පළාත් පාලන ආයතනයන් හි බලය පිහිටුවීම – අගමැතිට එරෙහි විශ්වාස භංගය, අල්ලස හා වරප්‍ර‍සාද ලංකා දේශපාලනය අස්ථාවර කළා   
Posted on March 29th, 2018

මාධ්‍ය ඒකකය/කැෆේ සංවිධානය

ජාතික දේශපාලනයේ අස්ථාවරභාවය විසින් පළාත් පාලන ආයතනයන් හි ඉහළ තනතුරු සදහා පත් කිරීම් වියවුලක් බවට පත් වී ඇතැයි කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 

පලාත් පාලන ආයතන 340 ක ඡන්ද විමසීමපැවති අතර, එයින් පළාත් පාලන ආයතන 170 කම එක් දේශපාලන පක්ෂයකට සභාවේ 50% කට වැඩි සභික සංඛ්‍යාවක් හිමි වී තිබේ.  ස්ථාවර බලයක් සහිතව කාගේ වත් උපකාරයක් නොමැතිව පාලන ආයතන 157 ක බලය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුවට) හිමි විය. (ස්වාධීන හා සහාය ලැබූ පක්ෂ ජයගත් බණ්ඩාරවෙල නගර සභාව, මහරගම නගරමහියංගනය, බේරුවල හා තිරප්පනේ ප්‍රා. සභාව ද ඇතුළත්ය)  එක්සත් ජාතික පක්ෂයට කොළඹ හා වැලිගම බලය හිමි වූ අතර ද්‍ර‍විඩ ජාතික සන්ධානයට ඉතිරි පළාත් පාලන ආයතන 11 හි 50% ඉක්මවූ බහුතර බලයක් ඇත. 

සභාපති, උපසභාපති, නගරධිපති වැනි තනතුරු සදහා පත් කර ගැනීමේ දී සභිකයින් අතර ඡන්ද විමසීමක් අවශ්‍ය වන පලාත් පාලන ආයතන 170 කි.  එයින් ද, 79 ක වැඩිම ඡන්ද සංඛ්‍යාව පොහොට්ටුවට හිමිවී තිබේ. එජාපයට 40 ක් ලැබී ඇත. බහුතර බලයක් නැති පළාත් පාලන ආයතන රැසක සභාපති/උපසභාපති තනතුරු පොහොට්ටුව හා ශ්‍රීලනිප එක් වී ලබාගෙන ඇත. 

අගමැතිවරයාට එරෙහිව එල්ල වී ඇති විශ්වාස භංගය හේතුවෙන් එජාපයේ හා ශ්‍රීලනිප යේ ඇතිවී තිබෙන අභ්‍යන්තර ගැටුම් මෙම දේශපාලන අස්ථාවරත්වයට මුලිකම හේතුව වී ඇත.  ඉහළ දේශපාලන නායකත්වය විසින් ලබා දෙන උපදෙස් පිළිපැදීමට පක්ෂයෙන් තේරී පත් වූ පිරිස් විසින් පැහැර හැර ඇති අතර තමන් කැමති පුද්ගලයින්ට අල්ලසට හෝ වෙනත් වරප්‍ර‍සාද හේතුවෙන් සහාය ලබාදීමට සභිකයින් පෙළඹීම අවසනාවන්ත තත්වයක් බව කැෆේ සංවිධානය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

මාධ්‍ය ඒකකය/කැෆේ සංවිධානය

2018 මාර්තු 29

පළාත් පාලන අවුල සරළ සිංහලෙන්

ඡන්දය තිබූ පලාත් පාලන ආයතන 340 කි.  මේ වන විට පොහොට්ටුව 157 ක්, එජාපය 2 ක්, ද්‍ර‍විඩජාතික සන්ධානය11 ක් තනිව බලය ලබා ඇත. (එකතුව 170)

ඉතිරියෙන් 79 ක් පොහොට්ටුව ද, 40 ක එජාපයට වැඩි ඡන්ද ඇත.  නමුත්, දැන් දැන් එජාපයේ  ශ්‍රීලමුකො, රිෂාඩ්, මනෝ-දිගම්බරම් පතුරු  ගැලවෙමින් ඇත.  ශ්‍රීලනිප පොහොට්ටුවට එක්වෙමින් ඇත.  එජාපයට  පළාත් පාලන ආයතන 21 ක බලය පහසුවෙන්ම පිහිටවිය හැකිව තිබුණි.  නමුත්, එය 12 හෝ ඒ ආසන්නට පහත වැටිය හැකි බව පැහැදිලිය. 

අර්බුදය විශ්වාස භංගය නිසා එජාපයේ මන්ත්‍රීවරුන් පොහොට්ටුව, ශ්‍රීලනිප වෙත යාමය.  ශ්‍රීලනිප රනිල් නිසා එජාපය සමග සන්ධාන නොසැදීම ය.  වැදගත්මක කරුණ පොහොට්ටුව හා ශ්‍රීලනිප එක් වන්නේ නම් පළාත් පාලන ආයතන 290 ක ට වැඩි සංඛ්‍යාවක බලය ඔවුන්ට හිමිවීමය.

කීර්ති තෙන්නකෝන්

One Response to “පළාත් පාලන ආයතනයන් හි බලය පිහිටුවීම – අගමැතිට එරෙහි විශ්වාස භංගය, අල්ලස හා වරප්‍ර‍සාද ලංකා දේශපාලනය අස්ථාවර කළා   ”

  1. Christie Says:

    මහත්තයෝ ඉන්දියාව මේ ගැන උනන්දුවක් දක්වන්නේ නැත.

    එයට හේතුව මේකෙන් රටට බලපෑමක් නැත.

    මෙතනත් පැහැදිලිවම පෙනෙන දෙය නම් සින්හල චන්දය කැබලි කල හැකෙ බව හා ඉන්දියානු පරපෝසිත ච්න්ද කුට්ටිය එසේමය.

    උන් රන්ඩු උනත් ගෙදර කෝලහාලයක් පමනි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress