ජයග්‍රහණය සාමාකාමීව භුක්ති විදිමු
Posted on February 11th, 2018

මාධ්‍ය නිවේදනය මහින්ද රාජපක්‍ෂ ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති  

මෙවර පලාත් පාලන මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබමින් සිටින බව නන් දෙසින් ලැබෙන පුවත් වලින් සනාථ වේ. අනේක විධි බාධා මැද මෙවන් සුවිශේෂී ජයග්‍රහණයක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ලබා දුන් ශ්‍රී ලංකාවේ සියළුම ඡන්ද දායකයින්ට මගේ ප්‍රණාමය පුදකර සිටිමි. ශ්‍රී ලංකාවේ විපාක්‍ෂික බලවේගය වන ඒකාබද්ධ විපක්‍ෂය ඉතිහාසයේ අන් කවරදාකටත් වඩා ඉතාමත්ම දුෂ්කර හා පීඩාකාරී තත්වයන් යටතේ මේ ජයග්‍රහණය ලබාගෙන තිබේ.

පසුගිය වකවාණුවේ තමන් ආණ්ඩුව පැත්තෙන් කොතරම් පීඩනයකට, දඩයමකට ලක් වී සිටියත්, ජනතාව අපට ලබා දී ඇති මේ විශිෂ්ඨ ජයග්‍රහණ ඉතාමත්ම සාමකාමීව, සංවරයකින් යුතුව, පරාජිත පාර්ශව වලට අගෞරවයක් සිදුනොවන ආකාරයට භුක්ති විදින මෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ තරඟ කළ සියලුම පාර්ශව වලින් මම සහෝදරත්වයෙන් ඉල්ලා සිටිමි. අප මේ රටේ ඡන්ද දායකයන්ට උපහාර දක්වන ප්‍රධානම විදිය එය බව කවුරුත් සිහිපත් කළ යුතු වේ.

ශ්‍රී ලංකාවාසී ජනතාවට ජයවේවා !

ඔබ සැමට තෙරුවන් සරණයි.

මහින්ද රාජපක්‍ෂ

ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති  

2 Responses to “ජයග්‍රහණය සාමාකාමීව භුක්ති විදිමු”

  1. ranjit Says:

    We always listened to you Sir so don’t worry be happy as we have won the hearts and minds of the people again in this country. People needs your leadership and guidance to take our country out of this mess which Yamapalanaya created. Stand tall and lead us for a better future for all citizens in this country to live happily ever after.

  2. Indrajith Says:

    2018 පලාත් පාලන මැතිවරණ ප්‍රථිඵලය මෙරට ප්‍රගතිශීලි,
    දේශමාමක ජනතාව ලැබූ විශිෂ්ඨ ජයග්‍රහනයක්!

    තරඟයේ වීරයා වීමල් වීරවංශ මන්ත්‍රී තුමා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress