අගමැති ධුරයෙන් අස්වූ සැනින් දෑතට මාංචු වැටෙනු ඇතැයි රනිල් බයෙන්..
Posted on February 17th, 2018

 lanka C news

අගමැතිවරයා විසින් වගකීම බාරගෙන අර්ජුන් මහේන්ද‍්‍රන් සිංගප්පුරුවේ සිට මෙරටට ගෙන්වූ ආකාරයටම දැන්ද ඔහු ගෙන්වා නීතිය හමුවට පමුණුවන ලෙස ඍහුගනේ ඉල්ලා සිටින්නේ යයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී රොෂාන් රණසිංහ මහතා පවසයි.

අගමැති ධුරය නැති වූ සැනින් දෑතට මාංචු වැටෙනු ඇතැයි අගමැති රනිල් වික‍්‍රමසිංහ බිය වී සිටින්නේ යයිද මන්ත‍්‍රීවරයා කියයි

අගමැති ධුරයෙන් අස්වූ සැනින් දෑතට මාංචු වැටෙනු ඇතැයි රනිල් බයෙන්..

මේ වන විටත් ජනතා අධිකරණය හමුවේ අගමතිවරයා වරදකරු කර අවසන් බවත් එනිසා ප‍්‍රජාතන්ත‍්‍රවාදීව ධුරයෙන් ඉවත් වී යන්නැයි ඉල්ලා සිටින බවත් මන්ත‍්‍රීවරයා කීවේය.

එක්සත් ජනතා නිදහස් සන්දාන මන්ත‍්‍රීවරුන් 96 දෙනා එක්ව සිටගන්නේ නම් හෙට ආණ්ඩුවක් හදන්නේ යයි කී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට දැන් එම අවස්ථාව උදා වී ඇති බවත් ඔහු දැන් සන්ධාන ආණ්ඩුවක් සෑදිය යුතු බවත් මන්ත‍්‍රීවරයා වැඩි දුරටත් පැවසීය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress