බෙල්ලන්විල විමලරතන හිමියන්ගේ අපවත්වීමට හේතු සඟවන්නේ ඇයි?
Posted on February 8th, 2018

බෙල්ලන්විල විමලරතන හිමියන්ට එක්වරම ඇතා පහරදුන් හැටි විස්ථර කලේ ඒ අසල සිට දුවවිත් හිමියන් බේරාගත් ඇත්ගොව්වායි.

බෙල්ලන්විල විමලරතන හිමියන්ට එක්වරම ඇතා පහරදුන් හැටි විස්ථර කලේ ඒ අසල සිට දුවවිත් හිමියන් බේරාගත් ඇත්ගොව්වායි.
ඔහු කී පරිදි ඇතා හිමියන්ගෙන් කෑම උදුරා ගත් සැනකින් හිමියන් බිම වැටුන බවත් ඉන්පසු ඇතා දළ දෙකෙන් අනින්නට තැත්කල මුත් හිමියන් දළපාරින් බේරුනමුත් හිසෙන් තද කර හිමියන්ව හොඬ්වැලින් උත්සනලද බවත්ය.

නමුත් බෙල්ලන්විල විමලරතන හිමියන්ගේ පෞද්ගලික ලේකම් ලසන්ත රත්නායක කියන්නේ ඇතාට පලතුරු කවන කොට බෙල්ලන්විල හිමියන් පය ලිස්‌සලා වැටුණා බවයි. පය ලිස්‌සලා වැටුණ පමනින් කිසිම කෙනෙකුගේ ඉලඇට මෙවන් අන්දමින් කැඩීමක් සිදුනොවන බව වැඩිදෙනෙකුගේ මතයයි.

නමුත් බෙල්ලන්විල විමලරතන හිමියන්ගේ පෞද්ගලික ලේකම් ලසන්ත රත්නායක කියන්නේ අපේ නායක හාමුදුරුවෝ “මියන් කුමාර්” කියන මේ ඇතාට හරිම ආදරෙයි. ඇතත් උන්වහන්සේට ඒ වගේම පුදුම ගෞරවයක්‌ දැක්‌වූවේ. ඇතා උන් වහන්සේට ගැහුවා නොවෙයි. හාමුදුරුවෝ ඇතාට පලතුරු කවන කොට පය ලිස්‌සලා කොන්ක්‍රීට්‌ බැම්මක්‌ මත වැටිලයි උන්වහන්සේ අනතුරට ලක්‌ වුණේ.” යෑයි අපවත් වී වදාළ මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනාහිමිපාණන්ගේ පෞද්ගලික ලේකම් ලසන්ත රත්නායක මහතා පැවැසීය.

අපවත් වී වදාළ බෙල්ලන්විල රාජමහා විහාරාධිකාරී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනාහිමිපාණන්ට සිදු වූයේ කුමක්‌ද යන්න බෙල්ලන්විල රාජමහා විහාරස්‌ථානයේදී විමසූ අවස්‌ථාවේ ඔහු එසේ කියා සිටියේය.

තවදුරටත් කතා කළ අනුනාහිමිපාණන්ගේ පෞද්ගලික ලේකම්වරයා මෙසේද කීය.

“අපේ හාමුදුරුවෝ මේ මියන් කුමාර්” ඇතාට හැමදාම කෑම දෙනවා. උන්වහන්සේට දණ ගහලා වැඳලයි කෑම කන්නේ. ඇත් ගොව්වා හාමුදුරුවෝ වැඩ සිටින ආවාස ගොඩනැඟිල්ල පැත්තට රැගෙන ආවාම අපේ හාමුදුරුවෝ පලතුරු කවනවා.

“නමුත් මේ සිද්ධිය වුණු පෙබරවාරි 02 වැනිදා මේ ඇතා බලා ගන්න හිටපු ඇත්ගොව්වා නිවාඩු. එයා ගෙදර ගිහිල්ලයි හිටියේ. මේ නිසා හාමුදුරුවෝ තනියෙන්ම ඇතා හිටපු තැනට ගියා. එතකොට වෙලාව උදේ 9.00 ට ඇති. හාමුදුරුවෝ තනියෙන්ම ඇතාට පලතුරු කවමින් ඉඳලා තිබෙනවා. ඒ පලතුරු කවනකොට හාමුදුරුවෝ පය ලිස්‌සලා බිම වැටිලා තිබෙනවා. එතැන තිබුණු කොන්ක්‍රීට්‌ බැම්මක්‌ මතටයි උන්වහන්සේ වැටිලා තිබුණේ. මේ සිද්ධියත් සමඟ ඇතා බයවෙලා පස්‌සට ගිහින් තිබෙනවා.

“ඇතා හාමුදුරුවන්ට ගැහුවා නෙමෙයි. ඇතා ගැහුවා නම් හාමුදුරුවන්ව පාගනවා විතරක්‌ නොවෙයි එහෙනං එතැනට කාටවත් එන්න දෙන්නෙත් නැහැ. හාමුදුරුවෝ වැටුණු බව මට ආරංචි වීමත් සමඟ මා එතැනට ගියා. පස්‌සේ මම උන්වහන්සේව කළුබෝවිල මහ රෝහලට අරන් ගියා. රෝහලට අරන් යන කොටත් අපේ හාමුදුරුවෝ කිව්වේ ඇතාට කෑම කවද්දී පය ලිස්‌සලා වැටුණා කියලයි. රෝහලේ වෛද්‍යවරුන් කිව්වෙත් හාමුදුරුවන්ගේ ඉලඇටලට හානි වෙලා තිබෙනවා කියලයි. හාමුදුරුවන් හොඳ සිහියෙන් සිටියා. කතා කළා. ඉදිරියේ විදේශ රටවල හාමුදුරුවන්ට පවත්වන්නට තිබෙන දේශන නිසා මේ සැත්කම ඉක්‌මනට කරගෙන හොඳ වෙන්න ඕන කියලත් කිව්වා. එයට යැමට අවශ්‍ය ගුවන් ටිකට්‌පත් මිලදී ගන්න ඕන කියලත් උන්වහන්සේ මට කිව්වා.

“අන්න ඒ නිසයි උන්වහන්සේව කළුබෝවිල රෝහලේ ඉඳලා නාරාහේන්පිට පුද්ගලික රෝහලකට රැගෙන ගියේ. උන් වහන්සේට පැය 10 ක සැත්කමක්‌ එම රෝහලේදී සිදු කළා. සැත්කම සාර්ථකයි කියලත් වෛද්‍යවරු කිව්වා. පෙබරවාරි 03 වැනිදා උදේ 6.00 වෙන කොට සැත්කම කරලා තිබුණා. නමුත් උදේ 10.30 ට විතර හාමුදුරුවන්ට හාට්‌ ඇටෑක්‌ එකක්‌ ඇවිල්ලයි උන්වහන්සේ අපවත් වුණේ. නමුත් ගොසිප් වල ප්‍රචාරයක්‌ ගිහින් තිබුණා හාමුදුරුවන්ට ඇතා ගහලා කියලා

ලසන්ත රත්නායකගේ ප්‍රකාශයේ පැහැදිලි නැති කරුණු කිහිපයක් ඇත.

1.කළුබෝවිල රෝහලේ ඉඳලා නාරාහේන්පිට පුද්ගලික රෝහලකට රැගෙන ගියේ ඇයි.?

2.කළුබෝවිල රෝහල නාරාහේන්පිට පුද්ගලික රෝහලට වඩා සැත්කම් පිලිබදව ඉතා උසස් තත්වයේ ඇගැයීමක් ඇත්බව නොදන්නේ ඇයි.?

3.වයස අවුරුදු හැටකට වැඩි රෝගීන්ට ශල්යකර්මයකින් පසු නිසොල්මන් හෘදය ඇණ හිටීම ( ‘silent’ heart attacks) සිදුවිය හැකි බව නාරාහේන්පිට පුද්ගලික රෝහලේ වද්යවරු නොදැන සිටියාද?

4.මේවැනි නිසොල්මන් හෘදය ඇණ හිටීම් ( ‘silent’ heart attacks) වලින් මේයට ප්‍රථමයෙන්ද ලංකාවේ ප්‍රසිද්ධ හිමිවරු අපවත් වුබව නොදන්නේද?

5. එසේ දැන සිටියනම් රුධිරය පරික්ශා කිරීමෙන් නිසොල්මන් හෘදය ඇණ හිටීම වැලක්විය හැකිව තිබූ බව පුද්ගලික රෝහලේ වද්යවරු නොදැන සිටියාද?

‘Silent’ heart attacks remain a significant risk after surgery

Embargo 0001H UK time Friday 20 September-The Association of Anaesthetists of Great Britain and Ireland (AAGBI)
A call is made today for increased awareness of ‘silent’ heart attacks that may follow surgery. In a session at this week’s Annual Congress of the Association of Anaesthetists of Great Britain and Ireland (AAGBI), Professor Daniel I. Sessler, Michael Chudahy Chair of the Department of Outcomes Research at the Cleveland Clinic, Ohio, USA, will present evidence that about one in 11 patients having major non-cardiac surgery will have a heart attack, and among these one in 10 will die within 30 days… -Full Story-
 (LankaWeb – 04/02/18)

 

3 Responses to “බෙල්ලන්විල විමලරතන හිමියන්ගේ අපවත්වීමට හේතු සඟවන්නේ ඇයි?”

  1. Hiranthe Says:

    Even if the Elephant had attacked the great monk, he will not reveal that because this itself is sufficient for Yahap to remove all the elephants from Temples. They are waiting for an opportunity to take out elephants from our Pereheras.

    This is the plan of the West to slowly destroy Buddhism.

    The country had lost a gem of a great son of Mother Lanka.

  2. Hiranthe Says:

    Even if the Elephant had NOT attacked the great monk, the caretaker can tell that he saw the Monk being attacked by the Elephant. It would cost less than $1,000 to twist his tongue… Just Rs. 100,000 will do the $1.0m worth of a damage to SL in the eyes of the West and India.

    I can’t understand what the writer is trying to achieve through this article. Is he justifying the so called ‘”silent’ heart attacks” they induced to other great Montks such as Soma Hamuduruwo and Sobita Hamuduruwo?? Is he trying to prove that they died naturally and they were not murdered??

    Whom he is trying to fool?? Is it again an election drama??

  3. NeelaMahaYoda Says:

    Hiranthe
    Certainly they died naturally after a silent heart attack. But the patients were managed poorly. Read the medical article shown below the report.

    Silent heart attacks are clinically silent, with no physical signs or symptoms to show that they have occurred. It is only through testing blood for the biomarker troponin that such heart attacks can be detected.

    Prof. Sessler has emphasised that currently few postoperative patients get troponin screening in developed countries, but available data suggest that many more should do so that timely treatments can be provided for those who have a heart attack.

    I think the purpose this article is to warn everyone that there is a reasonable chance that patients over 45 years of age can easily get this complication after an operation and also that government hospitals in Sri Lanka are properly equipped to handle it.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress