සියල්ල මහසෝනාට බැරකළ හැකිද?
Posted on March 24th, 2018

 චතුර පමුණුව  උපුටා ගැන්ම දිවයින

 බුරුමයේ මෙන්ම ශ්‍රී ලංකාවේ බෞද්ධ ක්‍රියාකාරකම් ගැන ජාත්‍යන්තර මාධ්‍ය වඩාත් උනන්දු වෙයි. මහනුවර ගැටුම ගැන විග්‍රහයක යෙදෙන යංස්‌ටවුන් විශ්වවිද්‍යාලයේ මයිකල් ජෙරිසන් ප්‍රකාශ කරන්නේ බුද්ධාගම අනතුරක පවතින බවට ථෙරවාදී බෞද්ධයන් අතර මතයක්‌ පවතින බවයි. එනිසාම ශ්‍රී ලංකාවෙත්, බුරුමයෙත්, තායිලන්තයෙත් මේ ගැන පොදු මතයක්‌ ගොඩනැඟී ඇති බව ජෙරිසන් කියති. 2001 දී බාමියන් බුදු පිළිම විනාශ කිරීමත් සමඟ මේ මතය තදින් පැතිරෙන්නට වූ බව හෙතෙම සඳහන් කරයි. මැලේසියාවේ මෙන්ම ඉන්දුනීසියාවේ පැවති අතීත බෞද්ධ රාජ්‍යයන් විනාශ වී යැම නිසා ථෙරවාදී බෞද්ධයන් අතර බිය හටගෙන ඇති බව ආගමික කටයුතු ගැන විශ්ලේෂකයකු වන ජෙරිසන් කියයි.

mahason
 
ජෙරිසන් ථෙරවාදීන්ගේ ප්‍රශ්න කවර කෝණයකින් දකින්නේ ද යන්න තර්ක කිරීමට නොහැකි ය. නමුත් ලංකාව, බුරුමය මෙන්ම තායිලන්තයේ බෞද්ධයන් අතර තම ආගම අනතුරක යන හැඟීම ප්‍රබලව පවතින බව හෙතෙම වඩා හොඳින් අවබෝධ කරගෙන සිටී. එය විටින් විට පුපුරා යයි. ලොව පුරාම ඉස්‌ලාම් විරෝධය තදින් පැතිර තිබේ. ලංකාවේදී මෙන්ම බුරුමයේදීත් මුස්‌ලිම් විරෝධය පුපුරා ගියේ එක්‌ අවස්‌ථාවකදී පමණක්‌ නොවේ.
 
 බෞද්ධයන් අතර පැනනඟින මේ අවිශ්වාසය ගැන අවධානය යොමු නොකර සංහිඳියාව ගැන පාඩම් කියාදීමට සමහරු උත්සාහ දරති. දිගන ප්‍රදේශයේ සුන්බුන් ඉවත් කිරීමට මහා සංඝරත්නය පවා එක්‌ව සිටිනු දක්‌නට ලැබීය. එය යහපත් දෙයකි. නමුත් සියලු වැරදි “මහසෝනා” පිට පටවා ගැලවිය හැකිද? දශක කිහිපයක්‌ තිස්‌සේ ගොඩනැඟෙන අවිශ්වාසය දුරුකළ හැක්‌කේ කෙසේද? ලංකාව පුරා වේගයෙන් පැතිර යන වහාබ්වාදය මේ සියලු ප්‍රශ්නවලට හේතුව බව වටහාගන්නේ කවරකුද? එය මහසෝනාට වඩා සිය ගුණයකින් භයානක ය.
 
 ශ්‍රී ලංකාවේ හා බුරුමයේ තරම් ප්‍රබලව නොවුව ද තායිලන්තයේ ද මුස්‌ලිම් විරෝධය වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතී. තායිලන්තයේ දකුණු දිග යාල, පත්තානි වැනි ප්‍රදේශවල බෞද්ධ භික්‌ෂුන් පිඬු සිඟා වඩින්නේ හමුදා ආරක්‌ෂාව යටතේ ය. විටින් විට මුස්‌ලිම් අන්තවාදීහු බෞද්ධයන්ට ප්‍රහාර එල්ල කරති. තායිලන්තයේ තරුණ ජනප්‍රිය හිමිනමක්‌ වූ මහ අපිචාන් හිමියන් සිය ෙෆ්ස්‌බුක්‌ ගිණුම හරහා ප්‍රකාශ කර සිටියේ භික්‌ෂුවකට ප්‍රහාර එල්ල වුවහොත් මුස්‌ලිම් පල්ලි ගිනිතබා වනසන ලෙසයි. මෙය බෙහෙවින් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්‌ විය. කෙසේ නමුත් උන්වහන්සේ පසුව මහණකමින් ඉවත් විය. තමන්ගේ සංස්‌කෘතිය අහිමි වීමේ අවදානම ගැන බෞද්ධයන් දැඩි කලබලයට පත්ව ඇති බව නෝර්වීජියානු දේවධර්ම විද්‍යාලයේ ඉස්‌ලින් ෆ්‍රයිඩෙක්‌ලුක්‌ස්‌ ප්‍රකාශ කරති. මොහු බුරුමයේ හා ශ්‍රී ලංකාවේ බුද්ධාගමේ ආරක්‌ෂාව වෙනුවෙන් පිහිටුවා ඇති බෞද්ධ ආරක්‌ෂක සංවිධාන ගැන විශේෂ නිබන්ධනයක්‌ ද එළිදක්‌වා ඇත.
 
 බටහිර මාධ්‍ය මහනුවර සිද්ධිය ගැන උලුප්පමින් බෞද්ධයන්ට නිග්‍රහ කරද්දී බුරුමයේ එක්‌ වැදගත් සිද්ධියක්‌ සිදුව ඇත. එනම් විරාතු හිමියන්ට එරෙහිව එරට රජය පැනවූ වසරක ධර්ම දේශනා තහනම ඉකුත්ව යන බවයි. ඒ අනුව උන්වහන්සේගේ මංගල ධර්ම දේශනය හා පිළිගැනීමේ උත්සවය දකුණු ඔක්‌කපාල නගරයේ විහාරස්‌ථානයකදී පැවැත්විණි. එහිදී උන්වහන්සේ පැවසුවේ සමහර මාධ්‍යවේදීන්ට අවශ්‍ය මාව පොලිස්‌ අත්අඩංගුවට යවන්නයි. 2012 රතීන් ප්‍රාන්තයේ ඇතිවූ ගැටුම්වලටත්, 2013 මෙයිකිටිලාහි ඇතිවූ ගැටුම්වලටත් මගේ දේශන බලපෑවේ නෑ. මගේ දේශන නිසා ගැටුම් ඇතිවෙනවා නම් ඇයි මම ඉන්න මැන්ඩලේ නගරයේ ගැටුම් නැත්තේ යනුවෙන් ප්‍රකාශ කර තිබිණි.
 
 කවරක්‌ නමුත් විරාතු හිමියන්ට එරෙහිව ද එක්‌ ප්‍රකට භික්‌ෂුවක්‌ අදහස්‌ දක්‌වා ඇති බව ඇමෙරිකානු හඬ වෙබ් අඩවියේ දක්‌වා තිබේ. ඉකුත් පෙබරවාරි 25 වැනිදා මාධ්‍ය හමුවක්‌ කැඳවමින් අශින් ඉසිරියානු භික්‌ෂුව ප්‍රකාශ කර තිබුණේ මහා සංඝරත්නය විරාතු හිමියන් තනි කළ යුතු බවයි. විරාතු හිමියන් සමාජයේ ප්‍රචණ්‌ඩත්වය ඇතිකරන බව ඉසිරියානු භික්‌ෂුව පවසයි. කෙසේ නමුත් මේ පුවත්පත් සාකච්ඡාව පවත්වන ස්‌ථානයට පැමිණි විරාතු හිමියන්ගේ ආධාරකරුවෝ මේ වැඩසටහනට දැඩි විරෝධය පළ කළහ. බුරුම බෞද්ධ ජනතාව විරාතු හිමියන් ප්‍රතික්‌ෂේප කිරීමට සූදානම් නැත. බුද්ධ ධම්ම පරහිත පදනම එනම් මා බාතා සංවිධානයේ ප්‍රධාන හිමිනමක්‌ වන අශින් තා පර්තා හිමියන් සඳහන් කරන්නේ ඉසිරියානු හිමියන් කවර පදනමක්‌ යටතේ විරාතු හිමියන්ට චෝදනා නඟන්නේ ද යනුවෙනි. විරාතු හිමියන් බුද්ධ දේශනාව අනුගමනය නොකරන්නේ යෑයි චෝදනාව ඉදිරිපත් කිරීමට ඉසිරියානු හිමියන්ට ඇති විශේෂ හැකියාව කුමක්‌ දැයි ප්‍රශ්න කරති. බුරුමයේද අන්තර් ආගමික සංවිධාන බිහිව ඇත. ඒ සංවිධාන නම් විරාතු හිමියන්ට එරෙහිව ඉදිරිපත් කරන විරෝධතා ගැන සතුටු වෙති.
 
 බුරුමයේ මෙන්ම ලංකාවේද අන්තර් ආගමික කල්ලි බෞද්ධයන්ට නිග්‍රහ කරති. එහෙත් ඔවුන් රට පුරා පැතිර යන වහාබ්වාදය ගැන කතා කිරීමට මැලිවෙති. මහනුවර සිද්ධියේ සියලු වරද පැටවීමට උත්සාහ කරන්නේ මහසෝන් බළකායට ය. නමුත් එම සංවිධානය පිහිටුවා ගනු ලැබුවේ බෞද්ධයන්ගේ ආරක්‌ෂාව වෙනුවෙනි. මුස්‌ලිම් ව්‍යාප්තිය පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් මහසෝන් බළකා මූලස්‌ථානයෙන් පොලිසිය අපරාධ භාණ්‌ඩ ලෙස රැගෙන ගොස්‌ ඇත්තේ දහම් පාසල් දරුවන්ට බෙදාදීමට තිබූ පොත්පත් බව මහසෝන් බළකායේ නිර්මාතෘගේ බිරිය වන ජයංගනී සිතුම් කුමාරි මහත්මිය ප්‍රකාශ කර තිබිණි. මහසෝනා ගැන පරීක්‌ෂණ පවත්වන පොලිසිය නැගෙනහිර ආරියම්පත් ප්‍රදේශයේ අයිසිස්‌ පෝස්‌ටරය ඇලවූවන් ගැන සොයාබලන්නේද? මහනුවර කලබලය අවස්‌ථාවේ නුවර පල්ලි කිහිපයක තිබියදී ආයුධ හසු වූ බවට ප්‍රචාරය විය. මේවා ගැන පරීක්‌ෂණ පවත්වන්නේද? සියලු අපරාධ බෞද්ධයන් පිට පටවා මේවා යටපත් කළ හැකි වන්නේ නැත. මහසෝන් කල්ලිය යම් වැරැද්දක්‌ කර ඇත් ද යන්න ගැන සොයා බැලිය යුතු සේම සිංහල සමාජය තුළ කැකෑරෙන අවිශ්වාස ගැනත් අවධානය යොමු කිරීම වැදගත් ය. එසේ නොවන්නේ නම් මේ කාල බෝම්බය තවත් යම් දවසක යළිත් පුපුරා යනු ඇත.
 
 මහසෝනා කල්ලිය මේ මර්දනයත් සමඟ ඉතිහාසයට එක්‌වුවහොත් ඊට පසුව තවත් නමකින් විවිධ සංවිධාන බිහිවිය හැක. මන්ද ඒ බෞද්ධ සමාජය තුළ පවතින සැකය දුරු වී නොමැති නිසා ය. එම සැකය හා අවිශ්වාසය ලංකාවට ද බුරුමයට ද තායිලන්තයට ද පොදු ය. මෙය ථෙරවාදීන්ගේ ප්‍රශ්නයකි. එය සියලු දෙනා හොඳින් වටහාගත යුතුය.
 
 
 චතුර පමුණුව

4 Responses to “සියල්ල මහසෝනාට බැරකළ හැකිද?”

  1. Leela Says:

    චතුර පමුනුව ඉදිරිපත් කල අදහස් හරියටම හරි. කලු සුද්දන්, NGO කාක්කන්, පරයින් සහ ජෙප්පන් සුපුරැදු පරිදි අැත්ත වහල අමිත් වීරසිංහගෙ කාර්යාලයෙ නැති බෝම්බයක් අල්ල ගෙන මුව හමට තඩි බෑවට වැඩක් නැහැ. මහසොන බලකාය නැත්නම් ‘රීරියකා’ බලකාය කරලියට එන එක නවත් වන්න ජහපාලනයට නෙවෙය් කාටවත් බැහැ. මොකද සිංහලයාට එරෙහිව රටේ නීතිය නවනවා සුලු ජාතීන් සතුටු කරන්න රටේ නීතිය වහනවා කියන හැගීම සිංහලයන්ට අද අැතිවෙලා. නීතිමය ප්‍රශ්ණයක් ජාතිවාදී අරගල දක්වා දුර දිග යන සරල කාරනය ඒකය්. දිගන උනෙත් ඒකය්.

    බොදු බල සේනාව, මහසොන් බලකාය වැනි සංවිධාන වලට පිං සිදු වන්න අද බොහෝ සිංහලයන් (යූඑන්පී කාරයන්ද අැතුලුව) ‘මුස්ලිම් ව්‍යාප්ත වාදය’ සහ ‘දේසපාලන ඉස්ලාමය’ ගැන දැනුවත් වෙලා. ලංකාවේ මද්රාසා දහස් ගනනක වහබි උලෙමලා විසින් මුස්ලිම් ගැටයන්ට කුරාණයෙ පද, සහ සුන්නා සහ ‘හදිත්’ පොත් වල කියුම් අනුව වහබි මත වාද උගන්වා අල්ලා වෙනුවෙන් සටන් කරන්නට ජිහාඩියන් බෝ කරන බව අද සිංහලයින් අතර ප්‍රසිද්ධ රහසක්.
    ‍‍
    මුසල්මනයන්ගෙ අන්තවාදී අාගම්වාදී කියුම් කෙරැම් ගැන සිංහල ජනතාව දැනුවත් කිරීම වෙෙරි ප්‍රකාෂද?

  2. Ratanapala Says:

    Sri Lanka will disregard the root causes of Buddhist – Muslim riots at her own peril. In Sri Lanka the law is not administered in equal measuer to all her citizens. It is Sinhala Buddhist perception that minorities receive special favours with respect to land laws, religious laws, marriage laws etc.

    Ruling Jadapalana Administration is trying to hide the obvious by finding fault with the messengers. There is great apprehension among the Buddhist population in Sri Lanka about the growing Wahabbi peril. It is time all those who are in power as well as those aspiring for power understand this menace in its fullest extent. Sad to say most of our politicians whether in power or out of power, are beholden to Islamists in Sri Lanka, Wahabbists in the Middle East and Western Christian Powers including the Christian / Catholic Church for their political survival.

    It is not only those who are already radicalised by Wahabbism who are at fault. It begins with the Muslim families and parents who send their children to Wahabbi incubators called Madrasa Religious Schools who are at fault. This is where the exclusiveness of Muslims begin with their non-inclusive behaviour. The next are foreign Islamist teachers who come as teachers to the island.

    It is time the Law Enforcing Agencies exercise their authority to check illegal armories if any being organized by Islamists in thier mosques.

    Eternal vigilance is definitely the price of liberty!

  3. Hiranthe Says:

    Thank you Chathura for the courage to tell the truth. Yahaps may consider this similar to a “HATE SPEACH”.

    Situation is dangerous and MR also kept quiet during his time when his Minister Baduddin was settling Muslims in Wilpattu. Many of they were not Sri Lankan Muslims. Even after the regime change project, the same fellow became a powerful Minister in the new regime and continuing his expansion project in Wilpattu with the blessing of the Yahap government.

    Hopefully Pohottuwa will get a good mandate from Sinhala people so that they will not be dependent upon minorities to maintain their power base so that Badiduddeen may not be welcome to join the ruling clan. Hopefully that will end the Wilpattu expansion project of Wahhabis.

    We need more and more “Mahasona” balakayas and even “Eeeri Yaka” balakayas as Leela rightly said to protect the Therawada Buddhism from these external forces.

    Our Muslim brothers and sisters should seriously change their attitude to think back as “Sri Lankan Muslims” and not as “Wahabi Muslims”. We co-existed for many 100 years in harmony and they should change their extreme attitude and come back to their natural Sri Lankan selves.
    If they want to have Shariya law and Wahabi systems, they should go and beg for citizenships from Qatar, Saudi and other Muslim countries to realise how they will get discriminated by those rich Arabs. Then our Muslims will be treated like dogs by the Arabs. They are better off with Buddhists in Sri Lanka.
    They should give up extremisms and live like true sons and daughters of Mother Lanka. If not they are making a big mistake. They should not make the sleeping giant awake.

  4. Hiranthe Says:

    correction; “HATE SPEECH”

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress