Local Government Election -පළාත් පාලන මැතිවරණයේ කථා (Updated)
Posted on February 7th, 2018

මහින්දගේ ප්‍රජා අයිතිය අහෝසි කළොත් බටලන්ද වරදකරුවන්ටත් එසේමයි

බරපතල වංචා, දූෂණ සෙවීමේ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවට අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රජා අයිතිය අහෝසි කරන්නේ නම්, බටලන්ද කොමිෂන් සභා වාර්තාවේ සඳහන් වන පරිදි ඊට සම්බන්ධ වරදකරුවන්ගේද ප්‍රජා අයිතිය අහෝසි කළ යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක, ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කළේ ය.

සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමෙන් බරපතල අර්බුදවලට මුහුණ දුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දේශපාලනඥයින්ගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමට කිසිසේත්ම සහයෝගය නොදෙන බව ද ප්‍රේමජයන්ත මහතා පැවැසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී අද (07) පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව සඳහන් කළේ ය.

මහින්ද රාජපක්ෂ මහතාට ඇත්තේ මූල්‍ය අපරාධ චෝදනා බැවින් දඬුවම් ලැබෙන්නේ ඒ අනුව බව සඳහන් කළ ඇමැතිවරයා බටලන්ද වධකාගාරයේදී සිදු වූයේ, මිනිස් ඝාතන බැවින් ඊට සම්බන්ධ දේශපාලනඥයින්ට ලැබෙන්නේ මිනිස් ඝාතනය වලට ලැබෙන දඬුවම් බව ද හෙතෙම වැඩිදුරටත් පැවැසීය.

කමණී හෙට්ටිආරච්චි

Not ready to govern with corrupt individuals – President

President Maithripala Sirisena says that he is not prepared to govern the country with corrupt individuals.

The President made these comments while addressing the final election rally of the Sri Lanka Freedom Party (SLFP) in Polonnaruwa today (7).

අර්ජුන් ගෙන්වීමේ වගකීම අගමැතිට

මහබැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින මහබැංකු හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා මෙරටට ගෙන්වීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට සදාචාරාත්මක අයිතියක් හා වගකීමක් ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ් ජාතික සංවිධායක, ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාව හා සිංගප්පූරුව උදර්පන නීතිය හා පවතින ගිවිසුම්වලට අත්පත් කර නැත්නම්, එම නීතිය යටතේ ඔහු මෙරටට ගෙන්විය නොහැකි බවත් ඒ පිළිබඳ විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් විමසිය යුතු බවත් හෙතෙම සඳහන් කළේය.
එසේ වුවද වංචා, දූෂණයට එරෙහි රටක් වන සිංගප්පූරුව, මේ අවස්ථාවේදී ඔහු මෙරටට එවීමට සහයෝගය දෙනු ඇතැයි අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී ඊයේ (06) පැවැති මාධ්‍ය හමුවේදී සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවැසීය.
මෙරට පුරවැසිභාවය හෝ නැති පුද්ගලයෙකු මහබැංකු අධිපති ධුරයට පත් කළේත් පසුව එල්ල වූ චෝදනාවලදී ඔහු ආරක්ෂා කළේත් අගමැතිවරයා සහ හිටපු මුදල් ඇමැති රවි කරුණානායක මහතා බැවින් ඔහු මෙරටට ගෙන්වීමේ වගකීමද ඔවුන් සතු බව අමැතිවරයා සඳහන් කළේය.

Those behind Mahendran’s appointment SLFP wants action taken

The Sri Lanka Freedom Party (SLFP) claimed that action should be taken against those who spearheaded the appointment of the former Central Bank Governor Arjuna Mahendran, instead of focusing attention on his impending arrest.  Minister of Science, Technology and Research Susil Premajayantha, responding to media queries yesterday (6) said two possible routes could be taken with regard to Mahendran, if the former Governor, who is accused of colluding with and divulging sensitive information to external parties in violation of various laws, does not return to the country from Singapore. The Colombo Fort Magistrate, earlier last week, hearing a complaint filed in connection with the issuance of Treasury Bonds at the Central Bank, named Mahendran as a suspect in the case and issued notice on him, to make an appearance before 15 February.  According to Premajayantha, the local law enforcement can extradite Mahendran with the assistance of the Singaporean Government or request the INTERPOL to arrest him and produce him as an international fugitive.   However, ethically, the responsibility of this lies with the Prime Minister. He was the one who invited Mahendran to take up his position. And he has stated this very clearly in his affidavit to the Presidential Commission of Inquiry. It was on his confirmation that the former Minister of Finance recommended the appointment of Mahendran. Any ordinary person can understand that the responsibility of appointing Mahendran lies with the Prime Minister.

ඇලෝසියස්-පලිසේන රහස් පොලිසියට වමාරයි.. රනිල්, රවි, සුජීව, රෝසි සියළු නම් හෙලි කරයි.. 10 වෙනිදායින් පසු අලූත් ආණ්ඩුවක්..

රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිටින අර්ජුන් ඇලෝසියස් හා කසුන් පලිසේන විසින් රහස් පොලීසියට ලබා දී ඇති කට උත්තරවල අගමැති රනිල් වික‍්‍රමසිංහ, රවි කරුණානායක, අජිත් පී. පෙරේරා, සුජීව සේනසිංහ, රෝසි සේනානායක යන අයගේද නම් තිබෙනු ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී වීරකුමාර දිසානායක මහතා පවසයි.ඔහු මේ බව කියා සිටියේ අම්පාර නගර සභා ක‍්‍රිඩාංගණයේදී පැවති එක්සත් ජනතා නිදහස් සන්ධාන ජනරැළියක් අමතමිනි.
 දහ වෙනිදියාන් පසු මේ අණ්ඩුවේ සෙල්ලම් දැමූ අය ඉවත් කර අලූත් ආණ්ඩුවක් හදන බවද ඔහු එහිදී කියා සිටියේය.
https://youtu.be/-xW3jjIYY40

‘ආණ්ඩුවට මෙහෙම යන්න බෑ – මැතිවරණයෙන් පසු වෙනසක්’

2018 පෙබරවාරි මස 06 ප.ව. 03:12ආණ්ඩුවට තවදුරටත් මේ විදිහටම යන්න බැහැ. ජනාධිපතිතුමා මැතිවරණයෙන් පසු ජාතික තලයේ කඩිනම් වෙනසක් සිදුකරනු ඇතැයි විද්‍යා හා තාක්ෂන අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත මහතා අද (6) පැවසීය.

බැඳුම්කර වංචාවට එජාප ඇමැතුවරුත් අත්අඩංගුවට ගන්නවා – ඇමැති අමරවීර

2018 පෙබරවාරි මස 05 ප.ව. 07:35මහ බැංකු බැඳුම්කර වංචාවට සම්බන්ධ එජාප ඇමැතිවරුන් මැතිවරණයට පෙර හෝ පසු අත්අඩංගුවට ගැනීමට නියමිත බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් ධීවර ඇමැති මහින්ද අමරවීර මහතා පැවසීය.

දූෂණයට හොරකමට එරෙහිව මුල්‍ය විනයක් ඇතිකිරීමේ පුළුල් ජාතික ව්‍යාපාරයක් ඕනෑ

2018 පෙබරවාරි මස 05 පෙ.ව. 11:11පසුගිය දශක කිහිපයේදී සංවර්ධනයේ ජාතික ප්‍රමුඛතා නොසලකා දේශපාලන පෞද්ගලික න්‍යාය පත්‍රයන් තුළ කරන ලද ඇතැම් සංවර්ධන කටයුතු ජාතික ආර්ථිකයට අයහපත් ප්‍රතිඵල ලබා දී ඇති බවත්, එබැවින් සංවර්ධනයේ ජාතික ප්‍රමුඛතා හඳුනාගෙන ඒ අනුව කටයුතු කිරීම ඉතාමත් වැදගත් බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (4) පැවැසීය.

එජාපය පිරිසිදු කරන්න ලොන්ඩ්‍රියක දමාවත් බෑ – ඇමති අමරවීර

2018 ජනවාරි මස 27 ප.ව. 05:52එක්සත් ජාතික පක්ෂය ලොන්ඩ්‍රියක දමාවත් පිරිසිදු කළ නොහැකි පක්ෂයක් බවට පත්ව තිබෙන බවත් මෑතකදී ජනාධිපති තුමාගේ අතට පත් වූ ජනාධිපති කොම්ෂන් සභා වාර්තා දෙකෙන් එක්සත් ජාකි පක්ෂයේ හා ගිය ආණ්ඩුවේ හිටිය හොරු කවුද යන්න රටට හෙලි දරුව් වී ඇති බවත් එක්සත් ජනතා නිදහස් සංධානයේ ප්‍රධාන ලේකම් ඇමති මහින්ද අමරවීර මහතා අද (27) දින අගුණකොලපෑලැස්සේ පැවති ජන හමුවකදී පැවසීය.

ආණ්ඩුව වෙනස් කරන්න අවශ්‍යනම් 2020දී බලමු – දුමින්ද දිසානායක

2018 ජනවාරි මස 26 ප.ව. 04:49ආණ්ඩුව හෝ ජනපතිවරයා හොඳ නැත්නම් හා ආණ්ඩුව වෙනස් කිරීමට අවශ්‍යනම් නම් ඊට 2020 දී උත්සහ කරමු යැයි ද මෙම අවස්ථාවේ සියලු භේද පසෙකලා ගමට සංවර්ධනය ගේමු යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.

 

Fight against corruption is the self defence  – President

Addressing the nation on the occasion of the 70th independence anniversary celebrations at the Galle Face in Colombo today (February 4), the President said that a broad national movement against corruption is essential for the self defence . Very True

එජාපය සමග හවුල් ආණ්ඩුව 2020 තෙක් ගෙනයනවා..- ශ‍්‍රීලනිප මධ්‍යම කාරක සභාව නොතකා මහ ලේකම් කියයි…

2020 වසර වන තුරුත් මේ වත්මන් ආණ්ඩුව රැගෙන යන බවටත් 2020 න් පුසව ඇරඹෙන ජනාධිපතිවරණයෙන් පසුව තිනි ආණ්ඩුවක් යටතේද ජනාධිපතිවන්නේ වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බවට ශ්‍රීලංකා නිදහස් පක්ෂ මහලේකම් හා කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා කියා සිටියේය.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ඊයේ04) රාත්‍රියේ වව්නියාව ඇටඹගස්කඩ ප්‍රදේශයේ පැවති ශ්‍රීලංකා නිදහස්පක්ෂ ජන හමුවකට සහභාගී වෙමිනි.

What’s said at election time shouldn’t be taken seriously: Ravi

What is said by the President or the Prime Minister during election time should not be taken seriously. We will have to consider these matters in the future,” he told journalists during an election campaign at Bloemendhal.

 

Proper if Ravi steps down: PM

Prime Minister Ranil Wickremesinghe is reported to have indicated that it will be proper if UNP MP Ravi Karunanayake steps down from his post as the assistant leader of the party.

This was revealed by the Prime Minister, when he presided over a meeting with the leaders of the parties aligned with the UNP.

 

Unity Govt will continue till 2020 – Ranil

Addressing political meetings in the Anuradhapura and Polonnaruwa Districts he said the Government would complete its full term in office, which ends in 2020.

The Prime Minister said that it was the United National Front which had the majority in Parliament and that the UNF leaders had decided that the Unity Government would continue until its official terms ends.

He added that the UNF leaders also decided to seek the cooperation of President for this. Premier Wickremesinghe also assured that there was no need to panic as all the Parties which helped President Sirisena to be elected to power, were all united and the Government would go on until the term of Parliament and the President were ended.

ඡන්දයෙන් පසුත් දිගටම ජාතික ආණ්ඩුව.. ජනාධිපතිගේ ප්‍රකාශ මැතිවරණයට පමණයි.. – අගමැති

බැදුම්කර හරහා තමාගේ පිරිසිදු භාවයට කිසිදු හානියක් නොවු බවත්, පලාත් පාලන මැතිවරණය නිසා ජනාධිපතිවරයා මැතිවරණ දේශපාලන වේදිකාවේ සිට මැතිවරණය නිසා දරුණු ප්‍රකාශයන් කරන බවත්, ඒත් මැතිවරණයෙන් පසුව කිසිම උපද්‍රවයකින් තොරව මෛත්‍රී-රනිල් ජාතික ආණ්ඩුව ඉදිරියටත් පවත්වාගෙන යන බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද සන්ඩේ ටෛම්ස් පුවත්පත වෙත ප්‍රකාශ කොට ඇත.

ඒ එම පුවත්පත වෙත සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමිනි.

‘I will resign from the office of President after giving appropriate punishments to corrupt politicians’ – President

2018-01-19 10:43:09

‘Some people ask questions as to when I will resign from the office of President, I will leave the presidency after giving appropriate punishments to corrupt politicians,’ President Maithripala Sirisena said.

 

අති බහුතරයකින් ආණ්ඩුව පරාදයි.. සමීක්‍ෂණයෙන් හෙලි වුණා..- ඇමති සුසිල් මාධ්‍ය හමුවේ හෙලි කරයි..[Video]

වත්මන් ආන්ඩුව මෙරට අති බහුතර ජනතාව විසින් මේ වන විටත් ප‍්‍රතික්‍ෂෙප කර ඇති බව ඇමති සුසිල් පේ‍්‍රම්ජයන්ත් මහතා පවසයි. ජනමතය සම්බන්ධයෙක් කරන ලද සමීක්‍ෂණවලින් මේ බව පැහැදිලිව හෙලිවී ඇති බවත ඇමතිවරයා සදහන් කරයි. ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

One Response to “Local Government Election -පළාත් පාලන මැතිවරණයේ කථා (Updated)”

  1. Nimal Says:

    Pot calling the kettle black, forgotten the sad mining racket where I had to buy the same sand that went pass Kandy(where mining was restricted) and was sold in Maiyagana.Silted(unmined sand) sand under the Peradenya bridge will damage that bridge and flood that town and clog the lower water intake built in the middle of the river. We have a buru culture just can’t move to the new age, wearing the national amude shows their reluctance to move forward.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress