අගමැතිකමෙන් ඉවත්වන්නැයි රනිල්ට ජාත්‍යන්තර බලපෑම්
Posted on March 23rd, 2018

සංජය නල්ලපෙරුම උපුටා ගැන්ම ලක්බිම

රට ස්ථාවරව පවත්වාගෙන යාම සඳහා විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීමට පෙර අගමැති ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස එජාප නායක අගමැති රනිල් වික්‍රමසිංහට තානාපති අංශ ඇතුළු ජාත්‍යන්තරයෙන් බලපෑම් එල්ල වෙමින් තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
එසේ ඉල්ලා අස්වී එජාපයේ වෙනත් අයෙකු අගමැති ධුරයට පත්කරගෙන ජනපතිවරණයාගේ නිල කාලය අවසන් වනතුරු රට ස්ථාවරව පවත්වාගෙන යාමට කටයුතු කරන ලෙසද අගමැතිවරයාට තානාපති අංශ දැනුම් දී ඇති බවද සඳහන්ය.


යම් හෙයකින් විශ්වාසභංග යෝජනාවෙන් අගමැතිවරයා පරාජයට පත් වුවහොත් ඔහුට විපක්ෂයට   යාමට සිද්ධ වනු ඇති බවත් එසේ වුවහොත් දැනට විපක්ෂ නායක ධුරය දරමින් දෙමළ ජාතික සන්ධානය වාර්ගික සමගිය වෙනුවෙන් කරනු ලබන වැඩපිළිවෙල අවුල් වී යළිදු වරක් රටේ බෙදීමක් ඇති වනු ඇති බවද තානාපති අංශ අනතුරු හඟවා තිබේ.
මේ නිසා තනි පුද්ගලයෙකු වශයෙන් තමාගේ තනතුර ගැන පමණක් නොසිතා රටේ ඉදිරි අනාගතය ගැන සිතා මේ මොහොතේ අගමැතිවරයා ඉවත්විය යුතු බව තානාපති අංශවල මතය වී ඇත.
ඉන්දියාව, ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළු එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් රටවල් රැසක තානාපතිවරුන්ද අගමැතිවරයා විශ්වාසභංගයේදී කටයුතු කරමින් සිටින ආකාරය අධ්‍යයයන කිරීමෙන් පසු ඉහත සඳහන් කරුණ ඔහුට දැනුම් දී ඇති බවද සඳහන්ය.

 

6 Responses to “අගමැතිකමෙන් ඉවත්වන්නැයි රනිල්ට ජාත්‍යන්තර බලපෑම්”

  1. NAK Says:

    He must go not just to save Sampanthan’s job but to save the country from disaster.

  2. Nanda Says:

    Sorry I don’t understand politics. Why should UNP join SLPP when they can join JVP ( Red baby elephants) + SLFP (unity governement partners) ?

    මහින්ද-රනිල් එකතුවී ගාල්ල නගර සභාවේ බලය පිහිටුවයි – නගරාධිපතිධුරය මහින්ද පිලට..!
    March 23, 2018

    ගාල්ල මහ නගර සභාවේ නව නගරාධිපතිවරයා ලෙස මහින්ද පිලේ ප්‍රියන්ත ගොඩගම සහබන්දු මහතා නගර සභාවේ සභිකයන්ගේ වැඩි ඡන්දයෙන් මීට සුළු මොහොතකට පෙර තේරී පත්වූයේය. මේ අතර එක්සත් ජාතික පක්ෂයේ ෆවුසුල් නියාස් මහතා නියෝජ්‍ය නගරාධිපතිවරයා ලෙස නිතරගයෙන් පත්විය. එජාපයේ මන්ත්‍රීවරු පිරිසක් සමග මහින්ද පාර්ශ්‍යවය කලින් ඇතිකරගත් එකගතාවයකට අනුව නගරාධිපතිධුරය මහින්ද පිලටත් උප නගරාධිපති ධුරය එජාපයටත් වශයෙන් නගර සභාවේ බලය පිහිටුවීමට කටයුතුකර තිබේ.

    පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් නගර සභාවට පත්වූ සහබන්දු මහතා නගරාධිපතිවරයා තේරීමේ රහස් ඡන්දයේ දී ඡන්ද 20ක් ලබාගත් අතර එක්සත් ජාතික පක්ෂයෙන් නගරාධිපතිධූරයට නාම යෝජනා වූ ජිලිත් නිශාන්ත මහතා ඡන්ද 11ක් ලබාගත්තේය. ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු තිදෙනා හා ස්වාධීන කණ්ඩායමේ එක් මන්ත්‍රීවරයකු ඡන්දය දීමෙන් වැළකී සිටියහ.

    එක්සත් ජාතික පක්ෂය සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය එක්ව නගර සභාවේ බලය පිහිටුවන බව ඊයේ(22) නිවේදනය කර තිබූ අතර අද(23) නගරාධිපතිවරයා තෝරන අවස්ථාවේ නම් දෙකක් ඉදිරිපත් වූයෙන් ඡන්දයකට යාමට තීරණය කර තිබිණි.

    ගාල්ල මහ නගර සභාව පසුගිය මැතිවරණයෙන් එජාපය ජයග්‍රහණය කළේ වසර 16 කට පසුව වන අතර එනම් 2002 වසරට පසුවය. නමුත් මෙවර පළාත් පාලන මැතිවරණය තුළ ගාල්ල මහ නගර සභාව ජයගන්නට එජාපය සමත් වුවත් නගරාධිපතිධුරය අහිමිව ඇත.

    ගාල්ල මහා නගර සභාවේ සංයුතිය මෙසේය.

    එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් 14

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මන්ත්‍රී වරුන් 13

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් මන්ත්‍රී වරුන් 3

    ජනතා විමුක්ති පෙරමුනෙන් 3

    එක්සත් ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රීවරුන් 1

    ස්වාධීන මන්ත්‍රීවරැන් 1

    Captureගල

  3. Christie Says:

    I am sure India wants him to go after Hambantota. Good on you Ranil for giving it to China. Indian did not support you in 2005 and backed Mahinda by asking Indian Parasite block vote to abstain from voting.

  4. Ananda-USA Says:

    It is better if the PARA-FATHI AGA-MATHI loses the No Confidence Motion, the Yamapalana Govt FALLS as a result, and a NEW PATRIOTIC Govt with Mahinda Rajapaksa as the PM is CREATED by the President!

    An ADDED BENEFIT of the UNP being OUSTED from the Govt is that then the UNP would become the Leader of the Opposition, DISPLACING the TNA.

  5. Ananda-USA Says:

    It is better if the PARA-FATHI AGA-MATHI loses the No Confidence Motion, the Yamapalana Govt FALLS as a result, and a NEW PATRIOTIC Govt with Mahinda Rajapaksa as the PM is CREATED by the President!

    An ADDED BENEFIT of the UNP being OUSTED from the Govt is that then the UNP would become the Leader of the Opposition, DISPLACING the SEPARATIST TNA.

  6. Fran Diaz Says:

    As far as we know, under the Yahap govt. & RW leading the deals, the H’thota Port went to Hong Kong investors. HK was Briitsh held earlier.
    MR said later that it was a HK based company, different to the one he had in mind.

    All RW deals ought to be looked at very closely.
    Ulterior motives galore !

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress