මෛත්‍රීපාලයි, එජාපෙයි, ජවිපෙයි එකට ඉල්ලුවානම් මහින්ද පරාදයි කියන කතාවට පිළිතුරු.
Posted on February 14th, 2018

එජාප මැතිවරණ පරාජයේ පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වන එජාප මරණ පරීක්ෂකවරුන් විසින් අපූරු සොයාගැනීමක් කරගෙන තිබේ. ඔවුන් පවසන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ ඡන්ද ප්‍රතිශතය 2015 ජනාධිපතිවරණයට සාපේක්ෂව අඩු වී ඇති බවත්, මෛත්‍රීපාල+එජාප+ජවිපෙ එකතු ව ඉල්ලුවානම් එය එදා 2015 ජනාධිපතිවරණයේ ප්‍රතිශතයට වඩා වැඩි බවත් ය. නමුත් මෙම තර්කය පදනම් විරහිත පට්ට පල් කෙප්පයකි. ඊට හේතු පහතින්.

[1]. 2015 ජනාධිපතිවරණයේදී හංස සධානය ඡන්දය ඉල්ලුවේ එකම ප්‍රතිපත්තියක් ජනතාව වෙත ඉදිරිපත් කරමිනි. ඔවුන් එකිනෙකා විවේචනය කර ගත්තේ නැත. ඒ අනුව ඔවුන් එකම දේශපාලන ප්‍රවාහයක් ලෙස සලකා ජනතාව ඡන්දය දෙන ලදී.

එනමුත් මෙවර එජාපෙත්, මෛත්‍රීපාලත්, ජවිපෙත් වෙන වෙනම ඡන්දය ඉල්ලන ලදී. ඔවුන් එකිනෙකා බරපතල ලෙස විවේචනය කර ගත් බව ඔවුන්ගේ මැතිවරණ කතා දෙස බැලීමෙන් ඔබට පැහැදිළි වේ. මේ සියලුම දෙනා පොහොට්‍ටුව විවේචනය කරන අතරේ, මෛත්‍රීපාල පැවසූයේ එජාපය හොරු බවයි. එජාප හොරුන්ට පාඩමක් ඉගැන්වීමට තම පක්ෂයට ඡන්දය දෙන ලෙස ඉල්ලුවෝ ය. එජාපය පැවසූයේ මෛත්‍රීපාල ගාව සිටින්නේ හොරු බවයි. තනි එජාප ආණ්ඩුවක් පිහිටවීමට එජාපය ඡන්දය ඉල්ලුවෝ ය. ජවිපෙ කිව්වේ ඒ දෙගොල්ලොම හොරු බවයි.


Photo Credit: economynext.com

ඒ අනුව එජාපෙ කෙරෙහි කළ කිරුණ එජාප පාක්ෂිකයන් මෛත්‍රීපාලට හෝ ජවිපෙට ඡන්දය දෙන්නට ඇත. නමුත් ඔවුන් එකතුව ආවානම් ඒ කාටවත් ඔවුන් ඡන්දය නොදී ගෙදර සිටිනු ඇත. එලෙස වෙන් වෙන්ව පොරොන්දු සහ සටන් පාථ කියමින් තරග වැදුණ පක්ෂ වල ඡන්දය එකතු කර පෙන්වීම තරම් මෝඩ වැඩක් ලොවෙත් නැත.

මෙය උදාහරණයකින් කිවහොත්, ශ්‍රී ලංකාව, එංගලන්තය සහ අයර්ලන්තය සහ ඕස්ට්‍රේලියාව ක්‍රිකට් තරගාවලියක් පවත්වා ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළා යැයි සිතමු. එවිට ශ්‍රී ලංකාව දින්නට වැඩක් නෑ. සුදු ජාතිකයන්ගේ රටවල් වන අපේ රටවල් වල ලකුණු එකතු කළොත් ශ්‍රී ලංකාව උඩින්ම පරාදයි” කියා ඒ රටවල් කිවහොත්,,, අන්න ඒ වගේම මෝඩ කතාවකි මේ එජාපේ සමහරුන් කියන්නේ. අතනදී ඒ රටවල් එකම ටීම් එකකින් ආ යුතුයි වගේම, මෙතනදීත් හංස සංධානය තනි පක්ෂයකින් ආවොත් මිස වෙන් වෙන්ව ඉල්ලා අපි වැඩියි කීම ජාත්‍යන්තර විහිලුවකි.

ෆේස්බුක් එකේ පළ වූ තවත් කදිම උදාහරණයක් මෙන්න.

 

[2]. එජාපයේ ඡන්ද පදනමට වූ දේ එජාප පශ්චාත් මරණ පරීක්ෂකවරුන්ට හසු නොවීමත් පුදුමයකි.

2015 පාර්ලිමේන්තු මැතිවරණයේදී එජාපය තනිව තරග වැදුන අතර එහිදී එජාපය ලබා ගත්තේ ඡන්ද 5,098,916 [මූලාශ්‍රය]

නමුත් 2018 පළාත් පාලන මැතිවරණයේදී එජාපය ලබා ගත්තේ ඡන්ද 3,625,510 කි. [මූලාශ්‍රය] කොහොමද වෙනස?

එදා සිටි එජාප පාක්ෂිකයන් මේ වන විට මිලියන 1.5 ක් පමණ සිය පක්ෂය ප්‍රතික්ෂේප කර ඇත.

[3]. ඒ අතර මහින්ද රාජපක්ෂ මැතිතුමන් තනියම ඇවිත් 2015 පාර්ලිමේන්තු මැතිවරණයට වඩා ඡන්ද ලබාගෙන ඇත.

2015 පාර්ලිමේන්තු මැතිවරණයේදී  මහින්ද+මෛත්‍රීපාල එකතුව ලබා ගත් ඡන්ද ප්‍රමාණය 4,732,664 [මූලාශ්‍රය]

නමුත් 2018 පළාත් පාලන මැතිවරණයේදී මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ පක්ෂය තනියම ලබා ගත් ඡන්ද ප්‍රමාණය 4,968,762 දක්වා වැඩි විය. [මූලාශ්‍රය]

[4]. අප ජනපතිවරණ සටනක සිටියේ නැත. පක්‍ෂයක මැතිවරණ උපක්‍රම හා ප්‍රචාරයන් ඉලක්කගත වන්නේ ඉන් අපේක්‍ෂිත අවසන් ප්‍රතිඵවලට සාපේක්‍ෂව ය. පොහොට්ටුවට අවශ්‍ය වූයේ හැකි තරම් ආයතන දිනා ගැනීම මිස ඡන්ද ප්‍රතිශතය සියයට 50 ඉක්මවා යෑමට නොවේ. ප්‍රතිශත මෙහි දී අදාළ නොවන්නකි.

[5]. 71% ක ඉක්මවා ගිය පළාත් පාලන ආයතනය ප්‍රමාණයක් (340න් 239ක්) ලැබීම සිතා ගැනුමට පවා නොහැකි ප්‍රතිශතයකි. පොහොට්ටුව තනිව පළාත් පාලන ආයතන 239 සමග සභිකයින් 3,369ක් (44.65%) සහ ස්වාධීන කණ්ඩායම් 3 ක්, තිරප්පනේ නයා, මහරගම බයිසිකලය, මහියංගන රයිනෝ ද ජයගෙන ඇත. ඒවා ඉහත ගොන්නට එකතු වී නැත. එජාපය (රනිල් + මනෝ ගනේශන් + රිෂාඩ් බදියුදීක් + රාවුෆ් හකීම්) යන සියල්ල ද සමග ලබාගෙන ඇත්තේ 32.63% කි. සභික ප්‍රමාණය 2385කි. කෙසේ වෙතත්, තනි එජාපය 1970+ පමණකි. එජාපය සිටින්නේ එවන් පහළ අඩියක ය.

[6]. අලුත බිහි වූ පක්ෂයක් සහ ඊට නායකත්වය දුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විසින් (එජාපෙට අනුවනම් නායකයට මන්ත්‍රීකමක්වත් නෑ , ජී එල් පීරිස් මහත්තයාගේ පක්ෂෙනේ), රටේ විධායක ජනාධිපතිවරයාගේ පක්ෂයත් අගමැතිවරයාගේ පක්ෂයත් කිසිදු දේශපාලන හෝ ජනමාධ්‍ය බලයක් නැතිව පරාජය කරන ලද මැතිවරණයකි මේ. මහින්ද රාජපක්ෂ මැතිතුමන් ඒ ජයග්‍රහණය ලැබුවේ ජනතාව කෙරෙහි විශ්වාසය තබා ඔවුන්ගේ ඉල්ලීම් වලට හිස නැවූ බැවිනි (ප්‍රධානතම ඉල්ලීම: මෛත්‍රීපාල සමග කිසි සේත්ම මැතිවරණයේදී එකතු නොවන්න)

එජාපය විසිනුත් මේ රටේ ජනතාව ලබා දුන් අන්න ඒ ඓතිහාසික ජනතා තීන්දුවට හිස නමා තම වැරදි නිවැරදි කරගන්නවා වෙනුවට, එකිනෙකට විරුද්ධ පක්ෂ වල ඡන්ද එකතු කර ජනතාවට කොකා පෙන්වීම හරහා ජනතාව විසින් එජාපය තව තවත් ප්‍රතික්ෂේප කරන තත්ත්වයට ඇද දමා ඇත.

 
තවත් අයටත් බලන්නට SHARE කරන්න

2 Responses to “මෛත්‍රීපාලයි, එජාපෙයි, ජවිපෙයි එකට ඉල්ලුවානම් මහින්ද පරාදයි කියන කතාවට පිළිතුරු.”

  1. Dilrook Says:

    Numbers don’t agree with this.

    In January 2015, Sirisena contested under DNA with the combination of UNP, JVP, TNA and a fraction of SLFP. DNA won 51% of the vote or 6.2 million votes. Mahinda contested from the UPFA and won 47% of the vote or 5.8 million.

    In February 2018, constituent parties of the DNA contested separately. If their votes are added, they won 53% of the vote or 6.2 million votes. Mahinda’s SLPP managed 45% of the vote or 5.2 million votes.

    Clearly, DNA parties in total retained their 6.2 million votes and gained 2%. Mahinda’s party lost 600,000 votes from 2015 and 2%.

    If DNA parties contested separately in 2015 January presidential election, they would have lost to Mahinda. But it is a different story when they contested together. This same theory applies to all SLFP governments before 2010. Had the constituent parties of UF (1960, 1970), PA (1994, 2000) and UPFA (2004) contested separately, UNP would have won all those elections. Unity is strength (for anyone).

  2. Ananda-USA Says:

    Any Govt that does not have ex-President Mahinda Rajapaksa as PM is NOT ACCEPTABLE to the majority of Voters who DELIVERED that VERDICT on Feb 10, 2018.

    The Nulum Pohottuwa that BLOOMED on that MEMORABLE DAY is Mahinda Rajapaksa, and Mahinda Rajapaksa is the Nelum Pohottuwa!

    However, as a CARETAKER Govt until General Elections are called EARLY as Mahinda/SLPP had demanded, this is PREFERRED compared to CONTINUED governance by the Yamapalanaya or the UNP-ONLY.

    What is IMPORTANT to realize here is that the VOTERS REJECTED the Anti-National POLICIES of the UNP-led Yamapalanaya, not just a few Yamapalana leaders, including the Prime Minister.

    Therefore, NOTHING SHORT of SWEEPING the STABLE CLEAN of the PILED-UP DUNG HEAP is SUFFICIENT. EVEN uniil a Parliamentary MANDATE is obtained through GENERAL ELECTIONS in a FEW MONTHS!

    Thank you my DEAR Sri Lankan PATRIOTS; you have DISCHARGED YOUR DUTY to DEFEND and PROTECT our Resplendent Isle with COMMITTMENT that would our FOREFATHERS PROUD of YOU!

    JAWAWEWA …. DESHAPREMINI …. JAYAWEWA!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress