ජනතාවට එකම විසදුම ගෝටා කියයි.. දේශපාලනය උණුසුම් කරමින් ගෝටාභයගෙන් නිවේදනයක්..
Posted on February 28th, 2018

 ගෝඨාබය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම් 

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.

නීතිය අවනීතිය කරණ වත්මන් රජයේ පොලිස් විමර්ශණ

පසුගිය කාලය පුරා අවන්ගාර්ඩ් මැරිටයිම් සර්විසස්, රක්නා ලංකා ආරක්ෂක සේවා, ගුවන් හමුදාවට මිග් යානා මිලදී ගැනීම, ඩී ඒ රාජපක්ෂ පදනම වැනි විෂයන් රාශියක් යටතේ විවිධ විමර්ශණ පවත්වමින් මගේ චරිතය ඝාතනය කිරීමට උත්සාහ දැරූ වත්මන් රජයේ අලුත්ම ප්‍රයත්නය වන්නේ හිටපු පුවත් පත් කතෲ වරයෙකු වන ලසන්ත වික්‍රමතුන්ංග මහතාගේ ඝාතනයට මගේ සම්බන්ධයක් ඇතැයි රටට ඒත්තු ගැන්වීම බව හා ඒ මගින් හෝ මා අත් අඩංගුවට ගැනීමට හේතුවක් සොයාගැනීම බව මෑත කාලීන ප්‍රවෘති හා ආන්ඩු පක්ෂයේ විවිධ දේශපාලනඥයින්ගේ ප්‍රකාශ වලින් පෙනී යයි.

පසුගිය සතියේ රජයට සම්බන්ධ ආරංචි මාර්ග උපුටා දක්වමින් පසුගිය සතියේ එක්තරා වෙබ් අඩවියක පවසා තිබුනේ දැනට අත් අඩංගුවේ පසුවන පොලිස් නිලධාරියෙකුගේ සාක්ෂි අනුව ලසන්ත ඝාතනයට හමුදා බුද්ධි අංශ සම්බන්ධ බවත්, එවකට ජාතික බුද්ධි අංශ ප්‍රධානී වූ මේජර් ජෙනරාල් කපිල හෙන්දවිතාරණ යටතේ හමුදාවේ ඝාතන කල්ලියක් ක්‍රියාත්මක වූ බවත් එකල හෙන්දවිතාරණ වාර්ථා කලේ ගොඨාභය රාජපක්ෂට බවත්ය.

මෙය පැහැදිලිවම ජනතාව නොමග හැරීමට හා සත්‍ය තොරතුරු වසන් කිරීමට ගන්නා හාස්‍ය ජනක උත්සාහයකි. ලසන්ත වික්‍රමතුංග ඝාතනය වූ කාලයේ මේජර් ජෙනරාල් කපිල හෙන්දවිතාරණ හමුදා සේවයෙන් විශ්‍රාම ගොස් සිටි අතර ඔහු ආරක්ෂක අමාත්‍යාංශයේ ජාතික බුද්ධි අංශ ප්‍රධානී තනතුර දරමින් ජාතික ආරක්ෂාව පිලිබඳ උපදේශන හා සම්බන්ධීකරණ කටයුතුවල පමනක් නියැලී සිටියේය. ජාතික බුද්ධි ප්‍රධානී යනු හමුදාවට අයත් නොවන ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පැවති සිවිල් තනතුරක් පමනක් නිසා කපිල හෙන්දවිතාරණ යටතේ කිසිදු හමුදා ඛන්ඩයක් ක්‍රියාත්මක නොවීය.

හමුදා බුද්ධි අංශ වල පාලනය ඇත්තේ යුධ හමුදාව යටතේ මිස කපිල හෙන්දවිතාරණ රාජකාරි කල ආරක්ෂක අමාත්‍යාංශය යටතේ නොවේ. හමුදා බුද්ධි අංශ ක්‍රියාත්මක වන්නේ යුධ හමුදා බුද්ධි අධ්‍යක්ෂක මන්ඩලය යටතේයි. එවකට එහි ප්‍රධානියා වූයේ අධ්‍යක්ෂක ජෙනරාල් ප්‍රධාන මාන්ඩලික බ්‍රිගේඩියර් අමල් කරුණාසේකරයි. ඔහු වාර්ථා කලේ හමුදාපතිවරයාටයි. මේ කියනා අවධියේ හමුදාපතිවරයා වුයේ ලුතිනන් ජෙනරාල් සරත් ෆොන්සේකා වූ අතර යුද්ධයේ උච්චතම අවස්ථාව වූ මේ කාලයේ හමුදාපති සරත් ෆොන්සේකාගේ අනුදැනුමෙන් තොරව කිසිදු බුද්ධි අංශ හමුදා ඛන්ඩයක් ක්‍රියාත්මක වුවා විය නොහැකි බව ජාතික ආරක්ෂක කටයුතු පිලිබඳ අල්පමාත්‍ර අවබෝධයක් හෝ ඇති අයෙකු දනී.

මෑත කාලීන දේශපාලන මඩ ප්‍රචාරණ වලට අනුව ලසන්ත ඝාතනය සිදු වූයේ මිග් ගුවන් යානා පිලිබඳව මා හට එරෙහිව ඔහු විසින් කරන්නට ගිය හෙලි කිරීම් නිසාය. මේ සාවද්‍ය ප්‍රකාශය කරනා අයට අමතක වී ඇති කරුණ නම් මිග් ගුවන් යානා පිලිබඳව මට අපහාස වන ආකාරයට අසත්‍ය ප්‍රවෘතී ප්‍රචාරය කිරීම පිලිබඳව ලසන්ත කතෘත්වය දැරූ සන්ඩේ ලීඩර් පුවත් පතට මා විසින් එදා නඩු පැවරූ බවය. එම නඩුවෙන් මා දිනු අතර, අසත්‍ය චෝදනා කිරීම පිලිබඳව සමාව ඉල්ලා ප්‍රසිද්ධ නිවේදනයක් පලකරන ලෙස උසාවිය විසින් ලසන්තගේ පුවත් පතට නියෝග කරන ලදී. ඒ අනුව සන්ඩේ ලීඩර පුවත්පත ප්‍රසිද්ධියේ මගෙන් සමාව ඇයැද සිටියේය.

ලසන්ත වික්‍රමතුංගගේ චෝද්නාවලට මා පිලිතුරු දුන්නේ ඒ ආකාරයට ගෞරවාන්විතව රටේ පවතින නීතිය තුලය. පුවත්පත ප්‍රසිද්ධියේ වරද පිලිගෙන සමාව ඉලලා සිටි නිසා ඉන් ඔබ්බට මා හට ඔවුන් සමග ගැටලුවක් නොතිබුනි.

නමුත් මෙහිදී මතක් කල යුතු වැදගත් කරුණක් නම් ලසන්ත ඝාතනය වන්නට සති කිහිපයකට පෙර ඔහු විසින් එවකට හමුදාපතිව සිටි සරත් ෆොන්සේකාවද දැඩිලෙස විවේචනය කරමින් ලිපි පෙලක් ලියන ලද බවයි. නමුත් මේ සම්බන්ධයෙන් සරත් ෆොන්සේකා මා කලාක් මෙන් නීතිමය ක්‍රියාමාර්ගයක් ගත්තේ නැත. විවේචනය පිලිබඳ දැඩිලෙස කුපිතව සිටි ඔහු ඒ සම්බන්ධයෙන් ගත් ක්‍රියාමාර්ගය කුමක්ද කියාත් අද ලසන්ත ඝාතනය ගැන පක්ෂාග්‍රාහී විමර්ශණයක් පවත්වන රහස් පොලීසිය සොයාබැලිය යුතුය. වෙනත් කරුණක් සඳහා වරක් රහස් පොලීසිය මගෙන් ප්‍රශ්ණ කල අවස්ථාවක ලසන්ත ඝාතනය සිදුවූ අවධියේ කොළඹ ප්‍රදේශයේ මෙහෙයුම් බාරව සිටි 112 බල සේනාධිපති බ්‍රිගේඩියර් කැප්පෙටිවලාන යන නිලධාරියා යටතේ සිටි හමුදා ඛන්ඩ වල ක්‍රියාවන් ගැන සොයා බලන ලෙස මම රහස් පොලීසියට පැවසුවද දේශපාලන බලපෑම් මත එය සිදු නොවූ බව පෙනීයයි.

එදා විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ලසන්ත ඝාතනය ගැන පාර්ලිමේන්තු වරප්‍රසාද යටතේ ඍජුවම චෝදනා කලේ හිටපු අමුදාපති සරත් ෆොන්සේකාටය. හිටපු කතානායක වරයෙකු වන ජෝෂප් මයිකල් පෙරේරාද එයට සමාන ප්‍රකාශයක් කලේය. මේ අය අද බලයේ පැමින සිටිනා නමුත් හුදෙක් දේශපාලන අරමුණු මුල් කරගෙන එදා ඔවුන්ම කල චෝදනාව අමතක කොට ලසන්ත ඝාතන විමර්ශනය වෙනතකට හැරවීමේ දීන ප්‍රයත්නයක යෙදී සිටිති.

ලසන්ත ඝාතනයට හේතුව අපාහාසාත්මක ලිපි නම් ඔහුගේ අපහාසයට ලක්ව එයට එරෙහිව නඩු මගට ගිය මා ගැන සෙවීමට අද පොලීසියට තිබෙන උනන්දුව ලසන්තගේ අපහාසයට ලක්ව ඔහුට එරෙහිව කිසිදු නීතිමය පියවරක් නොගත්, එසේම ලසන්ත ඝාතනය කලායැයි සැකකරනු ලබන හමුදා බුද්ධි අංශ වලට අණ දිය හැකි බලයක් එදා තිබුන හිටපු හමුදාපති සරත් ෆොන්සේකා ගැන සොයන්නටත් පොලීසියට තිබිය යුතුය.

විශේෂයෙන්ම වර්ථමාන අගමැතිවරයා එදා ලසන්ත ඝාතනය සම්බන්ධයෙන් චෝදනා කලේ එවකට හමුදාපති වූ සරත් ෆොන්සේකාට නිසා අද රනිල් වික්‍රමසිංහ මහතා යටතේම තිබෙන පොලීසියට එදා ඔහු කල චෝදනාව ගැන පරීක්ෂණ අරඹන ලෙස නියෝගයක් දීම පහසුවෙන්ම කල හැක. ඒ වෙනුවට අද කුහක දේශපාලනඥයින් කරන්නේ නරියාට කුකුල්ලු බාර දුන්නාක් මෙන් සරත් ෆොන්සේකාට පොලීසිය බාර දිය හැකිදැයි යෝජනා කිරීමයි.

අවසාන වශයෙන් රටේ ජනතාවට අප කිවයුත්තේ හුදෙක්ම දේශපාලන අරමුණු මුල්කරගෙන පොලීසිය පවා බොරු සාක්කි නිර්මාණය කිරීමේ කටයුත්තට යොදා ගනිමින් වර්ථමාන රජය ගෙන යන මර්ධනකාරී වැඩපිලිවෙල ලංකාවේ නීතිය ක්‍රියාත්මකවන ආකාරය පිලිබඳව රට තුල පමනක් නොව ජාත්‍යන්තරවද මහත් අපකීර්තියක් ගෙන එමට හේතුවන බවය.

නීතිය අවනීතිය වූ රටක පුරවැසියන්ට ඇති එකම විසඳුම අයුක්තියට එරෙහිව නැගී සිටීමයි. එහෙයින් ලෝකයේ බොහෝ රටවල බිහිවූ මෙවැනි දුර්දාන්ත රජයන් අවසානයේ ජනතාව විසින්ම පලවා හැරියාක් මෙන් නුදුරු අනාගතයේදීම ශ්‍රී ලාංකික ජනතාවද මේ අසාධාරණයන්ට නිසි පිලිතුරු දෙනු ඇත.

ගෝඨාබය රාජපක්ෂ
හිටපු ආරක්ෂක ලේකම්

10 Responses to “ජනතාවට එකම විසදුම ගෝටා කියයි.. දේශපාලනය උණුසුම් කරමින් ගෝටාභයගෙන් නිවේදනයක්..”

  1. Christie Says:

    Who killed Lasantha?

    Another job by India and Indian Colonial Parasites. Sunday Leader Media mob is an Indian outfit.

    Lasantha was just an employee who was used to brainwash the locals.

    Killing him and putting the blame on Sinhalese was a smart move by India and Indian Colonial Parasites to get more leverage from the West against the then government..

    I am sure Pakiyasothi and Weliamuna are aware of the killing but may not know who exactly killed him.

    Looking at the killing and other information, opinions and discussions; it is Indian thugs (thugs are Killers of goddess Kali) who killed him. Such thugs have been operating in Ceylon since Ceylon became a part of the British-Indian Empire. These thugs have been a part and parcel of the Indian Parasites’ business model in the Indian Empire with police and the legal system.

    Who ran Sunday leader was well aware of Lasantha’s movements and whereabouts.

    My concern is the life of Gota.

    What Indian plans for his life because I know India and Indian Parasites want to get rid of him because he is the key for the wiping out of the Indian terrorists.

  2. Vaisrawana Says:

    The ordinary Sri Lankan voters who voted against the yahapalana gangsters are not idiots. They know that you are not guilty of any wrong doing. We are all behind you, sir.

    Readers, please check out the following link for Gota’s Facebook response to yahapalana attempts to implicate him in alleged crimes that he has nothing to do with:

    My response to defamatory article in Sunday Island https://www.facebook.com/gotabayar/posts/959072757591373

  3. Dilrook Says:

    The only way to change regimes is by a vote.

    People must use their vote to change regimes. Just to clarify a possible misinterpretation, the term “අයුක්තියට එරෙහිව නැගී සිටීම” should not be wrongly interpreted as that people must rise up against injustice. They should not. Absolutely no uprisings and any means of regime change other than due elections.

    Instead they should use their vote when due national elections come in 2019 and 2020.

    I’m sure the former Defence Secretary meant vote and elections that are due in 2019 and 2020 for regime change. All those who incite violence or interference with the courts should be violently dealt with under the law.

  4. ranjit Says:

    Many dictatorship dirty governments and rulers have been toppled and destroyed by people’s power in various parts of the world and no need to topple a govt by using only the vote. If a govt doesn’t listen to the people, there will be a time when people will make them to listen by any means. This Yamapalanaya has failed in everything and their own people say it’s a horrible government and their leaders are cheating and looting the country. Some say they are making a drama and so on. So Gota is correct people will never stay idle while these yamaballo destroy our beautiful land and looting the banks. Their lies and bogus promises were rejected by the people last Feb 10th and showed their anger towards these yamaballo in Yamapalanaya. Enough is enough these thieves must hand over the country to someone who can do and leave if not only god knows what will happen to this country by their treacherous policies. This is the time for people’s power to raise up against this anti sinhala, anti buddhist hora clique who listens only to their masters America and Indian parasites. When our people suffer and dying these rulers enjoy jazz music and wine with the Satan and the Indian parasites. They pump millions to stop Rajapaksa’s coming back to power. They are wrong. Ordinary poor citizens are with them always. JAYAWEWA to all patriots and sinhala buddhist population in this country. Minorities who loves my country sincerely and ready to call Sri Lanka is their home can live harmoniously anywhere in this country with the majority Sinhala population if not choose your own country and leave without making problems for our peaceful country.

  5. Ananda-USA Says:

    Well said, ranjit.

    The PEOPLE are SOVEREIGN .

    When their PREVIOUS ELECTED REPRESENTATIVE become DEAF to their pleas, the PEOPLE are entitled to deploy their SOVEREIGN POWER to OUST the DEAF RULERS.

    That kind of FORCEFUL OUSTING represents a FAILURE of the PROCESS OF GOVERNANCE, and should be the LAST RESORT of the PEOPLE to ASSERT and ENFORCE their SOVEREIGNTY.

    That is why in most civilization democracies, leaders RESIGN when it is PROVED BEYOND DOUBT that they have LOST THE CONFIDENCE of the people.

    Unfortunately, the Yamapalana Leaders do not have that DECENCY and COMMITTMENT to ABIDING by the CRYSTAL CLEAR WISHES of the people.

    They may LIVE TO RUE THE DAY when they CHOSE to IGNORE the WISHES of the SOVEREIGN PEOPLE.

    Let us hope and pray that our beloved Motherland, that has so far AVOIDED such calamities, including MILITARY COUP-DE-ETATS since INDEPENDENCE, will not have to undergo such a STAIN on its UNBLEMISHED record of peaceful transfer of power BOWING TO THE WISHES OF ITS SOVEREIGN PEOPLE.

  6. Charles Says:

    Vote is not the only way to change Governments. USA and the west does it using the CIA and Economic hitmen.

    In Egypt and Tunisia it is people who changed the governments of their countries, by rising up in mulitudes demanding the rulers to step down.

  7. ranjit Says:

    I respect you Ananda for your comments always. We are not fools to listen to these corrupt politicians day and night and stay idle. We have the right to fight the wrong decisions our ruling elite takes without the consent of the people. See the anger of the people on various issues around the country? Any fool can see something is wrong in governing the country. These corrupt politicians trying to hide the truth and hoodwink the masses. We cannot allow them to fool us anymore. We need to stand straight with our two legs without any fear. Be brave Sinhalese and show this evil clique that we don’t like them or their masters America and the Indian parasites.

  8. Charles Says:

    They should stop their reconcilian processes. It has given no results. It is still the Sinhala who contribute to reconciliation while the Tamil in Sri Lanka and in the diaspora do not care a hoot for reconciliation but threaten the governments in different ways to give in to their demands. Can you reconcile with Father Emamanuel ? Can you reconcilcile with the whabists and jehadists. We should begin to treat them as Sri Lankans and nothing more and nothing less. Otherwise we should strengthen our armed forces and put these Tamil and Muslim Criminals in their place.

  9. ranjit Says:

    Very true Charles, very true. “We should treat them as srilankans and nothing more nothing less” that’s all if not let them go to hell with their treacherous reconciliation ideas. Bandit queen,Sira and Ranil the 🐐 goat just wasting our time talking about Sanhindiyawa and reconciliation all the time. They don’t mind wasting time because all the money they require for this given by America and the Indian parasites. The whole reconciliation effort is a farce. Those Tamils who talk about reconciliation and federal and the Muslims who talk about religious freedom, land distribution, separate identity should be severely dealt with a iron fist because if they go on like this, demanding sun and the moon both and make disturbances in our Motherland we won’t be able to stop them later on. We can give something but not everything. These two leechers hanging to Yahapalanaya to grab what ever they can from this weak Yamapalanaya government assisted by America and India. We need to change this horrible treacherous Yamapalanaya government as soon as possible.

  10. Lorenzo Says:

    Only a MILITARY-SANGHA takeover can save SL.

    People should NOT get involved. NO BASTILLE DAY!

    Some people say a FERNANDO will be next president. Harin Fernando or Priyaka Fernando? My choice is OBVIOUS – Brigadier Priyanka Fernando for president.

    DEMO-CRAZY FAILED SL.

    This is the reality. The world’s 2 largest DEMO-CRAZYS are anti-SL (USA and Endia). World’s most powerful dictatorships (China, Russia and Saudi) are SL friends.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress