සටන් විරාමය අත්හරින්න යලි සටනට පිවිසෙන්න.
Posted on March 3rd, 2018

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි

මහා සටනක් මේ රට තුල සිදුවෙමින් පවතී.  පරසතුරන්ට එරෙහිව මේ සිදුවෙන අරගලය. තුල අපිට නොපෙනෙන මහා බලවේගයක් පරසතුරන් වෙනුවෙන් පෙනී සිටින අතර, අපිට පෙනෙන පරසතුරු කැල, ප්‍රබලත්වයෙන් චන්ද්‍රිකා කුමාරතුංග, රනිල් වික්‍රමසිංහ හා මෛත්‍රිපාල සිරිසේන යන ත්‍රිත්වයෙන් සමන්විතය. ඊට අමතරව පරසතුරන්ට ඉතා නින්දිත ආකාරයට රට විනාශ කිරීමේ කාර්යයට,  අනුර කුමාර දිසානායක  ප්‍රමුඛ  ජනතා විමුක්ති පෙරමුණෙහි දායකත්ව නොමද ලබා ගැනීමටද  සතුරා සමත්ව සිටි.

මේ සටන ප්‍රජාතන්ත්‍රවාදී  ක්‍රමයේ හුරතල්වෙන හා හුරතල් කරන සටනක් නොව, සැබෑ සතුරන් අතර සිදුවෙන  මරාගෙන මැරෙන සටනක් බව අපි දනිමු.  එහි දරුණු භාවය තීව්‍ර කිරීමේ කාර්යය සම්බන්ධව වගකීම, මේ පවතින රජය  සම්පුර්ණයෙන්ම බාරගත යුතුය. පවතින රජය නිර්මාණය කරන ලද්දේ ප්‍රභාකරන්ව ඝාතනය කිරීමේ පලිය හා ඊට අදාළ කරුණු රාශියක් අරමුණූ කරගෙනය. දැන් ඒ අපේක්ෂිත ක්‍රියාමාර්ගයේ යන මේ රජයට කළහැකි අන් කිසිදු ක්‍රියාමාර්ගයක් නැත. ඉතිහාසය විසින් විශේශිත දිනයක, විශේෂිත කාර්යයන් සමුදායක සදහා, උත්පත්තිය දෙන ලද මෛත්‍රිපාල සිරිසේන, නම් වූ මේ චරිතය තමන්ට බාරදෙන ලද කාර්යය මනාව ඉටු කරමින් ඉදිරියට  ඇදෙන මේ මොහොතේදී, රටත් ජාතියත් ආගමත් අපෙන් අපේක්ෂා කරන කාර්යයන් මනාව අපි ඉටුකරමින් සිටිනවාද යන්න අපෙන්ම ප්‍රශ්න කල යුතු ලක්ෂයකට අපි සියලු දෙනාම පැමිණ සිටින්නෙමු.

අප ඉතිහාසයේ සිදුකල වැරදි ඒ ආකාරයෙන්ම නැවත නැවතත් සිදුකරන ජාතියක් ලෙස වර්තමානයේ සිදුවීම් දෙස බලන විට මනාව පැහැදිලිවේ. එම නිසා මේ සිදුකරන වැරදි දේශපාලන කාර්යයන් වහාම නිවැරදි කලයුතු බව අපි සියලු දෙනාම අවබෝධ කරගත යුතුය. 

සතුරා 2015 ජනවාරි මස 8 වෙනිදා එනම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ නිර්මාතෘවරයාගේ උපන්දිනයදා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිහිකලදාට පසුදා උපත ලද එම පක්ෂයේ මාරයාට මෙරට රාජ්‍ය බලය ලබාදෙන ලදී. එම රාජ්‍ය බලය ලබාදීමේ ක්‍රියාවලිය ප්‍රජාතන්ත්‍රවාදිව සිදුවූ ක්‍රියාදාමයක් නොව, මැතිවරණ කොමසාරිස්තුමාගේ පුර්ණ සහයෝගයෙන් සිදුකරන ලද රාත්‍යන්තර ක්‍රියාවලියක පලයක් බව මෙවර පළාත් පාලන මැතිවරණ ප්‍රතිපල මනාව පැහැදිලි කර ඇත. ජනතා අපේක්ෂාවන් මේ යයි විකෘති කර පෙන්විය හැක්කේ බොහොම කෙටිකාලයකට පමණි. නමුත් ඒ කෙටි කාලය තුලදී සිදුකර ඇති හානිය බරපතල බැවින් සටන කෙළවර විය යුත්තේ අපරාධකරුවන් සියල්ලන්ටම නිසි දඩුවම් ලබාදීම තුලිනි. අප සටන්වදින්නේ විනාශකාරයන්ට විනාශයත් ජනතාවට විමුක්තියත් අරමුණු කරගෙනය.

මේ සටනේදී අපට වැදගත්ම සාධකය වන්නේ, කාලයයි. 2018 යනු අප විසින් පසුකරගෙන යනු ලබන උත්තරීතරම වර්ෂයකි. 1818දි ලෝකයේ ප්‍රභලම ජාතියට එරෙහිව මහා සටනක් කල අපට අද එම සටනේම ඉතිරි කාර්යභාරය ඊට වසර 200ක් පසුව සිදු කිරීමට සිදුව තිබේ. එදා ඒ සිදුකල සටනින් වියෝවී මේ සටන කල නොහැකි බව සටන් වදින සියලුදෙනාම අවබෝධ කරගත යුතුය. එදා සටන පරාජය කිරීමට සතුරා සිදුකල ම්ලේච්ඡ කාර්යයන් මොනවාදැයි අප සිහි කල යුතුය. ඔවුන් සිදුකල විනාශයන් යලි පුනරුත්තාපනය  කිරීමකින් තොරව සටන් කිරීම ඉතා අපහසු බවද තේරුම් ගත යුතුය. අපි සටනක් කොට විශාල ජග්‍රහණයක් ලබාගෙන සිටින මේ මොහොතේදී, අප ඒ ජග්‍රහණය ඉල්ලන දේ රටට දෙමින් සිටිනවාද යන්න සම්බන්ධව බුද්ධිමත්ව සලකා බැලිය යුතුය. මේ ඒ සදහා අපිට ලැබී ඇති කාලයයි.

1. මේ පළාත් පාලන මැතිවරණය යනු මෙරට ජනතාව පළාත් පාලන මට්ටමින් එහා ගොස් ජාතික මැතිවරණයක තත්වයට ඔසවා තැබූ පළමු මැතිවරණයයි.
2. වංචාවෙන් පිරි මැතවරණ කොමිසමට සිය වංචනික කාර්යයන්වත් නිසි ලෙස ඉටු කරගත නොහැකිව ඉතිහාසයේ මැතිවරණ කොමිසමේ දුශිතත්වය ලොවට හෙලිකල ප්‍රබලතම මැතිවරණයයි.
3. ජනාධිපතියි කියන පුද්ගලයෙක් සිය පදවි ගෞරවය නොතකා පොදුජන පෙරමුණට බලය දුන්නොත් පළාත් පාලන සංවර්ධනය සදහා මුදල් දෙන්නේ නැති බව සදහන් කලද එය පයිසයකටවත් ගණන් නොගෙන ජනතාව අලුත් දේශපාලන පක්ෂයක් ඔසවා තැබූ මැතිවරණයයි මෙය.

මේ ලබා ඇති ජයග්‍රහණය සත්‍ය ජග්‍රහණය නොව මැතිවරණ කොමිසමේ කතුරට හසුව, ලද ජයග්‍රහණයක් බව සලකා බලන විට මේ ජග්ර්හානගේ වටිනාකමේ සීමාවක් නොමැත. මේ අසීමිත ජග්‍රහණය මනාව කළමනාකරණය කිරීමේ කාර්ය  දැන් පොදුජන පෙරමුණ අත පවතී. අපේ චෝදනාව වන්නේ එය කලමනාකිරීමේ විශාල අඩුවක් ඇති බවයි. ඒ සම්බන්ධව කතා කිරීම ඉතිහාසයේ ඉතා වැදගත් මාතෘකාව ලෙස අප ඉදිරියේ ඉස්මතුව පවතී. මේ සම්බන්ධව කතා නොකර අප තුල ඇති අඩුපාඩුකම් නිවැරදි නොකරගෙන ගිය හැකි ඉදිරියක් නැත.

මේ වන විට ඒ ගෞරවනීය පෙබරවාරිය නිමාව ඇත. පෙබරවාරි මස 10 වෙනිදා සිට මේ දක්වා අපකර ඇත්තේ මොනවාද? මේ ජග්‍රහණය විසින් යහපාලනයට දැවැන්ත ජාතියේම පා පහරක් වැදී, රටේ ජනාධිපතිව හතර වෙනි ස්ථානයට තල්ලු කරදමා, අගමැති ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය දැවැන්ත පසු බැස්සවිමකට ලක්කිරීමත් සමගම මෙරට රාජ්‍යක් නැති තත්වයකට අද දමා ඇත. රාජ්‍යක් නැති තැන අප කලයුත්තේ ඒ රාජ්‍යය සංවිධානාත්මකව අප අතට ගැනීමයි. නමුත් අප මේ වනවිටත් ප්‍රමාද වි හමාරය. හතරගාතෙන් වැටී සිටි සතුරා දැන් දනිපනිගා නැගිට ගෝඨාභය රාජපක්ෂයන්ව අත්අඩංගුවට ගන්නා බවට තර්ජනය කිරීමේ යත්වයට යලි උසස්ව ඇත. ජනතාව පලවා හරි මහා බැංකු හොරා තම හොරකම සම්බන්ධව නීතිමය තත්වයන් නිර්මාණය කරන්නා බවට පත්ව ඇත. මෙරට ජනතාව මේ සියල්ලක් දෙසම බලා සිටින්නන් බවට පත්ව උදේ හවා මොනවාද සිදුවෙන්නේ යයි දැන ගැනීමට රුපවාහිනි දෙස බලා සිටින ප්‍රේක්ෂකයින් බවට පත්ව ඇත. පවතින තත්වය අපට විදහා දක්වන්නේ, 70%කැ බලයක් ලද පොදුජන පෙරමුණ සිය කටයුතු ආරම්භ කිරීම සදහා පරාජිත රජයෙන් කොළ එළියක් දැල්වෙන තුරු බලා සිටින බවයි. මේක මහා විහිළුවක් වන අතර, ජග්‍රහිකයාගේ ජග්‍රහණය පරාජිතයා විසින් කලමනාකර හසුරවනු ලබන තත්වයකි. මේ ජාතික විහිළුව නිර්මාණය වීමට පොදුජන පෙරමුණේ නිහැඩියාවද බලපෑ ඇති අතර මේ ලද ජග්‍රහණය කළමනාකරණය  කිරීමට පෙරමුණ ගන්න මෙන් අප පොදුජන පෙරමුණෙන් හා එහි නායකත්වයෙන් ඉල්ලා සිටිමු. මේ සදහා උපායමාර්ග නිර්මාණය කලයුතු අතර එය කුමක්දැයි සාකච්චා කිරීම වහාම ආරම්භ කල යුතුය.කලයුතුය.

දැන් බලාගෙන සිටියා හොදටම ප්‍රමාණවත්ය. මෙරට ජනතාව අතිමහත් දුෂ්කරතා යටතේ, නියෝජිතයින් 3369ක  මහා බලකායක් පොහොට්ටුව වෙනුවෙන් නිර්මාණය කරදී ඇත. දැන් සිදුකල යුත්තේ මේ බලකාය සමග පොහොට්ටුවේ දේශපාලනයේ නවතම ගමන් මාර්ගය එලි පෙහෙළි කර ගැනීමයි. ඒ සදහා විශේෂිතවූ කාර්යභාරයක් නිර්මාණය කල යුතුය. දැන් අප සාකච්චා කලයුත්තේ මේ 3369 බල ඇණිය  ශක්තිමත් දේශපාලන පවුරක් බවට පත් කරන්නේ කෙසේද යන කාරනාව සම්බන්ධවයි.

මේ 3369 බලකාය මෙරට ඉතිහාසයේ සිදුවූ විප්ලවීය පළාත් පාලන මැතිවරණය විසින් නිර්මාණිත බලකායකි. මේ පිරිසෙන් සැබෑ ජනතාව සමග සමීප සම්බන්ධතා ඇත්තේ ඉතා ස්වල්ප දෙනෙකුටය. ඔවුන් ජගත්තේ මහින්ද රාජපක්ෂ යන ප්‍රතිරූපයට ඇති ජනතා ගෞරවය නිසා වන අතර, මොවුන්ව සැබෑ ජනතා නියෝජිතයින් බවට පත්කිරීමේ කාර්යභාරයට පොහොට්ටුව ඇත ගැසිය යුතුය. ඒ සදහා,

1. පොහොට්ටුව විසින් දේශපාලන අධ්‍යාන අංශයක් ගොඩ නැංවීම පළමුව කලයුතුය.
2.පළාත් පාලන දේශපාලනය තුල සිය නියෝජිතයාගේ කාර්යභාරය සම්බන්ධව ඔවුන් සියල්ලක්ම දැනුවත් කල යුතුය.
3.මේ සෑම නියෝජිතයෙකුටම තම කොට්ඨාශයේ සිටින ජනතාව සම්බන්ධව පුර්ණ අවබෝධයක් ලබාගත යුතු බවට නිර්දේශ කලයුතුය.
4.පළාතේ ඇති සම්පත් සම්බන්ධව පුර්ණ අවබෝධයක් ඇත්තන් බවට මේ නියෝජිතයින් පත් කල යුතුය.
5.තම කොට්ඨාශ යේ  ජනතාව මුහුණ දෙන ගැටළු සදහන් ලේඛනයක් සකස් කිරීමට මේ නියෝජිතයින්ව පෙලබිය යුතුය,
6.මේ ගැටළු විසදීමට පළාතේ ඇති සම්පත් කළමනාකරණය සම්බන්ධව අවබෝධයක් මේ සැමට තිබිය යුතුය.
7. මේ නියෝජිතයින් තුල තම කොට්ඨාශයේ ඇති ශාක හා සත්වයින් සම්බන්ධව  අවබෝධයක් ඇති කරගැනීමේ වැදගත් කම පෙන්වාදිය යුතුය.
8. මේ අනුව මේ නියෝජිතයින් තම කොට්ඨාශයේ ඇති 
     a. මානව සම්පත 
     b. සත්ව සම්පත.
     c. ශාක සම්පත  හා 
     d. ජනතා ගැටළු හදුනාගත්  බලකායක් බවට පත් කල යුතුය.
9. දැන් තමන්ගේ වගකීම අවබෝධ කරගත්  මේ නියෝජිතයාට අරමුණක් දිය යුතුය.

ඒ අරමුණ විය යුත්තේ වසර 5ක් තුලදී තමන් නියෝජනය කරන කොට්ඨාශය රටේ ඇති පොහොසත්ම පළාත්පාලන මැතිවරණ කොට්ඨාශය බවට පත්කරනවාය යන අරමුනයි.
මෙය පොහොට්ටුව තුල නිර්මාණය කරන ග්‍රාම සංවර්ධන ඒකකයක් මගින් මනාව ගොඩ නැංවිය හැකි අතර. එවිට මුළු රටේම බලය පොහොට්ටුවට ලැබී එය මුළු රටම සුගන්ධවත් කරන පියුමක් බවට පත්වීම කිසිවෙකුටත් වැළැක්විය නොහැක. 

One Response to “සටන් විරාමය අත්හරින්න යලි සටනට පිවිසෙන්න.”

  1. ranjit Says:

    Very fine article I hope and wish Chandrasena will send a copy of this to the pohottuwa headquarters for their leaders to read and take action immediately. We need to start from the village to build a new Sri Lanka. We are fed up of these treacherous politicians who jump from one party to another for money and other perks. Pohottuwa is a new party with a new look and within a short period of time people embraced it because they have faith in pohottuwa leadership and their policies so it’s their duty to do a good job as representatives to their villages. Pohottuwa shouldn’t tow with crooked SLFP or UNP for any reason and should not take back the Traitors who left Mahinda Rajapaksa in the first place. We need pohottuwa to bloom as it is alone. I know they have the strength and the majority support so don’t look back move forward to make our Motherland more prosperous and peaceful place to live.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress