පාපෝච්චාරණය
Posted on April 23rd, 2018

වෛද්‍ය රුවන් එම් ජයතුංග

මනෝ චිකිත්සකයා සෝපාව මත වැතිරී සිටින තම රෝගියා දෙස උපැස් යුවල යටින් බැලීය. ඔහුගේදර්ශන පථයට හසුවූයේ රෝගියාගේ හිස, කඳ සහ දෙපා පමණි‚. සෝපාව මත වැතිරී සිටිමින්මරෝගියා දෑස් වසාගෙන කථාවේ නිරත වෙයි. ඔහු තම ජීවිතයේ අඳුරු තැන් පවා සංස්කරණයකින්තොරව පවසයි. රෝගියාගේ වචන වලට අවධානය යොමුකරමින් චිකිත්සකයා සවන් දීගෙන සිටියි.මනෝ චිකිත්සකයා රෝගියාගේ හිස අද්දර මදක් පසුපසට වන්නට තබා ඇති පුටුවක වාඩිවී සිටිනබැවින් රෝගියාට තම චිකිත්සකයා නොපෙනේ. කාමරය මඳක් අඳුරුය. චිකිත්සකයා කාමරයේ දොර වසා ඇති බැවින් රෝගියාගේ කටහඞ බැහැරට නොපැතිරෙයි. රෝගියා කථා කළේ සිහින්ස්වරයකින්ය. එහි කලකිරීම, කෝපය වැනි ආවේගයන් ගැබ්වී තිබු‚. රෝගියාගේ කථනය උනන්දුකරවීම පිණිස ඉඳහිට චිකිත්සකයා රෝගියාගෙන් අතුරු ප්රශ්න ඇසීය.

ඔව්, ඔබ විශ්ව විද්යාලයේ ඉගෙන ගන්නා කාලයේදී දේශපාලන වැඩ කටයුතුවලට උනන්දු වුනාකිව්වා නේද? ඊට පස්සේ මොකද වුණේ?˜ මනෝ චිකිත්සකයා තම පැසී ගිය රැවුල අතගාමින්රෝගියාට ප්රශ්ණය යොමු කළේය.

මම ඇදිලා ගියේ රැඩිකල් දේශපාලනයට. අපි යටිබිම්ගතව දේශපාලනය කළා. ඒ කියන්නේ ඩොක්ටර් පොලීසියෙන්, පාලකයන්ගෙන් වසන් වී කරන දේශපාලනය. අපි අභාෂය ලැබුවේ මාක්ස්සහ ලෙනින්ගේ න්යායන් වලින්. ඒත් මට හිතෙනවා අපි මායාවක පැටලී හිටියා කියලා”

මෙසේ පවසමින් රෝගියා මදක් ඇස් ඇර කාමරයේ සිවිලිම දෙස බලා යලි දෑස් වසා ගත්තේය, මනෝචිකිත්සකයා රෝගියාගේ කතාවේ ඇතැම් කොටස් ඔහුගේ සටහන් පොතේ ලියා ගත්තේය.චිකිත්සකයාට මීට වසර 08කට පමණ උඩදී බාඩර් මෙයින්හොෆ් කල්ලියේ හිටපු සාමාජිකයකුවූජර්මානු ජාතික රෝගියා මතක් විය. ඔහුද මොහු මෙන් සිහින් සිරුරැති උස අයෙකි.

අපි කළේ අයාලේ ගිය දේශපාලනය. පංති වෛරය අපි හුවා දැක්වූවා. අපට විරුද්ධ වෙන ඕනෑමඅයෙක් ද්රෝහියකු ලෙසට ලේබල් කළා. ඊට පස්සේ ………..˜ රෝගියා මදක් නිශ්ශබ්ද විය.

ඔව්, ඊට පස්සේ” චිකිත්සකයා රෝගියාව යලි උනන්දු කරවීය.

ඊට පස්සේ , ඊට පස්සේ, ඊට පස්සේ, ඔව්, ඊට පස්සේ අපි කටපුංචාගෙන් තමයි උත්තර දුන්නේ, මමපුද්ගලිකවම කොකා ගස්සලා නෑ. ඒත් සමහර ඝාතන අත උස්සලා අනුමත කරලා තියෙනවා. ඒ නිසාමගේ අතේ ලේ තැවරිලා නෑ කියන්නමත් බැහැ. ද්රෝහියකු මරල දැම්මට පස්සේ ලැඛෙන්නේ පුදුමසතුටක්. ඩොක්ටර්, ඒඑඇ සතුට මට කියන්න තේරෙන්නේ නෑ. සතුට දවස් ගණනක් හිතේ තියෙනවා.උදේ රෑ ඒක ගැන හිතලා සතුටු වෙන්න පුලූවන්. ඒ ඝාතන ගැන අද වුනත් මගේ හිතේපශ්චාත්තාපයක් නැහැ. හිතේ වෛරය, ක්රෝධය පිරී තියෙන කොට පුද්ගලයා ශක්තිමත් වෙනවා.ද්රෝහියකු මරා දමන විට වඩ වඩාත් ශක්තිමත් වෙනවා. රුධිරය තමයි ජීවිතය. මේක තමයි තිත්තඇත්ත. ලේ තරම් මිහිරි දෙයක් මේ ලෝකේ තියෙනවද?”

රෝගියා දත්කූරු කෑවේය. යලිත් වරක් ඇස්ඇර සිවිලිම දෙස බලා ක්ෂණි‚කව දෑස් වසා ගත්තේය.අනතුරුව යලි කල්පනාවේ නිමග්න විය.

අපේ ව්යාපාරය කඩාගෙන වැටුණා පොලීසිය දිවා රෑ අපව සොයාගෙන ආවා. මම ජීවිතය බේරාගන්න සැඟවිලා හිටියේ පල්ලියක. එහෙම සැඟවිලා ඉන්න කොට මට නොයෙක් බිය ජනක සිතිවිලිඑන්න ගත්තා. අපි මරා දාපු ද්රෝහියන්ගේ කට
හඞවල් ඇහෙන්න ගත්තා. මම රෑට රෑට බයවෙන්න ගත්තා. මම නිදා ගත්තේ අල්තාරය ළඟ. ටෝච්එළියක්, වාහන හඞක්, නුහුරු මිනිස් කට හඞක් ඇහුණු කොට මගේ හදවත සැලූණා. දාඩිය දාන්නගත්තා. මම අල්තාරයේ පිටුපස්සේ සැඟවුණා. පල්ලියේ ෆාදර්ගේ කරුණාව නිසා මම තවම පණපිටින්. මගේ සගයෝ ඔක්කොම වගේ ටයර් සෑයවල අලූවෙලා. සමහරු ආගිය අතක් නෑ. මම මෙහෙමටික කලක් පල්ලියේ සැඟවිලා ඉන්න කොට මට හිතුනා යටි බිම්ගතව ඉන්න සාමාජිකයෝ මුණගැහිලා සබඳතා හදා ගන්න. මෙහෙම සබඳතා හදාගන්න යනකොට මාව
හමුදාවට අහුවුණා.”

රෝගියා වීණා තතක් මෙන් ශරීරය ඉහළට ඇද්දේය. ටික වේලාවක් නිහඞව සිටි ඔහු යලිත් ආත්මකථනය ඇරඹීය.

මගේ මහපට ඇගිලි දෙක සපත්තු ලේස් වලින් කිටි කිටියේ ගැට ගසලා බාල්කෙක එල්ලලා තිබ්බා.වේදනාව ඇගිලිවල සිට වැලමිට, උරහිස ඛෙල්ල දක්වා පැතිරී යනවා. මහපට ඇගිලි දෙක හමඉරාගෙන ගැලවිලා යයි කියලා මට හිතුනා. ඒ අතර වාරයේ වධකයෝ එස්ලෝන් බට වලින් තට්ටමටගහනවා. තැලිච්ච තක්කාලි ගෙඩියක් වගේ තට්ටම පුපුරලා ලේ එනවා. තට්ටම දිගේ ගලන ලේ බිමටවැටෙනවා. වධකයන්ගේ බූට්ස් වලට ලේ බිංදු පෑගිලා මුලූ කාමරය පුරාම ලේ පැල්ලම්. යාබද බාල්කවලත් අපේ සාමාජිකයෝ වගේම නාඳුනන උදවියවත් එල්ලලා පහර දෙනවා: සමහරු ධර්මචක්රයේදාලා¦ සමහරුන්ට මුත්රා අසූචි යනවා¦ ලතෝනිය, මරහඞ වගේම වධකයන් ගේ සරදම් සිනහවල් මුලූකාමරය පුරා පැතිරී යනවා.

එ දා මුලූ දවසම මට එල්ලලා පහර දුන්නා. ඊට පස්සේ ධර්මචක්රයේ දමලා කරකව කරකව ලී බැටන්එකකින් පහර දුන්නා. මෙහෙම දිගටම පහර දෙනකොට වේදනා සංවේදනය නැතිවී යනවා. ස්නායුපද්ධතිය මැරුණා වගේ ක්‍රියා විරහිත වෙනවා. ස්නායු පද්ධතියෙ වේදනා පණිවිඩ මොළයප්රතික්ෂේප කරනවා කියලා වධකයන්ට දැනෙනවා. මූට දැන් කොච්චර ගැහුවත් වැඩක් නෑ කියලාකියනවා මට ඇහුණා. ඒ සමගම බොම්බඩියර් මූව සෙල් එකට දාන්න කියන හඞක්ද ඇහුණා.කෙනෙක් පුටුවක් උඩට නැගලා මාව හිර කරලා බැඳ තිබූ ගැට කැපුවා. එතකොට දිග දර කොටයක්වගේ මාව බිමට වැටුණා. මගේ මුහුණ වැදුණේ ලේ මුත්රා ගලා ගිය සිමෙන්ති පොළවේ මමඅමාරුවෙන් ඔළුව ඉස්සුවා. නිළ ඇඳුමක් ඇඳගෙන හිටපු සොල්දාදුවෙක් මාව බිම දිගේ ඇදගෙන ගියා.ගිහිල්ලා සෙල් එකකට එබුවා. යකඩ දොර වහලා අගුල දමනකොට තමයි මම ඇස් ඇරියේ. සෙල්එකපුරවලා පොල් පොදි සේ මිනිස් ශරීර. ඔක්කොම වගේ හිටියේ නිරුවතින්. සමහරු නිසලව සිටියා¦සමහරු මර හඞ දෙනවා¦ සමහරු කෙ`දිරි ගානවා¦ සමහරු දෙවියන්ට කන්නලවු කරනවා.හැමෝගේම වගේ ඇ`ගවල්වල තැලීම් තුවාල පැසවලා. කෙනෙකුගේ තුවාලවල ඕජස් තවකෙනෙකුගේ ඇඞේ තැවරෙනවා. ඒ අස්සේ සමහරු මුත්රා කරගෙන, අසූචි තවරගෙන. එකමිනිහෙක් හිටියා දැලි පිහියෙන් කට දෙපැත්ත කපලා. කට දෙපැත්තේ භයානක සිදුරු දෙකක්. සැරවපිරිලා බේරෙනවා. මැස්සෝ සූ ගාලා ඇෙ`ග් වහලා.˜

අපිව දාල තිබ්බේ පොඩි කාමරයක. කාමරය අඳුරුයි කවුලූවක්වත් නෑ. හුළං පොදක් ලබා ගැනිමටසමහරු යකඩ දොර ළගට යනවා. එතන පොඩි හුළං පාරක් එනවා.
ඒත් වෙන සැකකාරයෙක් දාන්න සෙල් එක අරින කොට සමහර සොල්Þදුවෝ යකඩ දොර ලඟ ඉන්නමිනිහට බූට් එකෙන් පයින් ගහනවා. අපිව මේ වගේ සුමාන ගණනක් තිරිසනුන් වගේ රඳවලා තිබ්බා.

මගේ කලිසම කඩමලූ වෙලා. සුමාන ගණනකින් දත් මැදලා මූණ සෝදලා නෑ. අපිට අපේම ශරීරපිලිකුල්. සමහරු වමනේ දානවා. අපි නිදා ගත්තේ එකිනෙකාගේ ඇඟවල් මත. රෑට තිත්ත කරුවලයි.මදුරුවෝ පිරිලා. දවල්ට උහුලන්න බැරි උෂ්ණය. අපි කවුරුත් එකිනෙකා සමග කතා කළේ නැහැඔත්තුකාරයෝ එහෙම හිටියොත් කියලා. සමහරු බනිනවා, කන්නලව් කරනවා, අඞනවා.

එක මිනිහෙකුට පිස්සු හැදුණා, මිනිහා නිතරම හයියෙන් හිනාවෙන්න පටන් ගත්තා. මට හිතුනා අපඅතර හිටිය අයගෙන් වාසනාවන්තම කෙනා ඔහු කියලා. මිනිහට කිසි වගක් නැහැ, තනියමකියවනවා.˜

දවසක් ඇර දවසක් මාව ප්රශ්න කරන්න වධක කාමරයට ගෙනියනවා. එල්ලලා පහර දෙනවා. ඔළුව වතුරේ ඔබනවා. මම ශක්තිමත්ව හිටියා. කිසිම සගයෙක් පාවලා දුන්නේ නැහැ. එක දවසක් මාවප්රශ්න කරන්න ගෙනිච්චේ වධකාගාරයට නෙමෙයි. අපි හිටපු ගොඩනැගිල්ලේ උඩ තට්ටුවේ තිබුණුකාර්යාලයකට. එතන මේසයක් ලඟ වාඩිවෙලා හිටියා උරහිසේ තරු තුනක් ගහගෙන හිටපුනිළධාරියෙක්. ඔහු මට වාඩිවීමට පුටුවක් පිරිනැමුවා.˜ දහඩිය, ලේ පැල්ලම්, කුණු තැවරී තිබුණු මගේඅත්දෙක මම පිරිසිදු මේසය මත තැබුවා. හමුදා නිළධාරියා මඳක් පස්සට ගියා. ඉන්පසු මගේශරීරයෙන් එන දුර්ගන්ධය මකාගන්නද කොහේද සිගරැට් එකක් පත්තුකර ගත්තා. මටත් එකක්පිරිනැමුවා. මම හිසවනා එය ප්රතික්ෂේප කළා.˜
ඉතින් තමුසේ අපට ඇත්ත කියන්නේ නැහැනේ.˜ නිළධාරියා මා දෙසට දුම්රොදක් එවමින් කියාසිටියා.

මට කියන්න දෙයක් නැහැ. මම බිම බලාගෙන කිව්වා.

මේක තමුසෙට ලැඛෙන අන්තිම වාරේ. තමුසේ විශ්වවිද්යාලයක උගත් ශිෂ්යයෙක් නිසා තමයි අපිමෙච්චරවත් ඉවසුවේ. නැත්නම් තමුසේ මෙලහකටත් ටයර් සෑයක.˜ —

අපි මැරෙන්නේ එක සැරයයි සර්.˜ මම නිළධාරියාගේ ඇස් දෙක දිහා බලාගෙන කිව්වා. මගේඋත්තරයට නිළධාරියාට හොඳටම තරහගියා. මිනිහාගේ මූණට ලේ පිරෙනවා මම දැක්කා. ඔහුවිධාන දුන්නා මාව අරන් ගිහින් මරා දාන්න කියලා. —පටි දෙකක් ගහපු සොල්දාදුවෙක් මාව ඛෙල්ලන්අල්ලගෙන ගිහිල්ලා වධක කාමරයේ දොර ළගට ගෙනිහිල්ලා මගේ පස්ස පැත්තට බූට්ස් කකුලෙන්පහරක් දුන්නා. මම වධක කාමරයේ මුනින් අතට වැටුණා.˜

කාමරයේ උඩ තට්ටුවේ කොල්ලෝ දෙන්නෙක් ධර්ම චක්රයේ දාලා. කාමරයේ කොනක මියගියතරුණ ශරීර දෙකක් ගෝනි දෙකක දාලා. ඔවුන්ගේ සුදුමැලිවී ගිය පාද මම දැක්කා. ඒ පාද වල වියලීගිය ලේ පැල්ලම් තිබුණා.˜ —මූව අද රෑට අරගෙන ගිහිල්ලා වෙඩි තියලා මේ බොඩිස් එක්ක පුච්චපන්.˜පටි දෙකේ සොල්දාදුවා එතන හිටිය සොල්දාදුවන්ට අණදුන්නා.

මට තේරුණා මගේ අවසන් මොහොත ඇවිල්ලා කියලා. මරණ බය දැණුනා ඇත්ත. ඒත් මේ වේදනාඅවසානයි නේද කියන හැඟීම ඇති වුණා. එක සොල්දාදුවෙක් මොට්ට රේසරයකින් මගේ ඇහි බැමගෑවා. ඇහි බැම බාන්නේ මරලා දමන සැකකාරයින්ගේ කියල මම දැනගෙන හිටියා. මට තේරුණාමම දැන් මරණයට ඉතා ලඟ බව. මළ සිරුරු දෙක සමග මාව අංක තහඩු රහිත වාහනයකටදමාගනියි කියා මට හිතුනා. ඒවගේම වැඩේ පරක්කු වෙන්නේ තවම කරුවල වැටී නැති නිසා කියා මටහිතුණා. මම මරණයේ දොර ළ`ගටම ඇවිල්ලා. මට මතක් උනා විශ්වවිද්යාලයේ මා සමගඉගෙනගෙන දිවි නසා ගත් ඉන්ද්‍රජිත්. මාත් තව ටික වේලාවකින් මළවුන් අතරට යනවා. මටදෙමාපියන් මතක් වුණා. මෙපමණ තරුණ වයසේදී මම මරණය කරා යන්නේ ඇයි?

හිටි හැටියේම තරු තුනක් ගසාගෙන සිටි නිළධාරියා වධක කාමරයට ආවා.

ඒයි මේ බලපං. උඹ නිකන් වීරයා වෙන්න හදනවා. මූව දැකලා තියෙනවද?˜ මම අමාරුවෙන් දෑස්ඇරලා නිළධාරියා ලඟ හිටපු පුද්ගලයා දෙස බැලූවා. මට මගේ දෑස් අදහාගන්නවත් බැරුව ගියා. අපගේ සදාදරණීය සේන සහෝදරයා. මට විශාල සතුටක් දැණුනා. මම හිතාගෙන හිටියේ සේනසහෝදරයා මරා දැම්මා කියලා. සේන සහෝදරයා පණ පිටින් දැකීම කොච්චර සතුටක්ද? හොඳටදේශන තියන්න, න්යාය පහදල දෙන්න පු`ථවන් ඔහුට. සේන සහෝදරයා දෙස මම දයාබර දෑසින්බැලූවා. සේන සහෝදරයා හොඳ පිරිසිදුවට රැවුල බාලා කිරි කොකා වගේ සුදු ඇඳගෙන හිටියේ. මාවදැකලා සේන සහෝදරයා හිතවත්ව හිනා වුනා. මට පුදුම හිතුනා. ඔහුගේ ශරීරයේ තුවාළකැළලක්වත්, ලේ පැල්ලමක්වත් නෑ. කමීසයේ බොත්තමක් කැඩිලාවත් නෑ. මේකෙ වෙන්න පු`ථවන්ද?මම ඔහුදෙස නැවත වරක් බැලූවා. සේන සහෝදරයා මා දිහා බලලා අනුකම්පා සහිතව හිනාවෙනවා.

සහෝදරයා දැන් වැඩක් නැහැ, ඔක්කොම ඉවරයි.˜ ඔහු සිහින් හඬින් කීවා. මේක මයාවක්ද?චේගුවේරා වගේ හිටපු, මව්බිම නැත්නම් මරණය යනුවෙන් කියපු සේන සහෝදරයා අරගලයඅහවරයි කියනවා. මේක වෙන්න පුථවන් දෙයක්ද? —

සහෝදරයා, අපි යථාර්ථය පිළිගන්න ඕනෑ. සහෝදරයා දන්න දේවල් කියන්න.˜ මෙහෙම කියන ගමන්ඔහු තරු තුනක් පැළැද සිටි නිළධාරියාගේ අතේ තිබුණු ගෝල්ඩ් ලීෆ් සිගරැට් පැකට් එකෙන් සිගරැට්එකක් ගෙන දෙතොලේ රුවා ගත්තා. එවිටම නිළධාරියා තමාගේ දැල්වෙන සිගරැට්ටුව සේනසහෝදරයාගේ සිගරැට්ටුව දැල්වීමට දුන්නා. සේන සහෝදරයා තම සිගරැට්ටුව පත්තු කර ගත්තා.

දුම්වැටිය අදිරාජ්යවාදීන්ගේ උගුලක් කියපු, මහමෙර වගේ ශක්තිමත්ව හිටපු සේන සහෝදරයාසතුරන්ට එකතුවුනේ කොහොමද? මට අදහා ගන්න බැරි වුනා.

මූව අරං වරෙන්.˜ නිළධාරියා දුන්නු නියෝගයට අනුව සොල්දාදුවෙක් මගේ ඛෙල්ලෙන් අල්ලා ගෙනඇදගෙන අර නිළධාරියාගේ කාර්යාලයට ගෙන ගියා. මට දම්වැලක් දා ලා නිළධාරියාගේ මේසයටතියලා ඉබ්ඛෙක් දැම්මා. දැන් මම බලූකුක්කෙක් වගේ මේසෙ ගැටගහලා. සේනත්, නිළධාරියත් රවුම්මේසේ වටේ තිබුණු පුටු දෙකක වාඩි වුණා.

අපට බියර් දෙකක් ගේනවා. බයිට් එකකුත් එක්ක.˜ නිළධාරියා විධාන කළා. තවත් සිගරැට්ටුවක්දල්වා ගත්ත නිළධාරියා සේන සහෝදරයා සමඟ කථාව ඇරඹුවා.

අපි දෙපාරක් මිනුවන්ගොඩ ගියා. තාම ජයසිරිව අල්ල ගන්න බැරි වුනා. මිනිහා වෙන කොහේදඉන්නේ?˜

සර්, ජයසිරි විලියම් කියන නමත් භාවිතා කරනවා. ජයසිරිගේ මාමා කෙනෙක් පොලොන්නරුවේටවුමේ බේකරියක් කරනවා. එහේ බැලූවොත් ජයසිරිව හොයා ගන්න පු`ථවන්.˜ සේන සහෝදරයාහෙමිහිට කිව්වා.

මට කන් අදහාගන්න බැරුව ගියා. ජයසිරි අපේ සගයෙක්. ජයසිරි පොළොන්නරුවේ ඉන්න බව මමත්දැනගෙන හිටියා. ගිය සුමානේ හුස්ම හිරවෙනතුරු මගේ හිස කුණුවතුර බාල්දියේ ඔබලත් ජයසිරිසහෝදරයා ගැන මම වචනයක්වත් පිටකළේ නැහැ. මටත් වඩා ජ්යෙෂ්ඨ සේන සහෝදරයා ජයසිරිඉන්න තැන කිසිම ගාණක් නැතිව කියා දැම්මා.

ඊට පසු වීදුරු දෙකක් සමග සුව`ද හමන, කටට කෙළ උනන, බැදපු මස් පි`ගානක් සමග බීර බෝතල්දෙකක් සොල්දාදුවෙක් ගෙනාවා. නිළධාරියා තමයි සේනගේ වීදුරුව බියර් වලින් පිරෙව්වේ.

චියර්ස් ˜ තරු තුනේ නිළධාරියා මගේ දිහා බලන ගමන් කිව්වා. වීදුරුව හිස්වෙන ගානේ තරු තුනේනිළධාරියා සේන සහෝදරයාගේ වීදුරුව බියර් වලින් පිරෙව්වා. සේන සහෝදරයා කිසිම හිරිකිතයක්නැතිව මස් කකා බියර් බිබී ඉන්න අතරේ මාව බල්ලෙක් වගේ මේසේ ගැටගහලා. සුමාන ගණනක්තිස්සේ අපට කන්න ලැබුනේ පරණ පානුයි, තක්කාලි හොද්දකුයි විතරයි. සමහර දවස්වල රෑට කන්නදුන්නෙත් නැහැ. මගේ නහයට බැදපු මස්වල සුව`ද දැනුණා. අපිව රැඩිකල් දේශපාලනයට ගෙනාපු,ප්රධාන පෙළේ නායකයෙක්, අපේ මාර්ගෝපදේශකයෙක්, නිළධාරියා එක්ක බීර බොනවා. අපි සේනසහෝදරයා ගැන විශ්වාස කරලා නේද ව්යාපාරයට බැඳුණේ. අපි අපේ අනාගතය, අධ්යාපනය,ජීවිතය පවා පරදුවට තබලා ව්යාපාරයේ වැඩ කරගෙන ගියේ සේන සහෝදරයාගෙන් ලැබුණු උපදෙස්හා ජීවගුණය නිසා නේද? දැන් සේන සහෝදරයා අපට කොකා පෙන්නනවා. මට සේන සහෝදරයාගැන තද වෛරයක් ආවා.

මූ හොඳ ගල්ටික් පොරක් නේද?˜ නිළධාරියා මාව පෙන්නලා සේන සහෝදරයාගෙන් ඇහුවා. ඔහු මාදෙස බලා ඔලූව වැනුවා.

අපි දවසක් මූව උස්සන්න යනකොට මූ පල්ලියක හැංගිලා බේරිලා තියෙනවා. එදා මට මූව හම්බවුනා නම් මූව ගෙඟ් පා කරනවා.˜” නිළධාරියා තලූමරමින් මස් කෑල්ල කෑවා. හරියට මගේ මාලූ කනවාවගේ මට දැණුනේ. මට දරුණු තරහක් ආවා සේන සහෝදරයා එක්ක. මට දැන් මේ දම්වැල කඩාගෙනයන්න පුථවන් නම් මම සේන සහෝදරයාගේ බොටුව මිරිකනවා.

මූව ගෙනියලා වොෂ් එකක් දෙනවා.˜ නිළධාරියා සෙබලෙකුට නියම කළා. සෙබලා මා ළගට කිට්ටුවෙනවිට සේන සහෝදරයා බැදපු මස් කෑල්ලක් මගේ අත ළගට දුන්නා. මම සේන සහෝදරයාගේඅතට ගහපු වේගයට මස් කෑල්ල වීසිවෙලා ඇතට වැටුණා. එවිටම සෙබලා බූට් එකෙන් මගේ ඉළයටඇන්නා. මට වේදනාවට වඩා දැණුනේ තරහා. සේන සහෝදරයා හිතන්න ඇති මමත් ඌ වගේහිඟමන් කන එකෙක් කියලා. සේනගේ අතට සුථවෙන් හෝ පහරක් දෙන්න ලැබීම මට ලොකු දෙයක්උනා. සෙබලා මාව ඛෙල්ලෙන් අල්ලාගෙන ගිහිල්ලා පහළ තට්ටුවේ තිබුණ වතුර ටැංකියක එබුවා.

සුමාන ගණනකට පස්සේ වතුර ටිකක් ඇෙඟ් වදින කොට සනීපයක් දැනුනා. මම හොඳට මුහුණසෝදා ගත්තා. කිහිලියට දාÞඩිය ගඳ යන්න හෝදා ගත්තා. කඩමාලූ වෙච්ච කලිසම් පාත්කරලා ඉකිලිසෝදා ගත්තා. ඊට පස්සේ මාව අරගන ගියේ වෙන කාමරයකට. එහිදී මට පරණ සරමක් හා ෂර්ට්එකක් දුන්නා. කකුල්වලට මාංචු දාලා කාමරය ඇතුළේ වහලා තිබ්බා. පහර දුන්නේ නෑ.

රෑ වෙලා ඛෙලෙක් පිඟානකට මට කෑමට උණු බත්, අලහොදි එක්ක සැමන් කෑල්ලකුත් ලැබුණා.කාලෙකට පස්සේ හොද කෑමක් ලැබුණ නිසා මම කාමරයේ බිත්තියට හේත්තු වෙලා කෑම පි`ගානඅතට ගත්තා. මට බත් කටවල් දෙක තුනකට වඩා කන්න ලැබුණේ නෑ. සේන සහෝදරයා කාමරයේදොර ළ`ගට ආවා.

සහෝදරයා මාත් එක්ක තරහද? සහෝදරයා මාව තේරුම් ගන්න.˜ සේන සහෝදරයට වචන දෙකතුනකට වඩා කථාකරන්න මම ඉඩ තිබ්බේ නැහැ. බත් පිඟාන උගේ මුහුණට දමලා ගැහැව්වා. සේනසහෝදරයා බත් සමග හොදි නා ගත්තා. මාව මුරකරමින් සිටි සෙබලා මගේ යටි බඩට පයින් පහරක්ගැහැව්වා. මම යටිබඩ අල්ලාගෙන මුනින් අතට බිම වැතිරුණා. කකුල්වලට මාංචු දාලා තිඛෙන නිසාවේදනාව තවත් වැඩි වුනා.

මෝඩයා, උඹව මරණයෙන් ගැලවුනේ මගේ වචනයට” මට පිටුපාලා යන ගමන් සේන සහෝදරයාකියා ගෙන ගියා. තව මොන මොනවාදෝ කිව්වත් අධික වේදනාව නිසා මට තේරුම් ගන්න බැරි වුනා.පා පහර නිසා මට මුත්රා පවා ගිහිල්ලා තිබුණා.

ඊට පසුව මාව මස් මඩුවට ගෙනගියේ නැහැ. මට කෑම, පිරිසිදු ඇ`දුම් ලැබුණා. ඒත් සුමානයකටසැරයක් ප්රශ්න කරන්න ගෙනිච්චා. පහර දුන්නේ නැහැ. මගෙන් ප්රශ්න කළේ උසස් නිළධාරියෙක්.කර්නල් කෙනෙක් වෙන්න ඇති. උරපත්තේ තරු වලට අමතරව ජනරජ ලාංඡනයකුත් තිබුණා. ප්රශ්ණ කරන අතරතුරේ මට ඔරේන්ජ් බාර්ලි එකකුත් දුන්නා. සේන සහෝදරයා නිසා ඇති වෙච්චකළකිරීම මත ව්යාපාරය මට එපාවෙලා තිබුණේ. මට තව රැකගන්න රහසක් තිබුණේ නැහැ. මමඔරේන්ජ් බාර්ලි තොල ගාමින් සියල්ලම වැමෑරුවා.

නාරාහේන්පිට සිගේරා, කැළ‚ණියේ අසිත, දෙහිවල උපුල්, කටුනේරියේ සිරිල්, මේ සිය`ථ දෙනාසැඟවිලා හිටපු තැන් මම කිව්වා. මම කියන තැන්වලට සෙබලූ යනවා. සාමාජිකයන් අරගන මස්මඩුවට දක්කනවා. මම සේන සහෝදරයා කිහිප වාරයක් දැක්කා. දැන් අපි දෙන්නම එකම බෝට්ටුවේ.ඒත් දෙන්නගෙන් එක් අයෙක්වත් කථා කළේ නෑ. මම යන එනකොට සේන සහෝදරයා මාවනොදැක්කා වගේ ඩියුටි ඉවර කරලා ඉන්න සෙබලූන් එක්ක දාං අදිනවා. කැරම් ගහනවා. මට රෑටමාංචු දාලා තිබ්බත් දවල් වරුවේ මාව තියලා තිබ්බේ නිදහසේ. තව සුමාන දෙක තුනක් යනකොටරෑට මාංචු දැම්මෙත් නැහැ.

දවසක් මාව අන්තිමට ප්රශ්න කරපු කර්නල් ඇවිල්ලා කිව්වා අද මාව නිදහස් කරනවා කියලා. මටඒක අදහගන්නවත් බැරුව ගියා. මම හිතුවා මාව අරගන යන්නේ මරන්න කියලා. සෙබලෙක් මගේදෑස් බැ`දලා හමුදා වාහනයක දමා ගත්තා. තව සෙබලූන් කීපදෙනෙක් වාහනයට නැග්ගා. දොරවල් වැහෙන හඞ, එන්ජිම පණගන්වන හඞ මේ සියල්ලටම මම කන් දුන්නා. වාහනය මහා මාර්ගයේ ඒමේ අත යනවා. දෑස් බැඳලා නිසා මට කිසිම දෙයක් පේන්නේ නැහැ.

මෙන්න මෙතැන අයිනට කරලා නවත්වනවා” මට රියදුරු අසුන ළ`ග හිටපු නිළධාරියාගේ කට හඞ ඇසුනා. වාහනය වේගය අඩුකරමින් නැවැත්තුවා. —මෑන්ව බස්සනවා.˜ ඒ හඞ යලිත් ඇසුණා.සෙබලෙක් මාව අතින් ඇදලා එළියට ගත්තා. මගේ දෑස් බැඳලා මොනවාවත් පේන්නේ නැහැ. මටහිතුනා දැන් තුවක්කුවක් මගේ ඔළුව ළ`ගට ළං කරලා කොකා ගස්සයි කියලා. මගේ ඔළු කට්ටපුපුරලා ලේ යන හැටි මනසින් දුටුවා. තවමත් වෙඩි හ හඞ ක් නැහැ. මම ගල් රූපයක් වගේ නිසලවහිටියා. වාහනයේ දොරවල් වැහෙන හඞ වාහන එන්ජිම සැරවෙන හඞ මට ඇහුණා. තාම ඩිෂුම් ඩිෂුම් නැහැ. වාහනය පිටත්වෙලා ගියා. මම තාම ගල් රූපයක් වගේ හිටගෙන. මම හිටියේ කම්පනතත්තවයක. මට බය හිතුනා. මම ඉන්නේ පාර මැද, දැන් ලොරියක් මගේ ඇඟ උඩින් යයි කියලා. මමඋක්කුටිකයෙන් වාඩිවෙලා පාර අතගෑවා. මගේ අතට තාර පාර අහුවුනා. මම මගේ දකුණු අතපැත්තට බරවෙලා පාර අතගාගෙන ගියා. යනකොට මට පේමන්ට් එක අසුවුනා. මම වහාම පේමන්ට්එකට ගොඩවෙලා දෑස් බැඳ තිබු පටිය ගලවා ගත්තා. හිමිදිරි උදය. පාරේ කිසිකෙනෙක් පේන්න නැහැ.මම ගොඩනැගිල්ලක් දැක්කා. මම ගොඩනැගිල්ල අසලට ගියා. එතන තිබුනේ පුවත්පත් කාර්යාලයක්.මම පුවත්පත් කාර්යාලයට ගියා. මුරකාරයා මට කතා කලා. මම මුරකාරයාට කන් නොදී කාර්යාලයඇතුළට ගියා.

රෝගියා හදිසියේම ඇස් ඇරියේය. —ඊට පස්සේ මොකද වුනේ.˜ මනෝ චිකිත්සකයා ඇසීය. රෝගියාසුසුමක් හෙළීය. දෑස් වසාගත් ඔහු යළි කථාව ඇරඹීය.

ඒ කාර්යාලයේ හිටියා මාව දැනගෙන හිටපු කීප දෙනෙක්. ඒ අය මට කෑම බීම දීලා මාව නෑකෙනෙක්ගේ ගෙදරට ඇරලූවා. මම එතැන මාස ගනනක් හිටියා. වැඩිය එලිපහලියට ගියේ නැහැ. මටජීවිතය ගැන කල කිරීමක් දැනුනා. දිවි නසාගන්න තදබල අවශ්යතාවයක් පැනනැගුනා. මෙහෙමඉන්න කොට මම බෞද්ධ දර්ශනය පැත්තට යොමු වුනා. මම මාක්ස්වාදය වෙනුවට බෞද්ධ දර්ශනයකියෙව්වා.˜ අපි පන්ති අරගලය හරහා බලයට එන්න උත්සාහ කළා. ඒක අසාර්ථකයි. මට හිතුනාබලයට එන්න බුද්ධාගම ඉනිමගක් කරගන්න. අපේ අතීත රජදරුවොත් කළේ ඒකනේ. ඒ නිසා ඒකේවැරැද්දක් මම දැක්කේ නැහැ. රතු මගට වඩා බොදුමග බලයට එන්න කෙටිමගක් හැටියට මටපෙනුනා.˜ අත්අඩංගුවේදී මම වින්ද වේදනාව, පාවාදීම්, මගේ හෙළිදරව් කිරීම් ආදිය නිසා මටඅභ්යන්තර වේදනාවක් ඇතිවුනා. ඒ වේදනාව ක්රමක්රමයෙන් වෛරයකට පෙරලූනා. ඒ වෛරය මමඅනුගත කළා අප රට අන්ය ජාතිකයන්ට. හරියට ජර්මානුන්ගෙන් පීඩා විඳපු යුදෙව්වෝ තම වෛරයපලස්තීන ජාතිකයාන්ට බැරකළා වගේ. අළුත්බෞද්ධ අනන්යතාවයක් උඩ මම අන්ය ජාතිකයන්ට,වෙනත් ආගමික ප්රධානීන්ට, වෙනත් පූජ්ය ස්ථානවලට පහර දෙන්නට පටන්ගත්තා. අල්තාරයටමුවාවෙලා පණ බේරගත්ත අතීතයට මම වෛරකළා. ඒ වෛරය නිසා වෙන්න ඇති අද මම පල්ලියටවෛර කරන්නේ. මගේ යටි අරමුණු තේරුම්ගත්ත, මගේ නියම සවභාවය වටහා ගත්ත පුද්ගලයන්ගැන බයත් සමග පිළිකුලක් ඇති වුනා. හැකි සෑම අවස්ථාවකම මම ඔවුන්ව ලේබල් කළා. එන්.ජී.ඕ.කාරයන්, සාම වෙළෙන්දන්, පල්ලියේ බළල්අත්, සී.අයි. ඒ කාරයින් වශයෙන්. මට අවශ්ය උනා ඒ මතින්මගේ නිරුවත වසාගන්න.˜ —ක්රෝධය උත්සන්න වෙනකොට මම මගේ බිරිඳට පහර දුන්නා. ළමයාටබඳපටියෙන් පහර දුන්නා. මම ලෝකයට පෙන්නුවේ ධාර්මික, සිල්වත් මුහුණක්. ඒත් මගේ ලමයා මාවදැක්කම හැංගෙනවා. මගේ ආධ්යාත්මය මැරිලා.˜ —ඩොක්ටර්, මට සමහර වෙලාවකට හැෙඟනවාමම මහා පාලූ කාන්තාරයක අතරමං වෙලා කියලා. මට මගේ අභ්යන්තරය හිස්බවක් දැනෙනවා. මමමහා ප්රතිරෝදතාවක ගිලිලා. ජනතා ව්යාපාරයක නියමුවකු හැටියට ආපු මම අන්තවාදියෙක්,ජාතිවාදියෙක් බවට පරිවර්තනය වෙලා. මට මගේ යථාර්ථය ගැන ගැට`ථවක්, මට මගේ පැවැත්මගැටළුවක්.˜

රෝගියා දීර්ඝ හුස්මක් ගත්තේය. ඉක්බිතිව ගල් රූපයක් සේ නිශ්චලව කල්පනාවේ නිමග්න විය. මනෝ චිකිත්සකයා රෝගියා දෙස නෙතු දල්වාගෙන සිටියි. එහෙත් රෝගියා නිහඞය.

වෛද්‍ය රුවන් එම් ජයතුංග

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress