රවිට එරෙහි විශ්වාසභංගයේදී මම මඟ හැරියාලු; සිරිසේන මහත්තයෝ රටට බොරු කියන්න එපා
Posted on January 28th, 2018

හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ

තවම එහෙම විශ්වාසභංගයක්‌ ගෙනාවේ නැහැ

බළන්ගොඩ එන්. එච්. පියසේන, පොල්පිතිගම – වීරරත්න

remahianda134“පාර්ලිමේන්තුවට යූ.එන්.පියෙන් අලුත ආපු පොඩි කොල්ලෝ මෛත්‍රීට ටොකු අනිනවා. චෝදනා එල්ල කරනවා. අවලාද නඟනවා. ඉතින් රනිල් මහත්තයා කරන්නේ මට බණින එකයි. වැඩ බැරි ආණ්‌ඩුවේ සිද්ධවන මේ වගේ දේවල්වලට මට කරන්න දෙයක්‌ නැහැ” යෑයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පැවැසීය.

හිටපු ජනාධිපතිවරයා එම ප්‍රකාශය කරන ලද්දේ ඉකුත් 23 දා සහ 24 වැනිදා බළන්ගොඩදී සහ යාපහුවේදී පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රචාරක රැලි අමතමිනි.

එහිදී තවදුරටත් අදහස්‌ දැක්‌වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා,

remahinda700

රවි කරුණානායක මන්ත්‍රීවරයාට විරුද්ධව විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවස්‌ථාවේ මම පාර්ලිමේන්තුව මඟ හැරියාලු. ඊට පසුව රවිට මම සුබ පැතුවලු. ඔයාට මම විරුද්ධව ඡන්දෙ දුන්නෙ නැහැ කියා කිව්වාලු. අනේ සිරිසේන මහත්තයෝ තාම එහෙම දෙයක්‌ ගෙනාවෙ නෑ. එහෙම විශ්වාසභංගයක්‌ ගෙනාවෙත් නැහැ. නිකම් බොරු කියන්න එපා. අපි විශ්වාසභංගය ගේන්නේ ආවාට ගියාට නෙවෙයි. අපි ගේන්නේ රවි ගෙදරම යවන එක තමයි. ජනතාව ඉදිරියේ මේ වගේ බොරු කියන්න එපා.එන අවුරුද්දේ ජනාධිපතිවරණයෙන් යන්න වෙයි කියලා මෙයා කියන දේවල්. මේවා එදා විජය කුමාරතුංග මහත්තයාගේ මළගම වෙලාවේ චJද්‍රිකා අත උස්‌සලා පෙට්‌ටියෙ අත තියලා දිවුරලා ප්‍රකාශ කළා වගේ මෛත්‍රිපාල මහත්තයත් මාදුළුවාවේ හාමුදුරුවන්ගෙ අපවත්වීමෙන් පස්‌සේ දේහය ළඟ අත උස්‌සලා දිවුරලා ප්‍රකාශ කළා ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා කියලා. නමුත් අපි දන්නවා මේ වගේ අත උස්‌aසලා කරන ප්‍රකාශ ඉටු කරන ඒවා නොවන බව. තාමත් ප්‍රමාද නැහැ. ඉඩකඩ තිබෙනවා. විධායක ජනාධිපති ක්‍රමය ඉවත් කරන්න. ඇයි නොකරන්නේ කියා අපි අහනවා.

අපි ගුරුවරයාට සලකනවා. මේ 8 පාස්‌ මහ ඇමැතිවරයා විදුහල්පතිවරියව ගෙනල්ලා, දණගස්‌සනවා. වන්දනවා. මොනතරම් මානසික පිස්‌සෙක්‌ද කියලා හිතන්න. මොකක්‌ද කළේ. පොලිසියට ගියා. පොලිසිය එක්‌ක ගියා උසාවියට. ඇප දුන්නා. දැන් ඔය වගේම එකක්‌ අපේ ආණ්‌ඩු කාලේ වුණා. ඒ තමයි ආණමඩුවේ ආනන්ද. අපි මොකද කළේ. නාම යෝජනා දුන්නේ නෑ. රිමාන්ඩ් කළා. සුමාන දෙකක්‌ රිමාන්ඩ් එකේ හිටියා. දඬුවම් වින්දා. අපි සාධාරණය ඉෂ්ඨ කළා ඒ ගුරුවරියට. අද වෙලා තියෙන්නේ මේකයි.

තව එක්‌කෙනෙක්‌ ඉන්නවා ඔබට මතකද දන්නෙ නෑ. අපේ පැත්තේ කාන්තාවන් 100 ක්‌ දූෂණය කරපු එක්‌කෙනෙක්‌ ඉන්නවා, ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ. මහා ලොකුවට කෑ ගැහුවා. චෝදනා කළා. දැන් ඒ චෝදනා කරපු අයම එයාව අරගෙන. දැන් එයාගේ නෝනාට දීලා. දැන් නෝනා තමයි ඉල්ලන්නේ. මෙයාගේ පින්තූරෙයි, සීයේ එක්‌කෙනාගේ පින්තූරෙයි. නෝනගේ පින්තූරෙයි. ජනාධිපතිතුමාගේ පින්තූරෙයි අනිත් කොළෙයි.

දැන් මේකෙ කොළ ඉරා ගන්නවා නේද. මේ තමයි රටට යන කල, රට පිරිහෙන විදිහ. වයස 14 ක ගෑනු ළමයෙක්‌ව එක්‌සත් ජාතික පාක්‍ෂිකයෝ තුන්දෙනෙක්‌ කාර්යාලයක්‌ තුළ බීලා ගිහිල්ලා දූෂණය කළා. ඒකට දේශපාලන නායකයෝ අර දූෂිතයව බේරා ගන්න හදන කොට ජනතාව අල්ලලා දුන්නා පොලිසියට. දේශපාලන නායකයො තවමත් ඇඟිලි ගහනවා ඒ අයව බේරා ගන්න. ඉතින් මේ සමාජය කොතනටද යන්නේ. මේ ආණ්‌ඩුව ආවට පස්‌සේ හැමදාම දකින්න ලැබෙන්නේ මිනී මැරුම්, මංකොල්කෑම්, වෙඩි තැබීම්. එක්‌කෙනෙකුට නෙවෙයි. පවුල් පිටින් මරලා. අත දරුවො වෙඩි තියලා මරල දානවා. ආණ්‌ඩුව නිහඬයි. ආණ්‌ඩුව පාලනයක්‌ කරන් නෑ. මං පහුගිය දවසේ පිටකොටුවේ ආමර් වීදියේ ගියා උත්සවයකට. ඒ යනකොට ඊට අල්ලපු පාරේ දෙන්නෙකුට වෙඩි තියලා මරලා දාලා. මගෙන් පොලිසියේ මහත්තුරු අහනවා සර් මොකටද ආවේ කියලා. ඉතින් අපි කොටින්ට බය නෑ. අපි මේ රටේ අවුරුදු තිහක්‌ තිබිච්ච යුද්ධය අවසන් කළා. පාතාලයට බය වෙලා ගෙදරට වෙලා නිදා ගන්නෙත් නෑ. ඒක මතක තියා ගන්න ඕනෑ.

අද අපිට බැණ බැණ ඇවිදිනවා. අමූලික බොරු චෝදනා කරනවා. බොරු කියලා ජනතාව රවට්‌ටනවා. ඉතින් මේ රැවටිලිවලට හැමදාම රැවටෙන්නේ නෑ.

අද බලන්න දරුවගේ යුනිෙµdaම් එක. අපි දුන්නේ හැමෝටම සුදු ඇඳගෙන එන්න රෙදි කෑල්ලක්‌. ඉස්‌කෝලෙට ගියාම දරුව දුප්පත්ද, පෝසත්ද කියලා නෑ. හැමෝම එකවගේ ඇඳුමක. ඇඳුමෙන් මනින්න පුළුවන් කමක්‌ නෑ කියලා සමාජයේ දරුවට ඒ නිදහස දුන්නා. ඒක හින්දා තමයි සුදු පාට ඇඳුම දුන්නේ. එකම යුනිෙµdaම් එකක්‌ දුන්නේ. ඒකට දැන් මේ කට්‌ටිය කියනවා ඕනෑ එකක්‌ ඇඳගෙන වරෙන් කියලා කූපන් එකක්‌ දෙනවා ගිහිල්ලා රෙදි කෑල්ල ගන්න කියලා. කූපන් එකට ගන්න පුළුවන් ගවුමේ උඩ කෑල්ල විතරයි. යට කෑල්ල නෑ. ඒකට අතින් දාන්න ඕනෑ. ඉතින් මෙහෙම නේද එයාලා කරන්නේ. ක්‍රමානුකූලව ජනතාවගෙන් ඈත් වෙනවා. ජනතාව ඈත් කරනවා.

අද මම තමුන්නාන්සේලාට පැහැදිලිව කියනවා මේ රටේ සිතියම හැමදාම හාමුදුරුවනේ මුහුදට අඩු වෙලා ගියා. මුහුදු ඛාදනය නිසා මූදු රැල්ලට දියවෙලා යනවා. ඔබ දුන්නා. අපි ආවා. අපි වෙනස්‌ කළා. අපි දූපතක්‌ හැදුවා අක්‌කර 450 ක්‌ අලුතෙන් කොළඹ නගරෙන් හැදුවා. අරහෙන් හම්බන්තොට අක්‌කර 150 ක දූපතක්‌ හැදුවා වරායට අමතරව මේ තත්ත්වයට සිතියම වෙනස්‌ කළේ අපි. විරැකියාව අඩු කරලා රටේ උපාධිධාරීන්ට රස්‌සා දීලා තරුණයන්ට රාජ්‍ය සේවයේ රැකියා ලක්‍ෂ 7 ක්‌ දීලා ලක්‍ෂ 7 වූ රාජ්‍ය සේවය ලක්‍ෂ 14 ක්‌ කළා. ඒ වගේම මහින්දොaදය විද්‍යාගාර ගෙනල්ලා ගමට විද්‍යා අධ්‍යාපනය ලබා දුන්නා. ඉංග්‍රීසි අධ්‍යාපනය ලබා දුන්නා. කම්පියුqටර් තාක්‍ෂණය දැනුම ලබා දුන්නා. මේවා අපි කළේ නිකම් නෙමෙයි. අපිට සල්ලි නැත්නම් අපි කරන්නේ මොකක්‌ද? ණය ගන්නවා. අපි ගත්ත ණය වලින් රටට කරපු දේවල් අද පේන්න තියෙනවා. පාරවල් කාපට්‌ කරලා විදුලිය ඔක්‌කොටම දීලා ඊළඟට දෙන්න තිබුණේ වතුර ටික විතරයි.

මේ මැතිවරණයේදී මේ ප්‍රාදේශීය සභා මැතිවරණයට එහා ගිය දෙයක්‌ වෙනවා. මේක දිහා ලංකාවේ ජනතාව විතරක්‌ නෙවෙයි මුළු ලෝකයම බලාගෙන ඉන්නවා. අධිරාජ්‍යවාදියෝ ඇමරිකන්කාරයෝ විතරක්‌ නෙවෙයි හැම එක්‌කෙනාම බලාගෙන ඉන්නේ මොකද්ද මේ රටට වෙන්නේ කියලා. මේ මැතිවරණයෙන්. ඒක නිසා තමුන්නාන්සේලාගේ යුතුකම ඉටු කරන්න ඕනෑ. මේ ආණ්‌ඩුව කරන වැඩපිළිවෙළට විරුද්ධයි කියලා කියන්න අවස්‌ථාව දැන් තමුන්නාන්සේලාට ලැබිලා තියෙනවා. ඒ නිසා තමුන්නාන්සේලා පොහොට්‌ටුවට ඡන්දය දීලා ඒ යුතුකම ඉටු කරන්න කියන ඉල්ලීම කරමින් සියලුම දෙනාට සුභ අනාගතයක්‌ ප්‍රාර්ථනා කරනවා.

5 Responses to “රවිට එරෙහි විශ්වාසභංගයේදී මම මඟ හැරියාලු; සිරිසේන මහත්තයෝ රටට බොරු කියන්න එපා”

  1. Dilrook Says:

    Clearly someone is not telling the truth.

    A no confidence motion against Ravi K was brought by the Joint Opposition in 2016. It was defeated. Mahinda was absent from parliament on that day.

    “https://www.youtube.com/watch?v=plaG9f1YicQ”

    A no confidence motion against a minister or MP cannot “send him home”. This is another misleading statement.

  2. Vaisrawana Says:

    MR is uttering something factually incorrect. But he has no intention to lie and mislead the public, unlike Sirisena who was uttering a deliberate lie when he said that MR avoided the no confidence motion against Ravi. People will readily forgive Mahinda for this momentary lapse of memory, because they trust his humanity and his sincere intentions, particularly at this critical moment of our history. No one can deny the importance of the MR factor in the current Sri Lankan political context. People know it.

    The no confidence motion brought by the JO on March 24, 2016 was taken up in parliament on June 9, 2016. It was defeated by 145 votes against and 51 votes for. I don’t know how many had finally signed it, but I remember the motion once bore 37 signatures. What matters is not the number of signatures, but the number of votes for or against the motion. There were 28 abstentions, it was reported. MR’s wrong utterance cannot be a deliberate lie. It’s a natural failure of his memory. No wonder, considering the amount of calumny heaped on him by the real criminals posing as saints. The lot of a lion challenged by a group of pigs in a pit of shit is easy to imagine.

    MR’s not signing or even not caring to vote for the motion is understandable. The defeat of the no confidence motion against Ravi was a foregone conclusion, given the readiness of the government to save the greatest crooks if they are important for its own survival; the motion bore only symbolic significance. Evidence of Ravi’s possible involvement in the treasury bond scam was yet to emerge. Not that it would have affected the outcome of the vote, though. It’s also possible that MR wished Ravi when the latter emerged unscathed. MR has great reserves of humanity which his critics cannot obviously match. He won’t allow political disagreements to spoil friendly personal relations.

    This is my personal view, for what it is worth, about a national leader whose presence is an indispensable bulwark against further deterioration of the wellbeing of the state.

  3. NAK Says:

    In any case whether Mr.Rajapakse voted or not doesn’t matter as President Sirisena’s henchmen voted to save Ravi K. He conveniently forget that fact and it is common knowledge they do so on his instructions.

  4. Lorenzo Says:

    I think there were 2 of them against Ravi. On both Percy Mahendran was NOT in support.

  5. Senerath Says:

    Important link to commosion report

    http://www.presidentsoffice.gov.lk/wp-content/uploads/2018/PCI%20Final%20Report%20Web%20Publish.pdf

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress