දිගන ගින්න දුටිමි
Posted on March 18th, 2018

 මොහොමඩ් මුසම්මිල් 

දෙස්‌ විදෙස්‌ කාගෙත් සිත් ගත් මහනුවර කඳු වළල්ලකින් වට වූ දිගන නගරයේ මම උපත ලැබුවෙමි. එහි සිංහල, දමිළ, මුස්‌ලිම් ජන කොටස්‌ අතර පැවැති සබැඳියාව ද විස්‌මිතය. පන්සලේ සලාක දානය භාර ගත් දමිළ පවුල් ද සහ මුස්‌ලිම් පවුල් එහි වූහ

අද එක්‌ එක්‌ අන්තවාදයන්ට උඩගෙඩි දෙමින් හදන්නට වලිකන ‘සංහිඳියාව’ වෙනුවට අපි කුඩා කල සිටම සැබෑ සංහිඳියාව මිහිර වින්දෝ විමු. එහෙත් එවැනි සමගියේ හුයකින් බැඳි පෙදෙසක්‌ ගිනි ගත්තේ අපගේ සිත් තුළ සෝ ගින්නක්‌ ද දල්වමිනි. ඇත්තෙන්ම සිදු වූයේ කුමක්‌ද? 

  තෙල්දෙණිය අම්බාල ප්‍රදේශයේ විසූ කුමාරසිංහ සහෝදරයාගේ ඝාතනයත් ඊට නීතිය ක්‍රියාත්මක වීමේ ප්‍රමාදයත් හේතු කොට ඇතැම් ජාතිවාදී අන්තවාදී පිරිස්‌ ගැටුමකට අර අඳින බව හොඳින් දැක ගත හැකි විය. ඒ බව කල් තියා අවබෝධ කරගත් ප්‍රදේශයේ බෞද්ධ භික්‍ෂූන් වහන්සේලා, මුස්‌ලිම් ආගමික නායකයන් හා දිගන නගරයේ ව්‍යාපාරික ප්‍රජාව කුමාරසිංහ සහෝදරයාගේ අවසන් කටයුතු යෙදී තිබූ මාර්තු 05 වැනිදා දිගන නගරයේ කඩ සාප්පු වසා දැමීමට තීන්දු කර තිබිණි. පොලීසියට මේ තත්ත්වය නොවැටහී තිබෙන්න හැකියාවක්‌ නැත. මාර්තු 05 වැනිදා මා සිටියේ ද දිගන ප්‍රදේශයේ ය. මා ගමේ ගියේ මාගේ බාල සොයුරාගේ විවාහ මංගල උත්සවයට සහභාගී වීමට ය. එදින උදේ 10 – 11ට පමණ මා දිගන නගරය පසුකර යන විට, නගරය පුරාවටම ආරක්‍ෂාව සඳහා තිබුණේ එකම විශේෂ කාර්ය බලකා ජීප් රථයක්‌ බව දුටිමි. ආරක්‌ෂක වැටවල් වෙනුවට රථ වාහන පොලිසිය යොදා ගන්නා ‘ප්ලාස්‌ටික්‌ කෝන්’ යොදා තිබිණි. ගැටුම්කාරී තත්ත්වයක්‌ ඇති වුවහොත් ඊට මැදිහත්වීමේ කිසිදු පූර්ව සූදානමක පොලීසිය නොසිටි බව මම සියෑසින්ම දුටුවෙමි.

dibana499

‘ආණ්‌ඩුවේ අස්‌ථාවරත්වය රජයන කාලයක්‌’

 මා දුටු දෙය සනාථ කරන්නේ ‘පොලීසිය බලාගෙන ඉඳිද්දි පහර දුන්නා කියා ජනතාව චෝදනා කළා. හමුදාව එන විට බොහෝ ස්‌ථාන ගිනි අරන් අවසන්. පොලීසිය මෙම සිදුවීම මැඬපැවැත්වීමට අපොහොසත් වී තිබෙනවා’ කියා. යුද හමුදාපතිවරයා කළ ප්‍රකාශය ය. ඒ වගේම ආණ්‌ඩුවේ ඇමතිවරයකු ‘පිටතින් පැමිණි මැර පිරිස්‌වලට පහර දී පලා යැමට පොලීසිය පැයක කාලයක්‌ ලබා දී තිබුණා’ කියා චෝදනා කර තිබිණි. මෙවැනි අවාසනාවන්ත තත්ත්වයක්‌ නිර්මාණය කිරීමට අවශ්‍ය වී තිබුණේ කාට ද? පසුගිය මාර්තු 05 වැනිදායින් ඇරඹි සතිය තුළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංගය ඒකාබද්ධ විපක්‍ෂය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. ඊට එක්‌සත් ජාතික පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහාය ද ලැබී තිබිණි. පාලිත රංගෙ බණ්‌ඩාර වැනි එජාප මන්ත්‍රීවරුන් රනිල් වික්‍රමසිංහ මහතාව ප්‍රසිද්ධියේ විවේචනය කරමින් සිටියහ. ආණ්‌ඩුවේ ශ්‍රීලනිප ඇමතිවරු බොහෝ දෙනෙක්‌ ද රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයෙන් ඉවත් කළ ආණ්‌ඩුවක්‌ ගැන සාකච්ඡා කරමින් සිටියහ. ඒ විදියට ආණ්‌ඩුවේ අස්‌ථාවරත්වය රජයන කාලයක්‌ මේ ගැටුම ඇරඹි මාර්තු 05 වැනිදාට පෙර තිබිණි.

 ‘ගැටුමෙන් පසු වාසිය ආණ්‌ඩුවට’

ඒ වගේම පළාත් පාලන මැතිවරණයෙන් පොහොට්‌ටුව ලැබූ විශිෂ්ට ජයග්‍රහණය යටපත් කිරීමේ උවමනාවක්‌ ද ආණ්‌ඩුවේ කණ්‌ඩායම්වලට තිබිණි. ආර්ථික බිඳ වැටීම, අර්ජුන් මහේන්ද්‍රන් හිටපු මහ බැංකු අධිපතිවරයා සොයා ගැනීමට බැරි වීම ආදී ප්‍රශ්නත් මේ ඉදිරියේ විය. ඉතිං ආණ්‌ඩුව සිතුවේ මෙවැනි ගැටුම්කාරී තත්ත්වයකට ඉඩ සැලසීමෙන් තමන් මුහුණ පා සිටින අස්‌ථාවරත්වයෙන් මිදෙන්න පුළුවන් කියාය. මෙවැනි ගැටුමකින් පසුව ඉතා පැහැදිලිව වාසිය ලැබෙන්නේ මේ ආණ්‌ඩුවට ය. සැලසුම් සහගතව පොලීසිය ගැටුම් නිරාකරණය සඳහා නොයොදවා ගැටුම් උත්සන්න වීමට ඉඩ හැරි ආණ්‌ඩුව මේ අවාසනාවන්ත තත්ත්වයට සම්පූර්ණයෙන්ම වගකිව යුතු ය. නීතිය හා සාමය අමාත්‍යාංශය භාර අමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා මේ ගැටුම සමනයට කිසිදු ක්‍රියාමාර්ගයක්‌ නොගත්තේ ඉතාම සැලසුම් සහතව ය. ඔහු ඇමතිවරයකු ලෙස සම්පූර්ණයෙන්ම අසමත් කියා රටට පෙන්වා තිබේ.

 ‘1983 කළු ජූලිය හා සමානයි’

1983 කළු ජූලිය අවස්‌ථාවේදීත් මෙවැනි පූර්ව සැලසුමකට අනුව සියල්ල සිදු විය. ‘පෙළපාලියකින් එනවා, පළමුව කඩ සාප්පු මංකොල්ල කනවා. ඊට පසුව ගිනි තියනවා’ වැනි සැලැස්‌මක්‌ අතේ තියා ගෙන එදා සිරිල් මැතිව්ලා කළු ජූලිය දියත්කර තිබිණි. දිගන, අකුරණ ආදී තැන්වල මේ බව ඉතා පැහැදිලිව දැක ගත හැකි ය. මුස්‌ලිම් ජනතාව වෙසෙන ප්‍රදේශ හරහා මෙවැනි පෙළපාලි එනකොට ඒ දෙපස තිබෙන අතුරු මාර්ගවලට රැකවල් ලා ගෙන මුස්‌ලිම් ජනතාවගේ නිවාස හා දේපළවලට රැකවරණය සැලසුවේ ඒ ප්‍රදේශවල බෞද්ධ භික්‍ෂූන්වහන්සේලා, සිංහල බෞද්ධ බැතිමතුන්ය. පෙළපාලි ගියේ, කඩ සාප්පු මංකොල්ල කෑවේ, ඒවා ගිනි තැබුවේ පිටතින් ආ මැර පිරිස්‌ය. ඒ නිසා ඉතා පැහැදිලිව පෙනෙන්නේ මේ ගැටුම කෘත්‍රිමව ඇති කරපු එකක්‌ කියා ය. 1983 දී දෙමළ ජනතාවට පහර දුන්නේ ඇඳිරිනීතිය මැද්දේය. මෙවරත් මුස්‌ලිම් ජනතාවට පහර දුන්නේ ඇඳිරිනීතිය මැද්දේය. ගැටුම් සමනය කරන්න පොලීසිය මැදිහත් නොවීම, සියල්ල සිදු වී අවසන් වුණාම හමුදාව යෙදවීම ආදී මේ සියල්ලෙන් පෙනෙන්නේ මේවා ආණ්‌ඩුවේ අනුග්‍රහය, ආධාරය, අනුබලය මත සිදු වූ ඒවා බව ය.

 1983 කළු ජූලියෙන් පසුව සිදුවූයේ බහුතර දෙමළ ජනතාව කොටි ත්‍රස්‌තවාදය දෙසට, ප්‍රභාකරන්ගේ තුරුළට තල්ලු කර හැරීමය. එදා දෙමළ ජන සමාජය, ප්‍රභාකරන් ඇතුළු දෙමළ ජාතිවාදී බෙදුම්වාදී, බලවේගවල සරණ පතන තැනට පත් කළේය. මෙතැනදී සිදු කරන්න හදන්නෙත් ඒකය. සැලසුම් සහගතව මෙවැනි ගැටුමක්‌ නිර්මාණය කළාම විවිධ මානසිකත්වයන්හි සිටින ආවේගශීලී තරුණ පිරිස්‌ ගැටුම්වලට මැදි කර ගන්න පහසු ය. මෙවැනි සිදුවීම්වලින් දීර්ඝ කාලීනව රටට සිදු වන හානිය ඉතා බරපතළ බව තේරුම් ගත යුතු ය.

 ‘අන්තවාදීන්ට ඉඩ හදා දීම’

ආණ්‌ඩුව වගේම මෙවැනි ගැටුමකින් වාසිය ලබන්නේ ජාතිවාදී, අන්තවාදී කල්ලි කණ්‌ඩායම් ය. මෙතෙක්‌ කලක්‌ මුස්‌ලිම් ජනතාව බහුතරයක්‌ ප්‍රධාන දේශපාලන පක්‍ෂ වටා රොක්‌ වී සිටියහ. නමුත් මේ ගැටුමෙන් පසුව මුස්‌ලිම් අන්තවාදී කණ්‌ඩායම්වලට ඔවුන්ව බෙදුම්වාදය දෙසට රැගෙන යාමට ඉඩක්‌ ලැබේ. අද මුස්‌ලිම් සමාජය තුළ මේ අන්තවාදී කොටස්‌ ‘අපට සිංහල ජනතාවගෙන් පිහිටක්‌ නැහැ. අපේ ආරක්‍ෂාව අපිම සලසා ගත යුතුයි. අපි බෙදුම්වාදයේ පිහිට පැතිය යුතුයි’ කියා සූක්‍ෂම මතයක්‌ හදති. ඒ අනුව අයිඑස්‌අයිඑස්‌ වැනි අන්තවාදී සංවිධානවලට ශ්‍රී ලංකාව තුළ පැලපදියම් වීමේ ඉඩකඩ නිර්මාණය කිරීම මේ ගැටුමේ නිර්මාතෘවරුන් සිදු කර තිබේ.

 ‘භික්‍ෂූන්වහන්සේ අපකීර්තියට පත් කිරීම’

මේ ගැටුම් නිර්මාණය කළ පිරිස්‌ බෞද්ධ භික්‍ෂූන්වහන්සේලා සතු බලය, වටිනාකම් පද්ධතිය හෑල්ලූවට ලක්‌ කිරීමට ද උත්සාහ කරමින් සිටිති. ඔවුන් ජාත්‍යන්තර මාධ්‍ය යොදා ගනිමින් උලුප්පන්න හදන්නේ ‘බෞද්ධ භික්‍ෂූන්වහන්සේලා මෙම ගැටුම් අවුලුවන්න මැදිහත් වුණා’ කියාය. ඇත්තෙන්ම සිදු වුණේ බෞද්ධ භික්‍ෂූන්වහන්සේලා මේ ගැටුම් ඇවිලී යාම වැළැක්‌වීමය. නමුත් බෙදුම්වාදී ව්‍යවස්‌ථාවට, රටට අහිතකර කවර හෝ කරුණකට එරෙහිව පෙරට එන භික්‍ෂූන්වහන්සේලා නිහ`ඩ කරවීම මේ ආණ්‌ඩුවේ සහ ඔවුන්ගේ බටහිර හාම්පුතුන්ගේ උවමනාවය. ඒ සඳහා ද මේ ගැටුම යොදා ගත් බව පැහැදිලි ය. ආණ්‌ඩුවට වගේම අපේ මාතෘභූමිය තම ග්‍රහණයට ගැනීමට බලා සිටින බලවේගවලට සහ සියලු ආකාරයේ මෙම ගැටුමෙහි වාසිය ඇත්තේ අන්තවාදී කොටස්‌වලට පමණය. 

අවසන් වශයෙන් මා දකින සුවිශේෂ කරුණක්‌ මෙහිලා සඳහන් කිරීමට කැමැත්තෙමි. මුස්‌ලිම් ජනතාව ජීවත් වූයේ සිංහල, බෞද්ධ සංස්‌කෘතිය තුළ සිය අනන්‍යතාව රැක ගනිමිනි. නමුත් අද ඇතැම් මුස්‌ලිම් පිරිස්‌ එසේ ගොඩනැ`ගුණු තම ලාංකීය සංස්‌කෘතික අනන්‍යතාව හැර පියා අරාබි සංස්‌කෘතිය වැළඳගැනීමේ කනගාටුදායක තත්ත්වයක්‌ දැක ගත හැකි ය. ඒ නිසා සිංහල ජන සමාජයේ ඇතැම් පිරිස්‌ ද එකී අරාබි සංස්‌කෘතික අනන්‍යතාව පෙන්වන මුස්‌ලිම්වරුන් දෙස බලන්නේ ආක්‍රමණිකයන් පිරිසක්‌ දෙස බලන අයුරිනි. ඒ තත්ත්වය වෙනස්‌ කර ගැනීමට අරාබි සංස්‌කෘතිය කර පින්නාගත් පිරිස මූලික වී කටයුතු කළ යුතුව තිබේ. 

 කළු පැහැයෙන් යුත් බුර්කාව වෙනුවට මෙරට මුස්‌ලිම් කාන්තාවන්, පාසල් සිසුවියන් අනාදිමත් කාලයක්‌ තිස්‌සේ භාවිතා කරනු ලබන ෆර්දාව භාවිතය, ඉහත කී තත්ත්වය වෙනස්‌ කර ගැනීමට යොදා ගත හැකි මා හැම දා පෙන්වා දෙන නිදසුනකි. 
 
 කවරාකාරයක හෝ අන්තවාදයකට හසු නොවී මේ ජාතිවාදී ගිනිදැල් නිවන්නට මැදිහත් වූ සිංහල – මුස්‌ලිම් අතිබහුතර ජනතාවට ස්‌තූතිය පුදකර සිටීමට ද මෙය අවස්‌ථාවක්‌ කර ගන්නෙමි. 

 මොහොමඩ් මුසම්මිල් 

7 Responses to “දිගන ගින්න දුටිමි”

  1. Christie Says:

    Padma Rao and Indian Imperialists know how to get their subjects to kill each other so they can run the place. Padma Rao and WION.
    The recent Muslim-Buddhist clashes is a good example.
    Both Buddhists ad Muslims are oppressed by the Hindu Parasites.
    1915 Kandy violence and 2018 are similar occurrences.
    Indian Parasites started to colonize the Hill country from mid 19th Century.
    By early 20th century the hill country Sinhalese and Muslims lost their and their lively hood to the non violent invaders who arrived in hundreds of thousands.
    The Buddhists and Muslims did not have the power to kick the Indian parasites out because the parasites were protected by the British guns. So the Buddhists and Muslims turned on each other like any other oppressed groups of people.
    The same is repeating today. The only difference id India has replaced Britain.

    There is a huge difference between 1983 and 2018.

    1983 was a wll planned act by India and Indian Parasites here and out side India.

    Using 1983 more than half a million Indian Parasites managed to migrate as refugees to the West.

    I don’t think any Muslims will be able to do that using 2018.

  2. Vaisrawana Says:

    Here is a genuinely nationalist politician. I can remember how Mohammed Musammil of the JNP helped trap a businessman turned politician from his own community (who had been a deputy minister of the previous government but turned anti-MR in 2015) when the latter tried to hand him a large wad of cash as a bribe for persuading him to change sides; but Musammil, in collaboration with his leader Wimal Weerawansa, had arranged to video the scene live in order to expose the criminal; the video showed Musammil loudly reprimanding the bribe giving politician for his attempted crime. I saw this in TV news broadcast in SL or on the You Tube. (I don’t know what later happened to that corrupt politician that Musammil caught redhanded.)

    Sri Lanka’s future depends on young honest patriotic politicians like Mohammed Musammil. I wish him the greatest success in his political career.

  3. Lorenzo Says:

    Rawana,

    He’s from SLMC/UNP and later joined MR. WW didn’t allow the police to take away the money stash!!

  4. Vaisrawana Says:

    Renzo,

    I still believe that you are a decent educated person indulging in some humour. Please do not demean yourself by inventing lies to defame respectable persons. It was brave of Musammil to do what he did with that rascal. The evidence of the video was unmistakable. Sure you missed it.

  5. Leela Says:

    මොහොමඩ් මුසම්මිල්ගෙ කතාව මට පැහැදිලිය්.
    අපි පොඩි කාලෙ අපේ ගම් දනව් වල මුස්ලිම් මිනිස්සු හිටිය බවත් හිටිය හැටිත් මට හොඳට මතකය්. මුස්ලිම් ගැහැනු සාරි පොටෙන් ඔලු වහගෙන හිටියා. මුදලාලිගෙ කාර් ඒකේ වටේට අැතුලෙ අය නොපෙනෙන්න තිර දමල තිබුනා. හැබැය් පල්ලියෙ ස්පීකර් තිබුන බවක් මට මතක නැහැ. මුස්ලිම් කඩේ කිසිම භාන්ඩයක හලාල් ලේබල් තිබුනෙත් නැහැ. ජිහාඩියන් පුහුනු කරන වහබි මද්රාසා තිබුනෙත් නැහැ. ෂාකීර් නය්ක්ල වගේ බිගොට්ල ලංකාවට අැවිත් අන්තවාදී දේසනා තිබ්බෙත් නැහැ. නැගෙනහිර මුස්ලිම්වරැ බුදු පිලිම එපා බෝ පැල එපා කිව්වෙත් නැහැ.
    ඉතින් අැය් කලින් නොකල ඉල්ලීම් අද මුසල්මනය ඉදිරිපත් කොරන්නෙ කියන ප්‍රශ්ණයට සංහිඳියා කාරයින් සහ වහබියන් වහාම උත්තර දිය යුතුය්.

  6. Lorenzo Says:

    Rawana,

    His name is MM Mustafa. He later joined MR when Hack-him joined MR. His case of trying to bribe with 300 million rupees was later dropped.

  7. Ananda-USA Says:

    I applaud Mr. Muhammad Muzzamil and completely agree with his CONCLUSION on who engineered this apparent Muslim-Sinhala conflict.

    I KNOW many Buddhist priests who came forward not only to protect Muslim people during this period, but also to criticize those Muslim jihadists who were ALIGNED with the Govt and EXPLOITED that opportunity to provoke the conflict and attain their own ends.

    They are the SAME GROUPS who in the LONV TERM want to transform Sri Lanka into a Muslim majority naton. We see these moves in the emervence of BLACK HIJAB WEARING women, the clearing and setting of Govt lands by force, the proliferation of Mosques funded by Wahhabi money, and the creation of Muslims-only ENCLAVE through the Sinhala HEARTLAND of our Motherland.

    The Muslim people who were protect by Sinhala monarchs from the ravages of European invaders throughout Sri Lanka’s history, and given permission to marry Sinhala women and settle in the King’s realm, are now being gradually weaned away from the Sinhala Buddhist majority into a Wahhabi indoctrinated separatist community that is FUNDAMENTALLY INCOMPATIBLE with the other communities living in Lanka.

    It is to their advantage to sow discord and WEAKEN the NATIONAL GOVERNMENT and accrue to themselves power in armed ommunities centered around their proliferating mosques. To that end, they are ALIGNED with and EXPLOIT the YAMAPALANA GOVT until they ha e created the necessary FACTS ON THE GROUND. They are ENCOURAGED to pursue this path, as they recognize the WEAKNESS of Buddhism that ESPOUSES Non-violence.

    But they are SADLY MISTAKEN if they think that we are PASSIVE Buddhists ONLY intrinsically incapable of defending and protecting our hallowed Motherland!. There is a DUALITY in our Sinhala Buddhist personality and Character. It is the Sinhala WARRIOR that defends and protects the Buddhist DEVOTEE. Many of us are Sinhala WARRIORS FIRST and Buddhist DEVOTEES SECOND, and as long as a SUFFICIENT NUMBER of us live on this Isand, neither Tamils EELAMISTS, nor Muslim JIHADISTS nor Christian Evangelists will be ALLOWED to TRIUMPH and transform this hallowed isle to ALIEN IDEOLOGY.

    They will ONLY SUCCEED in raining down upon their own communities UNTO MISERY as the events of the RECENT PAST has AMPLY DEMONSTRATED. To Muslims I say: ISIS and WAHABI ideology will bring you only DEATH & DESTRUCTION in Sri Lanka as they have done elsewhere in the world.

    We INVITE ALL LAW-ABIDING citizens of Sri Lanka to ADJUST to living in amity with the Sinhala Buddhist majority community in complete safety with equal rights, but to be prepared to SUFFER THE CONSEQUENCES of any attempt to DISPLACE and REPLACE the Sinhala Buddhist from their ANCESTRAL HOMELAND!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress