අධ්‍යාපනයේ ඛේදවාචකය
Posted on February 7th, 2018

ලියුම්කරු- කීර්ති රත්නායක

1939 පෙර ඉංග්රීසි මාධ්යයෙන් ද්විතීයික අධ්යාපනය දෙන ලද්දේ කොළඹ රාජකීය විද්යාලය සහ නගරබදක්රිස්තියානි මිෂනාරි පාසල් වල  පමනි. රජයේ රැකියා දොරටු විවෘත වූයේ මෙම පාසැල් වලින් පිටව යන උන්ටය. ගම්බද දරුවන්ට ස්වභාෂා මාධ්යයෙන් අධ්යාපනයක් ලැබුණු අතර ඔවුන්ට ලැබූනේ කුඩම්මාගේ සැලකිලිය. මෙමතත්වය තරමක් වෙනස් කරමින් ග්රාමීය ප්රදේශ වල හොද  අධ්යාපනයක් ලබාදෙන මධ්ය විද්යාල පිහිටු වූයේඑවක අධ්යාපන ඇමති සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගරය. 1939 ඔහු ගෙන ආ අධ්යාපන ප්රඥප්තියේ  යෝජනාප්රකාරව එය සිදු විනි.

ඉන් නොනැවතුනු කන්නන්ගර 1945 අංක 21 දරන නිදහස් අධ්යාපන පනත ගෙන ආවේය. වාද විවාද මැදසම්මතවූ පනත අනුව ජාති, ආගම්, කුල, වත් පොහොසත්කම් නොතකා සෑම දරුවකුට ම බාලාංශයේ සිටවිශ්වවිද්යාලය තෙක් නොමිලයේ අධ්යාපනය ලබා ගත හැකි විය. ඉන් වසර දෙකක් ගතවෙත්ම දෛවෝපගතසිදුවීමකි. නිදහස් අධ්යාපන පනතේ තීන්ත වියලී යාමටත් මත්තෙන් පැවති 1947  මහ මැතිවරණයේදී අරක්කු සහරේන්ද ව්යාපාර වලින්  ධන කුවේරයෙකු වූ විල්මට් පෙරේරා අතින් කන්නන්ගර පරාජය විය.  ඒ අනුවකන්නන්ගරගේ දේශපාලන ගමන අවසන් විය. එපමනක් නොව 1962 වසර වනවිට අසරණ වූ කන්නන්ගරපාර්ලිමේන්තු මහලේඛම් වෙත ලිපියක් ලියා පිං පඩියක් ඉල්ලා තිබුනි.

ගෙන්දගම් පොලෙවේ නොමිලේ අධ්යාපනය කියා දෙයක් නැත. අධ්යාපනය නඩත්තුවන්නේ මහ ජනතාවගේ බදුමුදල් වලිනි. සෑම පුරවැසියෙකුම නොමිලේ යැයි කියන සංකල්පයෙන් මිදිය යුතුය.  අධ්යාපනය සම්බන්දව රටකබල පැවැත්විය යුත්තේ නොමිලේ අධ්යාපනයක් නොව නිදහස් අධ්යාපනයකි. එනම් කිසියම් පුද්ගලයෙකුට ජාතිආගම්, කුල මල, මිල මුදල් ආදියේ බලපෑමකින් තොරව තොරව අධ්යාපනයේ නිරත වීමට ඇති අයිතියයි. තමඅභිමතාර්ථය අනුව අධ්යාපනයේ නිරත වීමට ඇති නිදහස යි. සයිටම් අර්බුදයේදී ඇදුරන් ගෙන ආ තර්කයක් වූයේරජයේ විශ්වවිද්යාල වලින් රටේ වෛද්යවරුන්ගේ අවශ්යතාව මුලුමනින්ම සපුරාලිය හැකි නිසා පෞද්ගලිකවිශ්වවිද්යාල අවශ්ය නොවන බවය. එනම් විශ්වවිද්යාල ඇතිකල යුත්තේ නිදහස් අධ්යාපනය සහතික කිරීමට නොවඑක් පන්තියක වරප්රසාද ආරක්ෂා කිරීමටය

විශ්ව යාත්රාවේ දිශා දර්ශකය  අධ්යාපනයයි.එය අනාගත සුරක්ෂිත බවෙහි  ප්රධානම සාධකයයි. නිවහල් සශ්රීකදේශයක කොදු නාරටිය නිදහස් අධ්යාපනය මිස නොමිලේ අධ්යාපනය නොවේ. රටේ දියුණුව හා ඉදිරි ගමන  රඳාපවතින්නේ මෙම ක්රියාවලියෙන් බිහිකරන ප්රතිඵල මතය. මෙකී සමස්ත අධ්යාපනයේ  වගකීම රඳාපවතිනුයේ  දේශපාලකයන් මතද නො එසේනම් උසස් අධ්යාපනයේ නියලෙන  ඇදුරු ප්රජාව මතද. අනාගතයටඵලදායී ජාත්යන්තරය හා උරෙන් උර ගැටිය හැකි  අධ්යාපන ක්රමයක් ස්ථාපිත කිරීමේ  සම්පූර්ණ වගකීම ඇත්තේදේශපාලකයින්ට නොව ඇදුරන්ටය. පෙර පාසැලේ සිට උසස් අධ්යාපනය  දක්වා වූ ව්යායාමයේ අස්වැන්න රදාපවතිනුයේ ද ඔවුන් අතය.

අධ්යාපනයය තාක්ෂණ  දියුණුවට අනුරූපව වෙනස් වියයුතු සංවේදී විෂය පථයකි.  ගල් ලෑල්ල වෙනුවට ලෝකයමඇඟිලි තුඩු මත හොවන ඩිජිටල් පරිපථ පැමිණ ඇත. කලු ලෑල්ල වෙනුවට, ලොව පුරා ගුරු-සිසුන් යාකරනඉන්ට්රැක්ටිව් වයිට් බෝඩ් පැමිණ  ඇත. පොත් පුස්තකාල වෙනුවට  ඊ පුස්තකාල පැමින ඇත.  අද අපේ රටේ විශ්වවිද්යල වල උපකුලපති ඇතුලු පාලක මන්ඩලය පත්කරන්නේ රටේ දේශපාලන නායකයාය, ඒ තමන්ටකඩේ ගිය අනුපිලිවෙලට කෘතු ගුන දැක්වීමට මිස රටේ ප්රගමනයට නොවේ. අධ්යාපනයේ  සාධනීය වෙනසක්ඇදුරන් අතින් ඉටු නොවෙයි . මෙහි ප්රතිඵලය නම් ලංකාවේ අධ්යාපන ආයතන සිසුන් කුරුවල් කරන තිප්පොලබවට පත්වීමය

අද ලොව අති සාර්ථකම ආයෝජනය බවට අධ්යාපනය පත්ව ඇත. වර්තමානයේ  ඉහළම ඉල්ලුමක් පවතින  සේවාව වන්නේද අධ්යාපනයයි.  නමුත් අපගේ අධ්යාපන ක්රමය දිනෙන් දින පරිහානිය කරා ගමන් කරයි. අවාසනාවට අපේ ආචාර්යවරු දකිනුයේ  තම බඩ වියත පමනි. සමහරෙක් විදේශ ඔත්තු සේවාවල කුලී කරුවන්ය, සමහරෙක් දේශපාලන අතකොලු බවට පත් වී ඇත. මෙකී විෂ මුසුවූ  ජාතික අධ්යාපන ක්රමය පිළිකාවක් බවටපත්ව ඇත. මෙහි  සම්පූර්ණ වගකීම භාරගත යුත්තේ සරසවි අධ්යන ඇදුරු ප්රජාවය. අපගේ ජාතික  අධ්යාපනක්රමය පවතිනුයේ  අතිශයින් භයානක සහ  ඉතාමත් කනගාටුදායක තත්ත්වයකය.

වරක් ලෙනින් පවසා සිටියේ ගුරුවරයා සිසුන් තැනිය යුත්තේ තමා පිටුපසින් පැමිණෙන්නට නොව තමා පසුකරයන්නට හැකි වන අයුරින් බව යි. එහෙත් සිදුවන්නේකුමක් ද?  අප ඇදුරන් සිසුන් ඔසවා තබන දිසාපාමොක්ලානොව  ඔවුන්ට වල කපන දෙබිඩිකාට්ටුවන්ය. සිසුවකු විසින් කිසියම් විෂය පථයක නව දැනුම සොයා යාම ඔවුන්දකිනුයේ තම පැවැත්මට තර්ජනයක් ලෙසිනි. මෙහි ඇදුරන් බොහොමයක් එතනට පැමිනියේ ගිරවා ගැසීමෙන් හෝමයිනා ගැසීමෙනි. (ගිරවා-කට පාඩම් කිරීම , මයිනා- කුඩා කොල වල අනුමාන  සටහන් ලියා සගවා ගැනීම) නවප්රවනතා, දැනුම හා මුසුවූ සිසුන් ඔවුන්ට වහ කදුරුය.

ලංකාවේ පවතින්නේ සියවසකටත් එහා සුද්දන් හදුන්වාදුන් අධ්යාපන ක්රමයකි.සුද්දන් හදුන්වා දුන් අධ්යාපනක්රමයේ  මූලික අරමුන වූයේ තමන්ට හීලෑ සුළු සේවක පැලැන්තිය ගොඩනගා ගැනීමය. එම ක්රමයේ මූලිකලක්ෂනයක් වූයේ  චින්තනය ශූක්ෂමව  රාමුවකට කොටුකර තැබීමය.  පෞර්ෂය වර්ධනයක් ඇත්තේම නැති මුත්වහල් චින්තයේ ප්රවර්ධනයකි. කලු සුද්දන් මෙම තත්වය තිවර කර ඇත්තේය .කඩ ඉම් විභාග සියල්ලේ ප්රශ්නපත්ර  සකසන්නේ ඇදුරන්ය. නිබන්ධන පිරික්සන්නේ ඇදුරන්ය  ප්රශ්න පත්ර බලන්නේ ඇදුරන්ය. විභාගයඉහලින් පාස් වීමට නම් ඇදුරා සමග හාන්සි විය යුතුය. හාන්සි නොවන උන් එක්කො විභාගය ෆේල්ය,  නැතහොත්යාන්තම් පාස්ය.

යම් සිසුවකු ඇදුරාට ගොටු අල්ලන්නේ නම් සහකාර කථිකාචාර්යකම ගැනීමට සුදුසු කමකි. දිගින් දිගටම  ඇදුරාසමග පෑහීම ස්ථිර කථිකාචාර්යවරයකු ව ඉන් පසු  ‘‘ඩොක්ටර් පට්ටම ” ගත හැකි පහසුම මාර්ගයය. ඇදුරු ශරීරයක පැවැත්මේ රහස කඩේ යාම, ගොටු ඇල්ලිම මිස  ඇකඩමික් කෞෂ්යල්ය  නොවේ. කොපි කරන්නේ නැතිව  රිසර්ච්රිපෝර්ට් එකක් ලියාගන්ඩ බැරි අපෙ ඇදුරො ලබැදියන්  සමබර  කරන්ඩ, දේශපාලන කථා ලියන්ඩ  සූරයො . සමහර ඇදුරො ටියුෂන් කඩ හිමියන්ය.සමහරක් මෙලෝ රහක් නැති පොත් ලියන උන්ය. ප්රශ්න පත්ර වලට  ඇතුල් කරන්නේද තමන් ලියු පොතක කුණු ගොඩකි. තවකෙක් ප්රශ්න පත්රයද  හීන් සීරුවේ පිට කරන  උන්ය.

මේ වන විට ලංකාවේ කිසිදු විශ්ව විද්යාලයක් ලෝකයේ හොඳම විශ්ව විද්යාල  2000 අතර නොමැත. ලංකාවේහොඳම විශ්ව විද්යාල  ලෙස සැලකෙන කොලඹ සහමොරටුව විශ්ව විද්යාලද  අන්තර් ජාතික මට්ටම අනුව 2125 දක්වා තත්ත්වය පහළ ගොස්ය.  අප්රිකාවේ අසාර්ථක රාජ්යයන් වන  උගන්ඩාවේ, ඉතියෝපියාවේ සහ සිම්බාබ්වේරටවල විශ්ව විද්යාලද  ලංකාවේ හොඳම විශ්ව විද්යාල  ලෙස සැලකෙන කොලඹ සහ මොරටුව විශ්ව විද්යාල  වලට වඩා ඉදිරියෙන් සිටිති. මේ පරිහානියට ප්රධානතම හේතුව ලංකාවේ ඇදුරන් ඇට්ටකුනා වීමය.  ජාතියේපෙරගමන්කරුවන් වීමට නොහැකි වීමය.  ලොව ඉහළ පෙළේ සරසවි සමඟ බැදුනු නෙට්වර්ක් එකක් හරහාඅධ්යාපන ක්රමය ජාත්යන්තර තලයට  ගෙන යා හැකි ඇදුරන් අප සතුව නොමැත.

මෙරට සරසවි ඇදුරන්ගෙන් කී දෙනකු නව සොයා ගැනීමක් ,සංකල්පයක් ඉදිරිපත් කර ඇත්ද ? සරසවිඇදුරන්ගෙන් බලාපොරොත්තු වන ප්රධානම කාර්යය එය වෙයි. එහෙත් ඔවුන් නොකරන්නේද එයමය. ජගත්ප්රජාව පිලිගන්නා මට්ටමේ කිසිදු පරියේෂණ පත්රිකාවක් හෝ පොතක් එළි දක්වා නොමැත. ඇදුරෙක් යයිලෝකයට පෙන්වීමට එකෙකු සොයා ගත නොහැක. සියවසේ අභියෝග ජගතහැකි සිසු පරපුරක් බිහි කොට නැත.  මෙහි සිටින ඇදුරු හප ජාත්යන්තර ආචාර්යවරු සමග සැසඳීම විහිලුවකි. අන්තර්ජාතික දර්ශක වල ඔවුන්  සිටින්නේ ඉහළ  හෝ පහළ නොව එවැන්නක දැකීමටද නොහැක.

රාජ්ය සේවයේ ආදායම නූපදවන ආයතන අතරෙන් වැඩිම වැටුපක් සහ සුපිරිතම පහසුකම්  ලබන්නේ සරසවිඇදුරන්ය. මෙකී සුපිරි වැටුප් යනු අන් කවරක් නොව කිරි පැකැට්ටුවේ සිට මිනී පෙට්ටිය දක්වා ජනයා ගෙවන බදුමුදල්ය. ඇදුරන්ගේ ඉගෙනීමට ඔවුන්ගේ පවුලේ උදවිය වියදම්  කර ඇත්තේ  සොච්චමකි . ඔවුන් එතැනටපැමිනියේ නිදහස් අධ්යාපනයේ  පිහිටිනි. අප දහඩියෙන්, කඳුලෙන් ඉපයූ දෙයින්  ගෙවා දැමූ බදු මුදල්ය. දේශයේරැකවලුන්  වියයුතු ඇදුරන් විනාශයේ දොරටුව පුළුල්  කරමින් සිටියි . අධ්යාපන ක්රමයේ සාදනීය වෙනසක්  කතිකාවක් පෙනෙන මානයක නැත.  වැටත් නියරත් ගොයම් කන කල බඩගින්නේ හූල්ලන  දුවා දරුවන්ට කාගේපිහිටද

 

ලියුම්කරු- කීර්ති රත්නායක

2 Responses to “අධ්‍යාපනයේ ඛේදවාචකය”

  1. Christie Says:

    ” මෙමතත්වය තරමක් වෙනස් කරමින් ග්රාමීය ප්රදේශ වල හොද  අධ්යාපනයක් ලබාදෙන මධ්ය විද්යාල පිහිටු වූයේඑවක අධ්යාපන ඇමති සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගරය. 1939 ඔහු ගෙන ආ අධ්යාපන ප්රඥප්තියේ  යෝජනාප්රකාරව එය සිදු විනි.”

    These colleges provided an English Medium Education.

    Unfortunately India and Indian Colonial Parasites sponsored Banda saw and end to the up liftman of village kids be they poor or a bit rich.

    The poor kids were Scholarships that provided boarding facilities.

  2. Christie Says:

    Vilmot Perea was one of the financiers of the Socialists in Ceylon with Indian Colonial Parasites. He was another Indian sucker.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress