ඌව අධ්‍යාපන ලේකම්, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ, බදුල්ල පොලිස් ස්ථානාධිපති,  පළාත් සභා මාධ්‍යවේදීන් 3 ට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවෙන් නොතීසි
Posted on January 23rd, 2018

මාධ්‍ය ඒකකය කැෆේ සංවිධානය

ඌව අධ්‍යාපන ලේකම්, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ, බදුල්ල පොලිස් ස්ථානාධිපති,  පළාත් සභා මාධ්‍යවේදීන් 3 ට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවෙන් නොතීසි

බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය දණ ගැස්විම, තර්ජනය කළ ප්‍ර‍කාශයක් ලබා ගැනීම සම්බන්ධයෙන් විමර්ශනයක් සදහා ඌව අධ්‍යාපන ලේකම් සන්ධ්‍යා අඹන්වල, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ රත්නායක, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ රණසිංහ , බදුල්ල පොලිස් ස්ථානාධිපති,  පළාත් සභා සේවකයින් වන පාලිත ආරියවංශ, ප්‍ර‍සන්න පත්මසිරි, අමිල ක්‍රිෂාන්ත රත්නායක යන අතට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවෙන් විසින් සිතාසි නිකුත් කර ඇත.

2018 ජනවාරි 25 දින පෙ.ව. 10 ට කොළඹ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ කොළඹ 4 කාර්යාලයේ පෙනී සිටින ලෙස පැමිණිලි අංක එච්ආර්සී/236/18 අංකය යටතේ මෙම පිරිසට සිතාසි යවා ඇත.

ලංකා ගුරු සංගමයේ ජෝසප් ස්ටාලින් සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් විසින් සිදුකළ පැමිණිලි 2 කට අනුව මෙම කැදවීම් සිදු කර ඇත.

දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය වන ආර්.බවානි මහත්මිය වින්දිත පාර්ශවය ලෙස සලකා මෙම විභාගය සිදුවේ.  පැමිණිල්ලේ දැක්වෙන්නේ ඌව ප්‍ර‍ධාන අමාත්‍යවරයා හා මෙම පිරිස සිදු කළ  ක්‍රියාව මගින් ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථාවේ 12 (1) ව්‍යවස්ථාව  හා 13 ව්‍යවස්ථාවේ සදහන් අදාල භාෂාණයේ හා ප්‍ර‍කාශනයේ අයිතිය මෙන්ම 10 වන ව්‍යවස්ථාවේ සදහන් හෘදය සාක්ෂියේ නිදහස ද දැඩි ලෙස උල්ලංඝනය වී ඇති බවයි.

(අදාල නොතීසි දැන්වීමේ ලිපිය මේ සමඟ අමුණා ඇත )

මාධ්‍ය ඒකකය

කැෆේ සංවිධානය

2018 ජනවාරි 24

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress