සාධාරණව ලොව දෙස බලමු
Posted on March 25th, 2018

තේජා ගොඩකන්දෙආරච්චි

මේ දිනවල යහපාලන රජයට තිබෙන ප්‍රශ්න ගොඩට පාසල්වල විෂය ධාරාවට ‘සමලිංගික අධ්‍යාපනය’ ගැන උගන්වන්නට යනවාය කියමින් තවත් අලුත්ම ප්‍රශ්නයක් එකතු වී තිබේ. සති කිහිපයකට පෙර අම්පාරේදී ‘සිංගල් කොත්තුවක් දමන්න’ කියා පැවසූ දේ ‘සිංහල කොත්තුවක්’ යනුවෙන්ද, මස් හොදි උකු බවට පත්කරන්නට, සාමාන්‍යයෙන් පොල්කිරි වෙනුවට ඕනෑම කඩයක යොදාගන්නා කෝන් ෆ්ලවර් (Corn Flour) දිය නොවූ ගුලියක් ‘වඳ පෙත්තක්’ ලෙසද වටහා ගත් කතාවේම තවත් පිටපතක් ලෙස මෙය දැකිය හැක.
වැටහෙන පරිදි Equal Gender Rights යන පදය යමෙකු විසින් පරිවර්තනය කර තිබෙන්නේ ‘සම-ලිංගික අයිතිය’ වශයෙනි. ඒ තුල මෙම මාතෘකාව අද සමාජ මාධ්‍ය ජාලාවන්හි පතුරු ගසන්නේ ‘සමලිංගික අයිතිය’ (Homosexual Rights) යනුවෙන් වැරදි අර්ථකථනයක් සමගය.
වරක් මා අර්ධකාලීනව සේවයකල කාන්තා සංවිධානයක් මගින්  ත්‍රෙෙමාසිකව නිකුත් කරන පුවත් සන්දේශයකද මෙවැනි වරදක් සිදුව තිබිනි. සාමාන්‍යයෙන් ගතවූ කාලය තුල එම ආයතනය මගින් ඉටුකරන වැඩ කොටසේ ප්‍රගතිය, එම සඟරාවේ ඇතුලත් වේ. සඟරාව සම්පාදනය වනුයේ ඉංග්‍රීසි භාෂාවෙනි. ස්වභාෂාවෙන් කටයුතු සිදුවන ප්‍රජාව වෙතටද මෙම සඟරාව බෙදාහරින නිසා එය සිංහල සහ දෙමළ භාෂාවන්ටද පරිවර්තනය කරනු ලැබේ. මේ කියන සමයේ එම පරිවර්තන කාර්යය භාරදී තිබුනේ භාෂා ත්‍රිත්වයම පිලිබඳව නිපුණත්වයක් ඇති බවට නමක් දිනූ දෙමළ ජාතිකයෙකුටය. ඉතින් දවසක් මාත්, මගේ යෙහෙළියකුත්, එම ආයතනය වෙනුවෙන් අප විසින් සැළසුම්කරනු ලබන පුහුණු වැඩසටහනක් පිලිබඳව සාකච්ඡා කිරීමට එහි ගියෙමු. වෙලාව එනතුරු සාකච්ඡාවට යොදාගත් කාමරයේ අසුන්ගෙන සිටි අපට, එදිනම මුද්‍රණයකර ගෙනැවිත් තිබූ සඟරා තොගය මේසය මත තිබෙනු දක්නට හැකිවිය. මගේ යෙහෙළිය නිකමට මෙන් සිංහල භාෂාවෙන් තිබූ සඟරාවක් අතට ගෙන කියවන්නට වූවාය. හදිසියේ පිපිරී ආ සිනාවෙන් යුතුව ඈ විසින් මට දැක්වූ දේ දුටු මමද පුදුම වීමි. මෙම ආයතනය මගින් මේ කාලය තුල ‘ලිංගික කුපිත කරවීමේ වැඩසටහන්’ — ක් පවත්වා ඇතිබව එහි සඳහන් වී තිබිනි. මේ Gender Sensitization යන වචනය පරිවර්තනය වී තිබුන අයුරුය.
නොඅනුමානවම තමන්ගේ පළමුබස නොවන භාෂාවක ඇති සියුම් තැන් ගැන අවබෝධයක් නොවූ පරිවර්තකයා ශබ්ද කෝෂයක් ආධාර කරගැනීම තුල මේ වරද සිදුවන්නට ඇත. තම මව්බස පිලිබඳ අනවබෝධයෙන් යුතු, ඉංග්‍රීසියෙන් වැඩකරන එම ආයතන ප්‍රධානීන් මෙන්ම, සඟරාවේ කතෘටද මෙහි වගකීමෙන් කොටසක් පැවරේ. සඟරා තොගය බෙදා හැරීමට පළමුව දුටු හෙයින් එම වරද ජනතාව අතරට යාමෙන් වැලකිනි. ඉන්පසු එම සඟරාවේ සිංහල පරිවර්තනය, භාෂා නිපුණත්වයෙන් යුතු සිංහල පුද්ගලයෙකුටම දීමට කටයුතු කරනු ලැබීය. එදා මගේ යෙහෙළිය එම වරද අල්වාගත් නිසා මිස, ඊට පෙර ප්‍රකාශයට පත්කල සඟරාවල මොන මොන හරුප තිබුනාදැයි මා දන්නා එකක් නැත. එමෙන්ම භාෂාවක් තව භාෂාවකට පරිවර්තනය කරනු ලැබීම මෙන්ම, භාෂාවක් නිවැරදිව වටහා ගැනීමද නිපුණත්වයට අදාල වේ.
නමුත් මෙහිදී කරුණු කිහිපයක් මතක තබාගත යුතුය. ක්ෂේත්‍රයේ කිසිම කෙනෙකුගෙන් මෙවන් වැරදි පිලිබඳව මීට පෙර පැමිනිල්ලක් ලැබෙන්නට නැතිව ඇත්තේ, මෙම සඟරාව තමන් අතට පත්වුවද, මෙය කියවන්නට කිසිවෙකු උනන්දුවක් නොවන්නට ඇති නිසා වන්නටත් ඇති. මන්ද ඒ වනවිටත් Gender Sensitization හෙවත් ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සංවේදිතා වැඩසටහන් එම ආයතනය මගින් පවත්වන්නට වී වසර කිහිපයක් ගතව තිබිනි. ඒ අනුව, රාජ්‍ය නොවන අංශය මගින් Equal Gender Rights  හෙවත් ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානත්වය පිලිබඳ වැඩසටහන් පවත්වන්නට වූයේ 90 දශකයේ මුල් භාගයේ සිට වුවද එය ජනතාව අතරට ගොස් තිබුන ප්‍රමානය සිතාගත හැකිය. එබැවින් අද වනවිට සමාජය තුල මෙවන් වැරදි වැටහීම් ඇතිවීම සම්බන්ධව එක අතකට පුදුමවිය යුතුත් නැත. ස්ත්‍රී පුරුෂ සමාජභාවය යන වචන පේලිය නයාට අඳුකොල මෙන් වූ කාන්තා පුවත්පත් කතෘ තුමන්ලා එකලද සිටියහ.
මේ ‘ස්ත්‍රී පුරුෂ සමාජභාවය’ යනු කුමක්ද? ස්ත්‍රියක් සහ පුරුෂයෙකු අතර සමාජමය වශයෙන් දකින වෙනස කියා එය හැඳින්විය හැකිය. කාලයට සහ ඒ ඒ සමාජයට අනුව මෙම වෙනස පදනම් වේ. එය අපි ස්ත්‍රී පුරුෂ සමාජභාවයෙහි සමාජමය ගොඩනැගීම (Social Construction of Gender)  වශයෙන් හඳුන්වමු.  ගැහැණුකම සහ පිරිමිකම සම්බන්ධව සමාජය තුල පැලපදියම්වී අැති ස්ථිකයන් නිර්මාණය වනුයේ ස්ත්‍රියක් සහ පුරුෂයෙකු අතර සමාජයක් තුල ගොඩනැගෙන ආකල්ප තුලිනි. ඊලඟට එම ස්තිථිකයන් මත පදනම්ව කාන්තාවන් සහ පිරිමින් වෙත වෙනස් වූ භූමිකාවන් සහ වගකීම් පැවරේ. කාන්තාව හෝ පිරිමියා යන පදය සම්බන්ධව අනන්‍යතාවයක් සහ පිලිගැනීමක් සමාජය තුල ඇතිවන්නේ මෙම භූමිකාවන් සහ වගකීම් පදනම් කරගෙනය. ඒ තුල අසාධාරණයක් සිදුවන්නේ එක් පාර්ශ්වයකට පනමක් නොවේ. කෙනෙකුට තම ස්ත්‍රී පුරුෂ භාවය අනුව සමාජයෙන් පැවරෙන එම භූමිකාව සහ වගකීම් ඉටු කිරීමට නොහැකි නම් එම තැනැත්තා හෝ තැනැත්තිය දෙස නිතැතින්ම සමාජයේ වපරැස යොමුවේ.
ස්ත්‍රී සහ පුරුෂ යන දෙවර්ගයේම ශරීර තුල ඊස්ට්‍රජන් සහ ටෙස්ටස්ටෙරෝන් යන හෝමෝන දෙවර්ගයම නිපදවුනත්, ක්‍රොමසෝම මත සැදුනු ස්ත්‍රීත්වය හා පුරුෂත්වය අනුව ශරීරය තුල රැඳෙන එම ප්‍රමානයන් වෙනස් වේ. ඒ අනුව ස්ත්‍රී සහ පුරුෂ ගතිලක්ෂණ එම පුද්ගලයා වෙතින් විදහා දැක්වේ. කෙනෙකු තුල මෙසේ ගැහැණු හෝ පිරිමි බව ඉස්මතු වුවත්, අවස්ථාවට අනුව ඔහුට හෝ ඇයට තමා තුල සැඟව ඇති ස්ත්‍රී ගති ලක්ෂණ හෝ පුරුෂ ගති ලක්ෂණ එලිපිට පෙන්වීමට ජීව විද්‍යාත්මකව බාධාවක් නැත. සැබැවින්ම බාධා ඇතිවන්නේ සමාජයෙනි. අප ස්ත්‍රී පුරුෂ සමාජ භාවය ලෙස හඳුන්වන්වනුයේ මෙම තත්වයයි.
80 දශකයේ අගභාගයේදී රටේ සිදුවූ සිවිල් අරගලයේ ප්‍රතිඵලයක් ලෙස වැන්දඹු වූ, කාන්තාවන් බොහෝ පිරිසක් සමග වැඩකටයුතු කිරීමට, 2000 වසරේදී මට අවස්ථාව ලැබිනි. ඔවුන් අතර, ඉතාම තරුණ වයසෙන්ම සැමියා මරාදමන ලද හෝ අතුරුදහන් වූ කාන්තාවෝ රැසක් සිටියහ. ඒ අය අතරින් ‘සාමා’ කියූ කතාව මට තවමත් මතකය. ‘එයා මරල දමනකොට මට යන්තම් 23 යි. මගේ පුතාට අවුරුදු එකහමාරයි. එයා ඒ වෙනකන් මම කඩේටවත් තනියම යැව්වෙ නැහැ. ඒත් මොනව කරන්නද? මම කොහොමහරි පුතාවත් බලාගෙන මේ තරම් දුරට එන්න දහිරිය වඩවගත්ත. ආපු කරදර එමටයි. දන්නවනේ තරුණ ගෑණියෙක් තනි වුනාම’. ඇයට තම පුතා හදාගෙන ජීවත් වීමේදී ආර්ථික වශයෙන් මුහුණ දෙන්නට වූ අභියෝග හැරුනවිට සමාජීය වශයෙන් පැමිනි බාධාවන්ද නිමක් නැති වූයේ ‘ගැහැණියක දුර්වලය’ යන සමාජ ආකල්පය නිසාය. සමාජය, වඩා සවිස්තරාත්මකව කියන්නේ නම් අවස්ථාවාදීන් බලාපොරොත්තු වන්නට ඇත්තේ මේ ගැහැණියට තවෙකෙකු නැතිව පැවැත්මක් නැතැයි කියාය. නමුත් තමා තුල සැඟව තිබූ පුරුෂ ගති, එනම් ටෙස්ටස්ටෙරොන් හෝමාේනය නිසා ඇතිවන ප්‍රචණ්ඩකාරීබව, ධෛර්යසම්පන්න බව ආදී ගති ලක්ෂණ මෙතැනදී පෙරට පැමිණ ඇයට තම ජීවිතය ගොඩනගා ගන්නට උපකාරී විය. ඒ වන විට වයස 13 ට ආසන්නව සිටි ඇගේ පුතා හැකි අයුරින් තම මවට දිරියක් වෙමින් වැඩෙමින් සිටි අතර ‘පුතා ඉලන්දාරියෙකු වී, රැකියාවක් සොයාගන්නකම්’ ඈ බලා සිටින්නේ යලි තම ගැහැණුබව අත්කරගෙන ඒ තුල ගිමන් හැරීමේ වුවමනාව ඇයට ඇති නිසා බව පෙනෙයි. දරුවා දුවෙක් නොවී පුතෙකු වුන එක හොඳ බවද ඈ පවසයි. එතැනද ස්ත්‍රීපුරුෂ සමාජභාවීය කතිකාවක් ඇත. දුවෙක් නම් පරිස්සම් කරන්නට වුවමනාය. සුදුසු අයෙකුට විවාහ කරදෙන තුරු නිවනක් නැත. මේ කතාව තුල සමාජය තුල ස්ත්‍රියකගේ සහ පුරුෂයෙකුගේ ප්‍රතිරූපයන් සමාජය තුල නිර්මාණය වන ආකාරය පැහැදිලිව පෙනේ. මෙවන් උදාහරණ ඕනෑ තරම් සොයාගත හැකි අතර මෙහි ප්‍රතිවිරුද්ධ පැත්තද පෙන්වා දිය හැක. එනම් බිරිඳ මියගිය හෝ මැද පෙරදිග ගියවිට තම දරුවන් වෙනුවෙන් මවගේ භූමිකාව ඉටු කරන පිරිමි සිටිති. නමුත් මාධ්‍ය මගින් වාර්තා වුනොත් වාර්තා වන්නේ තම බිරිඳ එවන මුදලින් පිස්සු නටන හෝ වෙනත් අපචාරයන්හි යෙදෙන පිරිමින්ගේ තොරතුරුය. මේ අනුව බිරිඳ මැද පෙරදිග ගිය පවුලක පිරිමියා සම්බන්ධවද මෙවන් අහිතකර ආකල්ප සමාජය තුල පවතී.
සමාජය තුල ගැහැණිය සහ පිරිමියා සම්බන්ධව නිර්මාණය වූ මෙවැනි ස්ථිතිකයන් තිබෙන අතර එය හානිදායක වන්නේ ඒවා තක්සේරු කරන ආකාරය නිසාය. මම ඔබට උදාහරණයක් කියන්නම්. මෑතකදී මුහුණු පොතේ ප්‍රචාරය වුන කියමනකි. ‘කෙල්ලො කලිසම් ඇන්දම ලස්සන වුනාට කොල්ලො චීත්ත ඇන්දම අන්තිමයි’ මේ අප සමාජය තුල ගැහැණුකමට සහ පිරිමි කමට දෙන වටිනාකම්ය. අර සාමාගේ කතාවේදී සමාජය ඈව ‘පිරිමියෙක් වගේ’ කියමින් අගයකල නමුදු ඒ දේම විරුද්ධ අතට වුනා නම්, ‘අපෝ ඒ යකා ගෑණියෙක් වගේ’ කියා පහත හෙලන්නට නොපැකිලෙනු ඇත. එමෙන්ම ගැහැණු, පිරිමි සම්බන්ධව පවතින ආකල්ප තුල පරිස්සම් කල යුතුය කියා සිතන්නේ ගැහැණු ළමයාය. ශ්‍රී ලංකාවේ සිදුවන ළමා අපචාර අතරින් 60% ක් පමන සිදුවන්නේ පිරිමි ළමුන්හට බව ඔබ දන්නවාද? මේවායින් වාර්තාවන ප්‍රමානය අල්පය.
මෙම ස්ත්‍රී පුරුෂ සමාජභාවීය වෙනස්කම් නිසා සමාජ ජීවිතය, අධ්‍යාපනය වෘත්තීය අධ්‍යාපනය, රැකියාවන් තබා නීතිය තුල පවා මේ දෙපිරිසට වෙනස්කොට සැලකීම දක්නට ලැබේ. අප විසින් සමාජය තුල ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාවය ස්ථාපිත කලයුත්තේ එබැවිනි. 52% ක් වන කාන්තාවන් සමාජයේ යම් යම් ක්ෂේත්‍රවලින් ඈත්කර තැබීම රටක ඉදිරි ගමනට හිතකර නැත. කාන්තාව  ‘ලතාවක් සේ වෙලී සියොලඟ’ පිරමියා වෙතින් රැකවරණය පැතීම හොඳයි, නියම ගැහැණුකම එයයි කියා කෙනෙකුට සිතෙන්නට පුලුවනි. නමුත් අවාසනාවකට බොහෝවිට සිදුවන්නේ ගැහැණුකමේ ස්ථිතිකයන් ගැහැණියටම සාපයක් වීමයි. සමානාත්මතාවය තුල ගැහැණු, පිරිමි දෙවර්ගය මතම සමාජය විසින් පටවා ඇති බර ලිහිල් වනු ඇත.
ඉස්සර අප ඉගෙනගත් පෙලපොත්වල සාමා අම්මාට ගෙදර වැඩට උදව් වෙයි. බෝනික්කන් සමග සෙල්ලම් කරයි. අමර ගස් නගියි. සරුංගල් යවයි. බයිසිකල් පදී. විනෝද ගමනක් යන්නට වෑන් රිය පැමිනිකල අමර සහ තාත්තා ඉදිරි අසුනට ගොඩවන අතර අම්මා, සාමා සමග රියේ පසුපස අසුනට ගොඩවේ. වෘත්තීය අධ්‍යාපන විෂය යටතේ ගැහැණු ඉස්කෝලවලට ලැබෙන විෂය පරාසය, පිරිමි පාසලට වඩා  වෙනස්ය. ඉපදුන විගස රෝස සහ නිල් පාටවලින් සායම්කර, සම්ප්‍රදායික කෙළි සෙල්ලම්වලට යොමු කරමින්, ආකල්පමය වෙනස්කම් දකිමින් හැදී වැඩී සමාජ ගතවන ගැහැණු හා පිරිමි දරුවන්ගේ පෞරුෂ වෙනසක් පැවතීම සාමාන්‍යය. එබැවින් මෙවන් ආකල්ප පිටුදකින අධ්‍යාපන ක්‍රමයක් නවීන ලෝකයට වැදගත්ය. එකිනෙකාට ගරුත්වයක් ඇතිව සලකන ගැහැණුන් සහ පිරිමින් සිටින සමාජයක් සැබැවින්ම සුන්දරය.
සමලිංගිකත්වය ගැන කතා කරන්නේනම්, එයද මනුෂ්‍යයාට පමනක් නොව සමහර සත්ව වර්ග අතර පවා දැකිය හැකි සාමාන්‍ය තත්වයකි. මෙය හෝමෝනයන්ගේ අසමතුලිත බව තුල ස්වභාවිකව ඇතිවන නැඹුරුතාවයක් බැවින් සමලිංගිකයන් හෙලාදැකීම අනුචිතය. පෘතුගීසි සහ ලන්දේසි පාලන කාලයන්හි බලපෑමද සහිතව 1885 ජනවාරි 1 දා නීතිගත කෙරුනු පනතක් මගින් සමලිංගිකත්වය ශ්‍රී ලංකාව තුල දඬුවම් ලැබියහැකි වරදක් බවට පත්ව ඇත. මෙම නීති පැනවූ ඉංග්‍රීසි ජාතිකයන්ගේ මව්බිමේ සහ වෙනත් රටවල අද වනවිට එම නීති ලිහිල් වී, සමලිංගික විවාහයන් නීත්‍යානුකූල කර තිබේ. අප රටේ තවමත් එම නීති එලෙසම පවතින අතර සමලිංගිකයන් අරභයා සිදුකරන ගැරහුම් නිමක් නැත. නමුත් යහපත් සමාජයක සමලිංගිකයන් මෙන්ම සංක්‍රාන්ති ලිංගිකයන් දෙසද සාමාන්‍ය ඇසකින් බලන්නට පුරුදු විය යුතුය. ඔවුන්ද මානව සංහතියේම කොටසකි. මානව හිමිකම් මේ පිරිස්වලටද අදාලය.
ස්වභාව ධර්මයේ තීරණයක් වන ස්ත්‍රී පුරුෂ භාවයට, සමාන තැනක් මිස වටිනාකම් දෙකක් ස්වභාව ධර්මය විසින් ලබාදී නැත. නවීන ලෝකයේ සමලිංගිකත්වයද එබඳුමය. මේවාට වටිනාකම් ලබාදී තරාදිවල දමන්නේ සමාජයක් තුලින්ම බව අප වටහාගත යුතුය. මෙම අදහස නිවැරදිව සමාජ ගතකරන්නේ නම් ඉන් අවැඩක් සිදු නොවනු ඇත.

3 Responses to “සාධාරණව ලොව දෙස බලමු”

  1. Nanda Says:

    It is impossible to predict Sri Lankan politics. On one hand SLPP appears hell bent on killing UNP and on the other hand they are — UNP.
    I too beleive corruption is rampant in every corner down to grassroots and we need Glyposate and to re-start from seeds.

    ගාල්ලේ බලය මුදලට පාවාදුන් එජාප මන්ත්‍රීන්ට විනය පරීක්ෂණ

    25 March 2018

    පසුගියදා ගාල්ල මහ නගර සභාවේ නගරාධිපති තේරීමේ දී පොදුජන පෙරමුණේ නගරාධිපති අපේක්ෂකයා ජයග්‍රහණය කරවීම සඳහා ඡන්දය ලබාදුන් එක්සත් ජාතික පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන්ට එරෙහිව කඩිනමින් විනය ක්‍රියාමාර්ග ගන්නා බව ගාල්ල දිස්ත්‍රික් එජාප නායක ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.

    අමාත්‍යවරයා අද (25) නිකුත් කළ ප්‍රවෘත්ති නිවේදනයක මේ බව දැක්වේ.

    ඔහු සඳහන් කරන්නේ එක්සත් ජාතික පක්ෂයට සභික ධූර 14ක් හිමිවූ අතර එහෙත් ගාල්ල මහ නගර සභාවේ බහුතර බලයක් කිසිදු තනි පක්ෂයකට හිමි නොවූ බැවින් නගරාධිපතිවරයා හා නියෝජ්‍ය නගරාධිපතිවරයා තෝරාගැනීම සභිකයන්ගේ ඡන්දයෙන් කිරීමට සිදුවිය.

    මිට අමතරව එක්සත් ජනතා නිදහස් සංධානයේ මන්ත්‍රීවරුන් තිදෙනාගේ ද එක්සත් ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රීවරයාගේ ද සහයෝගය එජාපයට ලැබුණු බවද අමාත්‍යවරයා පවසයි.

    ඒ අනුව මන්ත්‍රීවරු 18 දෙනකුගේ සහාය එක්සත් ජාතිත පක්ෂයට හිමිව තිබුණු අතර එජාපයෙන් ජිලිත් නිශාන්ත මහතාත් නියෝජ්‍ය නගරාධිපති ලෙස එජනිසයේ දේශප්‍රිය ලියනගේ මහතාත් පත් කිරීමට මන්ත්‍රීවරු 18දෙනාම ඒකමතිකව එකඟ වී සිටි බවද නිවේදනයේ සඳහන් කරයි.

    ඡන්ද විමසීමක් පැවැත්වෙන්නේ නම් එය විවෘත ඡන්දයක් ලෙස පැවැත්වීමටද මෙම සභිකයන් 18දෙනා එකඟ වී සිට ඇතත් එක්සත් ජාතික පක්ෂයෙන් සභාවට තේරී පත්වූ ඇතැම් මුස්ලිම් ජාතික මන්ත්‍රීවරු තමන්ට නගරාධිපතිධූරය දෙන්න යැයි පුද්ගලිකව ඉල්ලා සිටිය ද සියලු දෙනා සමග ඉහත එකඟතාවයන්ට පැමිණි බවද අබේවර්ධන මහතා පවසයි.

    එවැනි එකඟතාවයන් තිබියදී නගරසභාවේ නගරාධීපතිවරා තේරීමේ ජන්ද විමසීම රහස් ඡන්දයක් ලෙස පැවැත්විය යුතු බවට තම පක්ෂයේ මුස්ලිම් ජාතික සභිකයන් අට දෙනකු ප්‍රකාශ කිරීමත් අනතුරුව නගරාධිපතිවයා තේරීමේ ඡන්දයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් වූ නගරාධිපති අපේක්ෂකයාට එම මුස්ලිම් ජාතික සභිකයන් විසින් සහයෝගය ලබා දීමත් හේතුවෙන් නගර සභාවේ බලය තම පක්ෂයට අහිමි වූ බව අමාත්‍යවරයා පවසයි.

    බලය ලබා ගැනීමේදී කවරාකාරයේ පක්ෂ හෝ කණ්ඩායම් සමග කටයුතු කළද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග කිසිදු ආකාරයක එකඟතාවයන්ට පැමිණීමෙන් වලකින ලෙස පක්ෂය විසින් උපදෙස් ලබාදී තිබියදී එක්සත් ජාතික පක්ෂයේ ෆවුසුල් නියාස් මහතා පක්ෂයේ මතයට පටහැණිව යමින් නියෝජ්‍ය නගරාධිපති ධූරය බාරගෙන ඇත.

    මේ අනුව පක්ෂයේ එකඟතාවයන්ට හා තීරණයන්ට පටහැණිව කටයුතු කරමින් ගාල්ල මහනගර සභාවේ බලය මුදලට පාවාදුන් එක්සත් ජාතික පක්ෂයේම සභිකන්ට එරෙහිව කඩිනමින් පරීක්ෂණයක් පවත්වා දැඩි විනය ක්‍රියාමාර්ගයක් ගන්නා බව වජිර අබේවර්ධන මහතා සඳහන් කර තිබේ.

  2. Nanda Says:

    ලීලානන් ද කිවුවා සේ රීරි යකා බලකාය දියත් කොට හෝ මුස්ලිම් ජඩ දේසපාලනය විනාශ කල යුතුය​. දේපල ගිනිතියන්නේත් මොවුඞෙන් සල්ලි ගත් එවුන් විය යුතුය​.

  3. Christie Says:

    සින්හල සමාජයේ බිජ්ජ මොක උනත් වෙනසක් නැත.

    මිනිහ මලාම ගෑනි දර සෑයට විසි කලේ නැත.

    මේ බිජු සමාජ වෙනස අපිට පැට උනේ ඉන්දියානු පරපෝසිතයන්ගෙනුත් ඉන් ගෙනා සුද්දාගෙනුත්ය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress