අලුත් අවුරුද්දට ජනතාවට රජයෙන් කිසිම සහනයක් නැහැ
Posted on March 20th, 2018

ගොසිප් සී ලංකා වෙබ් අඩවිය

වෙළද පොළේ පාරිභෝගික භාණ්ඩවල මිල ගණන් ඉතාමත් ඉහළ මට්ටමක වතින අතර ජනතාවට මෙවර සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සමරන්න වී තිබෙන්නේ ඉතාමත් දුෂ්කර විදිහටය. එම නිසා සිංහල හා හිංදු අලුත් අවරුද්ද වෙනුවෙන් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය ජනතාවට අවුරුදු සැමරීම සදහා කිසියම් සහන වැඩ පිළිවළක් සකස් කර ඇත්දැයි අප ගොසිප් සී ලංකා වෙබ් අඩවිය පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියෙන් විමසීමක් කළ අතර එහිදී නිළධාරීයෙකු අප සමග කියා සිටියේ සිංහල හා හිංදු අලුත් අවරුද්දට එහෙම වැඩපිළිවළක් නොමැති බවයි.

සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් මාධ්‍ය ආයතන ඇතුළු පාරිභෝගික භාණ්ඩ අලෙවි කරන ආයතන කලින් තියා තම සැලසුම් සකස් කරන අතර මේ රටේ පාරිභෝගිකයා වෙනුවෙන් පෙනී සිටිය යුතු පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය සිංහල අවුරුද්ද වෙනුවෙන් ජනතාවට සහන ලබා දීමට තවම වැඩ පිළිවලක් සකස් නොකිරීම කනගාටු දායක පුවතකී.

පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පවතින්නේ කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්තයංශය යටතේ වන අතර එහි ඇමැතිවරයා වන්නේ රිෂාඩ් බදුර්දීන්ය.

තවද හාල් සහ පොල් සදහා පාලන මිලක් පැවතියද පාලන මිල ඉක්මවා හාල් අලෙවි වන්න් රු 100ත් 140ත් අතර මිලකටය. පොල් ගෙඩියක් රු 90ත් 110ත් අතර මිලකට අලෙවි වේ.

ඒ වගේම පසුගියදා පැවති මැතිවරණ සමයේ මිල ගණන් පහත හෙලා තිබූ සමහර භාණ්ඩවල මිල ගණන්ද මේ වන විට විශාල ලෙස ඉහළ ගොස් තිබේ.

මේ අතර පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ වෙබ් අඩවිය අවරුදු 8කින් පමණ යාවත් කාලීන කර නැති අතර එහි සමහර භාණ්ඩවල පාලන මිල ගණන් පවතින්නේ 2010යේ පැවති ඒවාය. 

– මේ පිළිබදව ඔබ මාධ්‍ය අංශයේ අවධානය යොමු කරන ලෙස ඉල්ලා සිටින අතර මෙම පුවත ඔබට සුදුසු විදිහට පළ කර ජනතාවට සහනයක් ලබා ගැනීමට උදව් කරන මෙන් ඉල්ලා සිටිමි. . 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress