ඇස් මස් ලේ දන් දෙමින් රැකගත් සිංහල බෞද්ධ සංස්කෘතිය පනමෙන් අප රැක ගත යුතුය
Posted on April 3rd, 2018

පාලිත ආරියරත්න

දැන් දැන් නැවතත් අමුතුම තලේ එකමුතුවක් (උදාහරණ : අපි ඔක්කොම රජවරුඅපි මිනිස්සු, ජාතිවාදී නොවෙමු, ඔක්කොටම මේ රට අයිතියි,කොයි ආගමත් එකයිහැට දෙලක්ෂය සහ අපි) ජාතික ඒකා බද්ධතා සතියක් යනුයි අලුත් සංකල්පයක් රට පුරා දිවයයි (දිවගියේය )

මේ එකමුතු තාවය දිහා විපරම් කර බලන විට බුද්ධිමතුන් හට වැටහෙන එකම කාරණයනම් මෙම කුඨ උපක්ක්‍රමය විවධ බලපෑම් කිරීමෙන් (දේශපාලනිකව, ආගමිකව හා සාමාජිකව තවද මානසිකව ) අප රටතුල ගොඩ නැගීමට යන අමුතුඑගත්වයක් බවයි , ආගම් කලවම ප්‍රථමව දියත් කොට දැන් ජාතියේ කලවම පටන්ගෙන ඇත. මේවා කොහින්  කෙලවර වෙයි දැයි අප නොදනිමු.

දේශපාලකයන් යනු චින්තකයන් නොවේ. ඔවුන් ගේ පරම චින්තනය වන්නේ  තමන්ගේ පිල වැඩි කරගැනීමය ( චන්දයෙන් තම පක්ෂය පුරවා ගැනීමටයි) අපි මොවුන්ගේ මතවලට ඉත්තන් හෝ එහියන් නොවිය යුතුය.

වර්ෂ 2500 කට වැඩි කලක් අප විසින් උකුලේ හොවා, කිරි පොවා, ඇස් මස් ලේ දන් දෙමින් රැකගත් සිංහල බවුද්ධ සංස්කෘතිය පනමෙන් අප රැක ගත යුතුය. ඊට ප්‍රධානම හේතුවනම් රටේ කිනම් හෝ අභාග්ග්‍ය කාල පරිච්චෙදයකදී රුදුරු පර සතුරු වියසනයන්ගෙන් අපව ගලවාගන්නා දියසේන කුමාරවරු , දුටු ගැමුණු රජවරු හා මෙහි කියූ නොකී විරෝධාර අභීත සෙන්පතියන් නිර්මාණය කලේ හෙළ බොදු සංස්කෘතියෙන් බැවිනි.

ඕනෑම රටක තම තමන්ගේ ජාතීන්ට අයත් පාසැල් තිබේ එය ලන්ඩනයේද,අමෙරිකාවේද , ඉන්දියාවේද , නැත හෝත් ආරාබි කරයේද, තමිල් නාඩු ප්‍රාන්තයේද එසේමය එය මනුෂ්‍ය සමාජයේ අඩුපාඩුවක් හෝ වරද කාරී අධ්‍යයපන ක්‍රමයක් නොවේ. පසුගිය යුද්ධයද නැවැත්තුවේ ඉහත කි ජාතික වැදගත්කමක් ඇති ඒක ජාතික පාසැල් වල දුවා දරුවන්ගේ ඇට ලේමස් තම ජාතිය ගොඩනැගීමට කැප කිරීමෙනි. දැන් දැන් මේ කියවෙන සන්හැදියා මත අනුව ජාතික පාසල්වල උගෙනගත් පසු ගිය යුද්ධය සාර්ථකව දිනාගැනීමට ජීවිතය කැප කළ සියලු දු පුතුන් අඹු දරු සියලන්ම කලේ වරදක්ද ?, නැතහොත් ඔවුන් ඉත්තන්ද ?.

අල්ලාගත් දමිළ කොටියන්ට හෝ අපරට තුල ජීවත්වෙන වෙනත් ජාතීන්ට දියයුතු
අධ්‍යයපනය මහා ජාතියට බලයෙන් කැවීමට උත්සහා කිරීම හරියට ම ඔලුවටම වදිනසේ  අප හට ගැසූ මාරු පහරක්ය.
 අප සංස්කෘතිය, භාෂාව, ආගම  කෙනෙකුට අප්ප්‍රිය සහගත විය හැක. අපි ඊට කනස්සලු නොවෙමු. හොඳ නරක කුමක්දැයි හදුනා ගැනීමට නුවණ ඇති, දියුණු නොදියුණු කුමක්දැයි වටහා ගැනීමට සිංහල උත්පත්තියෙන්ම හැකියාව ඇති සිංහල අපි, සිංහල ජාතිය අප්ප්‍රිය කරන සංස්කෘතීන් දුරාචාරය කර බැඳගත් පහත් සංස්කෘතීන් ඉගෙන ගැනීමට අප හට වුවමානවක් නැත. අපි සැමදා අපේ සිහල බොදු සංස්කෘතියට ලොබ බදිමු.

සිංහල වශයෙන් පෙනී සිට(සමහර තැන්හිදී සිවුරට මුවාවිද )වල් භූත දොඩවනා දේශපාලකයන් දැනගත යුත්තේ පිල් ගැනම කත් අදින පිලටම ගැති චන්ද දායකයන් සිත්හි තබගෙන ඔබ විසින් කරනා උප්පරවැට්ටි, මායම්, කතා හා සබික වැකි, උගත් බුද්ධිමත් හා ලොව හා එහි සංස්කෘතීන් ගොඩ නැගෙන හා එහි හරාත්මක භාවය හා හොඳ නරක දන්නා බුද්ධිමතුන් වන අපහට නොදිරවනා බවයි.
එ මන්ද යතහොත් සමාජය රැවටීමේ දේශපාලන උප්පරවැට්ටි අප දන්නා බැවිනි, ලංකවට විදේශයන් සිට ආ විජතින් විසින් ඇතිකළ පසු ගිය යුද්ධයද දේශ පාලනික හා ආගමික  උප්පරවැට්ටියක් මිස අන්කිසිවක් නොවේ.

ඉගෙනගන්නා ළමයෙකුට තම ජාතික හා සංස්කෘතික අනන්‍යතාවය ඇති පාසලකට  යාමට ඇත්නම්  එය එතා අගනේය. එය අට සමත් පුද්ගලයෙකුට වුවද වැටහෙන කාරණයකි. තිරිසන් කුලේ සතෙකුට වුවද තමාට සංවර වීමට උගන්වන එඩේර පට්ටියේ මිහරකුන්, එළහරකුන්,ගෙම්බන්, කොටියන්,හිවලුන් හා මල්කවුඩන් සියල්ලම එකට සිටිනම්  තමා තෝරාගතයුතු පිලිවෙත, හැදී වැඩිය යුතු ආකාරය කුමක් ද කියා දැනගත නොහැකිය.

අපහසුවෙන් හෝ උගත්තේද එය වටිනා සංස්කෘතියක් නොවේ. කලවම් කොට හදාගත් නව සංස්කෘතික ක්‍රම වේදයක් පමණි. එයින්ද ලෝක යුද්ධ හෝ තම ආශාව හෝ දේව මත ඔස්සේ ලෝකය තුල ගොඩ නැගී ඇති යුද්ධ නැවැත්විය නොහැක. විවධ හෙතුම් මත විවිධ රජ්ජ්‍යන් තුල කළ කොහෝලාළ ඇතිවේ. මෙවන් ගනයේ යුද්ධ බුදුන් වහන්සේගේ කාලයේ පවා තිබිණ. එම කාලවල සිටි මහා උගතුන් සංස්කෘතික කලවමෙන් හෝ ජාතික කලවමෙන් හෝ අධ්‍යයපන කලවමෙන් මනා සබැදියාවක් ගොඩනගා ගත හැකි හෝ එවන් ක්‍රම ඉතා සාර්ථක ක්‍රම වසයෙන් දක්වා නැත. මේ නව පුගුළන් හුදෙක් පවසන්නේ බටහිර මතයකි. නමුත් බටහිරද මෙම මත පසෙකලා තම ජාතීන්ගේ අනන්න්‍යතාවය සුරක්ෂිත කරනා මගපිලිවෙලවල් ගෙන ඇතිබව මෙම නව ගනයේ ලාංකීය පුගුළන් නොදනති.  මෙම කලවමේ භයානකම නම් තුන් ජාතියම නැතිවී බටහිරයන්ට බන්දේසියක තබා අප මවුබිම පුජා කරන අනාගතයේ රට පාවාදෙන කලවම් ජාතියක් බිහිවීමය. 

කොදු නාරටියක් නැති ජාතියක් මෙම රට තුල භිහිකරගැනීමට අපේක්ෂාවෙන පෙර උතුරේ යුද්ධය පිටුපස සාන්තුවර ස්වරුපයෙන් සිටි පුජකයන් ගැන ද  අපි හොදින් දනී, ඔවුන් හින්දු හෝ, කතෝලික හෝ ක්‍රිස්තියානි හෝ ඉවන්ජෙලිකල් විය හැක, තවද බෞද්ධ ස්වරුපයෙන් සිටි සිංහල ගොබ්බයන්ද විය හැක. නමුත් යුද්ධය පරාජය කළ අපි මේවා දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන්නෙමු. වතු කම්කරුවන් හා වෙළද කණ්ඩායම් වසයෙන් අප ලක් දෙරණ මතා පදිංචි වී  සිටින බහු තරයකට ඇත්තේ අපට සදා හුරුපුරුදුවූ සිංහල බොදු ගතිගුණය. ලොව වෙනත් රවල
සංචාරය කර අත්දැකීම් වසයෙන් එම කරණය සම්බන්දයෙන් විමසන්නැයි මෙම ලිපියේදීම ඉල්ලා සිටින්නෙමු.

අවසාන වසයෙන් පවසන්නේ මෙම ලිපිය ලියු කතෘවන මමද සිංහල බෞද්ධ
පාසලකට ගිය අතර කිසිදාක මාගේ ගුරු මෑණිවරුන්, ගුරු පියවරුන් සුළු ජාතියකට තල පෙළා දැමීමට උගන්වා නැති අතර, අපා, දෙපා, සිවු පා, දඟලන, නලියන හෝ ඇසට නොපෙන කිසිදු ජීවියෙකුට ෛවර කිරීමට ද උගන්වා නැති බව සඳහන්
කිරීමට ඉදිරපත් වෙමු.

අතීතයේ තිබු පන්සල් පාඨ ශාලා අහිමුවූ හෙළ බොදු අප හට අපගේ අනන්‍යතාවය හා බොදු වපසරිය ඇතුව ඉගෙනගැනීමට ඉතා උත්සහයක් දරා නිර්මාණය කරගත් නව පාඨ ශාලා ක්‍රමවෙදයද නැතිව්දොයි භියක් හඟියි. අප බොදු සංස්කෘතිය නැසීමට ඇති හොඳම ක්‍රම වෙදයනම් සිහළ අධ්‍යයපන ක්‍රමය නැසීම හා සිහල බොදු මනෝ මුලික අධ්‍යයපන ක්‍රම අප ළමා පරපුරෙන් ඉවත් කිරීමය. 

සිංහල කම, බොදු කම, ආරක්ෂා කිරීමට කතිකා කිරීමට මේ කාලයයි. අප සැවොම එක්වී බුද්ධිමත්ව තීරණය ගෙන වැරැද්ද නිවැරැද්ද කිරීමට කලය පැමිණ ඇති බව දේශපාලකයන් හට වටහා දෙමු.

ඇස් මස් ලේ දන් දෙමින් රැකගත් සිංහල බෞද්ධ සංස්කෘතිය පනමෙන් රැක ගනිමු!.

පාලිත ආරියරත්න

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress