ශ්‍රි ලංකා කන්ද උඩරට උරුමය සුරැකීමේ සහ සවිබලගැන්විමේ අධිකාරිය පනත
Posted on February 5th, 2018

ආචාර්ය සුදත් ගුණසේකරගේ නිරීක්ෂණ

13-07-2017

යෝජිත මෙම පනත වු කලී 1505 සිට 1948 දක්වා වසර 443 ක් පුරා පෘතුගිසි, ඕලන්ද සහ බි්‍රතාන්‍ය විදේශිය ආක්‍රමනිකයින්ගෙන් තම රට ජාතිය හා සම්බුද්ධ ශාසනය ආරක්ෂාකොට ගැනීම සඳහා දිවිහිමියෙන් සටන් වැද දසදහස් ගණනින් ජිවිත පරිත්‍යාග කොට තම උරුමයන් සියල්ල අහිමි කොටගෙන තම උපන් බිමේම අනාථයින් බවට පත්ව සිටින

අ) මේ රටේ නියම භුමිපුත්‍රයන් වන උඩරට සිංහලයින්ගේ අහිමිවු උරුමයන් ලබාදීම.

ආ) දැනට උඩරට වතුකරයේ් ක්‍රියාත්මක කෙරෙන සමස්ත කඳුකරයම දකුණු ඉන්දිය වතු කම්කරු ප්‍රාන්තයක් බවට පත් කිරීමේ භයානක මෙන්ම ජාතිද්‍රෝහි වැඩ පිළිවෙලින් මේ රට ගලවා ගැනීම සහ

ඇ) දිවයිනේ සමස්ත ජිවි පද්ධතියේ මෙන්ම ශිෂ්ඨාචාරයේ පදනම වන මධ්‍යම කඳුකරයේ භෞතික පදනම පුරුත්්ථාපනය හා ආරක්ෂා කොට ගැනීමේ තීරණාත්මක භාවය

යන මුලික කරුණු ත්‍රිත්වය පිළිබද කිසිදු පැහැදිලි සඳහනක් නැති

එසේම
1. අදාල ප්‍රදේශයේ භෞතික, ආර්ථික, සාමාජික හා දේශපාලනික සංකීර්ණතා පිළිබද සැබෑ අවබෝධයක්,
2. එකී ගැටලූ විසදීම සඳහා යෝජිත පැහැදිලි ක්‍රියාමාර්ගයක්,
3. ඒ සඳහා අවශ්‍ය දේශපාලන දර්ශනය හා ඇපකැපවීම මෙන්ම නායකත්වයක්
4. යෝජිත වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම සඳහා පැහැදිලි හා ප්‍රබල අධිකාරි බලයක්් සහිත ආයතනයක්
5. ඒ සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ලබා ගන්නා ක්‍රම ආදී කරුණු කිසිවක් පැහැදිලිව සඳහන්ව නැති, නිදහසින් පසු පසුගිය 70 වසර පුරාම උඩරැටියන් රැවටු පරිදි තවත් එක් දේශපාලන ප්‍රෝඩාවක් සහ රැවටිල්ලක් පමණි.

තවද යෝජිත කෙටුම්පත

(1) 2005 අංක 26 දරණ ශ්‍රි ලංකා උඩරට සංවර්ධන අධිකාරිය පනත වශයෙන් 2005 අගෝස්තු 24 වන දින ශ්‍රි ලංකා පාර්ලිමේන්තුවේ සම්මත කරන ලද පනතේ අනු පිටපතක් පමණි. මෙහි ඇති එකම වෙනස එය වෙනත් නමකින් ඉදිරිපත් කොට තිබීම සහ වර්තමාන රජයේ පටු දේශපාලන අරමුණු ඉටුකර ගැනිම සඳහා අවශ්‍ය සුළු වෙනස්කම් කීපයක් පමණක් ඇතුලත් කොට තිබිම පමණි. 2005- අංක 26 දරණ පනත පරිච්ඡින්ත කිරීමද මින් යෝජනා කොට නැත.

(2) 2005 අංක 26 ත් මෙම පනතත් අතර දක්නට ඇති වෙනස්කම් මුල්පනතේ අරමුණු
වශයෙන් සඳහන් වනුයේ

zz උඩරට ප්‍රදේශය තුල සංවර්ධන ව්‍යාපෘති හදුනා ගැනීම, සැකසුම් කිරීම, ක්‍රියාත්මක කිරීම සහ සම්බන්ධිකරණය කිරීමZZ යනුවෙනි. මෙහිදි එය නම පමණක් වෙනස්කොට නැවත ඉදිරිපත්් කොට ඇත.

ෂ. මුල් පනතේ අංක 4 යටතේ කළමණාකරණ මණ්ඩලය පහත සඳහන් පරිදි සාමාජිකයින් 8 දෙනෙකුගෙන් සමන්විතය
1. නිල බලයෙන් උඩරට සංවර්ධන විෂයභාර අමාත්‍යාංශයේ ලේකම්
2. භාණ්ඩාගාරයේ නියෝජන්‍ය ලේකම් හෝ එම තත්වය දරණ අයකු
3. වතු යටිතල පහසුකම් විෂයභාර අමාත්‍යාංශයේ ලේකම්වරයෙකු සහ අමාත්‍යවරයාගේ නිර්දේශය මත ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබන සාමාජිකයින් 5 දෙනෙකු ඇතුලූ සාමාජිකයින් 8 දෙනෙකි.

ෂෂ. නව පනතින් එය නිලබලයෙන් 5 ක් හා ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබන 5 දෙනෙකු වශයෙන් 10 දක්වා වැඩිකර ඇත.

(3) තවදුරටත්
ෂ. යෝජිත අධිකාරියේ කළමණාකරණ මණ්ඩලයට අදාල විෂය පිළිබද මනා අවබෝධයක් ඇති විද්වතුන් පත්නොකොට දේශපාලන හෙන්චයියන් පත්කිරීමට ඉඩකඩ තබා අංක 13 ෂඪ යටතේ අස්ගිරි මල්වතු මහනාහිමිවරුන්ගේ ප්‍රමුඛත්වයෙන් උපදේශක මණ්ඩලයක් පත්කළ යුතු යයි සඳහන් කර ඇත්තේ ද දේශපාලන ප්‍රෝඩාවක් වශයෙනි.

ෂෂග පනතේ අංක 14 සහ 15 යටතේ් දක්වා ඇති බොහෝ කාර්යයන් භාරව ක්‍රියාකරණ වෙනත් විශේෂඥ දෙපාර්තමේන්තු හා ආයතන ඇති බැවින් එවැනි කාර්යන් මෙහි සඳහන් කිරීම මෙම අධිකාරියේ විෂය පථය ඉක්මවා යන ප්‍රායෝගික නොවන අනවශ්‍ය ගැටලූ ඇතිකර ගැනීමකි.

ෂෂෂග මේ සැමටම වඩා භයානකම කරුණ නම් අංක 19 යටතේ මෙම නව අධිකාරියට වතුකරයෙන් ඉඩමක් ගැනීම සඳහා උඩරට නව ගම්මාන (දෙමළ) යටිතල පහසුකම් හා සමාජ සංවර්ධන අමාත්‍යවරයාගේ අනුමැතිය ලබාගත යුතු බව සඳහන් කොට තිබිමයි.
මන්ද
අදාල අමාත්‍යාංශය පිහිටුවා ඇත්තේ වතුකරයේ දෙමළ ජනතාවගේ යහපත උදෙසාවීමත් එය නිතරම වතු දෙමළ දේශපාලඥයකුටම හිමිවන නිසාත්, එහි අවසාන අරමුණ වනුයේ රට මැද ස්වාධීන දෙමළ පාලන ඒකකයක් ඇති කිරීම නිසාත් එම අමාත්‍යවරයා එවැනි ඉල්ලීමකට කිසිසේත්ම ඉඩ නොදෙන නිසාය.)

එවැවින් මෙම ව්‍යතිරේකයෙන් යෝජිත පනතේ සියලූ බලතල සිදීබිදි බල රහිත වන බැවින් යෝජිත අධිකාරිය තවත්් එක්් රාජ්‍ය නපුංසක ආයතනයක් පමණක් වනු නොවැලැක්විය හැක.

(4) නව පනතේ නිිල බලයෙන් ඇතුලත් කර ඇති එක් නව සාමාජිකයකු මේ රජය විසින් 2015 දී ඇති කරන ලද, උඩරට වතු ගම්මාන (දෙමළ) යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්ය. සමස්ත කදුකරම ආවරණය වන වැවිලි කර්මාන්ත අමාත්‍යාශය මෙහිදි ඉවත් කොට ඇත.

මෙම නව අමාත්‍යංශය පිහිටුවා ඇත්තේ තනි දෙමළ ගම්මාන පිහිටුවාලීම සඳහා මැතිවරණයේ දී වර්තමාන රජය දෙන ලද දේශපාලන පොරොන්දුවක් අනුවය. මැතිවරණයෙන් මැතිවරණයට තම ඡන්ද වෙන්දේසියේ දමා ඉන්දීය දෙමළ බලය වැඩිකර ගැනීමට මගපාදන මෙවැනි තනි දෙමළ ගම්මාන රට මැද පිහිටුවීම ඉතාමත් භයානක මෙන්ම ජාතික ආරක්ෂාවට මහත් තර්ජනයක් ද වන පියවරකි.

(5) නව පනත යටතේ පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජනරාල් සහ නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂක ජනරාල්වරයා නිලබලයෙන් පත්වන සාමාජිකයින් වශයෙන් එක්කොට ඇත. මෙහි ද ගැලපුමක් නැත.

(6) තවදුරටත් 2005- අංක 26 දරණ පනතේ සහ මෙම නව කෙටුම්පතේ ද පහත සඳහන් ප්‍රධාන අඩුපාඩුකම් ද දක්නට ඇත.

පළමුව
ෂ උඩරට ගැමියන්ගේ ගැටලූ පිළිබද 1951 පලකරන ලද විශ්වකෝෂයක් බදු උඩරට ගැමි කොමිසම් වාර්තාව පිළිබද කිසිදු සඳහනක් වත් කොට නැත.

දෙවනුව
2005 පනතේ අධිකාරියේ බලප්‍රදේශය වශයෙන් මහනුවර,මාතලේ, නුවරඑළිය, බදුල්ල, මොණරාගල, රත්නපුරය හා කෑගල්ල යන සාම්ප්‍රදායික උඩරට දිසා සියල්ලම ඇතත් මෙම යෝජනාවේ කෑගල්ල සහ රත්නපුරය ඇතුලත් කොට නැත.

තෙවනුව
1951 උ.ගැ.කො.ස වාර්තාවේ මෙන්ම මෙම පනත් දෙකේ ද උඩරට ප්‍රදේශයේ බි්‍රතාන්‍යයින් විසින් විනාශ කරන ලද වනාන්තර, ජල සම්පත්, ජිව විවිධත්වය සහ ඉඩම් නිසරුකිරීම ආදිය පුනරුත්තාපනය කිරීමේ ඇති අවශ්‍යතාව හඳුනාගෙන නැත. කුමන හෝ ආකාරයක මානවසම්පත් සංවර්ධනයක් වුව ද කළ හැක්කේ පළමුව මහපොළොව සහ එහි භෞතික සම්පත් යථා තත්වයට පත්කිරීමෙන් පසුව පමණක් බවමේ කිසිවකු දැක නැති සේය.

සිව්වනුව
මේ එකදු පනතක හෝ උ.ගැ.කො වාර්තාවේ ද සඳහන් නොවන අනෙක් කාරණය වනුයේ අද මේ රටේ ආර්ථික , සාමාජික හා දේශපාලන පැවැත්මට බලවත් තර්ජනයක්ව ඇති 12 ලක්ෂයක් පමණ වු වතු ඉන්දියානු දෙමළ ප්‍රශ්නයයි. එසේම එම ගැටලූවට මේ එකම වාර්තාවකින් හෝ විසදුම් ඉදිරිපත් කොටද නැත.

පස්වනුව
මේ සඳහා ඇති එකම විසදුම 1954 තේරු කොතලාවල ගිවිසුම ප්‍රකාර ශ්‍රි ලංකා පුරවැසිකම ලබන ඉන්දියානුවන් පමණක් මෙරට පුරවැසියන් වශයෙන් පිළිගෙන භුමිපුත්‍රයන් සම`ග ඔවුන් සුදුසු ඉඩම්වල පමණක් මිශ්‍ර ජනාවාසවල පදිංචි කිරීමයි. එසේ කිරීමෙන් එසේ එකඟවන සියලූදෙනාම දේශීය සිංහල ජනතාව සමග ඒකාබද්ධවිය යුතුය.

එසේ නොමැතිව (රටමැද වතුකරයේ කිසිම තැනක) වර්තමාන ආණ්ඩුව සිදුකරගෙන යන අන්දමින් උඩරට තනි දෙමළ ගම්මාන පිහිටුවීමට කිසිසේත්ම ඉඩ නොදිය යුතුය. මන්ද එසේ කළහොත් දෙමළ ගම්මාන සියල්ල එක්වි රටමැද මලයනාඩුවක් පිහිටුවිමෙන් ලංකා රජයට හා රටේ ආරක්ෂාවට මෙන්ම භෞමික අඛණ්ඩතාවට ඉන් මහත් තර්ජනයක් සිදුවන බැවිනි.

එදා සිිට මේ දක්වාම වතු ජනතාව සිදු කලාක් මෙන් සහ අදටත් සිදුකරන්නාක් මෙන් ඉන්දියාව තම මව් රට වශයෙන් වන්දනාමාන කිරීම ඇතුලූ ඉන්දියාව සමග ඇති සියලූම දේශපාලන, සමාජික සංස්කෘතික ආදි සම්බන්ධකම් මුළුමනින්ම අත්හැර මේ රට තමන්ගේ එකම මව්බිම වශයෙන් දිවුරා පොරොන්දුවන හා දේශයේ භාෂාව ඉගෙන ගෙන දේශිය සමාජයට අනුගත වන වතු කම්කරුවන්ට පමණක් මේ යටතේ ලංකා පුරවැසිකම දිය යුතුය. පුරවැසිකම දීමට එම කොන්දේසිය අනිවාර්ය කළ යුතුය. එසේ කිරීමට එකග නොවන සියලූදෙනාම ආපසු ඉන්දියාවට හෝ එංගලන්තයට යා යුතුය. එබඳු කිසිදු පුළුල් වැඩ පිළිවෙලක් ද මෙම අධිකාරි පනතේ ඇතුලත් කොට නැත.

මේ ආදී ෙහේතුන් නිසා පවතින රජයේ පටු දේශපාලන අරමුණු ඉටුකර ගැනිම සඳහා සකස් කොට ඇති මෙම පනත මුළුමනින්ම ප්‍රතික්ශේපකළ යුතුය.

ඉන් පසු,

1951 උ.ගැ.පු.කො. වාර්තාව පදනම් කොටගෙන, උඩරට කියන්නේ කුමක්ද, උඩරැටියන් යනු කවරහුද, එම ප්‍රදේශයේ ඇති ගැැටලූ මොනවාද, ඒවා විසදීමට ඉදිරිපත් කෙරෙන යෝජනා මොනවාද, එම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම සඳහා සකස් කළ යුතු ආයතනික ව්‍යුහය කුමක්ද? ප්‍රතිපාදන ලබාගන්නේ කෙසේද, ආදි වශයෙන් අදාල විෂයන් පිළිබද ප්‍රවීන දැනුමක් ඇති, රටට, දැයට හා සමයට හිතැති විද්වතුන්ගේ කමිටුවක් මගින් නව පනතක් සකස් කළ යුතුය.

එහිදී, 1951 වාර්තාවේ සඳහන් ගැටලූවලට අමතරව, ජාතියේ අනාගත පැවැත්ම කෙරෙහිි බලපාන අද පවතින භෞතික, දේශපාලන, ආර්ථික සමාජ හා සංස්කෘතික ගැටලූ ද සැලකිල්ලට ගත යුතුය.

උඩරට ගැමි කොමිසමේ බලප්‍රදේශයේ දැනට ක්‍රියාත්මක වන මිට සමාන වැඩ සටහනක් වන ශ්‍රි ලංකා හදබිම අධිකාරිය ද මෙයට ඒකාබද්ධ කළ යුතුය.

ඒ අනුව සකස් කෙරෙන නව වැඩපිළිවෙල පහත සඳහන් පරිදි සකස් කළ යුතු යයි මම යෝජනා කරමි.

1. 1951 උඩරට ගැමි පුනරුත්ථාපන කොමිසමේ සඳහන් විෂය පථයට අමතරව ඉහත සඳහන් කරුණු ද සැලකිල්ලට ගෙන ඒ සියල්ල ආවරණය වන පරිදි කටයුතු කිරිම සඳහාzzඋඩරට ගැමි පුනරුත්ථාපනය සහ සමස්ත උඩරට ප්‍රදේශයේ සංවර්ධන කටයුතු
පිළිබඳ අමාත්‍යාංශයක්ZZ රාජ්‍ය නායකයා හෝ අග්‍රාමාත්‍යවරයා යටතේ … පිහිටුවිය යුතුය.

2. එම වැඩ පිළිවෙල ක්‍රියාත්මක කිරිම සඳහා උ.ගැ.පු. කොමිසමේ 157 සිට 159 දක්වා ඇති
පරිදි පූර්ණ බලතල සහිත සංවර්ධන මණ්ඩලයක් ද ඉහත කී පරිදි ජනාධිපතිවරයා හෝ
අග්‍රාමාත්‍යවරයා යටතේ පිහිටවිය යුතුය.

3. එම මණ්ලය /අධිකාරිය මහවැලි අධිකාරිය වැනි පුළුල් බලතල සහිත එකක් විය යුතු
අතර උ. ගැ. පු. කොමිසමේ අංක 159 සඳහන් පරිදි කැබිනට් අමාත්‍යාංශයක ලේකම්වරයෙකුගේ බලතල සහිත නිලධාරියෙකු එහි ප්‍රධානියා විය යුතුය.එවිට මෙසේ සියලූම අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තු වල සහාය පහසුවෙන්් ලබාගත හැක.

4. මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරිමේ දී ප්‍රමුඛත්වය දිය යුත්තේ වසර 443 ක් තිස්සේ බටහිර ආක්‍රමනිකයින්ගෙන් මේ රට ආරක‍ෂා කොට ගැනීම සඳහා ජිවිත පරිත්‍යාගයෙන් සටන් කොට තම මව්බිම ඇතුලූ සියළු දෙයට අහිමි කොට ගත් භූමි පුත්‍රයින්ගෙන් පැවතිඑන උඩරට සිංහලයින්ටය.(එහෙත් ඉදිරියේ දි සිදුවිය හැකි ජාතික විනාශය ගැන කිසිදු සැලකිල්ලක් නොදනක්වා වර්තමාන රජය ප්‍රමුඛත්වය දී ඇත්තේ 1840 න් පසු බි්‍රතාන්‍යයින්ගේ තේ වතු වල බැල මෙහෙයට ඉන්දියාවෙන් මෙහි ගෙන ආ
ඉන්දියානුවන්ටය.)

5. zජාතියේ හදබිමZ වන මධ්‍යම කදුකරයේ වනාන්නතර, ජල සම්පත් , පස හා ජෛව
විවිධත්වය ආරක්ෂා කොට ගැනීමට මෙම අධිකාරිය ඉහළම ප්‍රමුඛත්වය දිය යුතුය.
මන්ද මේ රටේ සමස්ත ජිවි පද්ධතිය මෙන්ම ශිෂ්ටාචාරය ද රදාපවතින්නේ මධ්‍යම ක`දුකරයේ භෞතික ස්ථාවරත්වය මත වන බැවිනි.මෙහිදි අප මතක තබා ගත යුතු ප්‍රධාන කාරණය වනුයේ මේ රටේ සියළුම ගංගාවන් ආරම්භ වනුයේ මධ්‍යම කදුකරයෙන් බවය.

මෙම ගංගා පද්ධතියේ ඉහල කොටස් පිහිටා ඇති මධ්‍යම කදුකරය මුඩුබිමක් වුවහොත් මේ රටේ සියලූම ගංගා සිදී යනු ඇත.එසේ වුවහොත් මුළු රටම එකම වියළි කාන්තාරයක් වී සමස්ත ජිවි පද්ධතිය ද අනතුරුව ශිෂ්ටාචාරය ද මේ බිමෙන් අතුරුදහන් වනු ඇත.

අතීතයේ දී වියලි කලාපයේ කෙත් බිම් වසරට කන්න තුනක් වැඩ කලේ ද සියළු රජවරුන් විසින් මධ්‍යම කදුකරයේ වනාන්නතර සියල්ල තහංචි කැලෑ වශයෙන් රාජාඥා මගින් ප්‍රකාශ කොට ආරක්ෂා කොට තිබුණු නිසාය.

6. එබැවින් නැවතත් මුහුදු මට්ටමෙන් අඩි 5000 න් ඉහළ සියලූම ප්‍රේදශ දැඩි ආරක‍ෂක හා රක‍ෂිත වනාන්තර වශයෙන් ප්‍රකාශ කළ යුතුය.

7. සියළුම ජනාවාස පිහිටවිය යුත්තේ 5000 පහළ ජනාවාස සඳහා සුදුසු නිසරු තේ , ඉඩම් වල පමණි.

8. තවදුරටත් තේ වගාව යටතේ පවත්වාගෙන යාමට අදහස් කරන 5000 න්පහළ තේ වතු ද
1. න‍ඊෘඊ ල ීඡක‍ වැනි රාජ්‍ය ආයතන
2. ගොවීන්ගේ සමූපකාර ගම්මාන හා
3. කුඩා තේ වතු ජනපද ව්‍යාපාර වැනි ක්‍රමවේදයන්් යටතේ පවත්වාගෙන යා යුතුය.

9. මෙම වැඩපිළිවෙල යටතේ අනුව › ලංකා පුරවැසිබව ලබන වතු ආශ්‍රිත නව ජනාවාස වල සිටින ඉන්දියානු සම්භවයක් ඇති කිසිවකු දැනට කෙරෙන පරිදි ඉන්දියාව සමග සෘජුව ගනුදෙනු කිරිම වහාම අත්හිට විය යුතුය.

10. මෙම ප්‍රදේශය තුළ ද දිවයිනේ අනෙකුත් සියලූම ප්‍රදේශ වල මෙන් සෑම සංවර්ධන කටයුත්තක්ම සිදු කල යුත්තේ › ලංකා රජය විසින් පමණි.

ජාතියේ හදවත බඳු මධ්‍යම ක`දුකර ප්‍රදේශයේ දැනට පවතින භෞතික ,වාර්ගික ,දේශපාලන හා සමාජ ගැටලූ සඳහා රටට ගැලපෙන තිරසාර විසදුමක් ලබාගත හැක්කේ මෙවැනි හරවත් වැඩ පිළිවෙලක් මගින් පමණි.එසේ නොකළහොත් නුදුරු අනාගතයේ දී දැනට උතුරු හා නැගෙනහිර පවතින්නාක් වැනි වාර්ගිික ගිනි කන්දක් රට මැද ද බිහිවනු ස්ථිරය.
.
යෝජිත ආයතනය පිහිටවිය යුත්තේ මෙම පුළුල් ජාතික අරමුණ සාක‍ෂාත් කර ගැනීමට මිස පටු දේශපාලන අරමුණ වන වතු දෙමළ ජනායගේ ඡ්නදය ලබා ගැනීම පිණිස නොවිය යුතුය.

අවසාන වශයෙන්
මෙම පනතින් හෝ ඊට සමගාමි පනතකින් බි්‍රතාන්‍යයින් විසින් 1815 සිට 1948 දක්වා අප රටට සිදු කොට ඇති පාරිසරික, ආර්ථික, සාමාජික, සංස්කෘතික විනාශයන් සහ 1817/18 සහ 1848 නිදහස් සටන් වලදී සිදු කරන ලද සමූල ඝාතන ඇතුළු සියළුම අපරාධයන් සම්බන්ධයෙන් බි්‍රතාන්‍ය රජයෙන් වන්දි ලබා ගැනීම සඳහා ද වැඩ පිළිවෙලක් සකස් කල යුතුය.

නව අමාත්‍යාංශයේ හා අධිකාරියේ කාර්යභාරය විය යුත්තේ කන්ද උඩරට භෞතික,මානව ,ආර්ථික,සාමාජික හා සංස්කෘතික ආදි සියළුම ෙක‍ෂ්ත්‍රයන් හි ජාතික උරුමය ,හදුනා ගැනීම පුනරුත්ථාපනය කිරිම , සංවර්ධනය කිරිම හා ආරක‍ෂා කිරිමය.

ඒ සඳහා ගැටලූ හදුනා ගැනීම , ඒවා විසදීමේ සංවර්ධන උපාය මාර්ග සැලසුම් කිරිම, ක්‍රියාත්මක කිරිම, වෙනත් රාජ්‍ය ආයතන සමඟ සම්බන්ධීකරණය සහ මෙම ක්‍රියාවලිය අඛණ්ඩව පවත්වාගෙන යාම ඇතුළු සියලූ කටයුතු ද ඊට ඇතුලත් විය යුතුය.

තවද

1. ප්‍රථමයෙන්ම දැනට තිඛෙන වතුකරයේ දෙමල ජනතාවට පමණක් සීමා වු උඩරට වතු ගම්මාන යටිතල පහසුකම් හා සමාජ සංවර්ධන අමාත්‍යාංශය වහාම අහෝසි කොට එහි කාර්යභාරයන් වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය යටතට පත් කල යුතුය.

එම අමාත්‍යාංශයේ වැඩ කටයුතු සැලැසුම් කිරිම සහ සම්බන්ධීකරණය කිරිම සඳහා ඹභෘඡ ආධාර යටතේ 2025 දී සම්පූර්ණ කිරිම සඳහා 2015 දි පිහිටුවන ලද zzඋඩරට නව ගම්මාන (දෙමළ) අධිකාරිය ද ..්‍යසකක ක‍දමබඑරහ භැඅ ඪසකක්ටැි ක‍ැඩැකදචපැබඑ Aමඑයදරසඑහ, .. අහෝසි කල යුතුය
2. ඒ වෙනුවට යෝජිත zzඋඩරට ගැමි පුනරුත්ථාපන හා සංවර්ධන අමාත්‍යාංශය සහ 1951 උ.ගැ.පු. කොමිසමෙන් යෝජිත පූර්ණ බලැති උඩරට සංවර්ධන අධිකාරිය පිහිටුවිය යුතුය.

3. අධිකාරියේ පාලක මණ්ඩලය පිහිටුවීමේ දී මෙම ප්‍රදේශය හා අදාල විෂය පිළිබද හසල
දැනුමක් හා ඇප කැපවීමක් ඇති ප්‍රවීනයන් පමණක් ඒ සඳහා පත් කල යුතුය.එසේ
නැතිව වෙනත් රාජ්‍ය ආයතන වලට සභාපතිවරුන් හා අධ්‍යක‍ෂවරුන් පත් කරන්නාක් මෙන් හුදෙක් තම දේශපාන අරමුණු ඉටු කර ගැනීමට ඥාති සංග්‍රහයට සහ මැතිවරණයේ දී තමන්ට උදව් කළ අයට රැකියා සැපයීමට නොවිය යුතුය.

කාර්යාලය
යෝජිත නව උඩරට ගැමි පුනරුත්ථාපන හා සංවර්ධන අමාත්‍යාංශයේ මෙන්ම අධිකාරියේ කාර්යාල මහනුවර ආසන්න පේරාදෙණිය වැනි ප්‍රදේශයක පිහිටවිය යුතු යයි යෝජනා කෙරේ.

II පරිච්ඡේදයට පසු

1. මුදල්
2. අධිකාරියේ නිලධාරි මණ්ඩලය සහ
3. සාමාන්‍ය යන පරිච්ඡේද ද ඇතුලත් කළ යුතුය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress