කවුද මේ අමිත් වීරසිංහ… මොකක්‌ද මේ මහසෝන් බලකාය
Posted on March 18th, 2018

 සමන්තී වීරසේකර උපුටා ගැන්ම දිවයින

විවිධ ජාතින් විවිධ ආගම් රැක ගනු වස්‌ විවිධ සංවිධාන බිහි වීම අරුමයක්‌ නොවේ. එය ලංකාවට පමණක්‌ නොව ලෝකයේ කුමන රටක වුවද සිදුවන සාමාන්‍ය සංසිද්ධියක්‌ද වන්නේය. එනමුත් ලංකාවේ යටගිය දවස සිට පැවැති අරගල සටන් විවිධ භිෂණයන් සිහි වන විට ලංකාවාසීන් නිතැතින්ම තැති ගන්නේය. එබැවින් ඉකුත් දා මහනුවර දිස්‌ත්‍රික්‌කයේ දිගන තෙල්දෙණිය ප්‍රදේශයන්හි ඇති වූ හදිසි තත්ත්වය මත රටම කැළඹී ගියේ කවුරු කුමකින් කුමක්‌ කළ ද අවසානයේ වරදක සේයාව ඇදී ගියේ ‘මහසොහොන් බළකාය’ වෙතය. ඒ අනුව සියල්ලෝම එහි වරද දකිමින් සිටින්නෙAය. කෙසේ කුමක්‌ කවරක්‌ සිදුවුණද කුමක්‌ද මේ මහසොහොන් බළකාය යන්නෙන් සොයා බැලීමට යොමු වූයේ සමාජයට වැදගත් කාර්යයක්‌ ඉටු කරන්නෙමි යන හැඟීම මතය. 
 
 මහසොහොන් බළකායේ නිර්¨මාතෘ තනි පුද්ගලයකු නොවේ. මෙය සාමූහික වෑයමකි. වසර ගණනාවක සිට සැලසුම් කොට කල් යල් බලා වැපුරූ බීජයක අස්‌වැන්න ද නොවේ. එහෙත් රටේ විවිධ සංවිධාන ජාතින් අතුරින් පැන නගින බෞද්ධ බලවේගයන්ට එරෙහිව යමින් තනි පුද්ගල වාසි අපේක්‌ෂාවෙන් අන්‍ය සංවිධාන සමඟ එක්‌ව කටයුතු කරන ඇතැම් බුද්ධ පුත්‍රයන්ගේ ක්‍රියාවන්ට එරෙහිව නැඟී සිටිමින් තම ආගම රැක ගැනීමට යත්න දරන සංවිධානයක්‌ බවට රාවයක්‌ පැතිර ගොස්‌ තිබිණි.

mahason

 සැබැවින්ම ‘මහසොහොන් බළකාය’ යනු සංඝයා වහන්සේලා දොළොස්‌ නමකගෙන් සමන්විතව සහ දෙසීයකගෙන් යුතු ගිහි පිරිසකගෙන් සමන්විතව සංඝයා වහන්සේලාගේ අනුශාසනා පෙරදැරිව වසර 2016 ජුනි මස 26 වැනි දින මහනුවර බෝගම්බර බෝධිමලු විහාරයේදී ආරම්භ කළ සංවිධානයකි. 
 
 එහි තේමා පාඨය; ‘බුදුබණට හීලෑ වුණු යක්‌කු බොලව් අපි’ යන්නෙනි. 
 
 කිසිදු ආගමකට විරුද්ධව සටන් කරන සංවිධානයක්‌ නොව ශාසනය ආරක්‌ෂා කිරීමට බිහිවූ බළකායකි යන්නෙන් ප්‍රකාශයක සටහනක්‌ තබමින් ඇරඹි මෙම බළකායේ අරමුණ ලෙස සඳහන් කොට තිබූයේ; මිනී මරන්නේ නෑ පාට පක්‌ෂ නෑ රට ජාතිය ආගම වෙනුවෙන් පණ වූවත් දෙමි ලෙසය. 
 
දිගන පාරේ කෙංගල්ල මල්ලිකාවත්තේ අංක 28 දරණ ස්‌ථානයේ ස්‌ථාපිත කොට ඇති මහසොහොන් බළකාය කාර්යාලය ඉදිරිපිට මහසොහොන් බළකාය නමින් පුවරුවක්‌ද මෙතෙක්‌ එල්ලා තිබිණි. අද වන විට පුවරුව ගලවා කාර්යාලය ද ඉවත් කර ඇති සෙයක්‌ පෙනෙන්නට තිබේ. 

mahason1අපේ ආගම රක ගැනීමට එඩිතර පුත්‍රයන් එක්‌ රොක්‌ වන බුද්ධ චීවරය ආරක්‌ෂා කිරීමට ඉදිරිපත් වන සිංහල ලේ ඇති සිංහ පැටවුන්ගේ සංවිධානයකි යන්නෙන්ද මහසොහොන් බළකාය හඳුන්වා දෙන්නට එහි සාමාජිකයන් කටයුතු කර ඇත්තේය. මෙහි ලේකම්වරයා භික්‌ෂුවකි. පිලවල දම්බරාව ශ්‍රී සුමංගලාරාම විහාරයේ වැඩ සිටින වග අත්ථදස්‌සි හිමියෝ ලේකම් ධුරය දරමින් ඉටු කරන්නේ සිංහල බෞද්ධ ජනතාවගේ බෞද්ධ ආගමට සිදුවන අකටයුතුකම් වලක්‌වාලීමය.
 
 බළකාය සාමූහික ප්‍රයත්නයක ඵලයක්‌ වුවද එහි සඳහන් පරිදි නිර්මාතෘ සහ සභාපති ලෙස නම් කොට ඇත්තේ විදානපතිරණගේ අමිත් ජීවන් විරසිංහ ය. කෙංගල්ලේ අඹසෙවන 64-1 ලිපිනයෙහි පදිංචි හෙතෙම මෙම සංවිධානය වෙනුවෙන් කැපවී කටයුතු කොට නමක්‌ තබා ඇත්තෙකි. කෙංගල්ල මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා සංවිධාන ශක්‌තියෙන් පිරිපුන් හැකියාවක්‌ ඇති අමිත් වීරසිංහ විවාහකය. එක්‌දරු පියෙකි. වෘත්තියෙන් කොන්ත්‍රාත් කරුවෙකි. 
 
 ඔහු වරින් වර තම සංවිධානයේ ශක්‌තිය තහවුරු කරනු වස්‌ පොලිස්‌ අවසර මත නීත්‍යානුකූලව රැස්‌වීම් සංවිධානය කර තිබිණි. එම රැස්‌වීම් සඳහා සහභාගි වූ බව කියන ජන කොටස්‌ වෙත සිය දැක්‌ම අරමුණ සහිත ජාතිමාමක හැඟීම් ඇති කොට සාමාජිකත්වය ලබා දුන් බවද සැලය. මෙයට මාස දෙකකට කලියෙන් අමිත් වීරසිංහ ඇතුළු මහසොහොන් බළකා ප්‍රබලයන් දිවයිනේ විහාරස්‌ථාන සම්බන්ධ කර ගනිමින් සංවිධාන දහසක්‌ ස්‌ථාපිත කළ බව ද සැලය. එම සංවිධානයක සාමාජිකයන් පස්‌දෙනකු වේ නම් මේ වන විට දිවයින පුරා මහසොහොන් බළකායේ සාමාජිකත්වය පන්දහසක්‌ වනු ඇත. එය හුදෙක්‌ අනුමානයකි. 
 
 ශ්‍රීපාද උඩමළුවේ බුදුපිළිම වහන්සේ නමක්‌ තැන්පත් කොට බෞද්ධාගම අභිමානය ආරක්‌ෂා කිරීමට අමිත් ඇතුළු පිරිස උත්සාහ ගත් අයුරුත් එහිදී ඇතිවු තත්ත්වයන් මත නීතිය ක්‍රියාත්මක වූ අයුරුත් කූරගල සිද්ධිය සහ මඩකලපුවේ මංගලාරාමය අවට සිදුවූ තත්ත්වයත් රටම දන්නේය. මහසොහොන් බළකාය බලමුළු ගැන්වෙන්නේ කා වෙනුවෙන් ද යන්න රටට ඒත්තු ගැන්වීමට බළකා සාමාජිකයෝ මැලි නොවූ බවද සැලය. 
 
 එය එසේ වෙද්දිය දිගන තෙල්දෙණිය සිදුවීම සිද්ධ වුයේ. තමන් කිසිවිටෙකත් සාමාන්‍ය ජනයා පීඩාවට පත්කිරීමට හෝ දේපළ හානි කිරීමට පෙරට නොඑන බවත් එදින සිදුවීමේදී දිගනට ගියද මහා අර්බුදයක සේයාවක්‌ ඇඳි විට ආපසු ගිය බවද පොලිසියට කියා තිබිණි. 
 
 කෙසේ වුවද අමිත් වීරසිංහ සිය බිරිඳ වන ජයංගනී සිතුම් කුමාරි මහත්මියගේ නිවසේදී අත්අඩංගුවට පත් වූයේ දිගන සිද්ධියට අදාළවය. අත්අඩංගුවට ගනු ලැබ අනතුරුව දැනට හෙතෙම රැඳවුම් නියෝග යටතේ රඳවා තබා ඇත්තේය.
 
 මේ අතර වාරයේ ඔහුගේ බිරිඳ මානව හිමිකම් කොමිසම වෙත ගොස්‌ පැමිණිල්ලක්‌ කළාය. ඒ තම ස්‌වාමි පුරුෂයා වන අමිත් වීරසිංහ කිසිවිට මෙවන් තත්ත්වයක්‌ ඇති කිරීමට අනුබල නොදෙන බවටය. 

 එය මෙසේ දක්‌වමු
 
 ‘මම ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ පැමිණිලි කරන්නේ අමිත්ගේ කටයුතු ගැන නිසි පරීක්‌ෂණයක්‌ සිදුවිය යුතු නිසයි. මගේ මහත්තයා මහසොහොන් බළකායේ ප්‍රධානියා තමයි. ත්‍රස්‌ත විමර්ෂණ ඒකකයෙන් තමයි එයාව අත්අඩංගුවට ගත්තේ. මගේ මහත්තයා කොහේවත් ව්‍යාපාර ස්‌ථාන ගිනි තියන්න කියලාවත් නිවාස ගිනි තියන්න කියලාවත් කොහෙදිවත් කියලා නැහැ. මේ සංවිධානය හරහා වුවත් කවදාවත් සමාජයට හානියක්‌ කරන්න පෙළඹුණේ නැහැ. මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්‌පතිවරයා තමයි අමිත්ව මේකට පැටලුවේ. අමිත් ඔයා එක්‌ක පොඩ්ඩක්‌ කතා කරන්න ඕනි කියලා එන්න කියලා අඬගැහුවේ ඩීඅයිජී මහත්තයා. එයාව ගෙන්නගෙන මේ විදිහට කළේ එයා. ඩීඅයිජී මෙයාව පටලලා එයාලා බේරෙන්න තමයි හදන්නේ.’
 
  සමන්තී වීරසේකර 

14 Responses to “කවුද මේ අමිත් වීරසිංහ… මොකක්‌ද මේ මහසෝන් බලකාය”

  1. Nanda Says:

    Why then JO’s Wimal Weerasinghe- Lanka C News sphereheded fabrication of the rumour that Champika is the man sponsering Amith Weerasinghe and Vasudeva Nanayakkara and many of JO supported it ? Isn’t that a act of joining UNP +SLFP governement in silencing Sinhalaya ?
    Leave aside all other politicians, why not even BBS is coming forward to help him now ?

  2. Nanda Says:

    Let me share my mindful observations.

    1. Governement accuses JO
    2. JO accuses Champika
    3. Police said they arrested ‘mastermind’ of internet hate campaign , Amith Weerasinghe
    4. Other witers started saying MB is created by Champika
    5. Police started saying MB is the root organisation of TOTAL HATE Campaign ( that is now the dropped ‘internet only’)
    6. Police said they found ‘HATE MATERIAL’, computers, papers in MB office
    7. Only one Indian media Padama Rao says Wahabism could be the root cause
    8. Champika stated saying all Balakayas created by Gota
    9. Police started saying they now found ‘BOMBS’ in MB office.
    10. Now our only media to expose all verisons has become Lankaweb, all otheres blaming ‘Sinhala’ extremists

  3. NeelaMahaYoda Says:

    Nanda

    I think nobody said that Champika was the man who sponsored Amith Weerasinghe. But everyone said Pacha R organised the riots from behind the scene.

    Anyway Pacha R has a history of betraying his own colleagues and supporters from the time of JVP insurrection once he was exposed.
    Leave aside all other politicians, why not even BBS is coming forward to help him now ? Nanda! it is the name of the game.

  4. NeelaMahaYoda Says:

    Nanda

    My own opinion is that even though government was behind the riots to put the blame on JO, unfortunately the plan was misfired and They were about to get themselves exposed.

    Then luckily they have found ideal scapegoat to put the blame on and wipe their hands. Amith Weerasinghe who has raised genuine concerned about unfair propagation of Muslim fundamentalism in Sri Lanka was the best candidate to put the blame on and wipe their hands.

    As far as I can see I do not see any hate speeches published by Amith Weerasinghe.

    But he has produced lot of youtube clips to talk about Muslim Expanism In Sri Lanka.

    https://youtu.be/oT0u0zPnx_s
    මහනුවර මුස්ලිම් “රෝයල්” ෆාමසියේ හොර බෙහෙත් අල්ලලා -Amith Weerasinghe Kandy Royal Muslim pharmacy
    Published by Lanka Lion Voice with 241,307 views

    https://youtu.be/i_2AcXnjveQ
    Amith weerasinghe.. මුස්ලිම් ව්‍යාප්තවාදය 4,614 views Published by Amith weerasinghe

    https://youtu.be/vp8cLs4Qsps
    Amith weerasinghe පන්සල් වැහුන හැටි කිව්ව කතාවක්..16,565 views Published by Amith weerasinghe

    https://youtu.be/g2oi6pE8P9U
    Amith weerasinghe ලංකාවේ දේශපාලනය ගැන කිව්ව කතාව 1,998 views Published by Amith weerasinghe

    It is upto the readers to decide whether it is a hate campaign or his democratic rights talk about it.

  5. Christie Says:

    Padma Rao and Indian Imperialists know how to get their subjects to kill each other so they can run the place. Padma Rao and WION.
    The recent Muslim-Buddhist clashes is a good example.
    Both Buddhists ad Muslims are oppressed by the Hindu Parasites.
    1915 Kandy violence and 2018 are similar occurrences.
    Indian Parasites started to colonize the Hill country from mid 19th Century.
    By early 20th century the hill country Sinhalese and Muslims lost their and their lively hood to the non violent invaders who arrived in hundreds of thousands.
    The Buddhists and Muslims did not have the power to kick the Indian parasites out because the parasites were protected by the British guns. So the Buddhists and Muslims turned on each other like any other oppressed groups of people.
    The same is repeating today. The only difference id India has replaced Britain.
    There is a huge difference between 1983 and 2018.
    1983 was a wll planned act by India and Indian Parasites here and out side India.
    Using 1983 more than half a million Indian Parasites managed to migrate as refugees to the West.
    I don’t think any Muslims will be able to do that using 2018.

    What I can say about Amith Weerasighe or Mahason Balakaaya.

    I spoke to him over the phone regarding his views. He was unable to provide explanations to as why he is only attacking the Muslims but leave Indian Colonial Parasites.

    When I asked him whre do they get funds from he said he does not know.

  6. Ananda-USA Says:

    I think the Mahason Balakaya is being SCAPEGOATED to COVER UP an undercover UNP operation.

    As long as the UNP is in POWER, this will be the FATE of ALL Sinhala Buddhist political movements.

    With the aid of Foreign Powers and their minority surrogates, they hope to TAR & FEATHER the Sinhala Buddhist community to PREVENT ANY challenge to the ANTI-NATIONAL activities of certain minority groups.

    This will CONTINUE until the NEXT ELECTIONS, by which time they hope to be able to REPEAT a CON-JOB as they did on Jan 8, 2015.

    They will FAIL DISASTROUSLY! That BUS has MOVED ON, the PEOPLE KNOW the ENEMY NOW!

  7. Lorenzo Says:

    So they silenced Amith!

    Now EXPIRY DATE PASSED medicines will be sold, etc., etc.

  8. Nanda Says:

    Neela,
    Amithand his little organisation is not alone, he has supporters. He has people financing his projects, who are ordinary people ( some overseas) concerned about what is happening to Buddhist sites in the east. If Champika or any other politician or even NGO supports him it is plus point to me. I measure the positives and negatives (risk analysis).
    Today, there is no one to protect our heritage in the east and to support poor families.
    For Buddhist shrines in the north and east, even without direct support to form the big bosses, armed forces provided support during MR governement, after the war. Even today our armed forces there is the only lifeline.

    Wilpattu is being raped by Islamists with negligence( or encouragement) from ALL Sinhala politicians, inlcuding the biggest ‘patriots’.
    My opinion is even BBS has been silenced. ( mainly because Wimal and JO branded them as Norway agents).
    That is the sad part of it.

  9. Leela Says:

    බොදු බල සේනාව, මහසොන් බලකාය වැනි සංවිධාන වලට පිං සිදු වන්න අද සෑම සිංහලයෙක්ම (යූඑන්පී කාරයන්ද අැතුලුව) පාහේ මුස්ලිම් ව්‍යාප්ත වාදය ගැන දැනුවත් වෙලා. සුපුරැදු පරිදි කලු සුද්දන්, NGO කාක්කන්, පරයින් සහ ජෙප්පන් අැත්ත වහල අමිත් වීරසිංහගෙ නැති බෝම්බයක් අල්ල ගෙන මුව හමට තඩි බානවා. ලංකාවේ මද්රාසා දහස් ගනනක උලේමලා විසින් මුස්ලිම් ගැටයන්ට කුරාණයේ පද සහ ‘හදිත්’ පොත් වල කියුම් අනුව වහබි සහ IS මත වාද උගන් වනවා. මුස්ල්මනයන්ගෙ අාගම්වාදී කියුම් කෙරැම් ගැන සිංහල ජනතාව දැනුවත් කිරීම වෙෙරි ප්‍රකාෂද?

  10. Nanda Says:

    Neela,
    You said “I think nobody said that Champika was the man who sponsored Amith Weerasinghe.”. The following was a well published news item. Although name was not given, everyone knows who he meant, “tall slim man in National suit”.

    Powerful Cabinet Minister From Colombo District Responsible For Instigating Communal Violence Through Amith Weerasinghe and “Mahasohn Balakaya” Alleges Opposition MP Vasudeva Nanayakkara.
    Posted by Administrator on 10 March 2018, 9:51 pm

    Joint Opposition Ratnapura District Parliamentarian Vasudeva Nanayakkara claimed that he has come to know, via intelligence sources, that a powerful Government Minister from the Colombo District had given his blessings to an extremist group known as the Mahason Balakaya to instigate the recent communal clash in the hill capital.

    Nanayakkara alleged that this particular Cabinet Minister had given instructions to a person known as Amith Weerasinghe attached to the group ahead of the flare up in areas such as Digana and Teldeniya in the Kandy District.

    Nanayakkara further alleged that the name itself, for the extremist group, had been suggested by the Minister.

    Nanayakkara added that once he gets more details on the involvement of the Minister, he will reveal his name to the country along with many other details related to the recent clashes.

    Courtesy:Ceylon Today

  11. Vaisrawana Says:

    “Almost all the Sinhalese (including UNP’ers) have now been made aware of Muslim expansionism thanks to organizations like Bodu Bala Sena, Mahasohon Balakaya ……. As usual, Black Whites, NGO scavengers, foreigners and the JVP riffraff are trying to deflect public attention from the real source of the mayhem….”

    You are spot on, Leela.

  12. Christie Says:

    Leading to 2015 elections it was necessary to alienate Muslim and Christian voters from Mahinda.

    You can see how the so called “Sinhala Buddhists Patriots” did the job.

    What Amith was saying has been said by Minister Champika Reawake., including in his lectures given out side the country. I have heard in one of the lectures he was questioned that the birth rate among the Muslims is just below the birth rate of Indian Colonial Parasites. Hs answer was “may be”.

    We Sinhalese Buddhists, Muslims and Christians; subjects in an Indian Colony under the control of India and Indian Parasites. It is time to unite and stand up to the common enemy India and Indian Parasites.

    Divide the Sinhalese along religious and party lines and the winner will be the one the Indian block vote support.

  13. NeelaMahaYoda Says:

    Nanda

    Champika is a cunning politician and he may have tried to instigate Communal Violence Through Amith Weerasinghe. But the evidence what we have got so far does not indicate Amith Weerasinghe has fallen into that trap and he was involved in any of the crimes that the Police authority, the Majority Journalists and the NGOs have been claiming.

    Read the Divaina Report;

    පෙට්‍රල් බෝම්බ හමු වූ කතා බොරුවක්‌ – මහසොහොන් බළකා කාර්යාලයෙන් සොයා ගත්තේ දහම් පාසල් පොත්

    – මහසොහොන් බළකායේ නිර්මාතෘගේ බිරිඳ කියයි

    – මගේ මහත්තයාගේ කාර්යාලයේ තිබිලා පොලිසිය හොයාගත්තේ දහම් පාසල් දරුවන්ට දෙන්න තිබුණු රචනා පොත් වගයකුයි, තව රචනා තරගයකින් ජය ලබපු දරුවන්ට දෙන්න තිබූ පොත්පත් වගයක්‌. මෙන්න මේවාට තමයි පොලිසිය පෙට්‍රල් බෝම්බ හොයා ගත්තා කියලා මහලොකු ප්‍රචාරයක්‌ ඇරියේ දැන් මගේ මහත්තයා රිමාන්ඩ් කළා. මගේ මහත්තයාව බොරුවට අත්අඩංගුවට ගත්තු පොලිසියේ අයට කවදාහරි දිට්‌ඨ ධම්මවේදනීය කර්මය පටිසන් දෙනවාමයි යෑයි මහසොහොන් බළකායේ නිර්මාතෘ අමිත් ජීවන් වීරසිංහගේ බිරිඳ වන ජයංගනී සිතුම් කුමාරි මහත්මිය දැඩි වේදනාවෙන් යුතුව “දිවයින”ට ඊයේ (18 වැනිදා) පැවසුවාය.

    මහසොහොන් බළකායේ නිර්මාතෘ අමිත් වීරසිංහ ඇතුළු 10 දෙනා පෙරේදා (17 වැනිදා) රක්‌ෂිත බන්ධනාගාරගත කිරීම සම්බන්ධයෙන් තොරතුරු විමසීමේදී ඇය මෙසේද කීවාය.

    මේක පොලිසිය තනිකරම ටෙලි නාට්‍යයක්‌ කළේ. මගේ මහත්තයාගේ කාර්යාලය මහනුවර කුණ්‌ඩසාලේ තට්‌ටු 4 ක ගොඩනැඟිල්ලක තියෙන්නේ. ඒකේ කොටසක්‌ නැති බැරි අයට ස්‌වයං රැකියා කරගෙන යන්න ඉඩකඩ සලස්‌සලයි තියෙන්නේ. දැන් පොලිසිය මගේ මහත්තයාගේ කාර්යාලයේ පෙට්‍රල් බෝම්බ කියල හොයාගෙන තියෙන්නේ මේ දරුවන්ට දෙන්න තියාගෙන හිටපු පොත්පත් ඊට අමතරව මෙයාගේ උප්පැන්න සහතික, වාහන බලපත්‍රය, ගෑස්‌ සිලින්ඩරයක්‌ තව පරණ පත්තර වගේ දේවල්.

    මේ බොරුව ගැනත් මම පොලිසියට එරෙහිව මානවහිමිකම් සභාවේ පැමිණිලි කළා. ඉදිරියේදී මම නීතිඥවරුන් හරහා මේ පොලිසියේ බොරුව ගැන අධිකරණයට දැනුම් දෙන්න කටයුතු කරනවා.

    මගේ මහත්තයා සිංහල මුස්‌ලිම් මිනිස්‌සු අවුලවන කිසි දෙයක්‌ කරලා නැහැ. එයා මහනුවර ළමයි හතර පස්‌දෙනා ඉන්න පවුල්වලට ස්‌වයං රැකියා කරන්න අවස්‌ථාව උදාකර දුන්නා. ඒ වගේම දුප්පත් පවුල්වල දරුවන්ට පොත්පත් අධ්‍යාපනික උපකරණ නොමිලේම දුන්නා. තව පදවි ශ්‍රී පුර ප්‍රදේයේ දුප්පත් මිනිසුන්ට වැසිකිළි පද්ධති හදලා දුන්නා. මේ වගේ සමාජ මෙහෙවරක නිරතවෙලා හිටපු කෙනෙක්‌ තමයි මගේ මහත්තයා.

    ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ චමින්ද සිල්වා

  14. Nanda Says:

    Neela,
    I respect your entitlement to personal prejudice based on vast personal knowledge. You may be correct.
    However, based on my personal knowledge and common knowledge I don’t blame or fabricate stories blaming anyone, especially any Sinhala leader regardless of his/her political camp. At this jucture it is not at the best interest of our country to blame any Sinhala party or leader, in my view. Most current politicians are very similar. At the moment it is choice of least evil.
    I am 100% with Amith ( I do have personal knowledge in at least his one project- he is innocent based on my experience )
    Thank you.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress