අනිත් අය හොරු නම් ජනාධිපතිත් හොරෙක්.. අල්ලස්-දුෂණ නඩුවක් ඕස්ටේ‍්‍රලියාවෙන් දාලා.. ලංකා ඉතිහාසයේ ජාත්‍යන්තර වංචාවකට චෝදනා එල්ල වූ එකම රාජ්‍ය නායකයා ඔහුයි..
Posted on January 28th, 2018

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාටද එරෙහිව ජාත්‍යන්තරයේ අල්ලස් හා දුෂණ නඩුවක් ඇති බව අමතකවීම පුදුමයක් බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී නිමල් රාජපක්‍ෂ මහතා පවසයි.

‘මේ රටේ දේශපාලඥයො හොරු නම් මෛත‍්‍රීපාල සිරිසේන ජනාදිපතිතුමත් හොරෙක්. මෛත‍්‍රීපාල සිරිසේන ජනාදිපතිතුමා දේශපාලඥයෙක්. මෛත‍්‍රීපාල සිරිසේන ජනාදිපතිතුමාටත් වංචා හා දුෂණ නඩු ලංකාවෙ නොවෙයි ඔස්ටේ‍්‍රලියාවෙ තියෙනව. ජාත්‍යන්තර නඩුවක් තියෙන එකම රාජ්‍ය නායකයා ලංකා ඉතිහාසයෙ. අල්ලස් හා දුසණ නඩුව මෛත‍්‍රීපාල සිරිසේන ජනාදිපතිතුම.

අපිට තියෙන්නෙ රගර් ගහන්න සල්ලි අරන් දුන් කියල, මහින්ද රාජපක්‍ෂ මහත්තයට තියෙන්න ජනාධිපතිවරණ කාලෙ ටීවී එකේ ඇඞ් දැම්ම කියලග.

මෛත‍්‍රීපාල සිරිසේන ජනාදිපතිතුමා මතක තියාගන්න ඔ්න දේශපාලඥයන්ට හොරා කියල ඇගිල්ල දික් කරන කොට එතුමටත් ඇගිලි හතරක් දික් වෙනව කියල’ යයිද මන්ත‍්‍රීවරයා කියා සිටියේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ප‍්‍රචාරක ජනහමුවක් අමතමින් කියා සිටියේය.

 

1,113 Viewers

https://www.facebook.com/sharer/sharer.php?u=https%3A%2F%2Fwww.facebook.com%2FNamalSL%2Fvideos%2F10155969480259030%2F&display=popup&ref=plugin&src=video

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress