බැදුම්කර වාර්තාවේ පිටු දහස් ගණනක් පාර්ලිමේන්තුවට ලබාදී නෑ කැෆේ සංවිධානය යළි අවධාරණය කරයි
Posted on January 24th, 2018

පුවත්පත් නිවේදනය  කිර්ති තෙන්නකෝන් විධායක අධ්‍යක්ෂ/ කැෆේ සංවිධානය

බැදුම්කර වාර්තාවට අයත් අතිරේක ලේඛන ඉතා විශාල ප්‍රමාණයක් ප්‍රසිද්ධියට පත් කර නොමැති බව පිළිගනිමින් ගරු ජනාධිපතිවරයා ඊයේ (ජන. 23) කොළඹ පැවති ව්‍යාපාරික රැස්වීමක දී ප්‍රකාශයක් කළේය.  සත්‍යය පිළිගනිමින් එවැනි ප්‍රකාශයක් කිරීම පිළිබඳව ගරු ජනාධිපතිවරයාට  අපගේ ස්තුතිය පිරිනමමු.

කැෆේ සංවිධානය මෙයට පෙර ද අවධාරණය කළේ බැඳුම්කර වාර්තාවේ සළකුණු කළ ලේඛණ” සහ “සාක්ෂි සටහන්” යන වෙළුම් දෙක ප්‍රසිද්ධියට පත් කර නොමැති බවයි.

ඊයේ (ජන. 23) දින පාර්ලිමේන්තුවට ප්‍ර‍කාශයක් කරමින් ගරු කථානායක කරූ ජයසූරිය මහතා බැඳුම්කර වාර්තාව සම්බන්ධයෙන් ප්‍ර‍කාශ කළේ  උපුටා දැක්වීම // …… එකී වාර්තාවට වෙළුම් නොමැති බවත්, සලකුණු කළ වාර්තා සහ සාක්ෂි පාර්ලිමේන්තුවට එවන ලද වාර්තාවේ අන්තර්ගත කර තිබෙන බවත් ජනාධිපති ලේකම්වරයා…………..// දක්වා ඇති බවයි.

එමෙන්ම කථානායකතුමා සිය නිවේදනයෙන් ඉල්ලා සිටින්නේ ……..// එම වාර්තා සම්බන්ධයෙන් සාව්‍ය මත සමාජගත කිරීම සුදුසු නොවන බව……..//ය.

ගරු ජනාධිපතිතුමා විසින් තහවුරු කර ඇති පරිදි මේ වන විට අසත්‍ය කරුණු සමාජගත කොට ඇත්තේ කැෆේ සංවිධානය නොව වෙනත් පාර්ශව විසින් බව මම අවධාරණය කරමි.  ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ගේ ප්‍ර‍කාශය එනම් පිටු 103 ක් අඩු බව එවැනි පැහැදිලි අසත්‍ය ප්‍ර‍කාශයකි. 

කැෆේ සංවිධානය නැවත වරක් අවධානයට යොමු කරන්නේ බැඳුම්කර වාර්තාවට අදාල පිටු දහස් ගණනක් ප්‍රසිද්ධියට පත් කර නොමැති බවයි. (අවධාරණය – අපගේ ඇස්තමේන්තුව එය පිටු 9000කට මදක් වැඩි වන බවයි. කෙසේ නමුත්, අවම වශයෙන් එය පිටු 5000 ඉක්මවන බව නිසැකය)  

කැෆේ සංවිධානය විසින් ගරු කථානායක වරයා වෙත යොමු කළ ලිපිය මඟින් ප්‍ර‍කාශ කළේ උපුටා දැක්වීම //උදාහරණයක් ලෙස සී 350′ ලෙස සලකුණු කොට ඇති ලේඛනය මත පදනම් වූ නිරීක්ෂණ පිළිබද ප්‍ර‍ධාන වාර්තාවේ සදහන් වේ.  නමුත්එම ලේඛනය මේ දක්වා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත ලැබී නැත. 

ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට බැදුම්කර වංචාව  හා එයට සම්බන්ධ පාර්ශව පිළිබද සම්පූර්ණ අවබෝධයක් ලබා ගැනීම හා තාර්කිකදත්ත පාදක නිගමනයන්ට එලැඹීම උදෙසා මෙම අතිරේක ලේඛන පරිශීලනය අනිවාර්ය වූ අවශ්‍යතාවයකි.  එබැවින්අදාළ සලකුණු කළ ලේඛන හා සාක්ෂි සටහන්  අතුලත් වෙළුම කොටස් 2 දගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත ලබාදීම පිණිස ඔබගේ ඉක්මන් අවධානය යොමු කරන ලෙස ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි. “// උපුටා ගැනීම අවසන්.

බැදුම්කර වාර්තාවේ ප්‍ර‍සිද්ධියට පත් නොකළ ලේඛන පිළිබද පිළිබද සත්‍ය හෙළි කිරීම පිළිබද කැෆේ සංවිධානය ජනාධිපතිවරයාට ස්තුතිවන්ත වන අතර, මෙම බැඳුම්කර වාර්තාවේ පිටු දහස් ගණනක් නොමැතිව අද පාර්ලිමේන්තුවේ එය  විවාදයට ගන්නේ බැඳුම්කර මගඩියේ මහ මොළ කරුවන් ආරක්ෂා කිරීම සඳහා වන බව ඉතා පැහැදිලිය.

කිර්ති තෙන්නකෝන්

විධායක අධ්‍යක්ෂ/ කැෆේ සංවිධානය

2018 ජනවාරි 24

Rajith Keerthi Tennakoon
Executive Director/CaFFE
Executive Director/CHR-Sri Lanka
100/19 A, Welikadawatta Road,
Rajagiriya,Sri Lanka.

www.caffe.lk

+94 777791225

26815438_10213477946996611_5463052427852409856_n.jpg

2 Responses to “බැදුම්කර වාර්තාවේ පිටු දහස් ගණනක් පාර්ලිමේන්තුවට ලබාදී නෑ කැෆේ සංවිධානය යළි අවධාරණය කරයි”

  1. Christie Says:

    මේක මහජනතාවගේ මුදල් ගසා කෑමක්. පලමුව මේ මුදල් සොය සොයාගත යුතුය.

    මෙම සොරක්මේ වටින්නේ මුදල්ය, හොරකම්කල බඩුය. හොරා හොරා හොරා සෙවීම දෙවනුය.

    මේ කමිටු අර කමිටු ඔක්කොම හොර බඩු යට ගසන තවත් ප්‍රෝඩාවයන්ය. සින්හල අපි සැවොම කුලල කාගන්නෙමු.

    ඉන්දියාවත් ඉන්දියානු පරපෝසිතයනුත් සද්දයක් නැත.

    සින්හලයනි වටහාගන්න. එක්වන්න. ඉන්දියාවටත් ඉන්දියානු පරපෝසිතයනුන්ටත් එර්හිව නැගී සිටුමු.

  2. Ratanapala Says:

    Central Bank Bond Commission Report is one.

    There cannot be several versions of it. Those who know what comprises the Bondgate Report are the Commissioners who executed the Bondgate Commission. It is People’s money that was used to carry out the Commission of Inquiry and therefore the Commissioners headed by the Supreme Court Justice KT Chitrasiri has a right to let the nation know what constitutes the Bondgate Report including all annexures.

    If they think at the current moment some of the information is too sensitive to be divulged and that it can compromise future legal proceedings, then they can just let us know in very broad terms what is not be divulged in subject terms and the total extent of the report, number of pages or other descriptive way to enable the nation know what exactly constituted the final report,

    The nation has no faith in any politician red, blue or green including the President himself for they have lied to the people time and time again.

    There is no point in lengthy arguments at the parliament about what constitutes the Bondgate Report. All that the real opposition parliamentarians have to say is that their parliamentary debate is based on the whole of the report submitted and all it contains including those not made public. Parliamentarians being the people’s representatives, should have the right to call any person for questioning or so I believe.

    We the people hope that the elected representatives will take it upon themselves to leave no stone unturned in divulging to the nation the names of all those who are implicated pending court trials later on.

    Since what has been stolen are public funds for the enrichment of a few individuals and this dark enterprise has had deleterious effects on the economy, the savings of employees, increased taxes, increased interest rates and losses in terms of the devaluation of the Rupee and thereby increased payments to foreign lenders, it is incumbent on the powers that be to keep the people informed at every stage what took place and the culpability of those involved and what laws of the country they have contravened.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress