යුද්ධයේදී මරපු ඇත්ත ගණන මෙන්න – එංගලන්ත පාර්ලිමේන්තුවෙන් ඉරිදා දිවයිනට ඇමතුමක්‌
Posted on February 3rd, 2018

“සිවිල් වැසියන් 40000ක්‌ මියගිය බවට කරන ප්‍රකාශ මහ බොරුවක්‌”

මයිකල් මොරිස්‌ හෙවත් නේස්‌බි සාමිවරයා බ්‍රිතාන්‍ය සාමි මණ්‌ඩලයේ ප්‍රධානතම ක්‍රියාකාරියෙකි. 1975 වසරේදී ඔහු ශ්‍රී ලංකාව සඳහා වූ සර්වපාක්‍ෂික පාර්ලිමේන්තු කණ්‌ඩායම ආරම්භ කරනු ලැබීය.

නේස්‌බි සාමිවරයා 2014 ජුනි මස දිනෙක හිටපු ඇමරිකානු ජනාධිපති බරක්‌ ඔබාමා දෙවැනි ජගත් සංග්‍රාමයට සහභාගි වූ යුද විරුවන් සම්බන්ධව කළ ප්‍රකාශය ශ්‍රී ලංකාවට ද උචිත බව කියා සිටියේය.

war

බරක්‌ ඔබාමා එම යුද විරුවන් පිළිබඳව පැවසුවේ මේ මිනිසුන් යුද වැදුණේ සාමය උදෙසා යන්නයි.

එසේනම් ඔබාමා කළ ප්‍රකාශය ශ්‍රී ලංකාවේ ත්‍රස්‌තවාදයට එරෙහිව යුද වැදුණු දහස්‌ ගණනක්‌ හමුදා සෙබළ සෙබළියන්ටද සමාන බව නේස්‌බි සාමිවරයා කීවේය.

war2එහෙත් ඇමරිකාව සහ බ්‍රිතාන්‍යය ශ්‍රී ලංකාව ත්‍රස්‌තවාදින්ට එරෙහිව දියත් කළ වන්නි මෙහෙයුම පිළිබඳව දෙබිඩි පිළිවෙතක්‌ අනුගමනය කරන බව නේස්‌බි සාමිවරයා චෝදනා කළේය.

ඔහු මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද්රාද් හුසේන් ද දෙබිඩි පුද්ගලයෙක්‌ බව සෘජුව සඳහන් කළේය.

බ්‍රිතාන්‍ය හමුදා ඉරාකයේ සිදුකළ දේ ගැන විදේශ මැදිහත්වීමකින් තොරව විමර්ශනය කළ යුතු බව පවසන සෙයිද්රාද් හුසේන් ශ්‍රී ලංකාවේ හමුදාවට එල්ලවී ඇති චෝදනා විමර්ශනයට හයිබ්‍රිඩ් අධිකරණයක්‌ යෝජනා කළා. ඉන් ඔහු ද්විත්ව රංගනයක යෙදී සිටිනවා යෑයි නේස්‌බි සාමිවරයා තවදුරටත් පළ කළේය.

මේ පසුබිම මැද 2017 ඔක්‌තෝබර් 17 දා නේස්‌බි සාමිවරයා සාමි මණ්‌ඩලයේදී බ්‍රිතාන්‍ය රජයට ප්‍රහාරයක්‌ එල්ල කළේය. එය බෝම්බ ප්‍රහාරයකට සමානය.

“වන්නි මෙහෙයුමෙන් 40000 ක්‌ මියගිය බවට ගෙනයන ප්‍රචාරය විශාල බොරුවක්‌. 2009 පෙබරවාරි 1 දා සිට අප්‍රේල් 26 දක්‌වා කාලය තුළ මියගිය සිවිල් වැසියන් සංඛ්‍යාව 6432 කි. මෙම රහස්‌ තොරතුරු හෙළිකළේ 2009 කොළඹ බ්‍රිතාන්‍ය මහකොමසාරිස්‌ කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ලෙස ක්‍රියා කළ ලුතිනන් කර්නල් ඇන්ටන් ගෑෂ් යයි නේස්‌බි සාමිවරයා කියා සිටියේය.

බ්‍රිතාන්‍ය රජය ශ්‍රී ලංකාවට එරෙහිව දියත්කර ඇති සිවිල් වැසියන් 40000 ක්‌ ඝාතනය කළ බවට දැක්‌වෙන චෝදනාව සම්බන්ධයෙන් නේස්‌බි සාමිවරයා මුල්වරට දිවයින ඉරිදා සංග්‍රහය සමඟ සම්බන්ධ විය.

එක්‌සත් ජාතීන්ගේ වාර්තාවේ 2008 අගෝස්‌තු සිට 2009 මැයි 13 දක්‌වා මියගිය සිවිල් වැසියන් සංඛ්‍යාව 7721 ක්‌ යෑයි දක්‌වා තිබෙනවා. ඉන්පසු මැයි 19 දා යුද්ධය නිමාවූවා. එම කාලය තුළ 40000 ක්‌ මරුමුවට පත්වූවා යෑයි පවසන ප්‍රකාශය පිළිගත හැකිද යෑයි මා සාමි මණ්‌ඩලයේදී කියා සිටියා. බ්‍රිතාන්‍ය හමුදාවේ හිටපු මේජර් ජනරාල් ජෝන් හෝම්ස්‌ පවා 40000 ක්‌ සිවිල් වැසියන් මියගිය බවට පලවූ තොරතුරු ප්‍රතික්‍ෂේප කළා යෑයි නේස්‌බි සාමිවරයා සඳහන් කළේය.

war1නේස්‌බි සාමිවරයා තවදුරටත් මෙලෙස සඳහන් කළේය.

“පසුගිය වසරේදී මා තොරතුරු දැනගැනීමේ පණත යටතේ 2009 ජනවාරි 1 දා සිට මැයි 19 දා තෙක්‌ කොළඹ බ්‍රිතාන්‍ය මහකොමසාරිස්‌ කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ලෙස කටයුතු කළ ලුතිනන් කර්නල් ඇන්ටන් ගෑෂ් පොදුරාජ්‍ය මණ්‌ඩල විදේශ කාර්යාලයට එවූ රහස්‌ ලියවිලිවල තොරතුරු ඉල්ලා අභියාචනා හතරක්‌ ඉදිරිපත් කළා. මකාදැමූ තොරතුරු සමඟ පිටු 34 ක ලියවිලි මා වෙත ලබාදීමට එම කාර්යාලය ක්‍රියා කළා”

මෙලෙස හිටපු බ්‍රිතාන්‍ය ආරක්‍ෂක උපදේශකයාගේ රහස්‌ ලියවිලිවල දැක්‌වෙන තොරතුරු හෙළිකිරීම නිසා බ්‍රිතාන්‍යයේ සිට ක්‍රියාත්මක වන ගෝලීය ද්‍රවිඩ සංසදයේ ප්‍රකාශක සුරෙන් සුරෙන්ද්‍රන් කෝපයට පත්වී නේස්‌බි සාමිවරයා බ්‍රිතාන්‍ය රජය නියෝජනය කරන්නෙක්‌ නොවන බව කියා සිටියේය.

සුරේන් සුරෙන්ද්‍රන් නැමැති කොටියා කළ ප්‍රකාශය මෙරට බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්‌ ඡේම්ස්‌ ඩව්රිස්‌ද අනුමත කරමින් නේස්‌බි සාමිවරයාගේ ප්‍රකාශය බ්‍රිතාන්‍ය රජයේ අදහස්‌ නොවේ යෑයි කීවේය.

එසේනම් ලුතිනන් කර්නල් ඇන්ටන් ගෑෂ්ගේ රහස්‌ ලියවිලි බොරු කියා බ්‍රිතාන්‍ය රජය සිතනවා ද යෑයි මා ප්‍රශ්න කළා. එහෙත් මෙතෙක්‌ ඊට ප්‍රතිචාරයක්‌ නැහැ යෑයි නේස්‌බි සාමිවරයා අනාවරණය කළේය.

අනතුරුව කොටි ඩයස්‌පෝරාව නේස්‌බි සාමිවරයාට පහර ගැසීම සඳහා බ්‍රිතාන්‍යයේ සිට ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා කැම්පේන් ෆොa පීස්‌ ඇන්ඩ් ජස්‌ටිස්‌ නමැති රාජ්‍ය නොවන සංවිධානයේ සහය ලබාගත්තේය.

මේ රාජ්‍ය නොවන සංවිධානයේ උපදේශක මණ්‌ඩලයේ සිටින වැඩිදෙනා කොටි හිතවාදීන්වේ.

war5

එම උපදේශන මණ්‌ඩලයට රජීව් ගාන්ධි මැරුවේ කොටි සංවිධානය නොවන බව පැවැසූ ඉන්දීය ලේකා චාරුලතා නෝස්‌, චැනල් ෆොa අධ්‍යක්‍ෂක කැලම් මැක්‌රේ, කොටි බෝම්බකාරියක්‌ ගැන දැක්‌වෙන මයි ඩෝටර් ටෙරරිස්‌ට්‌ චිත්‍රපටය නිර්මාණය කළ නෝර්වේහි බියමේ ඇන්ස්‌ටඩ්, ලන්ඩන් නුවර සිටින ඩයස්‌පෝරා ක්‍රියාකාරිකයකු වූ නිර්මානුසන් බාලසුන්දරම්, කොටි හිතවාදියකු වූ බෘස්‌ හෙයිස්‌, ශ්‍රී ලංකා හමුදාව යුද අපරාධ සිදුකළ බවට වාර්තා 30 ක්‌ මානව හිමිකම් කවුන්සිලයට යොමුකළ එක්‌සත් ජාතීන්ගේ හිටපු නිලධාරිනියක්‌ වූ යස්‌මින් සුකා සහ කොටි ත්‍රස්‌තවාදීන් සමඟ සබඳකම් පවත්වමින් ඔවුන්ගේ අරමුදල් මත වෙබ් අඩවි මෙහෙයවූ ඡේ එස්‌ තිස්‌සනායගම් නමැත්තාද අයත්වේ.

මේ කොටි හිතවාදී උපදේශක මණ්‌ඩලය නේස්‌බි සාමිවරයාව විවේචනය කරමින් තවදුරටත් ප්‍රකාශ කළේ ඔහු ඉතිහාසය යළි ලිවීමට උත්සාහ කරමින් යුක්‌තිය ඉටුවීම වළක්‌වන බවයි.

එසේම ලුතිනන් කර්නල් ඇන්ටන් ගෑෂ්ගේ රහස්‌ ලියවිලි පොදු රාජ්‍ය මණ්‌ඩල විදේශ කාර්යාලයේ නැති බවත් එම ලිපි තමන් වෙත ලබාදෙන ලෙසත් කොටි හිතවාදී රාජ්‍ය නොවන සංවිධානය නේස්‌බි සාමිගෙන් ඉල්ලා තිබේ. ඔහු එම ඉල්ලීම ප්‍රතික්‍ෂේප කරනු ලැබීය.

එහෙත් ලුතිනන් කර්නල් ඇන්ටන් ගෑෂ්ගේ රහස්‌ ලියවිලි දැන් අප සතුව ඇත. මෙරට ජනතාවගේ දැනගැනීම උදෙසා එහි ඇති තොරතුරු අපි අද අනාවරණය කරන්නෙමු.

මේ රහස්‌ ලියවිලිවලින් දැක්‌වෙන්නේ කොටි සහ සිවිල් වැසියන් හඳුනාගැනීම පහසු නැති බවයි.

එසේම ශ්‍රී ලංකා හමුදාව රසායනික අවි භාවිතා නොකළ බවද එම රහස්‌ ලියවිලිවල සඳහන් වී ඇත.

නේස්‌බි සාමිවරයා 2017 ඔක්‌තෝබර් 12 වැනිදා එකී රහස්‌ ලියවිලිවල තොරතුරු හෙළිකිරීමට පෙර 40000 ක්‌ සිවිල් වැසියන් මියගිය බවට වූ මහා බොරුව ප්‍රචාරය කළේ කවුදැයි දැන් අනාවරණය වී ඇත.

ඒ කොටි ඩයස්‌පෝරාවේ අරමුදල් මත යෑපෙන යස්‌මින් සුකා නමැත්තියයි.

2012 වසරේ ඔක්‌තෝම්බර් 5 දා ලන්ඩන් නුවරදී ස්‌ටිල් කවුන්ටින් ද ඩෙඩ් හෙවත් මියගිය ගණන තවමත් ගනිනවා මැයෙන් හිටපු බී බී සී වාර්තාකාරිය ලියූ ග්‍රන්ථය එළිදක්‌වනු ලැබීය.

කොටින්ගේ අතිජාත මිත්‍රයාවූ සෝල්හයිම් ද සහභාගි වූ මෙම ග්‍රන්ථය දොරට වැඩීමේ උත්සවය අමතා කරුණු දැක්‌වූ යස්‌මින් සුකා එක්‌සත් ජාතීන්ගේ වාර්තාවේ මියගිය සංඛ්‍යාව 40000 ක්‌ ලෙස සඳහන් වන අතර තමා සිතන්නේ 75000 ක්‌ පමණ මියගිය බවයි.

මේ ග්‍රන්ථය ලියූ හිටපු බී බී සී වාර්තාකාරී ප්‍රැන්සස්‌ හැරිසන් මෙරටින් පිටව ගියේ වන්නි මෙහෙයුමට පෙරය. ඇය ශ්‍රී ලංකාවෙන් පිටවී යාමට පෙර ගාලු මුවදොර තරු හෝටලයක පැවැත්වූ සාදයට කොටි සාම කාර්යාලයේ පුලිතේවන්ටද ඇරයුම් කර තිබුණි. ඉන් ඇගේ සහ කොටි අතර පැවැති සබඳතාවය තහවුරු වේ.

මේ අතර නේස්‌බි සාමිවරයා තවත් අබිරහසක්‌ සොයාගෙන තිබුණි. ඒ වන්නි මෙහෙයුමට අදාළව 2009 අප්‍රේල් 26 සිට මැයි 19 දක්‌වා ලුතිනන් කර්නල් ගෑෂ් කිසිදු වාර්තාවක්‌ ලන්ඩන් පොදු රාජ්‍ය මණ්‌ඩල කාර්යාලයට එවා නොතිබීමයි.

ඇන්ටන් ගෑෂ්ගේ රහස්‌ ලියවිලිවලින් මා තොරතුරු රැසක්‌ සොයාගත්තා. කොටි සංවිධානය බලහත්කාරයෙන් කාන්තාවන් සහ ළමුන් බඳවාගෙන තිබූ අතර ඔවුන්ගෙන් වැඩි දෙනෙක්‌ ප්‍රතිප්‍රහාරවලින් මියගිය බව ඔහු වාර්තාකර තිබුණා. එසේම රජයේ පාලන ප්‍රදේශවලට පැමිණි අවතැන්වූවන් 37179 කගෙන් 200 කට අධික පිරිසක්‌ කොටි බව හඳුනාගෙන තිබුණා. මේ නිසා රහස්‌ ලියවිලිවලින් තහවුරු වන්නේ මියගිය සිවිල් වැසියන් සංඛ්‍යාව 40000 ක සංඛ්‍යාව බොරු බවයි. මේ තත්ත්වය මත මියගිය සිවිල් වැසියන් සංඛ්‍යාව 7000 ත් 8000 ත් අතර සංඛ්‍යාවක්‌ විය හැකියි යෑයි නේස්‌බි සාමිවරයා අනාවරණය කළේය.

එහෙත් නේස්‌බි සාමිවරයා ඉල්ලා සිටි සියළු රහස්‌ ලියවිලිවල තොරතුරු ඔහුට ලබාදීමට තොරතුරු කොමසාරිස්‌වරයාට හැකිවී නැත. එම තොරතුරු ඉල්ලා කළ අභියාචනය තොරතුරු කොමාසාරිස්‌ විසින් ප්‍රතික්‍ෂේප කර ඇත.

නේස්‌බි සාමිවරයා මෙන්ම බ්‍රිතාන්‍යයේ ප්‍රකට හමුදා නිලධාරියකු වූ මේජර් ජනරාල් ජෝන් හෝම්ස්‌ 2015 මාර්තු 28 දා වන්නි මෙහෙයුම ගැන සිය මතය පළකරමින් මියගිය සිවිල් වැසියන් සංඛ්‍යාව 7000 ත් 8000 ත් අතර බවට හෙළිකර ඇත.

තමා විසින් සොයාගත් තොරතුරු නේස්‌බි සාමිවරයා ජිනීවා මානව හිමිකම් කොමසාරිස්‌ වෙත යවා ඇතත් අද වනතෙක්‌ එම තොරතුරු ගැන අවධානයක්‌ යොමුකර නැත.

බ්‍රිතාන්‍ය රජය පවා සිවිල් වැසියන් 40000 ක්‌ මියගිය බවට දැක්‌වෙන මහා බොරුව මත පිහිටා ක්‍රියාකරනවා. එහෙත් මියගිය සංඛ්‍යාව 7000 ත් 8000 ත් අතර බව බ්‍රිතාන්‍ය රජය ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට දැන්වීමට ක්‍රියාකර නැහැ යෑයි නේස්‌බි සාමිවරයා තවදුරටත් කියා සිටියේය.

නේස්‌බි සාමිවරයා ශ්‍රී ලංකාවට එල්ලවී ඇති යුද අපරාධ චෝදනා අසත්‍ය බව සාධක සහිතව පෙන්නුම් කරද්දී මෙරට විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකාවක්‌ වූ මහේෂිනි කොලන්නේ අපූරු ප්‍රකාශයක්‌ කළාය.

“මියගිය සිවිල් වැසියන් ගැන ජාත්‍යන්තර කරළිය විවාද කිරීම හෝ තර්ක කිරීම තුළින් ප්‍රශ්න විසඳීමක්‌ සිදුවන්නේ නැත” යෑයි ඇය කියා සිටියාය.

විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකාවගේ ටිකිරි මොලේ කෙසේදැයි මෙහිදී විමසිය යුතුව ඇත.

මෙලෙස ශ්‍රී ලංකාවට එල්ලවී ඇති යුධ අපරාධ චෝදනා බොරුව නේස්‌බි සාමිවරයා සනාථ කරද්දී ලන්ඩන් නුවර සිට ක්‍රියාත්මක වන බෙන්ජමින් ඩීක්‌ස්‌ නමැති රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරිකයෙක්‌ ඉන්දියාවේ ජායිපූර් නුවර පැවැති සාහිත්‍ය උත්සවයට පැමිණ ඉන්දීය මාධ්‍ය අමතමින් ශ්‍රී ලංකා හමුදාව සමූල ඝාතන ක්‍රියාවලියක යෙදී සිටි බවත් ඔවුන් වාර්ගික සංහාරයක්‌ දියත් කළ බවත් ප්‍රකාශ කර ඇත.

මේ ප්‍රකාශය කළ බෙන්ජමින් ඩික්‌සිත් නමැත්තා වන්නිය තුළ ක්‍රියාත්මක ව නෝවිජියන් පීපල්ස්‌ ඒච් සංවිධානයේ ක්‍රියාකාරියෙකි. කොටින්ට පක්‍ෂව කටයුතු කළ ඔහු එම විදෙස්‌ රාජ්‍ය නොවන සංවිධානය ඔස්‌සේ කොටින්ට අවශ්‍ය උපාංග ද සපයනු ලැබීය.

ඡායාරූප ශිල්පියකු ලෙස කටයුතු කළ බෙන්ජමින් ඩික්‌සි පසුව ලන්ඩන් නුවරට ගොස්‌ වන්නි මෙහෙයුම සියෑසින් දුටුවාක්‌ මෙන් ප්‍රකාශ නිකුත් කළත් වන්නි මෙහෙයුම සමයේ ඔහු වන්නියේ සිටියේ නැත.

ශ්‍රී ලංකා හමුදාව උතුරේ වාර්ගික සංහාරයක්‌ දියත්කළ බවට පැවසූ බෙන්ජමින් ඩික්‌ස්‌ උතුරේ නම් පවා හමුදාව විසින් වෙනස්‌කර ඇති බවට සාවද්‍ය ප්‍රකාශ කර ඇත.

එහෙත් මේ බ්‍රිතාන්‍ය ජාතිකයාගේ සාවද්‍ය ප්‍රකාශ වලට එරෙහිව නවදිල්ලියේ හෝ බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස්‌ කාර්යාල ප්‍රතිචාර දැක්‌වූයේ නැත.

මේ පසුබිම මැද ද්‍රවිඩ සන්ධානය සිය මැතිවරණ ප්‍රකාශය එළිදක්‌වමින් ෂයිලොක්‌ නමැති යුදෙව්වා මෙන් උතුරු නැගෙනහිරට පෙඩරල් පාලන ක්‍රම සහිත ස්‌වයං පාලනයක්‌ ද උතුරු නැගෙනහිර ඒකාබද්ධ කළ යුතු බවද සඳහන් කර ඇත.

2002 වසරේ ඇතිකරගත් ඊනියා සටන් විරාම ගිවිසුම මත එවකට සිටි රජය නෝර්වේ රටට ගොස්‌ ඔස්‌ලෝ ප්‍රඥප්තියට එකඟ වූ අතර එම ප්‍රඥප්තියෙන් ද පෙඩරල් ක්‍රමයට එකඟ වූ බව ද්‍රවිඩ සන්ධානය තවදුරටත් සිය මැතිවරණ ප්‍රකාශනයේ දක්‌වා තිබේ.

එසේම එහි තවදුරටත් සඳහන් වන්නේ උතුරු නැගෙනහිර ද්‍රවිඩ ජනතාව තමන් විසින්ම පාලනය කිරීමේ හිමිකම ඇති බවයි.

මේ මැතිවරණ ප්‍රකාශය එළිදැක්‌වීමට පෙර ඉන්දීය ජාතික දින උත්සවය යාපනයේ හෝටලයකදී පැවැත්වුණි. එම අවස්‌ථාවට ඉන්දීය කොන්සල් ජනරාල්වරයා සහභාගි වූ අතර එහිදී උතුරු මහ ඇමැති විග්නේශ්වරන් ප්‍රකාශයක්‌ කරමින් උතුරු නැගෙනහිරට පෙඩරල් පාලනය ලබාගැනීම සඳහා ඉන්දීය රජය සහය දැක්‌විය යුතු බව පවසනු ලැබීය.

ඉන්දීය ප්‍රාන්තයක මහ ඇමැතිවරයකු විදේශ තානාපතිවරයකු හමුවේ මෙවන් ප්‍රකාශයක්‌ කළේ නම් එය රාජෙද්‍රdaහී ක්‍රියාවක්‌ ලෙසට හැඳින්වේ. එහෙත් උතුරේ මහ ඇමැතිවරයා කළ ප්‍රකාශය ගැන රජයේ යාන්ත්‍රණය නිහඬ විය.

මේ පසුබිම මැද පෙබරවාරි 4 දාට යෙදෙන මෙරට 70 වැනි නිදහස්‌ දිනය නිමිත්තෙන් රජය ප්‍රධාන අමුත්තා ලෙස එඩ්වඩ් කුමරු මෙරටට පැමිණ ඇත ඇත. එහෙත් රජය බ්‍රිතාන්‍ය කළ ම්ලෙච්ඡ ක්‍රියා අවනත කර තිබේ.

මෙහි දැක්‌වෙන්නේ ඊට නිදසුන්ය.

war31817 බ්‍රිතාන්‍ය හමුදවේ ලුතිනන් මාක්‌ලේන්ට නඩු විභාගවලින් තොරව ඕනෑම අයෙක්‌ මරාදැමීමේ අවසරය තිබිණි.

1818 දී සැරයන් කැලවයින්ගේ දින පොතේ සඳහන්වූයේ සෑම දිනකම ගම්මානයක්‌ ගිනිතබා වැනසූ බවත් සිංහලයන් මරා දැමූ බවත්ය.

1821 දී බ්‍රිතාන්‍ය හමුදාවේ ජෝන් ඩේවි සඳහන් කළේ ඌව වෙල්ලස්‌ස ප්‍රදේශයේ දේශප්‍රේමි පවුල්වල කිසිම දරුවෙක්‌ නැති බවයි.

1807 බ්‍රිතාන්‍ය ආණ්‌ඩුකාර මේට්‌ලන්ඩ් විසින් මාතර දිසාපති වෙත යෑවූ ලිපියේ දන්වා තිබුණේ මාතර බෞද්ධයන්ගේ ක්‍රියාදාමයන් විනාශ කළයුතු බවයි.

මෙලෙස එදා යුද අපරාධ සිදුකළ බ්‍රිතාන්‍යය 2017 සැප්තැම්බර් මස ශ්‍රී ලංකා හමුදාවට යුද අපරාධ චෝදනා එල්ලකරමින් ජිනීවා යෝජනාව නැවතත් මානව හිමිකම් සමුළුව වෙත ඉදිරිපත් කරමින් යුද අපරාධ චෝදනා විමර්ශනයට තවත් වසර දෙකක්‌ දෙන බව සඳහන් කරනු ලැබීය.

මේ අතර කැනඩා රජය රටින් පිටත ඊලම් ආණ්‌ඩුව නමැති කොටි හිතවාදී සංවිධානයට ඊලම් පාර්ලිමේන්තු රැස්‌වීම පැවැත්වීමට අවසර දී ඇත.

පසුගිය 19 දා ටොරොන්ටෝ නුවර මක්‌නම් ශා. මධ්‍යස්‌ථානයේ පැවැති මේ ඊලම් පාර්ලිමේන්තු සමුළුව අමතා ප්‍රභාකරන්ගේ නීති උපදේශක විශ්වනාදන් රුද්රකුමාරන් සහ කොටි හිතවාදියකු වූ රාමු මානිවන්නන් දේශන පවත්වා ඇත.

මේ පසුබිම මැද ද්‍රවිඩ සන්ධානයේ පෙඩරල් තර්ජනය සහ ආරක්‍ෂක හමුදා රණවිරුවන්ට එල්ල වී ඇති තර්ජනය පිළිබඳව ගෝලීය ශ්‍රී ලංකා සංසදය කොළඹ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ජනතාවට අනතුරු අඟවනු ලැබීය.

රටේ ජනතාව කල්පනාකාරීව කටයුතු කළ යුතුයි. අප හමුවේ බෙදුම්වාදී තර්ජනය උග්‍ර වී තිබෙනවා යෑයි ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ සභාපති වසන්ත කීර්තිරත්න මහතා කියාසිටියේය.

පෙබරවාරි 10 මැතිවරණය තීරණාත්මකයි. සතුරන් අප දුර්වල වනතුරු බලාසිටිනවා. ඊට ඉඩ නොදිය යුතුයි. යෑයි හෙතෙම තවදුරටත් ප්‍රකාශ කළේය.

war4

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress