“හොරුන් රකින්න එපා”- කීර්ති තෙන්නකෝන්  ද්‍රවිඩ ජාතික සන්ධානයට කියයි.
Posted on March 27th, 2018

මාධ්‍ය ඒකකය කැෆේ සංවිධානය

ද්‍රවිඩ ජාතික සන්ධානය හොරුන් රකින්නට ඉදිරිපත් නොවී විපක්ෂයේ භූමිකාව ඉටු කළ යුතු බව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය පෙන්වා දෙයි. එහි විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පෙන්වා දුන්නේ බැඳුම්කර මගඩිය සම්බන්ධයෙන් ද්‍රවිඩ ජාතික සන්ධානයේ  ක්‍රියා පිළිවෙත තුළින් ඔවුන් හොරුන් රකින්නට කටයුතු කරමින් සිටින බව තහවුරු වන බවයි.

එහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ කීර්ති තෙන්නකෝන් මහතා

රනිල් වික්‍රමසිංහ මහතාට ද්‍රවිඩ ජාතික සන්ධානයේ මිතුරන්  ඉන්න බව මේ බැඳුම්කර කොමිසන් සභාව තුළදීද බැඳුම්කර මගඩිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයේදීත් දක්නට ලැබුණා.  ද්‍රවිඩ ජාතික සන්ධානයේ සුමන්තිරන් මන්ත්‍රීවරයා බැඳුම්කර කොමිසමට ගිහිල්ලා කරුණු දැක්වීමේ ක්‍රියාවලිය තුළ  අපි දැක්කා කාටද මේකේ වාසි සිදුවෙලා තිබුණේ  කියලා. වර්තමානයේදී ශ්‍රී  ලංකා පාර්ලිමේන්තුවේ නිල විපක්ෂය බවට ද්‍රවිඩ ජාතික සන්ධානය පත්වෙලා තියෙනවා. ඔවුන් මෙම රටට වගකිව යුතුයි.ඔවුන් විපක්ෂයේ භූමිකාව රටටට අදාල ලෙස ඉටුකරන්නට හැකියාව ඇති කණ්ඩායමක් බව ක්‍රියාවෙන් ඔප්පු කළ යුතුයි. උතුරු නැගෙනහිර ප්‍රාදේශිය පාලනයෙන් ඔබ්බට ගිය ජාතික විපක්ෂයක කාර්යභාරය මේ ද්‍රවිඩ ජාතික සන්ධානය ඉෂ්ට කරනවාද කියන ප්‍රශ්නය හොරු රකින්නට ඔවුන් ඉදිරිපත්වීම සහ මැදිහත්වීම තුළින්  පෙනී යනවා.  ද්‍රවිඩ භාෂා පිටපත නොමැතිව බැඳුම්කර විවාදය පැවැත්විය නොහැකි බවට ඉදිරිපත් කළ විරෝධතාව වැනි විවිධ උපක්‍රම භාවිත කරමින් මෙම විවාදය පැවැත්වීම වැලැක්වීමට ද්‍රවිඩ ජාතික සන්ධානය කටයතු කිරීම තුළ  හොරුන්ට හැර වෙනත් කිසිදු පුද්ගලයෙකුට වාසියක් වෙන්නේ නෑ. බැඳුම්කර  වංචාව හෝ වේවා පසුගිය මහින්ද රාජපක්ෂ සමයේ සිදුවූ වංචා පිළිබඳව හෝ වේවා පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වීමේ පාර්ලිමේන්තුවේ ව්‍යාවස්ථාදායකයේ භූමිකාව අකර්මන්‍ය කරවීමට ද්‍රවිඩ ජාතික සන්ධානය කටයුතු කරලා  තියෙනවා. එහි ඉතාමත්ම අවාසනාවන්ත තත්වය ද්‍රවිඩ ජාතික සන්ධානය උතුරු නැගෙනහිර ප්‍රාදේශිය දේශපාලන පක්ෂක සීමාවෙන් ඔබ්බට ගිහිං ජාතික අභිලාෂයන් ඉදිරියට ගන්නා ආයතනයක් විදිහට  විපක්ෂයේ භූමිකාව  එළිදැක්විය යුතුව තිබෙනවා.” යනුවෙන් පැවසීය.

මාධ්‍ය ඒකකය

කැෆේ සංවිධානය

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress