විදුහල්පතිනි දණගැස්වීම පිලිබඳ  පැය 10ක මානව හිමිකම්  විමර්ශනයක් විමර්ශනයෙන් පසුව පළාත් අධ්‍යාපන ලේකම් මාධ්‍ය මඟහැර පළායයි.
Posted on January 26th, 2018

මාධ්‍ය ඒකකය ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය

බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනි ආර්. බවානි මහත්මිය දණ ගැස්සවීම සහ ඇයට බලපෑම් සිදුකර ප්‍රකාශයක් ලබා ගැනීම සම්බන්ධයෙන්   ඊයේ පැය 10 කට ආසන්න කාලයක් තිස්සේ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේදී විමර්ශනයක් පැවැත්වීය. මෙම විමර්ශනය සඳහා පැමිණිලිකාර පාර්ශවය වෙනුවෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් සහ ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් සහභාගි විය.  මෙහි වගඋත්තරකාර පාර්ශවය වෙනුවෙන් ඌව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ වරයා සහ ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් සන්ධ්‍යා අඹන්වල මහත්මිය ඇතුළු වග උත්තරකාර පාර්ශ්වයේ හය දෙනකු කැඳවා තිබිණ.

මෙම විමර්ශනයෙන් අනතුරුව රැස්ව සිටි මාධ්‍යවේදීන් ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් සන්ධ්‍යා අඹන්වල මහත්මිය මහත්මියගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට උත්සහ කළද ඇය ප්‍රකාශ ලබාදීම ප්‍රතික්ෂේප කරමින් පලා ගියේය. නමුත් සිද්ධියට මුහුණ දුන් විදුහල්පතිනිය සහ පැමිණිලි කාර පාර්ශවයේ කීර්ති තෙන්නකෝන් සහ ජෝෂප් ස්ටාලිං මාධ්‍ය වෙත අදහස් දැක්වීය. එහි දී කීර්ති තෙන්නකෝන් මහතා සඳහන් කළේ මෙම සිදුවීමට අදාළ රාජ්‍ය නිලධාරීන්ගේ  ක්‍රියා කලාපය කිසිසේත්ම අනුමත කළ නොහැකි බවයි.  පොලිසිය සහ රාජ්‍ය නිලධාරීන් ඉතා සූක්ෂ්ම ලෙස සත්‍යය වසන් කිරීමට  කටයුතු කර ඇති බව මෙහිදී පැහැදිලි වූ බව ඒ මහතා සඳහන් කළේය.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ එච්.ආර්.සී./236/18 අංකය යටතේ  ඌව පළාත් අධ්‍යාපන ලේකම්වරිය, බදුල්ල පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ, බදුල්ල පොලිස් ස්ථානාධිපති, ඌව පළාත් සභාවේ මාධ්‍ය ඒකකයේ මාධ්‍ය උපදේශක සහ එම ඒකකයේ තවත් සේවකයන් දෙදෙනකු මේ අනුව කැඳවා  තිබූ නමුත් බදුල්ල පොලිස් ස්ථානාධිපති වරයා සහ ඌව පළාත් සභාවේ මාධ්‍ය උපදේශකවරයා මෙම විමර්ශණය සඳහ සහභාගී වූයේ නැත. මෙම විමර්ශනය අතරතුර මෙම සිදුවීමට අදාළ ලියකියවිලි 150කට අධික සංඛ්‍යාවක් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම භාරයට ගත්තේය.

පළාත් ප්‍රධාන ඇමැති චාමර සම්පත් දසනායක ඇතුළු පිරිස විදුහල්පතිනියට සිදු කළ ක්‍රියාව මඟින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 (1) ව්‍යවස්ථාව සහ 13 වැනි ව්‍යවස්ථාවේ අදාළ භාෂණයේ හා ප්‍රකාශනයේ අයිතිය මෙන්ම දහ වැනි ව්‍යවස්ථාවේ සඳහන් හෘදය සාක්ෂියේ නිදහස දැඩි ලෙස උල්ලංඝනය වී ඇති බව සමාජ ක්‍රියාකාරීන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කළ පැමිණිල්ලේ සඳහන් වේ.

විදුහල්පතිනිය දණ ගැස්සවීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් සහ ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් යන මහත්වරුන් විසින් ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය වෙත ඉදිරිපත් කළ පැමිණිල්ලක් මත මෙම කැඳවීම කර තිබේ.

ආර්. බවානි මහත්මිය වින්දිත පාර්ශ්වය ලෙස සලකා මෙම විමර්ශනය සිදු කෙරේ. උෟව පළාත් ප්‍රධාන ඇමැති චාමර සම්පත් දසනායක ඇතුළු පිරිස විදුහල්පතිනියට සිදු කළ ක්‍රියාව මඟින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 (1) ව්‍යවස්ථාව සහ 13 වැනි ව්‍යවස්ථාවේ අදාළ භාෂණයේ හා ප්‍රකාශනයේ අයිතිය මෙන්ම දහ වැනි ව්‍යවස්ථාවේ සඳහන් හෘදය සාක්ෂියේ නිදහස දැඩි ලෙස උල්ලංඝනය වී ඇති බව සමාජ ක්‍රියාකාරීන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කළ පැමිණිල්ලේ සඳහන් විය.

මාධ්‍ය ඒකකය

ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය

2018 ජනවාරි මස 26 වැනිදා 

One Response to “විදුහල්පතිනි දණගැස්වීම පිලිබඳ  පැය 10ක මානව හිමිකම්  විමර්ශනයක් විමර්ශනයෙන් පසුව පළාත් අධ්‍යාපන ලේකම් මාධ්‍ය මඟහැර පළායයි.”

  1. Lorenzo Says:

    A mountain of a molehill.

    SLPP people think they can win TAMIL VOTES by making use of this. NO CHANCE! Tamils and Muslims have PERMANENTLY LEFT them.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress