පවතින රජය මෙතරම් පරාජයකට ගෙනයාමට හේතු වූ “මාගේ කියවීම” මැයෙන් වෘත්තීයවේදියෙකුගේ අදහස්.
Posted on March 1st, 2018

මැතිවරණය ගැන මගේ කියවීම”
By Dr. Ishantha Siribaddana – Chairman Java Institute for Advanced Technology

පහත දැක්වෙන්නේ Java Institute for Advanced Technology හි සභාපති ආචාර්ය ඉශාන්ත සිරිබද්දන මහතා විසින් මාගේ කියවීම” මැයෙන් පළ කළ ලිපියකි. 

පවතින රජය මෙතරම් පරාජයකට ගෙනයාමට හේතු වූ මාගේ කියවීම” සකස් කිරීමේදී ඇසට පෙනෙන්න තිබෙන කනට ඇසෙන කරුණු කාරණා මත තම තීරණ ගන්නා සාමාන්‍ය මහජනතාව හා යම් උගත් කමක් ඇති දත්ත තොරතුරු හා සංඛ්‍යා මත තීරණ ගන්නා විචාරශීලී මහජනතාව ලෙස කොටස් දෙකකට වෙන්කර ගනී.

සාමාන්‍ය මහජනයාගේ විරෝධයට හේතූන් …

ගමේ ජනතාවගේ සියලු මූලික අවශ්‍යතා ඉටු කරගැනීමට ඇති ප්‍රාදේශීය සභා වැඩපිළිවෙල මුළුමුනින්ම අඩාල කරමින් ප්‍රජාතන්ත්‍ර විරෝධීව යපාලනය යනු මහා මුසාවාදයක් බව එයින්ම හුවා දක්වමින් ප්‍රාදේශීය සභා චන්දය දේශපාලන වාසි ලබාගැනීම සඳහාම අනවශ්‍ය ලෙස කල් දැමීම.

පොරොන්දුවූ පරිදි ඇමති මන්ඩලය 25ට නොබැස්සවීම.

නොතෙමී යන්න කාර් දීම වෙනුවට වාහනයක් මහජනතාවවට හීනයක් පමණක් වන ලෙස මිල ඉහල දැමීම හා කල්බදු පහසුකම් ලබාගත නොහැකිවන ලෙස නීති පැනවීම.

අතිශයින් දුෂ්කර කාන්තාර හා හිමාලය වැනි කඳු වලට අන්තර්ජාලය ලබාදීම සඳහා භාවිතා කරන ගූගල් බැලූන් තාක්ෂනය 4ජි තාක්ෂනය පවා ලබාදී තිබූ ලංකාවට ගෙනෙනවායැයි ප්‍රකාශ කල පට්ටපල් බොරුව හරහා තරුණ පරපුර ගොනාට ඇන්දවීම පමණක් නොව ගූගල් බැලූන් යොදා ගමට වයි ෆයි කෙසේ වෙතත් 40% කින් බදු ඉහල දමා පෙර රජය සමයේ අඩුවට තිබූ ඩේටා වල පවා මිල දෙගුණයකින් ඉහල දැමීම.

අවබෝධතා ගිවිසුම් අත්සන් කරමින් ඉඩම් පෙන්වමින් ෆොක්ස්වැගන් කර්මාන්ත ශාලාවක් ස්ථාපිත කරන බවට මවන ලද දැවැන්ත කෙබරය, 51% රජයටත් 49% කොටස් වෙළඳ පොලෙත් ආයෝජනය කර ඇති ලංකා හොපිටල් ආයතනය ගෝටාගේ බව කීම වැනි මුසාවාද සමාජගත කිරීම හරහා බුද්ධිමත් මහජනතාව පවා ගොනාට ඇන්දවීම.

ඩුබායි හෝටල් රත්තරන් අශ්වයෝ ලැම්බෝගිනි මහින්ද රාජපක්ෂගේ බිලියන 18 වැනි කිසිසේත් ඔප්පු කල නොහැකි කරුණු හා චන්ද ගැනීමට පමණක් යෙදු බොරු මවාපෑම් වලට නායකත්වය විසින් ඉඩදීම තුල චන්ද වේදිකාවේ විහිලු සපයන්නන් බවට මහජනතාවට වගකිවයුතු දේශපාලකයින් පත් කිරීම.

යහපාලන රජය රටේ බහුතර ජන මනස පීඩාවට පත්කරමින් බදුබර හා බඩු මිල වැඩි කිරීම. දෛනික ජීවිතයේ සාමාන්‍ය මහජනතාවගේ මූලිකම අවශ්‍යතාවයක් වූ හාල් පොල්, රුපියල් 35ත තිබූ පොල් 125ටත් 60 ට තිබූ හාල් 90වට වැඩි කිරීම.

අදටත් ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 73% ක් ගොවිජනතාව බව අවබෝධ කර නොගෙන පොහොර සහනාධාරය අනුකම්පා විරහිතව කපා දැමීම හා කුඹුරු වෙනත් ප්‍රයෝජනවලට ගැනීමට හැකිවන ලෙස වෙනස් කිරීමට උත්සාහ කිරීමවැනි යෝජනා හරහා කඩිනම් මහවැලිය හරහා රට සහලින් ස්වයංපෝෂිත කිරීමට ගත් ජේ ආර් ජයවර්ධන වැඩපිළිවෙල පවා අවමානයට ලක් කිරීම.

තොරතුරු හුවමාරුව රටක වේගවත් දියුණුවට ඇති අත්‍යාවශ්‍යම සාධකය වන අතර දුරකථන බදු අධික ලෙස ඉහල දැමීම හරහා දුරකථන ඇමතුමක් ගැනීමේදී සාමාන්‍ය ජනතාවට ඒ ගැන සිතා බැලිය යුතු තත්වයට පත් කිරීම

රාජ්‍ය නිලධාරින් සිරගත කිරීම තුල කිසිඳු වැඩක වගකීම භාර නොගන්නා තත්වයකට රාජ්‍ය නිලධාරීන් ඇද දමා රාජ්‍ය සේවකයින් ගේ ගරුත්වය විනාශකර දැමීම.

පසුගිය රජය දිගු කාලයක් පැවතීමෙදී අත්දැකීම් මත හඳුනාගෙන දඬුවම් ලෙස පවා වෙන්කොට තබන ලද අකාර්යක්ෂම හා අදක්ෂ රාජ්‍ය නිලධාරීන් එක්සත් ජාතික පක්ෂයට දැක්වූ සහයෝගය නිසාම නැවත මුල්පුටුවලට පත් කිරීම හේතුවෙන් හොඳින් වැඩ කරමින් සිටි දක්ෂ කාර්යක්ෂම රාජ්‍ය නිලධාරීන් අධහිර්යමත් කොට රාජ්‍ය තන්ත්‍රයම අකාර්යක්ෂම කිරීම.

නිවැරදි නෛතික රාමුවක ගොඩනැගීමට අවශ්‍ය පරිදි බලතල තිබියෙදී FCID ය නීතියට පටහැනි ආකාරයට ස්ථාපිත කිරීම තුල එහි ක්‍රියාකාරිත්වය පිලිබඳ මහජනයාට කිසිඳු විශ්වාසයක් නොමැති බවට පත් කිරීම.

සිංහල බෞද්ධයාගේ අනාගත ඉරණම විදහා දැක්වෙන ලෙස විශේෂයෙන්ම දේශපාලන හේතු මත 60 කට අධික සඟරුවනක් සිරගත කිරීම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බුදු දහමට ඇති ප්‍රමුඛතාව ඉවත් කිරීමට පිඹුරුපත් සකස්කිරීම මූලික කොටගත් ක්‍රියාමාර්ඝ වල ඇති නොගැලපීම් වලට අමතරව විශේෂයෙන්ම බහුතරයක් වූ සිංහල බෞද්ධයාට සිදුකල දහසක් කෙනෙහිලිකම් හේතුවෙන් ජනතාව තුල ක්‍රමානුකූලව හා නොදැනුවත්වම ඇති කරනලද දැඩි කෝපය.

ජයග්‍රහනය තීරණය කිරීමේ බලය සිංහල හා විශේෂයෙන් සිංහල බෞද්ධ ඡන්දයම පමනක් බවවත් තේරුම් ගැනීමට තරම් හෝ උත්සාහ නොකර තෙවසරක කාලය තුල කටයුතු කිරීම.

සියලු සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක වූ වේගය අඩාළ කරමින් ඒවායේ වියදම වැඩි කරමින්, බොහෝ ව්‍යාපෘති ඒ තැන්වලම නවතා දමමින් හා ඉන් සමහර ව්‍යාපෘති වලට බිලියන ගණනින් වන්දි ගෙවා වැඩි ටෙන්ඩර වලට නැවත අරඹමින් යහපාලනයේ නොහැකියාව පෙන්වීම.

ගම්නියංගම් මට්ටමින් තිබූ දස දහස් ගණන් සංවර්ධන ව්‍යාපෘති සියල්ල එකවිට නවතා දැමීම නිසා ඒවායේ රැකියාවල නිරත වෙමින් එදා වේල යැපුණු කම්කරු රැකියා ලක්ෂ ගණනින් අහිමි කිරීම පමණක් නොව දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති පැවතීම නිසා ඒවායේ අනියම් වාසි ඈත ගමේ කොනේ සිටින වඩු පෙදරේරු පයිප්ප කරුවන් යනාදී සියලු වෘත්තිකයින්ට පවා ලැබෙමින් තිබූ උප කොන්තරාත් සියල්ල නතර වීම තුල ගම් මට්ටමට තිබූ මුදල් සංසරණය මුලුමුනින්ම නතර කිරීම.

සංවර්ධන ව්‍යාපෘතියක් අවසානයේ එහි ශිලාඵලකයේ කාගේ සංකල්පයක් අනුව කුමන කාලයක කව්රු විසින් එම ව්‍යාපෘතිය නිමකලේද යන්න සඳහන් කලවිට වසර කිහිපයක් ගතවූ පසු එය ඉතිහාසයට එක්වීම සාමාන්‍ය දෙයකි. එබැවින් මෙම ශිලාඵලකයේ තම නම ඇතුලත් කරගැනීමට දේශපාලකයින් කවදත් උනන්දුව දැක්වීය. එහි වරදක් නැත. එකල තොරතුරු තාක්ෂනය එතරම් නොදියුණු යුගයක වෙනත් පිරිසක් කලද එය තමාගේ මෙන් නම් කරගැනීමට හැකියාව තිබුණි. යහපාලනයද පෙර ක්‍රමයම අනුගමනය කරමින් පසුගිය රජය විසින් ආරම්භ කර වැඩ අවසන් අදියරේ තිබූ ව්‍යාපෘති වලට තම නම එක් කලෙ මහජන්තාවට පෙර මෙන් එතරම් දැනීමක් නොවේ යයි සිතා විය යුතුය. නමුත් සමාජ ජාල හරහා තරුණ පරපුර මේ පහත් ක්‍රියාව දනුවත් වීම නිසා එම ක්‍රියාවේ නිරතවූ යහපාලනය එම පිරිස අතිශයින් පිළිකුලට භාජනය වීම.

ගමක කුඩා ජල ව්‍යාපෘතියක් වැනි දහසක් කුඩා ව්‍යපෘති විවෘත්ත කලේ ගමේ ප්‍රාදේශීය සභාපතිවරයායි. වාහන හසුරවන සංඥ පුවරුවක් වැනි යමක් විවෘත්ත කලේ නගර සභාවේ සභාපතිවරයායි. පෙර රජය සමයේ මැති ඇමතිවරු එක්ව දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති විවෘත්ත කිරීම් දැක තිබූ මහජනයා යහපාලන සාමය තුල පෙර කී කුඩා ව්‍යාපෘති විවෘත කිරීමට පොරකමින් මැති ඇමතිවරු සහභාගී කරවීම සමාජ ජාල වල දැකීමට
හැකිවීමෙන් මැති ඇමතිවරුන් පමණක් නොව පූර්ණ යහපාලනයම් මහජනයා තුල විශේෂයෙන්ම තරුණ පරපුර තුල සැහැල්ලුවට හා විහිලුවට පාත්‍ර කිරීම.

ආනයනය මත පදනම් වූ වෙළදාම හා ආනයන මූලද්‍රව්‍ය මත පදනම් වූ දේශීය කර්මාන්ත කඩා වැටීමටත්, සමස්ත ව්‍යාපාර ක්ෂේත්‍රයේම පරිමාණය අඩු කිරීමට සිදුවන පරිදිත්, ඒවායේ රැකියා ප්‍රමානය අඩු කිරීමටත් සිදුවන පරිදිත්, වැටුප් වර්ධක ප්‍රසාද දීමනා පවා අත්හිටුවීමටත් සිදුවන පරිදිත් ඉතා කෙටි කාලයකදී ඩොලරය 130 සිට 156 දක්වා වැඩිකිරීම එනම් රුපියලේ අගය අවප්‍රමාණය කිරීම

මාතෘ භූමියේ ස්වාධිපත්‍ය අගය කරන ජාතියකට විජාතික ගැති භාවය ප්‍රදර්ශනය කිරමින් හා ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙමින් දමිල සිංහල මුස්ලිම් ජනප්‍රජාවටම නිදහස ලබාදුන් රණවිරුවන් යුධ අපරාධ කරුවන් යයි ජාත්‍යන්තරය ඉදිරියේ හංවඩු ගසා රණවිරුවන්ගේ නඩු විසඳීම සඳහා ජාත්‍යන්තර ගිවිසුම් වලට එකඟතාවන් ඵල කරමින් රණවිරුවන් නිසි නඩු විභාග නොමැතිව රක්ෂිත භාන්දනාගර ගත කරමින් ඔවුනට අවමන් කරමින් ඔවුන්ගේ අභිමානය විනශ කිරීමට සියලු වැඩ සලස්වමින් අවසාන වශයෙන් විශ්‍රාමික ආබාදිත රණවිරුවන්ගේ පඩිපත පවා කපා දැමීමට තරම් අවලජ්ජිතව කටයුතු කිරීම.

සිංහල විරෝධී මානසිකත්වය ඇතිව ඒ බව ප්‍රදර්ශනය කරමින් බොහෝ නායකයින් දිගින් දිගටම සමාජ ක්‍රියාමාර්ග වල නිරතවීම.

බෙදුම්වාදී ව්‍යවස්ථාවක් ගෙන ඒමට ජනමතයට විරෝධීව ගත් උත්සාහය හරහා බහුතර සිංහල ජාතියේත් හා සුළුතර ජාතීන්ගේ සැලකියයුතු ප්‍රතිශතයක් වූ ජනතාවගෙන් ප්‍රතික්ෂේප වූ බෙදුම්වාදී ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම.

බෙදුම්වාදයට විරුද්ධව ෆෙඩරල් ගෙනඒමට සැරසේනබව පෙන්වාදෙමින් එක්සත් ජාතික පක්ෂය හැරගිය නුවර විශාල ජනපදනමක් තිබූ ජන නායකයෙකු වන තිස්ස අත්තනායක මහතා බොරු ලියකියවිලි ඉදිරිපත් කාලායැයි සිරගත කල අතර එම සිරගත කිරීම විහිළුවක් බවට පත් කරමින් ෆෙඩරල් ව්‍යවස්ථාවක්ම ගෙන ඒමට සැරසීම තුල මේ යහපාලනනය කරනලද මුලාව සක්සුදක්සේ මහජනතාවට අවබෝධ වන්නට ඉඩ සැලැස්වීම.

හොරකම් අල්ලනවායයි ප්‍රතිඥා දී වංචා දූෂන ගැන කතා කර බලයට පැමින මහා පරිමාන හොරුන් බවට රජයේ ප්‍රබලයන්ම පත් වීම.

රාජ්‍ය සම්පත් විකුණා එම මුදල් පුනරාවර්තන වියදම් සඳහා යෙදවීම තරම් වූ නිර්ලජ්ජිත යහපාලන වැඩ පිලිවෙල.

ජාතියේ සම්පතක් වූ නවක උපාධිදාරින් හට රැකියා සැපයීම කෙසේ වෙතත් ඔවුනට කුඩා දීමනාවක් ගෙවා වැඩ පුහුණු කිරීමට රාජ්‍ය ආයතන වලට අනුයුක්ත කිරීමට සකසා තිබුණු වැඩපිළිවෙල මුළුමුනින්ම අකර්මනිය කර දැමීම තුල ඔවුන්ගේ තරුණ මානසිකත්වය පහලට ඇද දැමීම.

කොමිෂන් සභා නමට පමණක් සීමාවන පරිදි පිහිටුවා එම ආයතනවලට දේශපාලන පත්වීම් දීමට තරම් ප්‍රාථමික වීමත් නිවැරදි බඳවා ගැනීම් ක්‍රියාපටිපාටි අනුගමනය නොකිරීම.

කෝප් කමිටු රැස්වීම් වලට පමණක් සීමාවූ වූ අතර අදටත් කිසිඳු සැලකිය යුතු ප්‍රතිඵල නොපෙන්වීම.

බෞද්ධ විරෝධී මානසිකත්වයකින් බුදුරජානන් වහන්සේත් ලෙනින්ට පහලින් යයි සිතන, අධිමාන්නයෙන් හා අධිතක්සේරුවකින් යුතු නව ජවිපෙට ඔවුන්ගේ ප්‍රාරම්භක ප්‍රතිපත්ති හා ගාමක බලවේගය වූ විජේවීර ප්‍රතිපත්ති වෙනස් කරවීමට හා බටහිර ගැත්තන් බවට පත්කිරීමට මූල්‍යමය හා දේශපාලනමය අල්ලස් දීම හරහා ඔවුන්ව දේශපාලනික උපක්‍රම මගින් ධමනය කර ආරක්ෂා කරනවා වෙනුවට එසේ වෙනස්කලා වූ ඔවුන්ගේ පැවැත්ම තවදුරටත් තහවුරු කරමින් ඔවුන් සමග සහසංයෝගයෙන් කටයුතු කිරීම තුල රටක දේශපාලන සුභසිද්ධිය සඳහා අත්‍යාවශ්‍ය ප්‍රතිගාමක බලවේගය මුළුමුනින්ම විනාශ කිරීම.

1971 සහ 1989 රටේ පීඩිත අසරණ අවංක දරුවන් දසදහස් ගණනකට මරු කැඳවමින් කල සටන් අමතක කර දමා තම බඩවඩාගැනීමට අහිංසක පීඩිත තරුණයන්ගේ සිතුම් පැතුම් ධනපතියන්ට උගස් කර තම පැවැත්ම සඳහා ” ඕයේ ඔජායේ ” සමග උවත් එකට හිටගැනීමට හැකි ජවිපයක් බටහිර ගැත්තන් විසින් උපක්‍රම ශීලීව නිර්මාණය කලද ඔවුනට පැවරුන කාර්ය භාරය නිවැරදිව ඉටු කරවා ගැනීමට තරම් ප්‍රඥාවක් නොමැති වීම තුල ඔවුන්ගේ ප්‍රතිප්‍රහාරයටම ලක්වීම.

13 වන සංශෝධනය හරහා පළාත්සභා වලට ලැබී ඇති අසීමිත බලය සීමා ඉක්වීමවීම පාලනය කිරීමට ඇති එකම ක්‍රමය වන විධායක ජනාධිපති බලයට අභියෝග කරමින් රටේ ඒකීයභාවය භාවය හෑල්ලු කිරීම.

බහුතර සිංහල ජන මතයටත්, දකුණේ වැඩි සුළුතර ප්‍රතිශතයකගේ මතයටත් හා උතුරේ අඩු ප්‍රතිශතයක සුළුතර මතයටත් කිසිසේත් ගෝචරනොවූ බලය බෙදා හැරීම සහ ෆෙඩරල් යෝජනා තව තවත් සමාජගත කිරීමට දරන ලද උත්සාහය.

විදේශ බලපෑම් වලට යටවී රටට නොගැලපෙන විදේශ ප්‍රතිපත්තියක් හරහා බහුතර සිංහල ජාතියට අසාධාරණ වන අයුරින් සෙසු ජනවර්ග ජන අනුපාතයට නොගැලපෙන අයුරින් බලවත් කිරීමට දරන ලද උත්ත්සාහය.

ජාතියේ දරුවන්ගේ දේශාභිමානය දේශානුරාගය ඇතිකරවීම සඳහා පාසල් පත පොතේ ඇතුලත් කර තිබෙන ශ්‍රී ලංකාවේ ප්‍රෞඩ ඉතිහාසය ඉන් ඉවත් කිරීම තුල මතු පරපුර දේශයට පහල වන පැරචුට් කාරයින් බවටපත් කිරීම.

වැඩ නොකරන ගුරුවරුන් නිවැරදි ක්‍රම වේදයක් සකස්කර නිවැරදිව හඳුනාගෙන ගුරු මාරුවීම ලබාදෙනවා වෙනුවට පාසල් තුල දිගුකාලීනව සේවය කරමින් තම පාසලේ අභිමානය හා සමතුලිතතාවය ආරක්ෂා කල ගුරු මහත්ම මහත්මීන්ගෙන් පාසලට ඇති අවශ්‍යතාවය නිසිලෙස විශ්ලේෂනයක් නොකර හිටි හැටියේ එහාට මෙහා ගුරුමාරු ලබාදී ගුරුවරුන්ගේ සිසුන්ගේ හා දෙමාපියයන්ගේ අප්‍රසාදයට පත්වීම හා මුළු පාසල් පද්දතියම නිසිලෙස කළමානාකරණය කරගැනීමට නොහැකි තත්වට ඇද දැමීම.

මේ රටේ ත්‍රස්තවිරෝධී, බෙදුම්වාදයට විරෝධී, විජාතික ගැතිභාවයට විරෝධී, රාජ්‍ය සම්පත් විකිණීමට විරෝධී සුළුතර හා බහුතර ජනමතයට එරෙහිව විම.

ප්‍රබල දේශපාලන බළවේගයක් වූ ජාතික හෙළ උරුමයටද එහි ආරම්භක ගාමක බළවේගයට පිටුපා කැමැත්තෙන්, අකමැත්තෙන්, අනපේක්ෂිතව හෝ උපක්‍රමශීලීව සිය දිශානතිය වෙනස් කිරීමට අනුබල දී හෝ එසේ වීමට සලස්වා එහි තිබූ ප්‍රබල බව විනාශ කර ඉන් ගැනීමට තිබූ ශක්තිය වර්තමානයට පමණක් නොව අනාගතයට පවා ගැනීමට නොහැකිවන ලෙස විනාශ කිරමින් බෞද්ධ ජනබලයෙන් ගොඩනැගී එම ජනබලය බෞධයාට ආරම්භයේ සිටම කෙනෙහෙලිකම් කරන ප්‍රබලම දේශපාලන පක්ෂයට පාවා දුන් පාටලී චම්පික විකටයෙක් බවට පත්කරමින් ඔහුගෙන් කිසිඳු දේශපාලන වාසියක් මින්මතුවට යහපාලනයට හෝ කිසිදු දේශපාලන පක්ෂයකට ගැනීමට නොහැකිවන තත්වයට පත් කිරීම.

කුඩා දරුවෙකුට වුවද අවබෝධ වන දෙයක් වූ එකට තරඟ කලයුතුව තිබූ ජනපති අගමැති බලවේගය හතරට වෙන්වන්නට ඉඩහැර මෙම මැතිවරණයෙදී යහපාලන රජයේ සෑම අතකින්ම ඇති අකාර්යක්ෂමතාව තවදුරටත් තහවුරු කිරීම

එමෙන්ම යුද්ධය පවතින සමයේ තොප්පිගල කැළෑවක්ය, අලිමණ්කඬ වෙනුවට පාමංකඩය, ඕනැ ගොනෙකුට යුද්ද කල හැකිය ආදී දේශ ද්‍රෝහී කතා ප්‍රකාශ කල අතීතයක අමිහිරි චෝදනා නිවැරදි කර නොගෙන යුද්ධයෙන් ජය ලැබූ රටේ සහ රණවිරුවන්ගේ අභිමානය රකිනවා වෙනුවට යහපාලනය දියත් කල රනවිරු දඩයම මොනවට පෙන්නුම් කරමින් චෝදනා ලැබූ දේශපාලකයින්ට ක්‍ෂණිකව ඇප ලබා දුන් අතර අවසන් තීන්දු රහිතව සිරගතව දුක්විඳින රණවිරුවන් ඇප මත මුදාහැරීමටවත් උත්සාහයක් නොගැනීම. දේශපාලකයන් රුපියල් 1000 ට අප ලබද්දී හමුදා විරුවන් ඇතුලේ තැබීම.

කවුරුන් හෝ ඉල්ලුවේද නැති ජාතික ගීය දෙමලෙන් ගයන්නට සැලැස්වීම.

බටහිර සතුටු කිරීමට ඊනියා සංහිඳියාවක් ගැන පම්පෝරි ගසා නිරන්තරයෙන්ම සංහිදියාව පවත්වාගෙන යන ඊට ගරු කරන බහුතර ජන මනසේ වෛරයට හා උදහසට ලක්වීම.

මහජනයාගේ මානසික් සමතුලිතතාවය රඳවාගැනීමට අත්‍යාවශ්‍ය කලාව වෙනුවෙන් ප්‍රතිපාදන වෙන්කිරීම අවම කිරීම මගින් රාජ්‍ය සම්මාන උළෙලවල් හා සංස්කෘතික සංදර්ශන අඩපන කොට කලාකරුවන්ගේ ප්‍රසාදය මුලුමුනිම විනාශකර දැමීම.

රාජ්‍ය ආරක්ෂාවට වැදගත් වෙන හමුදාමූලස්තානයට වෙන්වූ මුදල් පුනරාවර්ජන වියදම් සඳහා වැය කිරීමෙන් හමුදා මූලස්ථානයක් නැති රටක් බවට පත් කිරීමත්, ලකාවේ විශාලම අවි ගබඩාවවේ සිදුවූ විනාශය තුට්ටුවකට හෝ මායිම් නොකර ජාත්‍යන්තරය සතුටු කිරීමට ඒ සඳහා නිසි පර්යේෂණයක් හෝ නොපැවැත්වීම තුල රාජ්‍ය ආරක්ෂක වැඩපිළිවෙල ගැන දක්වන සැලකිල්ල පිලිබඳ ජනතාව තුල සැක පහල වන ලෙස කටයුතු කිරීම.

කුනුකන්ද හා අනෙකුත් නායයාම් වැනි බහුතර ජන ප්‍රජාන්වට ස්වාභාවික ආපදාවක් වූ පුසු ඊට පසු සුළුවෙන් මුදල් වෙන්කරමින් ආපදා කළමනාකරණය අතපසු කල ආකාරයත් සුළුතර ජන ප්‍රජාවට කුඩා ආපදාවකදී පවා ඊනියා සංහිඳියාවක් පෙන්වීමට ඒවා කළමනාකරණය කිරීමේදී තිබූ අසමානතාවය ඉතා පැහැදිලිවම බහුතර ජනතාවට විද්‍යාමාන වන ලෙස කටයුතු කිරීම.

කිසිවෙක් ඉල්ලුවේද නැති මත්පැන් සම්බන්ද සංවේදී අනපනත් ජන මතය ඇතිවීමට ඉඩ නොහැර ඊට කල් නොදී අවශ්‍යතාවය පැහැදිලි නොකර ලිහිල් කිරිම හා ඊට දැරූ උත්සාහය.

මේ රටේ බහුතර ජනමතයේ සංස්කෘතියට අනුව කිසිඳු අවශ්‍යතාවයන්ද නොවූ සමලිංගික විවාහ යෝජනා ගෙන ඒම හා නීතිගත කිරීමට උත්සාහ කිරීම.

දෙමල සහ මුස්ලිම් අන්තවාදී කොටස් තමන්ගේම ශක්තිය මත පමනක් පදනම්ව තරඟ කිරීමට අවස්තාව දීම හා ඔවුන්ව ප්‍රධාන ප්‍රවාහයට එක්කරගැනීමට තරම් හෝ සබුද්ධික නොවීම.

බිම් මට්ටමේ සිට සමාජජාල දක්වා දේශපාලනික හා දේශපාලනික නොවූ 2015දී යහපාලනය ගෙනඒමට සහයෝගය දැක්වූ සියලුදෙනා අමතක කර දැමීම. සමහර ඇමතිවරු හමුවීමට දොස්තරලා හමුවෙනවා මෙන් නොම්මර ගැනීම තත්වයට ජයග්‍රහණයේ හවුල්කරුවන් පත් කිරීම.

තම ප්‍රදේශ වලින් මහජනයා ප්‍රතික්ෂේප කල පරාජිත දෙසපාලකයින්ට යහපාලන ඇමති පට්ටම් ලබාදීීමත් එවැනි ස්ථාවර දේශපාලන ස්ථාවර ප්‍රතිපත්ති නොමැති කටින් පමණක් දේශපාලනය කරන, මුඛරි, තම චන්ද දායකයින්ගේ අපේක්ෂාවන් පසෙකලා තම පෞද්ගලික ප්‍රතිලාභය සඳහාම පමණක් අවස්ථාවාදීව පක්ෂ මාරුකරන කූට දේශපාලකයින්ගේම ප්‍රතිප්‍රහාරයට ලක්වීම.

මැති ඇමතිවරුන් කෝටි ප්‍රකෝටි ගනන් වියදම් කරමින් තීරුබදු රහිත වාහන ගෙන්වීමත්, පොඩි මිනිහාට ඇති පදමට බදු ගැසීමත්, කෘෂිකර්මය අයාලේ යද්දී නිළියකගේ හිස් බිල්ඩිමකට කෝටි ගනන් ගෙවල් කුලී ගෙවීම වැනි දෑ යහපාලනය ලෙස සැලකීම.

අගමැති රනිල්ගේ ගෝලයන් විසින් මහදවල් කරනලද ශ්‍රී ලංකාවේ මෙතෙක් කර ඇති ඇති විශාලම හොරකම ලෙස ගැනෙන මහබැංකු කොල්ලය අගමැති සම්බන්ද වුවත් නැතත් එය තමාගේම සම්මුති ආණ්ඩුවේම සහකරු විසින් ජනාධිපති කොමිසමක් හරහා සමාජතත් කිරීමට සැරසෙන විටම එහි ඇති භයානක දේශපාලන අවාසිය දූරදර්ශීව දැකීමට තරම් දේශපාලන ඥානයක් නොමැතිකමත් හා අඩු තරමේ එසේ සමාජගතවීම වැළැක්වීමට තරම්වත් හැකියාවක් නැති දුර්වල දේශපාලන පක්ෂයක් වීම හා එවන් දැක්මක් ඇති කිසිවෙක් පක්ෂය තුල නොවීම. මෙහිදී අප විශේෂම අවධානය යොමු කල යුතු කරුණ වන්නේ තම පක්ෂය වෙත එන අති දැවැන්තම දේශපාලන උවදුර අඩු තරමින් හඳුනාගෙන ප්‍රතිකර්ම නොකළ හැකි පිරිසක් තම රටට ජාතියට එන අනාගත අභියෝග කෙසේ හඳුනා ගනීවිද යන්න ගැන මහජනතාව තුල ඇතිවන සැකයයි.

බුද්ධිමත්යැයි මහජනයා අතර ප්‍රබල ජනමතයක් ගොඩනගමින් කටයුතු කළ ශ්‍රී ලංකාවේ දෙවන ප්‍රබලම නිලය හොබවන අගමැති තුමාගෙන් අසන ප්‍රශ්නයකට කිසිඳු තාර්කික කරුණක් ඉදිරිපත් නොකරමින් අස්වාභාවික ලෙස තනතුරට නුසුදුසු අයුරින් පාර්ලිමේන්තුව විගඩම් මඩුවක් බවට පත්කරන හැසිරීම් රටාව තාක්ෂනය දියුණු යුගයේ මහජනතාවට ප්‍රදර්ශනයව වීමතුල ඔහුගේ ක්‍රියාව නිසා ඔහු පමණක් නොව ඔහුගේ අනුගාමික එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමතිවරුන් පිරිස තරුණ පරපුරේ අවඥාවට භාජනය කිරීම හා පක්ෂයේ උගත් මැති ඇමතිවරින්ට ඔවුන්ගේ නායකයා ඔහු බව ප්‍රකාශ කිරීමට පවා මදිකමක්වන තත්වයට පත් කිරීම.

නායකත්වයට තර්ජනයක්වන පක්ෂයේ ප්‍රාදේශීය පාරම්පරික දැවැන්ත දේශපාලන බලකණුවලට ක්‍රමානුකූලව කාලාන්තරයක් තිස්සේ පක්ෂය එපාවීමට සලස්වා තනතුරු නොදී හෝ පක්ෂයෙන් ඉවත්වීමට ඉඩදී එතරම් ස්ථාවර ජනපදනමක් නොමැති තරුණ දේශපාලකයින් ඉදිරිපෙලට ගෙන ඒම.

අලුතෙන් ඇමති තනතුරු ලැබූ කිසිඳු අත්දැකීමක් නොමැති තරුණ මැති ඇමතිවරුන්ගේ ජාතික ව්‍යාපෘති වලට එනම් පාසල් ඇඳුම් වෙනුවට කූපන් ලබාදීම ග්ලයිකෝ පොස්පේට් තහනම වැනි දහසක් ව්‍යාපෘති වලට අනුමැතිය දීමේදී පාලක ව්‍යාපෘතියක් (පයිලට් ප්‍රොජෙක්ට් එකක්) කොට එය විද්‍යානුකූල ඇගයීමකට භාජනය නොකිරීම හා පළපුරුදු රාජ්‍ය නිලධාරීන්ගේ නිර්දේශ හා චක්‍රලේඛ නොසලකා හැර ඒවා අභිබවා ගොස් එක්වරම එම ජාතික ව්‍යාපෘති සඳහා මුදල් වෙන්කොට අවසර දීම නිසා විශාල ජනකොටසකගේ අප්‍රසාදයට එකවර පත්වීම හා එවැනි ව්‍යාපෘති වල අසාර්ථකත්වය නිසා මහජනනයා කලකිරීමට පත්කිරීම.

අප කිසිවෙකුත් වැඩි සැලකිල්ලක් නොදක්වූ එතරම් කතාබහට ලක් නොවූ තවත් ප්‍රධානතම සාධකයක් මෙහි සඳහන් නොකළහොත් එය මා විසින් කරන බලවත් වරදක් වනු ඇත. එනම් ඇමෙරිකාවේ ජාතිකවාදී ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ ජයග්‍රහණයයි. ඔහු නොදිනන්නට මේ ජාතිකවාදී මහින්දගේ ජයග්‍රහණය මෙසේ නොවනු ඇත.

බොරු චන්ද පොරොන්දු ත්‍යාග බෙදාදීම් හරහා මහජනතාව රවටමින් කරන දේශපාලනය සෝෂල් මීඩියා විසින් අවසන් කර ඇත. දිගු කාලීනව රට නගා සිටුවා මහජනතාව නගාසිටුවීමේ දිගු කාලීනව අවංක අරමුණින් වැඩකලයුතු කාලය අද එළඹ ඇත.

ඈත පිටිසර ගම්වල වැඩිමහලු චන්ද දායකයින් සමාජ ජාල සමග ගනුදෙනුවක් නොමැති වුවද ස්මාර්ට් දුරකතනයක් භාවිතා කරන තම දරු මුණුබුරන්ගෙන් නිසි අවබෝධය ලබන යුගය ආරම්භ වී ඇත.

ඉහත සියලු කරුණු සැලකු කල දුෂිතයන්ට දඩුවම් දීම හරහා පමණක් යහපාලන පැවැත්ම ස්ථාවර කරගත හැකි යයි තව දුරටත් යමෙක් කියාසිටීනම් සිතාසිටී නම් හෝ එයම ක්‍රියාවට නැංවීමට බලා සිටී නම් සිදුවන්නේ තවදුරටත් යහපාලනය විනාශ වීමම පමණි. රට ජාතිය වෙනුවෙන් අවංකව වැඩ කල යුතු කාලය එළඹ ඇති අතර නිෂ්ඵල අකාර්යක්ෂම FCID වසා දැමීමටද කාලය එළඹ ඇත.

එමෙන්ම යහපාලන රජයේ මහබැංකු වංචාව සම්බන්ධයෙන් පමනක් නොව, සියළු ආකාරයේ නොපනත්කම් වලට එරෙහිවත් ප්‍රායෝගික බලපෑමක් මේ අනපේක්ෂිත ජනවරම භාවිතා කරමින් පෙර පාඩම් හොඳින් ඉගෙනගත් මහින්ද රාජපක්ෂ මැතිතුමා ප්‍රමුඛ ඒකාබද්ධය විසින් සිදුකරනු ඇත.

2015 දී ජනපති මහින්ද රාජපක්ෂ සිය පරාජය සනිටුහන් කරගනු ලැබුවේ ප්‍රතිවාදී බළවේගයේ හෝ ප්‍රතිවාදියාගේ විශේෂ හැකියාව හෝ වැඩපිලිවෙලක් නිසා නොව තමන්ගේම දුර්වලතාවය හේතුවෙන්ම බව මේ මැතිවරණයෙන් මොනවට පැහැදිලි කර දී තිබේ.

තවත් විශේෂයෙන්ම මතක් කලයුතු කරුනක් ඇත. පොහොට්ටුව විසින් මෙම චන්දය යහපාලනයට ඔබ එකඟදැයි යන්න මැන බලන ජනමත විචාරණයක් බවට පත් කරගන්න යැයි” යනුවෙන් අති ප්‍රබල පුළුල් දේශපාලන සංකල්පයක් මත හා දේශපාලන දැක්මක් මත සමස්ත රටේ මහජනතාවටම එකවර ආමන්ත්‍රනය කරත්දී, යහපාලනයේ මාහා මොලකරුවන් අතර මේ දේශපාලන උපක්‍රමය යන්තම් හෝ අවබෝධ වන්න තරම් හෝ සංවේදී බවක් ඇති එකඳු දේශපාලකයෙක් නොවීම තුල ඔවුන් ගෙනගියේ ළදරු මානසිකත්වකින් යුතු දේශපාලන තේමාවක් වන බලයේ සිටින පක්ෂයට ගම දුන්නේ නැත්නම් සංවර්ධනය නැත ” යන ප්‍රාථමික සංකල්පයකි. මේ අයුරින් මෙවැනි දේශපාලන සංවේදීතාවයක් හෝ නොමැති යහපාලනයකටද අප චන්දය් දිය යුත්තේ යනුවෙන් මහජන විඥානය නොදැනුවත්වම ක්‍රියාත්මක වීම මෙම මැතිවරණයේදී පොහොට්ටුවේ ජයග්‍රහණය තහවුරු කරනු ලැබූ සැඟවුණු ගාමක බලවේගය විය.

ඉහත කී සියලු කාරනා හා තවත් මෙහි විස්තර නොකළ කරුණු රාශියක් හරහා යහපාලන දෙපාර්ශවය විසින් 2015 ජනවාරි 08 ජනතා ජයග්‍රහනයට පිටුපා කටයුතු කර ඇති ආකාරය මහජනතාව විනිවිධ දැක ඇති බව මෙම චන්ද ප්‍රතිඵලය තහවුරු කොට ඇත .

ජනතාවට අවශ්‍ය වන්නේ අභියෝග මැද රටට වැඩ කරවා ගත හැකි දක්ෂ නායකයින් මිස මිනිස්සු ඡන්දය දෙන්නේ හෝ අනුන්ගේ පෙර කල වැඩවල අඩුපාඩු සොයමින් කල් මරණ පුහුනායකයිනට හෝ අදක්ෂයන්ට නොවන බව මෙම මැතිවරණය පැහැදිලි කොට දී ඇත.

කරන දේ කියන කියන දේ කරන යථාවාදී තථාකාරී ගුණයෙන් යුතු දේශපාලකයින් පමණක් සඳහා පැවැත්මක් ඇති කාලයක් උදාවන බවට ඉඟි පහල වී ඇත.

අවසන් වශයෙන් කිවයුතු දෙයක්ද ඇත, මේ රට පුණ්‍ය භූමියකි. බුදුදහමේ
චිරහත් පැවැත්මටද ලොව ඇති එකම භූමියයි. බුදු දහම පවතිනතාක් එය රැකීමට සිටින එකම ජාතිය වාසය කරන භූමියයි. එම පුණ්‍ය භූමිය හෝ එම ජාතිය විනාශ කිරීමට ෆෙඩරල් දී හෝ රනිල්ට හෝ මයිත්‍රීට හෝ කිසිඳු බලවේගයකට ස්වාභාවධර්මයෙන්ම කිසිඳු ඉඩක් නැත. මේ පුණ්‍ය භූමියත් මේ ජාතියත් විනාශ කිරීමට එලාරට ප්‍රභාකරන්ට තබා අප යටත් කරගත් අධිරාජ්‍යවාදීන්ට හෝ නොහැකි විය. යහපාලනයටද එසේමය. රට මේ අයුරින් ආරක්ෂා වන්නේ වරින් වර රට ආරක්ෂා කිරීමට පහල වන දිව්‍ය පුත්‍රයන් නිසාය. රාජපක්ෂවරුන්ටද එම ආශිර්වාදය ලැබී ඇතිවාට සැකයක් නැත. අනිත් වැදගත්ම දේ සිංහල බෞද්ධ බහුතරයා ජාතිවාදීන්ද නොවේ. ආගම් වාදීන්ද නොවේ. ඕනෑම ජාතින්හට ඕනෑම ආගමිකයින්හට ඔවුන් සමග සහජීවනයෙන් මේ පුණ්‍ය භූමියේ ජීවත් වීමට ඔවුන් වරද්දා ගන්නා තුරු කිසිඳු බාදාවක්ද නැත.

යම් උගත් කමක් ඇති දත්ත හා තොරතුරු හා සංඛ්‍යා මත තීරණ ගන්නා විචාරශීලී මහජනතාවගේ විරෝධයට හේතුව මීළඟ කොටසින්

මගේ කියවීම – By Dr. Ishantha Siribaddana (Chairman Java Institute for Advanced Technology)

6 Responses to “පවතින රජය මෙතරම් පරාජයකට ගෙනයාමට හේතු වූ “මාගේ කියවීම” මැයෙන් වෘත්තීයවේදියෙකුගේ අදහස්.”

  1. Hiranthe Says:

    Welldone!

    But I don’t agree with the following:

    අප කිසිවෙකුත් වැඩි සැලකිල්ලක් නොදක්වූ එතරම් කතාබහට ලක් නොවූ තවත් ප්‍රධානතම සාධකයක් මෙහි සඳහන් නොකළහොත් එය මා විසින් කරන බලවත් වරදක් වනු ඇත. එනම් ඇමෙරිකාවේ ජාතිකවාදී ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ ජයග්‍රහණයයි. ඔහු නොදිනන්නට මේ ජාතිකවාදී මහින්දගේ ජයග්‍රහණය මෙසේ නොවනු ඇත.

    We thought with the loss of Hilary, LieTTE rump will not have any influence on US policy toward SL. It is not so. the resolution brought against SL last year happened during the Trump’s time. Indian colonial parasite Ahul working as the US Ambassador to SL is a proof and he interferes with everything

    Your point might be right for things like Gota’s travel to US. If it happened during Hilary’s time, there will be a big uprising to arrest Gota in the US by the LieTTE rump.

  2. Dilrook Says:

    Misses some key structural reasons. Since 2012 Sri Lanka is in a debt crisis. To pay loans and interest people were taxed badly (otherwise the debt crisis worsens). This created an economic disaster. Voters moved away from the regime. The next regime will also face this problem. The rate of regime change will become faster.

    Unpatriotic action, appeasing Tamils, not punishing allegedly corrupt and not keeping promises are other reasons.

    Trump’s victory is part of a worldwide nationalist trend. Sri Lanka is no exception. It is not Trump’s win that influenced it. Trump’s win is an outcome of this worldwide nationalist rage.

  3. Nanda Says:

    පවතින රජය මෙතරම් පරාජයකට ගෙනයාමට හේතු වූ තවත් කරුනක් නම් “ජනාධිපතිගේ බොරු කියවීමයි”

  4. NAK Says:

    Exactly! Nanda, When the head of state is a shameless liar what kind of future that country will have.

  5. NAK Says:

    Ranil Wickremasinghe should be questioned in Parliament as to how much the debt burden of the people of Sri Lanka has come down in terms of per-capita due to the sale of Hambanthota port.
    Mahinda Samarasinghe the minister of ports was beaming about the Rs.13Bn profits made by the Colombo port last year as if he has done one hell of a job towards that achievement.It was the previous government that did everything to increase the revenue of the ports Authority in order to pay for the Hambanthota port development.

  6. Ananda-USA Says:

    I ABSOLUTE AGREE with NAK: Question in Parliament EXACTLY HOW MUCH of the Previous MR/UPFA’s Govt’s DEBT BURDEN was PAID OFF by the ALIENATION/SALE/LONG-TERM LEASE of the Hambantota Port.

    If that sale only HELPED to REDUCE the ADDITIONAL DEBTS incurred by the Yamapalanaya since they came to power, without any CORRESPONDING INVESTMENT in LONG-TERM NATIONAL INFRASTRUCTURE, and was ONLY SPENT on CURRENT CONSUMPTION, they should be HANGED in broad daylight at the GALLE-FACE GREEN on the NEXT May Day!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress