රනිල් නෙරපන්න එජාපයේ යෝජනාවක්
Posted on February 23rd, 2018

එක්සත් ජාතික පක්ෂයේ තරුණ සහ රැඩිකල් මන්ත්‍රීවරුන් විසින් පසුගිය දිනකදී සිරිකොත පැවති රැස්වීමකදි බහුතරයේ කැමැත්ත මත සම්මත කරගනු ලැබුවේ මසක් ඇතුලත පක්ෂයේ නායකත්වය ඇතුළු ඉහළ තනතුරු රැසක් ස්ථිර වශයෙන් වෙනස් විය යුතු අතර එසේ සිදු නොවුනහොත් සිය ආසන සංවිධායක ධුර වලින් සියළු දෙනා ඉල්ලා අස් වන බවටයි.

කෙසේවෙතත් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සජිත් ප්‍රේමදාස මහතාගේ යටතට පත්කළ යුතුයැයි ජ්‍යෙෂ්ඨයෝ පිරිසක් කල යෝජනාවේදී රනිල් වික්‍රමසිංහ මහතා අහක බලාගත් අතර පිළිතුරු දීමෙන්ද වැලකී සිටියා.

පසුදා නැවතත් රැස්වූ කමිටුව ඉදිරිපිටට සජිත් ප්‍රේමදාස මහතා කැඳවාගෙන ආ රනිල් වික්‍රමසිංහ මහතා සජිත් ප්‍රේමදාස මහතා හට කමිටුව ඉදිරිපිට අදහස් ප්‍රකාශ කිරීමට අවස්ථාවක් ලබා දෙනලදී. එහිදී සජිත් ප්‍රේමදාස මහතා තමා පක්ෂයේ භාරකත්වය නොගන්නා බවත් ඊට සුදුසු පුද්ගලයා රනිල් වික්‍රමසිංහ මහතා බවත් ප්‍රකාශ කර සිටියා.

එමෙන්ම ජනාධිපතිවරයා ලඟට සජිත් ප්‍රේමදාස මහතා සහ කරූ ජයසූරිය මහතාද විටින් විට කැඳවාගෙන එමින් රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයාට ප්‍රකාශ කර සිටියේ ඔවුන් අගමැතිකම භාර නොගන්නා බවයි.

එමෙන්ම රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් මාධ්‍ය ඇමතීමේ වගකීම සජිත් ප්‍රේමදාස මහතාට පවරන ලදී.

පක්ෂයතුල රැඩිකල් කණ්ඩායමටද අමාත්‍ය දුර සහ විවිධ විෂය පථයන් ලබාදීමට අග්‍රාමාත්‍ය වරයා මේ වන විට සැලසුම් සකස් කර තිබෙනවා. සජිත් ප්‍රේමදාස, හරින් ප්‍රනාන්දු, හර්ෂ ද සිල්වා, නවීන් දිසානායක, බුද්ධික පතිරණ, සුජීව සේරසිංහ, වසන්ත සේනානායක ,රන්ජන් රාමනායක ඇතුළු පිරිසකට වැඩි වාසි සැලසෙන අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් කිරීමටද අග්‍රාමාත්‍ය වරයා පොරොන්දු වී තිබෙනවා. එම වරප්‍රසාදයෙන් අග්‍රාමාත්‍ය වරයා පෙරලා බලාපොරොත්තුවන්නේ එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට විරුද්ධව නැඟී සිටීමෙන් වලකින බවට පොරොන්දුවයි.

රනිල් විරමසිංහ මහතා පක්ෂ නායකත්වය තමාගේ ලග තබාගනිමින් සෙසු තනතුරු වෙනස්කිරීමට හා එයට විරුද්ද නොවීමට ඒ ජා ප රැඩිකල කණ්ඩායම මේ වනවිට හරවාගෙන අවසන්.

ගෙවුණු සතියේදී ද රැඩිකල් කණ්ඩායම විසින් මසක කාලයක් තුල පක්ෂ නායකත්වය වෙනස් නොවුන හොත් තමන් ඉල්ලා අස් වන බව සඳහන් කරමින් කභීර් හෂීම් මහලේකම් වරයාට යැවීමට නියමිතව තිබු ලිපිය තවමත් මහලේකම් වරයාගේ අතට පත්වී නොමැති බවද අප වාර්තාකරු සඳහන් කරනවා.

කෙසේවෙතත් සුපුරුදු පරිදි එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට එරෙහිව ආ බලවේග නැවත වතාවක් පරාජය කිරීමට රනිල් වික්‍රමසිංහ මහතාට හැකි වී ඇති බව දේශපාලන විචාරකයින් ප්‍රකාශ කර සිටිනවා.

එක්සත් ජාතික පක්ෂයේ සිරිකොත රැස්වීමේදී තීරණය කල රැඩිකල් වෙනසක් බලාපොරොත්තු වූ තරුණ නායකයින්ගේ ඉල්ලා අස් වීමේ ලිපිය සෙසු පුද්ගලයින් මතක් කිරීම පවා අදවනවිට ඔවුන් අප්‍රිය කොට සලකනවා

2 Responses to “රනිල් නෙරපන්න එජාපයේ යෝජනාවක්”

  1. Ancient Sinhalaya Says:

    Traitor chief die hard catholic token Buddhist Walking Crime Bomb with the timer set for 10-20 years Mega Thief
    Mega Thakkadiya Bay Gal Kaaraya Batalande Wadakaya Pol Pot r@ nil wickrama Sinhala killer is a liability to the
    traitor anti Sinhalese, anti Sri Lanka, anti Buddhist UNPatriotic party. If these deshapalu low lives want to survice
    they should get rid of the Wadakaya before it destroyed this pathetic party is wiped out from Sri Lanka. We
    sincerely hope the traitor low life thieves will be wiped since these deshapaluwan digging the grave for Sri Lanka,
    Buddhism and the Sinhalese race for more than 40 years. Why? Because these low lives expect traitor tamils,
    mussies and catholics votes to get into power and they dance to the tune of the catholic west. Sinhalese? They
    are no use to us at all. So we fool some of those Sinhalese donkeys and get into power. Plunder, plunder,
    murder (Sinhalese only) and then disappear to enjoy the loot. Then come back with brand new mega lies and
    back to plunder and murder (Sinhalese only). It is so easy, nobody bothers to open their mouths, mussie dies
    we can get him out of grave and use it again and again to fool Sinhala modayas.

    Being a token Buddhist Batalande Wadakaya hasn’t learnt something very important in life. That’s a day going
    to come whether you are harak obama or Putin you going to need other people to even get out of bed etc. Old age going to come to any creature alive one day. That’s Buddhism to you Wadakaya. Wadakaya is fast approaching
    that day now. With the bad karma it has done still doing, suffering has already started for the paapatharaya. You can see how the low life struggling to hang on to the pathala man job and traitor UNPatriotic party leadership. Unfortunately for it, like in the 80s it is difficult to get rid of potential leaders like Gamini D, Athulathmudali etc.

    After all traitor alugosuwa (to Sinhalese only – the doormat in Sri Lanka when UNPatriotics ruling)
    lk porisadaya’s son waiting in the wings to choke the wadakaya. You can see wadakaya now trying to hang on
    to dear life. It’s going to get worse and worse for you monster. Think about the innocent people you are responsible
    for torture and killing (Sinhalese only of course, tyre pyres, eyes gorged out while alive like Wijedasa L, etc. etc.) with your C brigade police top brass and C brigade deshapaluwan. Those Sinhalese were also people, and they also felt pain surely. For you and your C brigade what mattered was they were Sinhalese Buddhists. So the s-lon tubes with barbed wires in the back, headless corpses in rivers, tyre pyres in town centres etc. etc. Think about your bad
    karma and suffer and suffer in this life. Nobody is going to pity you paapa tharaya. Now it is your turn to suffer r@ nil Batalande Wadakaya. Ditta dhamma vedaniya kamma to you r@nil!

  2. Leela Says:

    පාර්ලිමේන්තු චන්ද නැති උනාට පලාත් සභා චන්ද ලඟ එනවා. ප්‍රවනතාවයන් පැත්තකට තියමු. මහින්දගෙ පොහොට්ටුවට මෙවර ලැබුන 45% ට සිරිසේනගෙ ශ්‍රිලනිපට ලැබුන 13%න් 10%ක් එකතු උනොත් රටේම චන්ද වලින් 55%ක් ලැබෙනවා. එවිට රනිල්ගෙ යූඑන්පියට මෙවරට වඩා අන්ත පරාජයකට මුහුන දෙන්න වේවි. වෙන්න යන දේ තේරැම් ගත් එජාපයෙ තරැන මංත්‍රි කැල/රැල රනිල් පන්නන්න ෆුල් ට්‍රය් එක දෙනවා. රනිල් පක්ෂ නායක කම බේර ගන්න ට්‍රය් කොරනවා. ජාතියන්තරය රනිල්ව රැක ගෙන ශ්‍රි ලංකාව වනසන ෆෙඩරල් ව්‍යවස්තාව සම්මත කොරන්න ට්‍රය් කොරනවා. සිරිසේන?

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress