පාර්ලිමේන්තු විශ්වාස භංගයෙන් පරාජයට පත්වුයේ කවුරුන්ද?
Posted on April 5th, 2018

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි

අපි මේ පාර්ලිමේන්තුව තුල සිදුවෙන කිසිදු ක්‍රියාකාරී දෙයක් දෙස ශුභවාදීව බලන්නෝ නොවෙමු. මෙයට අපි කියන්නේ පා-රිලමේන්තුව කියාය. ඒ මෙය තුලට යන්නවුන් අහිකුන්ටකයාගේ ආහාර කැබැල්ල වෙනුවෙන් නටන රිලවුන් බවට පත්ව, පාලිත රංගනයන් දක්වනවුන් බවට පත්වෙන බැවිනි. රිලවුන් පෙන්නා උන් නටවා මුදල් උපයන උන්මත යැපෙන රිලාවුන්ට කළහැකි කිසිදු දෙයක් නැත. නමුත් මුළු රටම උන්දෙසම බලා සිටින තත්වයක් තුල අපට කල හැක්කේ උන්දෙස බලාගෙන හිදින අය දෙස බලා සිටීම පමණි.

රට හා ජනතාව දෙස බලා සිටින අප දුටුවේ, මෙරට ජනතාව තුල මේ රජය කෙරෙහිවත්, පාලකයින් කෙරෙහිවත කිසිදු විශ්වාසයක් නැති බවත්,රජය ජනතා විශ්වාසය භංග කරගෙන ඇති බවත්ය. මෙරට ජනතාව විසින් ඒ බව හොදින්ම පසුගිය පෙබරවාරි මස 10 වෙනිදා පවත්වන ලද පළාත් පාලන මැතිවරණ ප්‍රතිපලයන් තුලින් පෙන්වා දෙන ලදී.

ඒ ජනතා තීන්දුව මේ දුෂිත රජය පන්නා දැමීමට හොදටම ප්‍රමාණවත් වුවද, ඒ සදහා ගතයුතු ක්‍රියාමාර්ගයන්ට අවතීර්ණ නොවී, අගමැතිතුමන්ට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද්දේ, පරාජයට පත්ව සිටි සතුරාට තවත් සටන් කරන්නට සටන් බිමේ ඉඩක් නිර්මාණය කර දෙමිනි. ඒ සටනින් රජයත් අගමැතිතුමාත් ජයගෙන ඇත. මෙරට පරමාධිපත්‍ය විසින් රජයට එරෙහිව ලබාදෙන ලද විශ්වාස භංගත්වය මේ සමගම හෑල්ලුවට ලක්ව ඇත්තේ, එදා මෙරට පරමාධිපත්‍ය විසින් බලයට පත් කරන ලද අගමැතිතුමාව, 2015 ජනවාරි මස 9 වෙනිදා,කිසිවෙකුටත් නොදන්ව අගමැති ධුරයෙන් පලවා හරින ලද ක්‍රමයටමය.

1. දැන් අගමැතිතුමාට හා බැදුම්කර වංචාව අතර ඇති බන්ධුත්වයට නීතිමය පදනමක් නිර්මාණයව ඇත. රටේ ව්යාවස්තාදායකය විසින් අගමැතිතුමා බැදුම්කර වංචාවෙන් නිදොස් කොට නිදහස් කර ඇත. නීති හදන උත්තරීතර ආයතනය විසින් නිදොස් කොට නිදහස් කරන ලද පුද්ගලයෙකුට එරෙහිව එම චෝදනාව යටතේ අධිකරණයේ නඩු පැවරිය හැකිද යන නීති ප්‍රශ්නයක් දැන් සමාජගතව ඇත. ඒ දෙස සමාජය ක්‍රියා කරන්නේ කෙසේදැයි අපි බලා සිටිමු.

2. මේ විශ්වාස භංගයෙන් පසු රජයට ඇති 2/3 බලය අහිමි වෙන බවක් අපි ඇසුවෙමු. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 26ක් ජන්දයදීමට පැමිණියේ නැත. ඒවා රනිල්ට එරෙහිවූ චන්ද නොවන බව වටහා ගත යුතුය. රතන හිමි සුපුරුදු ලෙස දේශපාලන ද්‍රෝහීත්වය කියා පෑ අතර ඔහුගේ චන්දයද කිසිදාක රනිල් විරෝධී වන්නේ නැත. ජනතා විමුක්ති පෙරමුණ ඉතා හොදින්ම රනිල් නොපරදින බව දන්නා බැවින් විශ්වාස භංගයට පක්ෂව චන්දය දුන්නද ඒවා රජය පක්ෂ චන්ද බව දැනගත යුතුය. තවද මේවා රනිල්ට ලැබුණු චන්ද 122ත එකතු කල විට, රජයට පක්ෂව,සෘජුවම 155ක් පාර්ලිමේන්තුව තුල ස්ථාපිතව ඇත. ඒ අනුව රජයට 2/3 බලයක් නැති යන්න නිකම්ම නිකම් මායාවක් බවට පත්ව ඇත.

3. ඉතාමත් භයානකම සංසිද්ධිය වන්නේ, මේ වන විට රජය තුල සිටින ජනතා අප්‍රසාදයට පත් මැති ඇමතිවරුන් විශ්වාස භංගයට පක්ෂව චන්දය ප්‍රකාශ කොට, ඔවුනට අනාගතයේ දිනක පොහොට්ටුවෙන් තරග වැදීමේ මාවත් විවර කර ගැනීමයි. ඒ අනුව නුදුරු අනාගතයේදී, පොදුජන පෙරමුණේ හිතවාදීන්ට,
දයාසිරි ජයසේකර
සුසිල් ප්‍රේමජයන්ත
S.B දිසානායක
අනුර ප්‍රියදර්ශන
චන්දිම වීරක්කොඩි
W.D.J සෙනවිරත්න
තිලංග සුමතිපාල
ලක්ෂමන් යාපා අබේවර්ධන
ටී. බි ඒකනායක
අනුරාධ ජයරත්න
සුමේධා ජී ජයසේන
සුසන්ත පුංචිනිලමේ
ලක්ෂ්මන් වසන්ත පෙරේරා
තාරනාත් බස්නායක
සිරිපාල ගම්ලත්
ප්‍රේමලාල් ජයසේකර
තාරක බාලසුරිය
දුලිප් විජේසේකර

රණවිරුවන් දන්ගෙඩියට දක්වා ඔවුනට එරෙහි අධිකරණ පිහිටවීමට උපකාර කල මේ අයවෙනුවෙන් අත්පොලොසන්දීමට සිදුවෙනු ඇත. පොදුජන පෙරමුණ ගොඩනැංවූ මෙරට ජනතාව මේ උවදුරුවලින් පොදුජන පෙරමුණ ගලවා ගැනීමට පෙරමුණු ගත යුතුය. ඒ සදහා ඔවුනට ශක්තිය තිබේ. සුදානම් වන්න. මිතුරු වෙසින් එන සතුරාගෙන් පොදුජන පෙරමුණ ගලවා ගැනීමට.

6 Responses to “පාර්ලිමේන්තු විශ්වාස භංගයෙන් පරාජයට පත්වුයේ කවුරුන්ද?”

  1. Christie Says:

    ඉල්ලෙයි, ඉල්ලෙයි. ඉල්ලෙයි!

    සින්හලයට ඉන්දියානු පරපෝසිතයන්ගෙන් ලැබෙන්නේ ඉල්ලෙයි විතරයි.

    සින්හලයන් මෙය වටහා ගෙන එකමුතුවනතුරු යන කලක් නැත.

  2. Ananda-USA Says:

    The DESHA-DROHI JANA-PATHI has done his treacherous deed again, and has succeeded in PREVENTING 26 SLFP MPS from supporting the NCM and ABSTAINING from voting.

    Had they VOTED for the NCM, the PAL-HORA PARA-GATHI AGA-MATHI
    would have been OUSTED!

    Ratana Himi has PROVED YET AGAIN TO BE AN ACCOMPLISHED TURNCOAT, and ABSTAINED after REPEATEDLY students stating his OPPOSITION to the PM. ONE DAY this guy will REAP what he SOWS in FULL MEASURE.

    Now the QUESTION IS: Will the SLFP/UPFA MP’S who voted FOR the NCM e it those parties and JOIN the POHOTTUWA thus making it possie to DENY 2/3 majority to the UNP/ Yama palanaya Govt?

    This is a CRITICAL ISSUE that will determine whether a NEW FEDERAL CONSTITUTION BILL and the pending JUDICIAL Adjudicature Bills CAN BE PASSED by the YAMAPALANAYA!

    The TNA and the SLMC will now DEMAND their own Bantustans from the SERVILELY GRATEFUL Ranil Wikunanasinghe as their POUNDS of Mother Lanka’s FLESH in return for helping him survive.

    I now expect MASSIVE MOBILISATION of the SINHALA BUDDHIST PATRIOTIC FORCES in OPPOSITION .

    And YES, our BLOOD WILL FLOW PROFUSELY in the Streets until this TREACHEROUS HEROES Yamapalanaya is FINALLY OUSTED at the POLLS 18 MONTHS from NOW.

    THERE is NO POINT CASTIGATING the UNPatriotic Party, and their RUNNING DOGS in the TNA, SLMC and other minor parties of Man Ganesan etc. They have ACTED just as we EXPECT them to.

    But, those DESHADROHIYAS of the SLFP and others like Ratana Himi and even Wijedasa Rajapakse MUST BE TARRED & FEATHERE and BANISHED from the PATRIOTIC FOLD ….. FOREVER!

  3. Dilrook Says:

    I agree with Ananda, particularly the last paragraph. Any trace of patriotism associated with them is now gone.

    One good thing that came out of this is the disruption of the regime and denying it two thirds majority. They will fail to pass the new constitution and do any other major changes to the Constitution. Marrying TNA for political survival is disastrous for the UNP. They have no learnt a lesson from 1970 and 2004.

    On the other hand TNA has proven they are shameless beggars to go after UNP begging for Tamil Eelam which is not forthcoming. Although UNP may pretend to be accomodating separatism, in reality UNP knows any division of the country or substantial power devolution means losing elections. Retaining the north and east well connected to the rest of the nation is key to UNP election success. UNP has no chance of winning any national election in the rest of the 7 provinces.

    This is the dilemma faced by the UNP, TNA, SLMC and ACMC. They can only remain united in the interim. Tamil Eelam or a local Tamil Nadu means they become worst enemies of each other.

  4. Lionel Says:

    Something is better than nothing. At least a fraction of ministers voted against their Prime Minister. Can they work under him anymore? Hope they provide some entertainment for us during this festive season!

  5. charithsls Says:

    In a way the ultimate winner is the JO because as I said before anyone else other than Ranil is going to draw more Sinhala votes at the Presidential election. However was a decision made for him to leave the post sometime later with some dignity & appoint someone else in the UNP to contest the Presidential election?.MS & RW ( with all the advice from the foreign hands) made a fool of the NCM group. MS is playing very shrewd dirty politics under some advisers. I don’t think he has the capability to do these himself. He shows the country that he is trying to get rid of this regime but at the post he double crosses, this has now happened several times. It seems as no one crossed over, the govt will still enjoy the two thirds majority. The other significant issue was the JVP voting against the govt they brought in. Now if the JO can get them somehow to support at the Presidential election with some compromise, that will be the best alliance in my view.
    I would like some young brains from the JO to come forward in the campaign to be seen in support of MR/GR. A young group of educated MPs to emerge forward along with GR/MR. We cannot bank on those two alone in the bigger scheme of things.

  6. Fran Diaz Says:

    Cold War style politics prevail – and that is why RW is still there, propped up and kept on ?

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress