ලංකාවේ ජාතිවාදී ගැටුම් පිටුපස වොෂින්ටනය.. මෙරට යුවරජු ඇමරිකානු තානාපතියි..- ලෝ පතල රාජතාන්ත‍්‍රික නිලධාරිනියකගේ හෙලිදරවුව මෙන්න..
Posted on March 14th, 2018

 lanka C news

වර්තමානයේ ශ‍්‍රි ලංකාව තුල ඇතිව තිබෙන කලහකාරී තත්වය පැති ගණනාවකින් 1983 ජූලි මාසය හා සමාන බව ජිනීවාහි හිටපු ශ‍්‍රි ලංකා නිත්‍ය නියෝජිත තමාරා කුනනායකම් මහත්මිය පවසයි.

දේශපාලන අරමුණු සහිතව ජනවර්ගයන් අතර ප‍්‍රකෝපකාරී ක‍්‍රියාවන් ඇති කර තිබෙන බවත් ඉන් බලාපොරොත්තු වන්නේ රට තුල ඇති සැබෑ ප‍්‍රශ්න යටපත් කර ජනතා අවධානය වෙනතකට යොමු කිරීම බවද ඇය පෙන්වා දෙයි.

අද ඇතිව තිබෙන තත්වය 1983න් වෙනස් වන එකම සාධකය වන්නේ එදා ඉලක්කය යූ දෙමල ජනතාව වෙනුවට අද මුස්ලිම් ජනතාව ඉලක්ක වීම බවද ඇය කියා සිටී.

ලංකාවේ ජාතිවාදී ගැටුම් පිටුපස වොෂින්ටනය.. මෙරට යුවරජු ඇමරිකානු තානාපතියි..- ලෝ පතල රාජතාන්ත‍්‍රික නිලධාරිනියකගේ හෙලිදරවුව මෙන්න..

මුස්ලිම්වරුනට එරෙහිව සිදුවූ මෙම ප‍්‍රහාර වොෂින්ටනයේ න්‍යාය පත‍්‍රය මත සිදු වූවක් බවත් එමගින් ශ‍්‍රී ලංකාව ඇමරිකාවට වාසිදායක රටක් බවට පත් කිරීම හා චිනයෙන් උපායමාර්ගිකව ඈත් කර තැබීම බලාපොරොත්තුව බවත් ඇය පෙන්වා දෙයි.

කොළඹදී පැවති එළිය සංවිධානයේ මාධ්‍ය හමුවක් අමතමින් ඇය මෙම අදහස් පල කලේය.

මෙරට සිටින ඇමරිකානු තානාපතිවරයා හැසිරෙන්න යුව රජෙකු ලෙසින් යයිද කී ඇය අගමැති රනිල් වික‍්‍රමසිංහ ඉවත් නොකරන්නැයි තානාපතිවරයා විසින් කර තිබූ නියෝගයට මෙරට පාලකයන් එකග වී තිබූ බවයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress