මෛත්‍රීපාලගේ රු ට්‍රිලියන 10 ක ණය චෝදනාව බොරුවක් බව රොයිටර් ලෝකෙටම කියයි.
Posted on February 3rd, 2018

Mahinda.info

[1]. පසුගිය ආණ්ඩු කාලයේ විදේෂ ණය වශයෙන් ලබාගෙන තිබූ රුපියල් ට්‍රිලියන 10 ක ධනස්කන්ධයෙන් රුපියල් ට්‍රිලියන 9 කට සිදුවූ දෙයක් සොයාගත නොහැකි බව විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේය. ඒ බව රජයේ සිළුමිණ පුවත්පතේ පළවූ වාර්තාව පහතින්.

 

[2]. විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසන පරිදි පසුගිය ආණ්ඩුවේදී විදේශ ණය වශයෙන් රුපියල් ට්‍රිලියන 10 ක් ණය ගත් බව කීවද, 2014 වන විට ශ්‍රී ලංකාවට තිබූ සම්පූර්ණ ණය ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 7.4 කි. එය වත්මන් ආණ්ඩුව විසින් මුදල් ඇමති වරයාගේ අත්සන සහිතව නිකුත් කරන ලද 2016 මහ බැංකු වාර්තාවේ 214 පි‍ටුවේ දැක්වෙන්නේ මෙලෙසයි. [මූලාශ්‍රය]

ඒ අනුව මහ බැංකු වාර්තාවෙන්ම ආණ්ඩුව පවසන පරිදි ශ්‍රී ලංකාව අරගෙන තිබූ මුදල් ප්‍රමාණයටත් වඩා මුදල් ප්‍රමාණයක් ගත් බව කීමත්, එසේම එම මුදල් ප්‍රමාණයට වඩා මුදල් ප්‍රමාණයක් අතුරුදන් බව කීමත් පට්ට පල් බොරුවක් බව සනාථ වෙයි.

 

[3]. එසේම ඉහත ආණ්ඩුවේ සිළුමිණ පුවත්පතේ වාර්තාවේ රුපියල් ට්‍රිලියන 10 ක මුදල ලියා ඇති හැටි බලන්න. එහි දැක්වා ඇත්තේ බින්දු 11 කි. නමුත් ට්‍රිලියනයකට බින්දු 12 ක් තිබේ. ට්‍රිලියන 10 ක් ලියනවානම් බින්දු 13 ක් තිබිය යුතුය. [මූලාශ්‍රය]. ට්‍රිලියනයකට බින්දු කීයදැයි නොදන්නා මාධ්‍යවේදීන් ලවා ජාතික පුවත් පත් ලියවන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට, ඔය වගේ ඉලක්කම් වැරදීම පුදුමයක් නොවේ. නමුත් ඔහු මෙසේ චේතිය බොරු ගහමින් නිග්‍රහයට ලක් කරන්නේ ශ්‍රී ලංකාවේ කීර්තිනාමයයි.

 

[4]. එසේම විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ චෝදනාව බොරුවක් බව අන්තර්ජාතික රොයිටර් පුවත් සේවය ලෝකයටම වාර්තා කර තිබුණේ මෙලෙසයි. සම්පූර්ණ ලිපිය කියවීමට මූලාශ්‍රය.

 

[5]. රොයිටර් පුවත් සේවයේ ශ්‍රී ලංකාව සම්බන්ධ වාර්තා කරු Shihar Aneez මහතා සිය ට්විටර් පි‍ටුවේ මෙසේ සටහන් කර තිබුණි.  [මූලාශ්‍රය].

 

[6]. රොයිටර් හෙළිදරව්වෙන් දිනකට පසු ස්වර්ණවාහිනී යේ දිශාව” වැඩසටහනේදී විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නැවතත් එයම පුනරුච්චාරණය කළේය. 😀 🔫🔫🔫🔫 රටේ විධායක ජනාධිපති මෙසේ කරනවානම්, ඔහු වටා සිටින රටේ ආර්ථික සැලසුම් හදන ජාතික ආර්ථික විශේෂඥයින්ගේ තරම අමුතුවෙන් කිව යුතු නැත.

 
තවත් අයටත් බලන්නට SHARE කරන්න

One Response to “මෛත්‍රීපාලගේ රු ට්‍රිලියන 10 ක ණය චෝදනාව බොරුවක් බව රොයිටර් ලෝකෙටම කියයි.”

  1. Sarath W Says:

    This idiot wants to take over the finance ministry from the UNP because he says the UNP can not handle the finances of the country. Imagine what will happen to the country if he take over the finance ministry.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress