වානිජ බෝගයක් ලෙස කංසා වගාව නීතිගත කළ යුතුයි.
Posted on April 18th, 2018

තුසිත බාලසූරිය ලේකම් ශ්‍රී ලංකා සමාජ ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදී පක්ෂය

පොහොර සහනාධාරයකින් ශ්‍රී ලංකාවේ කෘෂි කර්මාන්තය නගා සිටුවිය නොහැකි නිසා කෘෂි ආර්ථිකය නගා සිටුවීමට වානිජමය වටිනාකමක් සහිත නව වානිජ බෝග ගොවීන් වෙත හදුන්වා දිය යුතුය. කංසා යනු එවැනි විශාල වානිජමය වටිනාකමක් සහිත ශාකයකි.

ශ්‍රී ලංකාවේ වගා කෙරෙන සෙසු වානිජ බෝගවලට වඩා වැඩි ලාභයක් කංසා වගාවෙන් උපයා ගත හැකිය. මන්ද අඩු පිරිවැයකින් වැඩි අස්වැන්නක් ලබාදෙන කංසා ශාකය ඇසුරෙන් විවිධ නිෂ්පාදන කරති. එමනිසා වානිජ බෝගයක් ලෙස කංසා වගාව නීතිගත කිරීම ආර්ථික සංවර්ධනය වේගවත් කරනු ඇත.

බෙහෙත් නිෂ්පාදයට කංසා විශාල වශයෙන් යොදා ගනී. බටහිර රටවල් මෙන්ම අසල්වැසි ඉන්දියාවද කංසා යොදාගෙන බෙහෙත් නිපදවා විශාල වශයෙන් මුදල් උපයති. කංසා වගා කොට බෙහෙත් නිෂ්පාදනයට අපනයනය කිරීමෙන් ශ්‍රී ලංකාවට විශාල විදෙස් විනිමයක් උපයා ගත හැකිය.

උසස් තත්වයේ රෙදිපිලි සහ ස්භාවික කඩදාසි නිෂ්පාදනයට කංසා යොදා ගැනෙන අතර කංසා වගාව නීති ගත කිරීමෙන් නව කර්මාන්ත ශාලා බිහිවීමට සහ නව රැකියා අවස්ථා ඇතිවීමට වැඩි ඉඩක් පවතී. එමෙන්ම කාංසා ශාකයෙන් නිපදවන ජෛව ඉන්ධන හා ජෛව ප්ලාස්ටික් පාරිසරික ගැටලු රැසකට විසදුමකි.

දැනට ක්‍රියාත්මක නීතියට අනුව කංසා වගාව අපරාධමය වරදකි. එම නීති සංශෝධනය කොට වානිජ බෝගයක් ලෙස කංසා වගාව නීතිගත කිරීමෙන් රජයට විශාල මුදලක් උපයා ගත හැකිය. ඊට නව නීති සම්පාදනය කොට වගා බලපත්‍ර‍ නිකුත් කරන ක්‍ර‍මයක් ස්ථාපිත කරන මෙන් අපි රජයෙන් ඉල්ලා සිටිමු.

තුසිත බාලසූරිය
ලේකම්
ශ්‍රී ලංකා සමාජ ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදී පක්ෂය

One Response to “වානිජ බෝගයක් ලෙස කංසා වගාව නීතිගත කළ යුතුයි.”

  1. Dilrook Says:

    I agree. And also for local medicinal purposes.

    This must be done soon. Obviously there is no automatic connection between commercial agriculture and narcotics manufacture. Making narcotics or selling for the purpose must remain illegal. Only licensed growers should be allowed to grow it under controlled farms.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress