ජෝ සෙනෙවිරත්න අභාවප්‍රාප්ත වේ.
Posted on February 21st, 2018

අවමංගල

මාධ්‍යවේදියෙකු, පුවත්පත් කතුවරයෙකු, මානවවාදී දේශපාලන ක්‍රියාකාරිකයෙකු, හිටපු පළාත් සභා අමාත්‍යවරයෙකු සහ විශිෂ්ට ග්‍රන්ථ පරිවර්තකයෙකු වූ ජෝ සෙනෙවිරත්න මහතා පසුගිය දාහත්වන සෙනසුරාදා අභාවප්‍රාප්ත විය. දශක පහකට ආසන්න කාලයක් දේශපාලනික සහ මාධ්‍ය කටයුතුවල නිරත වූ සෙනෙවිරත්න මහතා පසුකාලීනව ඕෂෝ සංවාද පෙළ සිංහලට පරිවර්තනය කරමින් සිංහල පාඨකයාට එම සංවාද හඳුන්වා දීමේ පුරෝගාමියෙකු වූවේය. හැටේ දශකයේ මුල් භාගයේදී කොමියුනිස්ට් පක්ෂයෙන් දේශපාලනයට අවතීර්ණව , වෘත්තීය සටන් නායකයෙකු ලෙස සටන් කර ජාතික ගැටළුව තුළ වාමාංශික ක්‍රියාධරයෙකු ලෙස ජනවාර්ගික සංහිඳියාව උදෙසා මැදිහත් වූ මූලිකයෙකි. මිය යන විට ඔහු පරිවර්තනය කොට තිබූ ග්‍රන්ථ සංඛ්‍යාව විසි පහකි.


ජෝ සෙනෙවිරත්න මහතාගේ දේහය මහජන ගෞරවය සඳහා පෙබරවාරි 23 වන සිකුරාදා උදෑසන 8.30 සිට 24 වන සෙනසුරාදා සවස දක්වා බොරැල්ල ජයරත්න අවමංගල්‍ය ශාලාවේ තැන්පත් කර තැඛෙන අතර දේහය පිළිබඳ අවසාන කටයුතු සෙනසුරාදා(24) සවස 4 ට බොරැල්ල කණත්තේ දී සිදු කෙරේ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress