සිදු වූ ණය බර එන්න එන්නම වැඩි විය. රටේ ආදායම ණය පොලී ගෙවීමට තරම්වත් ප්‍රමාණවත් නොවන තරමට ආර්ථිකයේ බරපතළ වූ අවදානම් තත්ත්වයක්‌ ජනනය කෙරිණි. ජාත්‍යන්තර සබඳතා වල පැවැති පළුදුවීම් නිසා අපනයන සීමා වීම, ජී.එස්‌.පී. ප්ලස්‌ සහනය අහිමිවීම නිසා විදේශ විනිමය ඉපැයීම් සීමා විය.

    මේ නිසා විදේශ විනිමය මෙරටට ගලා ඒම අඩු විය. අධික පොලී සහිත ණය ලබාගත් අතර, ඒවා ගෙවීමට නැවත ණය ලබාගැනීමට සිදු විය. මේ නිසා විශාල ණය උගුලකට අප රට හසුවිය. මෙම අර්බුදය ඉහළ යැමට තවත් හේතු වූයේ විශේෂයෙන්ම චීන වාණිජ බැංකුවලින් අධික පොලී යටතේ ණය ලබාගැනීමත්, වරාය, ගුවන් තොටුපළ හා අධිවේගී මාර්ග සංවර්ධනය සඳහා මෙම මුදල් භාවිත කිරීම නිසා ණය ගෙවීම සඳහා තවදුරටත් ණය ගැනීමට සිදුවිය. එය ණය උගුලෙහි වඩාත්ම බරපතළ තත්ත්වය මතු වූයේ 2016 වර්ෂයේදීය.

    2015 වන විට නව රජය එක්‌ පැත්තකින් රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීමක්‌, තෙල්, ගෑස්‌ වැනි භාණ්‌ඩයන්ගේ මිල සාධාරණය කිරීමත් නිසා රජය ආර්ථිකමය වශයෙන් අපහසුතාවන්ට ද පත් විය. විදේශ සංචිත අසීරු තාවයකට මැදිව සිටි ශ්‍රී ලංකා ආර්ථිකය කළමනාකරණය කිරීමට රජය ආර්ථික පියවර රැසක්‌ ගැනීමට සිදුවිය.

    පසුගිය කාලය තුළ රට තුළ නිෂ්පාදන ආර්ථිකය වර්ධනය නොවූ අතර, කර්මාන්ත අංශයේ බරපතළ කඩාවැටීමක්‌ සිදුව තිබිණි. මෙය කළමනාකරණය කිරීමට රජයට සිදුවූ අතර, විදේශ ණය ගැනීම් වෙනුවට විදේශ ව්‍යාපෘති හා ආයෝජන රටට ලබාගැනීමත්, රට තුළ විශේෂ ආයෝජන කලාපයන් සංවර්ධනය කිරීමට පියවර ගැනුණි. ලෝකය දියුණු රටවල් භාවිත කරන විශේෂ ආර්ථික ප්‍රතිපත්තීන් අතර, ඊධධ (ගොඩනැඟීම, ක්‍රියාත්මක කිරීම, අයිතිය තහවුරු කිරීම), ඊධඔ (ගොඩනැඟීම, ක්‍රියාත්මක කිරීම හා පැවරීම) යන ව්‍යාපෘති මගින් දකුණු කොරියාව, ඉන්දියාව, චීනය, මැලේසියාව, තායිලන්තය යන රටවල් වේගවත් සංවර්ධන ආර්ථිකයක්‌ කරා ළඟාවී ඇති අතර, එකී රටවල ආදර්ශයන් කෙරෙහි රජය යොමු වෙමින් විදේශ සහ දේශීය ආයෝජන සම්පාදනය කර ගැනීමට රජය උනන්දු වී තිබේ. මෙමගින් රට තුළ ආර්ථිකය ශක්‌තිමත් කිරීමට බලාපොරොත්තු තබා තිබේ.

    රට තුළ රැකියා සම්පාදනය, බදු ප්‍රතිපත්තිය සංශෝධනය කිරීම, මූල්‍ය වෙළෙඳපොළ නවීකරණය, බැංකු හා රක්‍ෂණ දියුණු තාක්‍ෂණික ක්‍රම කෙරෙහි යොමුවීම මගින් ආර්ථිකය කළමනාකරණය කිරීමට හැකි වී තිබේ.

    ආර්ථික වර්ධන වේගය 6% ක මට්‌ටමකින් අඛණ්‌ඩව වසර 10 ක්‌ පවත්වාගෙන යැමට හැකි වුවහොත් ශ්‍රී ලංකාවේ ආර්ථිකය දකුණු ආසියාවේ මෙන්ම නැගෙනහිර ආසියාවේ බලගතු ආර්ථිකයක්‌ සහිත රටක්‌ ලෙස ශ්‍රී ලංකාවට ඉදිරියට යා හැකි බව විශ්වාස කළ හැකිය.

    මහාචාර්ය එම්. සුනිල් ශාන්ත
    ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශය
    සබරගමු විශ්ව විද්‍යාලය.

  3. ranjit Says:

    Ratanapala you are very correct my dear. He is a worm not a rat. Bloody disgrace to have a president who do not know anything unless he see in the newspapers or hear the radio. What a pity to have such a scoundrel as a president in a country. Who is he bluffing? Do you need a president with no power to take action on anything and discuss important issues only at public rallies. This guy truly fit for a Gramasevaka job but not as president in our country. He should leave at once without bringing Shame and more disaster to our economy and to our Motherland in whole. He is a damn liar and a pretender with no education or decency. SRI Lankans must not fall in the same trap like Jan 8th. Help to bring pohottuwa to power if you need to live in peace and harmony with all the communities as once.

  4. Hiranthe Says:

    “Out of Colombo he tries to imitate a lion but while in Colombo, he is worse than a rat!”

    Fantastic!! I do 100% agree with you Ratnapala.

    For SLFP and JO he is a cunning bastard. For UNP he is an obedient servant.

  5. Hiranthe Says:

    @ Senerath,

    The writer of this article must be a Yahap professor producing an article vaguely blaming the previous regime. Just can’t believe why he missed out selling of State assets and looting the Central Bank through the Bond scam by the present Yahap government.

    There are still NGO crows coming forward to defend the looters of Mother Lanka.

  6. Hiranthe Says:

    I heard that when Mrs B handed over the treasury to UNP in 1977, the economy was in good shape.

  7. Lorenzo Says:

    Singhalese are indeed modayas at times.

    Look what the new party will do. 23% of Singhala Buddhists will vote for UNP. 23% to SLPP Mahinda party and the other 23% to Sirisena’s SLFP and JVP. But the 31% minority vote will UNIFY after the election!!

    Some Singhalese SUPPORT new parties but CRY Singhalese are DIVIDED!! They are the people DIVIDING the community. IF you want UNITY do NOT DIVIDE. Is it that difficult to understand???

    A MAJORITY becomes weak due to DIVISION. A MINORITY becomes weak due to MAJORITY assimilation.

    I feel sad for Singhala Buddhist people who are DIVIDED. When will they REALIZE it?

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress