ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම ඊ මේල් සඳහා පාරිභෝගිකයින්ගෙන් කප්පම් ගැනීමට සැරසෙයි
Posted on March 13th, 2018

VISHWA SENANAYAKE

2012 වසරේදී රාජ්‍ය සේවයේ පුරවැසියන්ගේ සේවාව ඇගයීමට හඳුන්වාදෙනු ලැබූ අභිමාන” පැකේජය යටතේ නොමිලේ ලබාදෙන ලද ඊ මේල් ලිපිනයන් 2018 මාර්තු මස 23 දින සිට අත්හිටුවීමට කටයුතු කරන බවට ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම විසින් දන්වා ඇත.

තවද, එම පැකේජය ලබාගත් රාජ්‍ය සේවකයින් හට අදාළ ඊ මේල් ලිපිනයන් තවදුරටත් පවත්වා යාමට අවශ්‍ය නම් රු. 250.00 කට නොවැඩි (බදු ගාස්තු වලටද යටත් වේ) මාසික ගාස්තුවක් බිල් පත්‍රය සඳහා එකතු කිරීමට කැමැත්ත ප්‍රකාශ කරන ලෙස දන්වා ඇත.

අදාළ මුදල් ගෙවීමට අකමැති නම් ඊ මේල් සන්නිවේදන අවශ්‍යතා සඳහා වෙනත් විකල්ප ඊ මේල් සේවා සපයන ආයතන උපයෝගී කරගන්නා ලෙසටද දන්වා ඇත.

ශ්‍රී ලංකාවේ ජාතික සන්නිවේදන සමාගම ලෙස හඳුන්වාගනු ලබන ඔවුන් 2012 සිට අභිමාන” පැකේජය යටතේ ශ්‍රී ලංකා ටෙලිකොම් ඊ මේල් ලිපිනයන් භාවිතා කරනු ලබන රාජ්‍ය සේවකයින් හට සිදු කිරීමට සැරසෙන මෙම අසාධාරණය ඉතාමත් නින්දා සහගත වේ.

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ (TRCSL) අනුමැතිය පවා නොමැතිව ගනු ලබන මෙවැනි ඒකාධිකාරී තීරණ පාරිභෝගිකයින් විසින් තරයේ හෙලා දකිනු ලැබේ

One Response to “ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම ඊ මේල් සඳහා පාරිභෝගිකයින්ගෙන් කප්පම් ගැනීමට සැරසෙයි”

  1. Christie Says:

    Already no Social media. So people are directed to direct calla and emails. More revenue for the government.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress