ග්ලයිෆොසේට් තහනම: රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පර්යේෂණය අධ්‍යයනය කොට තිබේ ද?
Posted on April 23rd, 2018

චන්ද්‍ර ධර්මවර්ධන

2018 අපේ‍්‍රල්19 වැනි දා ‘ඬේලි නිව්ස්’ පුවත්පතේ පළවූ Glyphosate Ban: Has the GMOA studied the Research? නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙනි

ග්ලයිෆොසේට් වැනි ‘හානිකර රසායනික’ හොරෙන් මෙරටට ගෙන්වන්නන්ට එරෙහිව ‘දැඩි පියවර’ ගැනීමට හැකි වන පරිද්දෙන් අලූත් නීති හඳුන්වා දිය යුතුව ඇති බව, අපේ‍්‍රල් 11 වැනි දා පැවති ප‍්‍රවෘත්ති සාකච්ඡුාවකදී, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප‍්‍රකාශ කොට තිබුණි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ග්ලයිෆොසේට් සලකන්නේ ‘හානිකර’ දෙයක් වශයෙනි. මන්ද යත්, එය පිළිකා සහ වකුගඩු රෝගවල හේතුකාරකයක් යැයි කියන බැවිනි. එසේ වෙතත්, පසුගිය නොවැම්බර් මාසයේ ග්ලයිෆොසේට් මගින් ඇති කළ හැකි සෞඛ්‍ය ප‍්‍රතිවිපාකවලට අදාළව මේ දක්වා කරන ලද ලෝකයේ විශාලතම අධ්‍යයනය මගින් සොයා ගනු ලැබුවේ, ග්ලයිෆොසේට්වලින් සිදුවන හානිකර ප‍්‍රතිවිපාකයක් නැති බව ය. මේ අධ්‍යයනය සඳහා දශක දෙකක අත්දැකීම් පාදක කර ගැනුණු අතර, 90,000 ක පිරිසක් එම පර්යේෂණ අධ්‍යයනය සඳහා යොදා ගැනුණි. මේ විෂය සම්බන්ධයෙන් ප‍්‍රසිද්ධියට පත්ව ඇති ඉතා ශක්තිමත් සංඛ්‍යා ලේඛන දත්ත පිළිබඳ විග‍්‍රහයක් ද ඊට පාදක කර ගැනුණි.

2017 නොවැම්බර් 9 වැනි දා ජාතික පිළිකා ආයතන සඟරාවේ පළවූ, දීර්ඝ කාල පරාසයක දිවෙන, විශාල නියැදියක් පාවිච්චියට ගත් මේ අධ්‍යයන වාර්තාව, ජනප‍්‍රිය වල් නාශකයක් වන ‘රවුන්ඞ් අප්’ නැමැති නිෂ්පාදනයේ අඩංගු ග්ලයිෆොසේට් සහ මොනම වර්ගයක හෝ පිළිකාවක් අතර සහසම්බන්ධයක් නැති බව
පෙන්වා දී තිබේ.

මේ අලූත් අධ්‍යයනය සඳහා පාවිච්චියට ගැනුණේ කෘෂිකාර්මික සෞඛ්‍ය අධ්‍යයනයන් මගින් එක්කාසු කර ගත් දීර්ඝ කාලීන දත්ත රාශියකි. 1993 සිට 2010 දක්වා ඉයෝවා සහ උතුරු කැරොලිනා පළාත්වල වෙසෙන 90,000 ක පිරිසකගේ සෞඛ්‍ය තත්වය නිරන්තර පරීක්ෂාවට ලක්කෙරුණි. තම භවබෝගවල කෘමිනාශක භාවිතය සඳහා
බලපත‍්‍රලාභී ගොවියෝ ද මේ පිරිසට අයත් වූහ. කෘමිනාශක වර්ග 54,000 ක බලපෑම පරීක්ෂාවට ලක්කෙරුණු අතර, ඒවායින් සියයට 84 ක ග්ලයිෆොසේට් අඩංගු විය. මේ ගොවියන්ගෙන් බොහොමයක් දෙනා, ග්ලයිෆොසේට් අධ්‍යයනයට කලින් සිටම එය භාවිත කළ ගොවියන් ය. එසේ වෙතත්, දශක දෙකක අඛණ්ඩ ග්ලයිෆොසේට්
භාවිතයකින් පසුව පවා, මේ රසායනිකයට නිරාවරණය වූවන් අතරේ පිළිකා රෝගයේ සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් නොකෙරුණි.

මේ අධ්‍යයනයේ ප‍්‍රමිතිය, නිරවුල් භාවය සහ නිශ්චිත භාවය, බොහෝ විද්‍යාඥයන් පිළිගෙන තිබේ. මෙම අධ්‍යයනය කරන ලද්දේ රජයේ සහ විශ්ව විද්‍යාල මූලාශ‍්‍රයන්හි අරමුදල්වලිනි. එම අධ්‍යයනයට සම්බන්ධයක් නැති, කේම්බි‍්‍රජ් විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයෙකු වන ඬේවිඞ් ස්පියෙගල්හල්ටර්, මේ විශ්ලේෂණය ‘විශාල සහ
සුපරීක්ෂාකාරී’ එකක් වන බවත්, ‘ග්ලයිෆොසේට් භාවිතය සහ පිළිකා රෝගය අතර සැලකිය යුතු සම්බන්ධතාවක් නැතැ’ යි ඉන් පෙන්වා දී ඇති බවත් කියයි.

එසේ තිබියදී, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අවධානය යොමු වී ඇති රෝගයට අදාළ ග්ලයිෆොසේට් භාවිතය පිළිබඳ කෙරී ඇති මේ නිශ්චිත වූත්, දැවැන්ත වූත් අධ්‍යයනය එම සංගමයේ ඇසට හසු නොවුණේ කෙසේද? විද්‍යාත්මක ප‍්‍රජාව සමග බන්ධුත්වයක් නැති පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට සහ උන්වහන්සේගේ
සගයන්ට සමාවක් දිය හැකි වෙතත්, මෙම සංවිධානය හුදෙක් ඔවුන්ගේ වෘත්තිකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටින වෘත්තීය සමිතියක් බව අප පිළිගත්තත්, වෛද්‍යවරුන් වශයෙන් මීට වඩා මේ විෂය සම්බන්ධයෙන් තත්කාලීන වීමේ වගකීමක් ඔවුන්ට තිබේ.

විද්‍යාත්මක සාක්ෂිවල අඩුව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරන වඩාත් ප‍්‍රමුඛ, බෝ නොවෙන රෝගය වන්නේ පිළිකාවයි. ග්ලයිෆොසේට් සමග සහසම්බන්ධයක් නැතැයි දැන් පර්යේෂණ මාර්ගයෙන් පැහැදිළිවම වෙන් කොට දක්වා ඇති රෝගයත් එයයි. දශක දෙකක් වැනි දීර්ඝ කාලයක් තිස්සේ ග්ලයිෆොසේට් පළිබෝධකය ගොවියෙකු විසින් දිගටම සහ බහුලව පාවිච්චි කළත් ඒ හේතුවෙන් ඔහු පිළිකා රෝගයට ගොදුරු නොවන බව මේ අධ්‍යයනයෙන් පෙන්වා දී තිබේ. සමහර විට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සිතනවා ඇත්තේ රජරට ප‍්‍රදේශයේ බහුලව දක්නට ලැබෙන වකුගඩු රෝගය ගැන විය හැකිය. එහෙත් එය සනාථ කරන කිසි නිශ්චිත
සාක්ෂියක් තවම සොයාගෙන නැති බව කිව යුතුය. ඒ වෙනුවට අපට ඇත්තේ, එවැනි මතයක් ප‍්‍රතික්ෂේප කරන සාක්ෂි ය. රතන හිමියන්ගේ පුරෝගාමීත්වයෙන් යුත්, දේශපාලනික වශයෙන් බලවත් මුත් එක් කුඩා කණ්ඩායමක් සහ විද්‍යාත්මක ප‍්‍රජාව අතරේ පැත්තකින් සිටින එවැනිම කුඩා තවත් කණ්ඩායමක්, පරිසරයේ සහ ආහාර
නිෂ්පාදනයේ අඩංගු ග්ලයිෆොසේට් හේතුවෙන් මේ රෝගය හටගන්නා බව කියා තිබේ. ඔවුන් පවා එසේ කියන්නේ, ග්ලයිෆොසේට්වලට අමතරව තවත් සාධක තුනක්, එනම් ආසනික්, කිවුල් වතුර සහ වෙනත් සාධක ඊට එක් වීමෙන් මේ රෝගය හටගන්නා බවකි.

එහෙත් රජරට වෙසෙන, බල්ලන්, බළලූන්, ගවයන් ඇතුළු, ගංගා ඇලදොළ වැව් ආදියේ වතුර පාවිච්චියට ගන්නා ගොවියන්ට මේ රෝගය වැළඳෙන බවක් දකින්ට නැත. ඊට ගොදුරු වන්නේ, කුඹුරුවලින් ඈත, තමන්ගේ පෞද්ගලික ළිංවල ජලය පාවිච්චියට ගන්නා පුද්ගලයන් ය. එසේම, ශ‍්‍රී ලංකාවේ මෙන් දස ගුණයක් වැඩියෙන් කෘෂි රසායන පාවිච්චියට ගන්නා මැලේසියාව සහ නවසීලන්තය වැනි රටවල මේ රෝගය දක්නට නොලැබෙන බව ද කිව යුතුය.

විශේෂ ඕනෑ එපාකම්

ඉහත සඳහන් කෙළේ මේ කාරණය සම්බන්ධයෙන් මෙම නිගමනයට පැමිණි බොහෝ අධ්‍යයනයන්ගෙන් එකක් පමණි. ලෝකයේ රටවල් 190 ක් මේ කෘෂි රසායනය අනුමත කොට දැනට භාවිත කරයි. කෙසේ වෙතත්, පසුගිය දශක දෙක තුන තුළ, අතීත කාමයෙන් පෙලෙන, විචිත‍්‍ර සිතැ‘ති, කෘෂිකර්මය සම්බන්ධයෙන් බොහෝ කොට අවිද්‍යාත්මක ආකල්ප දරණ දේශපාලනික ව්‍යාපාර ගණනාවක් ඉස්මත්තට පැමිණ තිබේ. ඔවුන්ගේ ශක්තිය වන්නේ, ජනතාව තුළ පවතින අනියත බියයි. එම බිය අවුලූවන මන්ත‍්‍රයක් ඔවුන්ට තිබේ. ඊට අනුව, ආහාර තුළ පවතින රසායනික ද්‍රව්‍ය නිසා අට අසූවක් ව්‍යාධි හටගන්නේය. මේ කණ්ඩායම්, ‘කාබනික ආහාර’, ‘ස්වාභාවික ආහාර’ සහ ‘සාකල්‍ය ආහාර’ ආදී වශයෙන් වන විශාල පාරිභෝගික ව්‍යාපාර සමග අත්වැල් බැඳගෙන සිටිති. මේ කියන ආහාර ප‍්‍රභේද පාවිච්චියට ගන්නේ ප‍්‍රභූ සමාජ කොටස් ය. බොහෝ රටවල දේශපාලනය හසුරුවන්නේ, ලෝක ජනගහනයෙන් සියයට 1 ක් වන, ඔවුන් ය. බොහෝ උගත් පිරිස් මෙන්ම, නවතම පර්යේෂණ ගැන යාවත්කාලීන අවබෝධයක් නැති වෛද්‍යවරුන් පවා ‘අපේ කෑමවල තියෙන වසවිස’ පිළිබඳ මන්ත‍්‍රයේ ගොදුරු බවට පත්වීම පුදුමයක් නොවේ. බොහෝ කෘෂි රසායන වර්ග, පමණට වඩා භාවිත කළොත්, විසකාරක විය හැකිය. ඒ ගැන විවාදයක් නැත. ඒ ධර්මතාව සියලූම ඖෂධ වර්ගවලටත්, ගැසලින්, ක්ලෝරින් සහ නිතර ගෙදරදොර පාවිච්චියට ගන්නා පවිත‍්‍රකාරක ද්‍රව්‍යවලටත් පොදු නියාමයකි. මිරිස් සහ කරාබු නැටි වැනි කුළුබඩු පවා, සීමාව ඉක්මවා පාවිච්චියට ගත්තොත්, විසකාරක වන්නේය.

‘පිළිකා පර්යේෂණ ජාත්‍යන්තර ආයතනය’ 2015 කළ අධ්‍යයනයක ග්ලයිෆොසේට් පිළිබඳ නිගමනයට ඇතුළත් එක් කාරණයක්, ‘මගේ-කෑමවල-රසායනික-නැහැ’ කණ්ඩායම දේව භාෂිතයක් කරගෙන තිබේ. එනම්, ඉහළ මාත‍්‍රාවෙන් පාවිච්චියට ගන්නා ග්ලයිෆොසේට්, දෙවැනි-පංතියේ පිළිකා කාරක අවදානමක් වන බව, ‘පිළිකා පර්යේෂණ ජාත්‍යන්තර ආයතනයේ’ අධ්‍යයනයෙන් කියා තිබීමයි. මේ කියන පිරිස් එය ප‍්‍රචාරක අවියක් වශයෙන් නාමකරණය කොට ඇත්තේ, ග්ලයිෆොසේට් යනු භයානක විසක් වශයෙන් හුවාදක්වමිනි. එහෙත්, ඉහළ මාත‍්‍රාවක් වශයෙන් ගත් විට දෙවැනි-පංතියේ පිළිකාකාරක අවදානමක් වශයෙන් මිස, පොදු සෞඛ්‍ය අවදානමක් ඇති බවක්
එම වාර්තාවේ නිගමනයෙන් ගම්‍ය වන්නේ නැත. ‘මගේ-කෑමවල-රසායනික-නැහැ’ කණ්ඩායම ඉතා ප‍්‍රබල ලෙස තවත් ක‍්‍රියකාරික කණ්ඩායමක් සමග අත්වැල් බැඳ ගත්හ. එනම්, ‘‘ෆ‍්‍රැන්කන්ෆුඞ්’’ (රකුසු-ආහාර විරෝධී ක‍්‍රියාකාරීන් ය. ‘රකුසු ආහාර’ වශයෙන් ඔවුන් හඳුන්වන්නේ ‘ජාන විපර්යාසයට’ ලක්කළ ආහාර ය. තිරිඟු, සෝයා, සහල් සහ එළවළු ආදිය, ඒවායේ අඩංගු ඇතැම් විශේෂිත ජාන වෙනුවට වෙනත් ජාන වර්ග එක් කිරීමෙන් විපර්යාසයට ලක්කොට, ආර්ථික වශයෙන් සහ සෞඛ්‍යමය වශයෙන් යෝග්‍යතම, නව නිෂ්පාදන සාදනු ලැබේ.

‘ජාන ඉංජිනේරුකරණයට ලක්කළ ගොයම’ යනු, පැරණි ‘පැළ බෝ කිරීම’ වෙනුවට යොදා ගන්නා නූතන නිෂ්පාදන ක‍්‍රමයයි. මේ ‘ජාන විපර්යාසයට’ ලක්කළ නිෂ්පාදන ක‍්‍රියාවලිය තුළ, ග්ලයිෆොසේට් භාවිතයක් අඩංගු ය. මේ ක‍්‍රමයට නිෂ්පාදනය කළ ඇමරිකාවේ තිරිඟු පිටි සහ කැනඩාවේ මයිසූර් පරිප්පු දැන් දශක ගණනාවක් තිස්සේ ලංකාවේ ජනතාව පරිභෝග කරති.

‘රකුසු-කෑම විරෝධීන්’ තමන්ගේ ව්‍යාපාරය තුළට ග්ලයිෆොසේට් විරෝධයත් එක් කරගෙන තිබේ. ඒ සඳහා සෑම ආකාරයකම සූක්ෂම ප‍්‍රචාරක ප‍්‍රයෝග ඔවුන් යොදාගනු ලැබේ. ඒ අතරින් ඉතාම හාස්‍යජනක සිද්ධියක් වන්නේ, මරී මොනික් රොබින් නැමැති ප‍්‍රංශ මාධ්‍යවේදිනියක් නෙදර්ලන්තයේ හේග් නුවරට ගොස් තමන්ගේම හිතුවක්කාර අධිකරණයක් ප‍්‍රකාශයට පත්කර ගැනීමයි. ඇගේ පෞද්ගලික ව්‍යායාමයක් වූ එම ප‍්‍රචාරක ප‍්‍රයෝගය නම් කොට තිබුණේ, ‘ජාත්‍යන්තර අධිකරණය-හේග්’ යනුවෙනි. එක්සත් ජාතීන්ගේ සංවිධානයට සම්බන්ධ, මෙනමින් යුත් ජාත්‍යන්තර අධිකරණයකුත් තිබේ. මේ මාධ්‍යවේදිනිය තමන්ගේ ප‍්‍රයෝගය සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධාන ජාලයට සමාන නමක් යොදාගෙන තිබුණේ, ලෝකයා නොමග යැවීමටම පමණි.

‘සමූහ-නාශක අවියක්’ වන ග්ලයිෆොසේට් පරිසරයට මුදා හැරීමෙන්, ‘මොන්සැන්ටෝ’ නැමැති ව්‍යාපාරය, මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සිදු කොට ඇති බව, 2017 අපේ‍්‍රල් මාසයේ දී මේ ‘අධිකරණය’ තීන්දු කෙළේය.

රතන හිමියන් සහ දොස්තර ජයසුමන මේ අපූරු අධිකරණ සැසියට සහභාගී වූ ශ‍්‍රී ලාංකීය ‘නියෝජිතයන්’ ය. මේ ශ‍්‍රී ලංකා ‘නියෝජිත’ කණ්ඩායම එම ‘අධිකරණයට’ ඉදිරිපත් කළ කාරණයක් වන්නේ, ග්ලයිෆොසේට් භාවිතය නිසා රජරට ප‍්‍රදේශයේ සෑම පවුල් 100 කින්ම පවුල් තුනකට විකලාංග දරුවන් උපදින බව ය. එහෙත් සත්‍යය
වන්නේ, මේ කියන සියයට 3 යනු, විකලාංශ දරුවන් බිහිවීමට ඉඩ ඇති සාමාන්‍ය ප‍්‍රතිශතය වන බවයි.

ග්ලයිෆොසේට් භාවිතයක් තිබුණත් නැතත් එවැනි ප‍්‍රතිශතයක් රටේ කොතැනක වුවත් අපේක්ෂා කෙරෙන පරිමාණයකි. මේ සාවද්‍ය ප‍්‍රකාශයම, 2018 මාර්තු 27 වැනි දා ‘දෙරණ’ නාලිකාවේ වැඩ සටහනකදීත් රතන හිමියෝ දේශනා කළහ.

මේ වැඩ සටහනේ දීම ඒ හිමියන් ප‍්‍රකාශ කළ තවත් කාරණයක් වන්නේ, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයත් තමන් සමග සිටින බවයි. රතන හිමියන් ඉදිරිපත් කරන මේ සංඛ්‍යා ලේඛන ඇත්තෙන්ම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පිළිගන්නේද? ග්ලයිෆොසේට් පිළිබඳ ලෝකයේ විශාලතම අධ්‍යයනය ගැන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නොදැනුවත්ද? වගකිව යුතු වෘත්තිකයන්ගේ සංගමයක් වශයෙන්, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, පවතින සාක්ෂි මත පදනම්ව කටයුතු කරමින්, නොමග ගිය අන්තවාදීන්ගේ ව්‍යාජ ප‍්‍රකාශ බැහැර කරනු ඇතැයි අපි අපේක්ෂා කරමු.

(කතුවරයා, ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපතිවරයා සහ රසායන විද්‍යාව පිළිබඳ මහාචාර්යා විය. වර්තමානයේ කැනඩාවේ ජාත්‍යන්තර පර්යේෂණ ආයතනයේත්, කැනඩාවේ මොන්ටි‍්‍රයල් විශ්ව විද්‍යාලයේභෞතික විද්‍යා දෙපාර්තමේන්තුවේත් භෞතික විද්‍යාඥයෙකි)

5 Responses to “ග්ලයිෆොසේට් තහනම: රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පර්යේෂණය අධ්‍යයනය කොට තිබේ ද?”

  1. Christie Says:

    http://www.dailypioneer.com/columnists/edit/monsantos-roundup-and-risk-of-cancer.html

  2. Christie Says:

    http://www.dailypioneer.com/columnists/edit/monsantos-roundup-and-risk-of-cancer.html

    In our country this stuff is used without any safety where as in Canda it cannot be used in the way it is used hre.

    So please keep your arguments in Canada.

    Rathnaya and the Gang is not relevant in this issue as he is another cunning politician.

  3. Cerberus Says:

    http://www.france24.com/en/20171024-eu-parliament-votes-ban-controversial-weedkiller-glyphosate-monsanto-roundup

    Latest update : 2017-10-24
    The European Parliament Tuesday called for the controversial weedkiller glyphosate to be banned by 2022 amid fears it causes cancer, a day before EU states vote on whether to renew its licence.
    MEPs approved a resolution which is not binding but will add fresh pressure on the European Commission, the bloc’s executive arm, which has recommended the licence for the herbicide be renewed for 10 years.

    Glyphosate critics, led by environmental campaigners Greenpeace, are calling for an outright ban in Europe and on Monday activists handed the EU a petition signed by more than 1.3 million people backing such a move.

    Experts from the EU’s 28 member states are due to vote on the commission recommendation on Wednesday, just as a row escalates over claims that US agro giant Monsanto unduly influenced research into its weedkiller’s safety.

    MEPs criticised the commission’s proposal, saying it “fails to ensure a high level of protection of both human and animal health and the environment (and) fails to apply the precautionary principle”.

    They called for a halt to non-professional use of glyphosate when its licence runs out in December 15 and for its use to end near public parks and playgrounds.

    Opponents of glyphosate, used in Monsanto’s best-selling herbicide Roundup, point to a 2015 study by the World Health Organisation’s (WHO) International Agency for Research on Cancer that concluded it was “probably carcinogenic”.

    This contradicted findings by the European Food Safety Authority and the European Chemicals Agency, which both said glyphosate was unlikely to cause cancer in humans, in line with a 2016 review carried out by other WHO experts and the UN Food and Agriculture Organisation.

  4. Cerberus Says:

    https://www.baumhedlundlaw.com/toxic-tort-law/monsanto-roundup-lawsuit/where-is-glyphosate-banned/

    Where is Glyphosate Banned? | Baum, Hedlund, Aristei & Goldman
    A number of cities, counties, states and countries throughout the world have taken steps to either restrict or ban glyphosate, the active ingredient in Monsanto’s Roundup weed killer.

    The following countries have issued outright bans on glyphosate, imposed restrictions or have issued statements of intention to ban or restrict glyphosate-based herbicides, including Roundup, over health concerns and the ongoing Roundup cancer litigation:

    Argentina: Over 30,000 health care professionals advocated for a glyphosate ban following the International Agency for Research on Cancer’s (IARC) report on glyphosate, which concluded the chemical is probably carcinogenic to humans.
    Australia: Fremantle and Nedlands stopped spraying glyphosate for street maintenance due to health concerns. Stirling temporarily banned the use of glyphosate on bushlands. Other cities and school districts throughout the country are currently testing alternative herbicides in an effort to curtail or eliminate glyphosate use.
    Belgium:Banned the individual use of glyphosate.
    Bermuda: Outlawed private and commercial sale of all glyphosate-based herbicides.
    Brazil: A federal prosecutor requested that the Brazilian Justice Department outlaw the use of glyphosate out of concern the herbicide causes health problems.
    Canada: Eight out of the 10 provinces in Canada have some form of restriction on the use of non-essential cosmetic pesticides, including glyphosate.
    Colombia: Outlawed the use of glyphosate to destroy illegal plantations of coca, the raw ingredient for cocaine, out of concern that glyphosate causes cancer.
    Denmark: The Danish Working Environment Authority declared glyphosate to be carcinogenic and has recommended a change to less toxic chemicals.
    El Salvador: Banned glyphosate over links to deadly kidney disease.
    England: A number of townships, including Shaftsbury, Brighton, Hammersmith & Fulham, Bristol, Glastonbury and Erewash have voted to institute restrictions on pesticides and herbicides, including glyphosate.
    France: Banned the private sale of glyphosate. The law is scheduled to take effect in 2022. France also said it will ban glyphosate in the future regardless of the European Union vote to relicense glyphosate.
    Germany: German government officials from the Green party asked the EU Commission not to renew the license for glyphosate. Germany previously abstained from voting to relicense glyphosate and all indications point to an abstention in the next vote later this year. Certain retail stores in Germany have pulled glyphosate-based herbicides like Roundup from shelves.
    Italy: Italy’s Ministry of Health placed a number of restrictions on glyphosate use. Italian legislators have also raised concerns about glyphosate safety, and have come out against relicensing the herbicide in the European Union.
    Luxembourg: One of Luxembourg’s largest supermarket chains removed glyphosate from its shelves following the release of the IARC glyphosate report.
    Malta: Malta began the process of instituting countrywide ban of glyphosate. However, Environment Minister José Herrera backtracked in January of 2017, saying the country would continue to oppose glyphosate in discussions but would fall in line with the European Union and wait for further studies.
    Netherlands: Banned all non-commercial use of glyphosate.
    New Zealand: The cities of Auckland and Christchurch passed resolutions to reduce the usage of chemicals for weed and pest control in public places.
    Portugal: President of the Portuguese Medical Association called for a worldwide ban of glyphosate.
    Scotland: Aberdeen cut back its use of herbicides and Edinburgh’s City Council voted to phase out glyphosate.
    Spain: Barcelona, Madrid and a number of other regions throughout the country banned the use of glyphosate in public areas.
    Sri Lanka:Banned the private and commercial sale of glyphosate.
    Sweden: Raised concerns about glyphosate safety and has pushed against relicensing the herbicide in the EU.
    Switzerland: Concerned about public wellbeing, the Swiss supermarket chains Migros and Coop removed glyphosate-based products from their shelves due to health risks.

  5. Cerberus Says:

    https://articles.mercola.com/sites/articles/archive/2013/05/14/glyphosate.aspx

    How Glyphosate Worsens Modern Diseases
    By Dr. Mercola

    The more we learn about genetically engineered (GE) foods, the clearer the dangers become. I’ve warned you of the potential dangers of GE foods for many years now, as I was convinced that the artificial combining of plants with genes from wildly different kingdoms is bound to cause problems……….

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress