විශ්වාස භංගයෙන් රනිල් ජයගැනීමත් සමග අවසන්වන බැදුම්කර විලාපය….!
Posted on April 6th, 2018

නීතීඥ අරුණ ලක්සිරි උණවටුන

ඒකාබද්ධ විපක්ෂය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ රනිල්ට එරෙහි විශ්වාසභංග යෝජනාවේ වැඩි හරියක් තිබුණේ මහ බැංකු බැදුම්කර චෝදනා, ශ‍්‍රි ලංකා මහ බැංකුවේ බැදුම්කර වංචාව සම්බන්දයෙන් පරීක්‍ෂණ පවත්වන ලද ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ ඉදිරිපත් වූ චෝදනාය. ඒ සියලු චෝදනා වලින් රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා නිදහස් කිරීමටත් අගමැතිවරයා වරදක් කර නැති බවත් පාර්ලිමේන්තුව විසින් තීරණය කර ඇත. අගමැතිවරයාට එරෙහි විශ්වාසභංගය පරාජයවීමත් සමග මහ බැංකු බැදුම්කර වංචාවක් ගැන අධිකරණයේ නඩු විභාග කළ නොහැකි තත්ත්වයක් ඇතිවේ.පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනත 2 හා 3 වගන්ති යටතේ ශ‍්‍රි ලංකා මහ බැංකුවේ බැදුම්කර වංචාව සම්බන්ධයෙන් රනිල්ගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමටවත් පොලීසියට නොහැකි වේ.

නීතිපති දෙපාර්තමේන්තුවට මින් ඉදිරියට රනිල් වික්‍රමසිංහ සම්බන්ධකරමින් බී වාර්තාවක් බවා අධිකරණයට ඉදිරිපත් කිරීමට නොහැකි වන්නේ පාර්ලිමේන්තුව විසින් නිදොස් කරමින් නිර්දෝෂීභාවය පිළිගත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ මන්ත්‍රී වරප්‍රසාද ආරක්ෂා කිරීමේ නෛතික යුතුකමක් සහ වගකීමක් නීතිපතිවරයාටත් ඇති හෙයිනි.

ඒ අනුව අර්ජුන් මහේන්ද්‍රන් ලංකාවට ගෙන්වා ගැනීමට නීතිමය බලය නීතිපතිවරයාට අහිමි වේ. හිටපු කථානායක අනුර බණ්ඩාරනායක විසින් 2001 ජුනි මස 20 වැනි දින පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයට පත් කළ අග්‍රවිනිශ්චයකාරවරයා ඉවත් කිරීම පිළිබද යෝජනාව සම්බන්ධ කථානායක තීරණය සැළකීමේදී සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 ව්‍යවස්ථාව සමග 3 ව්‍යවස්ථාව කියවීමේදී රනිල් සම්බන්ධ කරමින් බැදුම්කර ගණුදෙනු වංචාවක් ගැන ලංකාවේ අධිකරණයක කිසිම නඩුවක් විභාග කිරීමට නො හැකියාවක් හට ගනී. 2018 අප්‍රේල් 04 දින රනිල්ට එරෙහි විශ්වාසභංගය පරාජයවීමත් සමග ලංකාවේ ජනතාව විසින් සාකච්ඡා කළ බැදුම්කර විලාපය අවසන් වේ. මේ ඒ සම්බන්ධව ලියන ලද විමර්ශනාත්මක ලිපියකි..

5 Responses to “විශ්වාස භංගයෙන් රනිල් ජයගැනීමත් සමග අවසන්වන බැදුම්කර විලාපය….!”

  1. Charles Says:

    මම හිතන්නේ නැ විශ්වාශ භංග යෝජනාව පරාජයවීමෙන් රනිල් කෙරෙහි විශ්වාශය තහවුරුවුනාය කියලා. මෙයින් තහුරු උනේ රනිල් සිරිසේන ඇතුළු මුන් ඔක්කොම හොරු බවයි, විශ්වාශය භංගවූවං බේරාගන්නේ විශ්වාශය භංග ඌවන් විසින්මයි.

  2. Christie Says:

    විස්වාස බන්ගයෙන් තහවුරු වන්නේ ඉන්දියානු පරපෝසිතයන්ගේ බලයයි. ඉන් ඔක්කොම ඉල්ලෙයි, ඉල්ලෙයි.
    මෙය වටහාගන්න තුරු සින්හලයාට යනකලක් නැත.
    බැඳුම් කර වන්චාවට එරෙහිව නඩුපැවරිව යුතුව තිබුනේ වසර තුනකට පෙරය.

  3. charithsls Says:

    Is this true or is this man is one of Ranil’ goondas in the Ranil appointed committee who absolved Mahendran earlier .
    I can understand RW getting immunity but not Mahendran. The way he has put the title to this article shows he is a goonda.Well we need more views on this. If this is true ,it will be a serious lapse of thought by the JO.

  4. DR M D P DISSANAYAKE Says:

    Reading the Constitution in its totality and in conjunction with the fundamental rights of members of parliament, the Chapter III (6) on FUNDAMENTAL RIGHTS states: ” No person shall be held guilty of an offence on account of any act or omission which did not, at the time of such act or omission, constitute such an offence and no penalty shall be imposed for any offence more severe than the penalty in force at the time such offence was committed. ”

    In the continuation para of the same Chapter III (6) explicitly exclude any misrepresentation of the first part of the Chapter III (6) by providing a specific interpretation, which states : Nothing in this Article shall prejudice the trial and punishment of any person for any act or omission which, at the time when it was committed, was criminal according to the general principles of law recognized by the community of nations.”

    Therefore, to institute legal actions against Mr Ranil Wickremasinghe by a future government, is still wide open.

  5. NAK Says:

    If the present state doesn’t allow RW to be prosecuted after the NCM. RW must be punished even if the constitution needs to be changed. If not a bad precedent could be set.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress