13 අහෝසි නොකොට විධායක ජනපති ධුරය අහෝසි කිරීම කුමන්ත්‍රණයක් ‌!
Posted on April 23rd, 2018

 

රියර් අද්මිරාල්  සරත් වීරසේකර

අපේ රටට නිදහස ලබා ගැනීමට ප්රථමයෙන් පවා බෙදුම්වාදී දෙමළ දේශපාලනඥයන් රටේ දෙමළ රාජ්යයක්පිහිටුවීමට ගත් ප්රයත්නයක්අප දකිමු. මැලේසියාවේ බහුතර මැලේ ජාතීන් 52% ක්පමණි. ඉතිරිය චීන සහ දෙමළ ජාතිකයන් . රටේ භූමි පුත් සංකල්පය මගින් සියලු දේට ප්රමුඛස්ථානය සහ සියලු වරප්රසාද පළමුවෙන් හිමිවන්නේ රටේ භූමි පුත්රයන් සේ සැලකෙන මැලේ ජාතිකයන්ටය. නමුත් රටේ සිටින දෙමළ ජාතිකයන් මැලේසියාවේ වෙනම රාජ්යයක්ඉල්ලා දඟලන්නේ නැත. මන්ද මැලේසියාවේ මැලේවරුන් සියල්ලම පාහේ සමගි නිසා . භූමි පුත් සංකල්පයට විරුද්ධව ක්රියා කළහොත් දැඩි දඬුවම් විඳීමට සිදුවන බව දන්නා නිසා . එසේම අධිරාජ්යවාදීන් යටතේ සිටි කාලය තුළ මැලේ බහුතරයට සිදු වූ අසාධාරණකම් නිසා එම අසාධාරණය ඉවත් කොට ඔවුන්ට සාධාරණත්වය ඉටු කළ යුතු බව සුළු ජාතියක්වන දෙමළ ජාතියද පිළිගත් නිසා .

නමුත් අපේ රටේ සිංහල බහුතරය 74% ක්පමණ වෙති. දෙමළ ජාතිකයන් ඇත්තේ 12% ක්පමණි. (තවත් 5% ක්වතු දෙමළ ජාතිකයන් ) නමුත් දෙමළ දේශපාලනඥයන් අපට නිදහස ලැබීමට පෙර සිට අද දක්වා උතුරට/ නැගෙනහිරට දෙමළ ජාතිය සඳහා වෙනම රාජ්යයක්ලබා ගැනීමට උත්සාහ කරයි. අපේ රටේසිංහල භූමි පුත්සංකල්පයක සේයාවක්පවා නැති තත්ත්වයක්මතය. එසේ කිරීමට හේතුව සිංහලයන්ගේ තිබෙන අසමගිකම නිසාය. බලයට පැමිණීමට සහ බලයේ රැඳී සිටීමට සුළු ජාතීන්ගේ සහාය ලබා ගැනීමට සිංහල බහුතරය රට පාවාදීමට සැදී පැහැදී සිටින නිසාය.

එල්.ටී.ටී.. කොටි ත්රස්තවාදී සංවිධානය වසර 30 ක්තිස්සේ මිනිස්ඝාතන ඇතුළුව රට වැනසුවේ උතුරනැගෙනහිර උන්ට වෙනම රාජ්යයක්ස්ථාපිත කිරීමටය. අපේ හමුදාව ත්රස්තවාදය නිම කොට එය වළකාලීය. එසේ කිරීමට අපේ රණවිරුවෝ 29000 ක්දිවි පිදූ අතර, 14,000 ක්පූර්ණ ආබාධිත තත්ත්වයට පත් විය. ඊට අමතරව රටේ වටිනා සම්පත් විනාශ වූ අතර, සිවිල් වැසියන් (විශේෂයෙන් මායිම් ගම්මානවල විසූ සිංහල වැසියන්) දස දහස්ගණනින් ජීවිතක්ෂයට පත්විය. එවන් වූ උදාර කැපවීම් සහ සිදු වූ මහා විනාශයෙන් පසුව තවමත් උතුර නැගෙනහිර බෙදීමේ ව්යායාමය දෙමළ බෙදුම්වාදී දේශපාලනඥයන් විසින් අත් හැර නොතිබේ නම් සහ සඳහා දිගින් දිගටම ක්රියාකරයි නම් වරද තිබෙන්නේ කා අතද?

අද රටේ පාර්ලිමේන්තුවේ විපක් නායක ධුරය දරන්නේ සහ රටේ සිවුවන පුරවැසියා බවට පත් වී ජාත්යන්තරයේ පවා ගෞරව ලබන්නේ බෙදුම්වාදී කොටි ත්රස්තවාදී සංවිධානයේ දේශපාලන හස්තය වන ආසන 16 ක්පමණක්හිමි ද්රවිඩ ජාතික සංධානයේ නායක ආර් සම්බන්ධන් . ඔහු තවමත් දෙමළ ඊළමක්සඳහා කෙසේ හෝ යා යුතුය, යන්න අරමුණ කොට ගත්වඩුක්කොඩෙයිසම්මුතියේ ප්රබල පාර්ශ්වයකි. ආසන 16 ක්හිමි සම්බන්ධන්ට විපක් නායකකම ලැබෙන්නේ ආසන 53 ක්තිබෙන ඒකාබද්ධ විපක්ෂයේ නායකයාට එම තනතුර අහිමි කරමිනි. එසේ කරන්නේ රටේ ව්යවස්ථාව උල්ලංඝනය කරමින් පිහිටුවන ලද ඊනියා ජාතික ආණ්ඩුවේ මුවාවෙනි. වර්තමාන පාලකයන් තමන්ට බලයේ රැඳී සිටීමට ජාතිය පාවා දී ඇත්තේත් උතුරනැගෙනහිර බෙදුම්වාදයට උඩගෙඩි දී ඇත්තේත් අයුරිනි.

රට බෙදා හෝ බලයේ සිටීමට උත්සාහ කරන මෙම පාලකයන් සඳහා සම්බන්ධන්ට විපක් නායකකම පූජා කොට ව්යවස්ථා සංශෝධන මගින් රට බෙදීමට දැනටමත් පිඹුරුපත් සකසා ඇති අන්දම අප මීට ඉහතදී පෙන්වා දී ඇත්තෙමු. අද එහි මෑතම තත්ත්වය වී ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණ ලවා රටේ විධායක ජනාධිපති ක්රමය අහෝසි කරන යෝජනාවක්ගෙන ඒමයි.

ලංකාවට විධායක ජනාධිපති ක්රමය මුලින්ම හඳුන්වා දුන්නේ 1977 දී පළමු ජනරජ ආණ්ඩුක්රම ව්යවස්ථාවට ගෙන දෙවන ව්යවස්ථා සංශෝධනයෙනි. 1978 පෙබරවාරි 4 වන දින ශ්රී ලංකා ජනරජයේ ප්රථම විධායක ජනාධිපති ලෙස දිවුරුම් දුන්නේ ඡේ. ආර්. ජයවර්ධන මහතාය. එම ධුරය සම්බන්ධයෙන් විවිධ මතිමතාන්තර තිබුණ එහි වැදගත්කම වඩාත්ම ඉස්මතු වූයේ 1987 දී අප වෙත ඉන්දියාව විසින් බලෙන් පැටවූ 13 වැනි සංශෝධනය ක්රියාත්මක වූ පසුව සහ බෙදුම්වාදී යුද්ධය බරපතළ ලෙස පැවතුන කාලය තුළය.

13 113 වන සංශෝධනය ඉන්දියාවේ නිෂ්පාදිත සංකල්පයකි. එය සම්මත කරන ලද්දේ ඇඳිරි නීතිය දමා, සිවිල් වැසියන්ගේ විරුද්ධත්වය බිහිසුණු ලෙස මැඬ පවත්වා මන්ත්රීවරුන්ගේ දින නොමැති අස්වීම් ලිපි ලබාගෙන බලෙන්ය. එයින් එතෙක්ඒකීය රාජ්යයක්ලෙස පැවතුනු අපේ රට බොහෝ දුරට µඩරල් රාජ්යයක්බවට පත්විය. එසේ වුණේ ලංකාව පළාත් නවයකට බෙදා සෑම පළාතකම පළාත් ආණ්ඩුවක්ස්ථාපිත කොට එතෙක්මධ්යම රජය පමණක්සතු වූ ව්යවස්ථාදායක බලයේ සහ විධායක බලයේ යම් ප්රමාණයක්පළාත් ආණ්ඩුවලට ලබාදීම නිසා .

13 වන සංශෝධනය අනුමත වීමට පෙර ඕනෑම විෂයයක්සම්බන්ධයෙන් නීති පැනවීමේ පරම රාජ් බලය තිබුණේ මධ්යම රජයටය. මෙම සංශෝධනයෙන් පළාත් ආණ්ඩුවට පමණක්ක්රියාත්මක කළ හැකි විෂයයන් 37 ක්, මධ්යම රජයටත්, පළාත් ආණ්ඩුවටත් එක සේ ක්රියාත්මක කළ හැකි විෂයයන් 36 ක්, (සමගාමී ලැයිස්තුව) අනුමත විය. එම විෂයයන් 73 තුළ පොලිස්හා ඉඩම් බලතල වීම සුවිශේෂී කරුණකි.

මීට අමතරව රටේ ඒකීයභාවය විනාශ කරන ලක්ෂණ වූයේ උතුර සහ නැගෙනහිර පළාත් දෙක ඒකාබද්ධ කොටදෙමළ නිජභූමියහෙවත්ඊළමස්ථාපිත කිරීම සඳහා අවශ් කරන ප්රතිපාදන 13 ඇතුළත් වීමය. මහ ඇමැතිවරයාගේ සෘජු පාලනය යටතේ පළාත් පොලිසියක්ස්ථාපිත කිරීම පළාත තුළ තිබෙන සියලුම රජයේ ඉඩම් පළාත් ආණ්ඩුව යටතට ගැනීම මින් සිදුවූ නමුත් මෙතෙක්පත් වූ කිසිම ජනාධිපතිවරයෙක් කිසිදෙයක්කිරීම වළක්වාගෙන සිටියේ තමාගේවිධායකබලතල හේතුවෙනි. මෙහිදී පළාතක විධායක බලය මහ ඇමැතිගේ සහ පළාත් ඇමැති මණ්‌aඩලයේ උපදෙස්පරිදි ආණ්ඩුකාරවරයා ක්රියාත්මක කළ යුතු වුව ආණ්ඩුකාරවරයා සිටින්නේ ජනාධිපතිගේ විධායක බලය නියෝජනය කරමින් පළාත් ඇමැතිට ඉහළින් .

13 වැනි සංශෝධනය ශේ්රෂ්ඨාධිකරණයේ විමසුමට ලක්වූ අවස්ථාවේදී ශේ්රෂ්ඨාධිකරණයේ අග විනිසුරු ෂර්වානන්ද ප්රමුඛ බහුතර විනිසුරුවරුන්ගේ මතය වූයේ රටේ ව්යවස්ථාවේ 154(4)2 වගන්තියට අනුව ආණ්ඩුකාරවරයා ජනාධිපතිවරයාගේ විධායක බලයට අනුව තම පළාත තුළ විධායක බලය ක්රියාත්මක කරන නිසා 13 න් ශ්රී ලංකාවේ ඒකීය බව නොනැසී රැකී තිබෙන බවය. කරුණු එසේ නම් 13 වැනි සංශෝධනය ක්රියාත්මක වෙද්දීම විධායක ජනාධිපති ධුරය අහෝසි කළ හොත්, ඉහත තීරණය අනුව රටේ ඒකීයභාවය නැසෙන බව අමුතුවෙන් කිව යුතුද?

එය එසේ වනවිට 13 වැනි සංශෝධනයෙන් රටේ ජනතාව සතු පරමාධිපත්යය පළාත් සභාවලට බෙදී යන නිසා එයින් රාජ්යයේ ඒකීයභාවයට හානි පැමිණෙන බව ඉහත ශේ්රෂ්ඨාධිකරණයේ වනසුන්දර විනිසුරු ඇතුළු විනිසුරුවන් 4 දෙනෙකු තීරණය කොට තිබිණ. ජනාධිපති නීතිඥ මනෝහර සිල්වා මහතා තමව්යවස්ථා සංශෝධනනමැති කෘතියේ එම කරුණ ඉතා පැහැදිලිව විස්තර කර ඇත. ව්යවස්ථාවේ 3 වන වගන්තියට අනුව ශ්රී ලංකා ජනරජයේ පරමාධිපත්යය ජනතාව කෙරෙහි පිහිටා ඇත්තේ . එහි 76 වන වගන්තියට අනුව පාර්ලිමේන්තුව විසින් පාර්ලිමේන්තුවේ ව්යවස්ථාදායක බලය අත්නොහළ යුතු අතර කවර වූ ව්යවස්ථාදායක බලයක්සහිත කිසිම අධිකාරියක්පාර්ලිමේන්තුව විසින් නොපිහිට විය යුතුය. නමුත් 13 වැනි සංශෝධනයෙන් පාර්ලිමේන්තුව සතු ව්යවස්ථාදායක බලය (නීති සෑදීමේ බලය සමහරක්විෂයයන් සඳහා) පළාත් සභාවට පවරා තිබේ. එය ජනතාවගේ පරමාධිපත්යය අන්සතු කිරීමකි. එබැවින් එයින් අප රටේ ව්යවස්ථාවේ 3 වන සහ 76 වැනි වගන්ති උල්ලංඝනය වී තිබෙන බව ඔවුන්ගේ මතයයි.

නමුත් අග විනිසුරු ෂර්වානන්ද ඇතුළු ශේ්රෂ්ඨාධිකරණයේ විනිසුරුවන් 5 කු 13 වන සංශෝධනයෙන් පාර්ලිමේන්තුවේ ව්යවස්ථාදායක බලය අන්සතු නොවන බව තීරණය කරන්නේ පාර්ලිමේන්තුවට 2/3 බලයෙන් පළාත් සභාවක නීතියක්වෙනස්කළ හැකි බැවිනි. නමුත් 2/3 බලයක්නොමැති පාර්ලිමේන්තුවකට පළාත් සභාවක්මගින් රටට කෙතරම් හානි කරවන නීති සම්පාදනය කළත් බලා සිටීම හැර වෙන කළ හැකි දෙයක්නොවේ. තවද එසේ පළාත් සභා නීතියක්අවලංගු කිරීමට පාර්ලිමේන්තුවට 2/3 බලයක්අවශ් වුවත් පාර්ලිමේන්තුවට තමන්ගේ නීතියක්අහෝසි කිරීමට අවශ් වන්නේ සාමාන් බහුතරයක්පමණි. එබැවින් පළාත් සභා නීතියක්පාර්ලිමේන්තුවේ නීතියක්අභිබවා යන තත්ත්වයක්‌ 13 න් උදාවීම තුළ පාර්ලිමේන්තුවේ උත්තරීතර බව දැනටමත් කෙලෙසී ඇති බව මනෝහර සිල්වා මහතා කදිමට සිය කෘතියෙන් පෙන්වා දෙයි.

එසේම අප ව්යවස්ථාවේ 4() වගන්තියේ සඳහන් වන්නේ ජනතාව සතු විධායක බලය ජනාධිපති විසින් ක්රියාත්මක කළ යුතු බවයි. නමුත් 13 වැනි සංශෝධනයෙන් පළාත් පාලන ලැයිස්තුවේ සහ සමගාමී ලැයිස්තුවේ සඳහන් විෂයයන් සම්බන්ධ විධායක බලය පළාතේ මහ ඇමැති/ අමාත් මණ්ඩලයේ උපදෙස්මත ආණ්ඩුකාරවරයා ක්රියාත්මක කරයි. එසේ ජනාධිපති සතු කර ඇති විධායක බලය ආණ්ඩුකාරවරයා හා පළාත් සභා අමාත් මණ්ඩලය වෙත පැවරීම ලංකාවේ පරමාධිපත්යය ජනතාව සතුය යන්න සඳහන් වන ව්යවස්ථාවේ 3 වැනි වගන්තියට පටහැනිවේ.

එය එසේ වුවද ආණ්ඩුකාරවරයා ස්වකීය බලය ජනාධිපතිවරයාගේ විධායක බලයට අනුකූල ලෙස ක්රියාත්මක කළ යුතු බව 154 (2) වගන්තියේ දැක්වෙන බැවින් පළාත් ආණ්ඩුවකට විධායක බලය පාවිච්චි කළ හැකි වනුයේ ජනපතිගේ සමස් විධායක බලයට යටත්ව බැවින් මෙය ජනතාවගේ විධායක බලය අන්සතු කිරීමක්නොවන බව ෂර්වානන්ද අගවිනිසුරු ප්රමුඛ කණ්ඩායම තීරණය කර තිබුණි. කරුණු එසේ වන නමුත් ව්යවස්ථාවේ 154() හි සඳහන් වන්නේ ආණ්ඩුකාරවරයා කටයුතු කළ යුත්තේ ප්රධාන අමාත්යවරයා ප්රමුඛ අමාත් මණ්ඩලයේ උපදෙස්අනුව බවය. එසේ නම් ඕනෑම කුඩා දරුවකුට වුවද තේරුම් ගත හැකි පරිදි විධායක ජනාධිපති ක්රමය අහෝසි වන්නේ නම් ව්යවස්ථාවේ 154() තවමත් බලගැන්වී ඇති නිසා ආණ්ඩුකාරවරයා පළාත් ඇමැති මණ්‌aඩලය අනුව ක්රියා කරන රූකඩ නාමික තනතුරක්බවට පත්වීම වැළැක්විය නොහේ. විධායක ජනපති ධුරය මුළුමනින්ම අහෝසි කළ විට තමන්ට කැමැති පරිදි නීති සෑදිය හැකි, ඒවා ක්රියාත්මක කළ හැකි ස්වාධීන පළාත් රාජ්යයන් 9 ක්බිහිවන්නේ අයුරිනි. ඒකීය µඩරල් වන්නේ අයුරිනි.

උතුරේ විග්නේශ්වරන් මහ ඇමැතිවරයා දැනටමත් දෙමළ සංහාරය, යුද අපරාධ, දෙමළ කාන්තාවන් වඳ කිරීම යනාදිය සම්බන්ධයෙන් සිංහලයාට විරුද්ධව යෝජනා 27 ක්උතුරු පළාත් සභාවේ සම්මත කොට තිබේ. ඔහු උතුරේ බුදු පිළිම ස්ථාපිත කිරීමට විරුද්ධව ප්රසිද්ධියේ කිලිනොච්චියේ පෙළපාලි යන අතර නාගදීපයේ බුදුපිළිමය ඉදිකිරීමට විරුද්ධව ප්රසිද්ධියේ ක්රියා කරන ලදී. මෙම පුද්ගලයාගේ මෙම සිංහල විරෝධී බෞද්ධ විරෝධී ක්රියා නීති බවට පත් කොට ක්රියාත්මක කිරීම මෙතෙක්වළකාගෙන ඇත්තේ විධායක ජනපති ධුරය නිසාය. එම ධුරය අහෝසි කිරීම විග්නේශ්වරන් නමැති පනින රිළවාට ඉනිමන් තැබීමක්නොවන්නේ ?

13 වැනි සංශෝධනය බලපැවැත් වෙනතුරු. රට පෙඩරල් වීම වැළැක්වීමට නම් විධායක ජනාධිපති ධුරය අහෝසි නොකළ යුතුයෑයි ජාති හිතෛෂීහු පවසන්නේ එබැවිනි. එසේ නොමැති නම් පළාත් සභා පාලන බලතල හෝ ජනපති සතුව තිබිය යුතුය.

බෙදුම්වාදී ත්රස්තවාදය අප නිම කළ බෙදුම්වාදය තවම නිමවී නැත. රටේ බෙදුම්වාදී දෙමළ දේශපාලනඥයෝ උතුරට සහ නැගෙහිරට පෙඩරල් බලතල ප්රථමයෙන් ලබාගෙන පසුව පළාත් දෙක එක්කොට වෙනම ඊළාම් රාජ්යයක්කරා යන ගමනට හොඳින් අවතීර්ණ වී තිබේ. ප්රභාකරන්ට යුද්ධයෙන්/ ත්රස්තවාදයෙන් ඉෂ්ට කර ගැනීමට නොහැකිවුණු ඊළාම් අරමුණ කරා දැන් සම්බන්ධන්, සුමන්දිරන් සහ විග්නේශ්වරන්ලා වර්තමාන පාලකයන්ගේ නිවටකම ප්රයෝජනයට ගනිමින් සූක්ෂම ලෙසට ළඟා වෙමින් සිටී. අවසානයේ කොතැනක හෝ සිරවීමක්වුවහොත් නැවත යුද්ධ කිරීමට / එසේ නැතහොත් ත්රස්තවාදය යළි දියත් කිරීමට ඔවුන් පසුබට නොවේ. නැවත යුද්ධයක්පැමිණෙන්නේ නම් සඳහා හොඳින් යුද පුහුණුව ලැබූ පුනරුත්ථාපනය කොට නිදහස්කරන ලද කොටි සාමාජිකයන් 11,600 කගේ සහ රජයට බාර නොවුණු ත්රස්තවාදී 4000 කගේ දත්තයන් දැනටමත් ඔවුහු ගබඩා කොට තිබේ. භූගත ආයුධ තිබෙන බවට සැකයක්නොමැත. උතුරේ අධි ආරක්ෂක කලාප ඉවත් කොට ඇති අතර අතිශය වැදගත් හමුදා කඳවුරු, අවි ගබඩා, ගුවන් පථ යනාදියට ආසන්න ඉඩම් පවා සම්බන්ධන්ගේ තර්ජනය හමුවේ සිවිල් වැසියන් සඳහා ලබාදී ඇත. හමුදා බුද්ධි නිලධාරීන්ට විරුද්ධව කටයුතු කිරීමට අතුරුදන් කාර්යාල පනත සහ බලාත්කාරයෙන් අතුරුදන් පනත සම්මත කොට තිබේ. සාම සාධක හමුදා සඳහා යැමට නම් මානව හිමිකම් කවුන්සලේ අනුමැතිය ලබාගත යුතු තැනට අපව පත්කොට ඇත. දැනටමත් යුද්ධයේ අවසාන අදියර සහභාගී වූ උසස්නිලධාරීන්ට ඔස්ටේ්රලියාවට එංගලන්තයට යැමට වීසා ප්රතික්ෂේප කොට තිබේ. යුද්ධයක්නැවත පැමිණුනහොත් එයට මුහුණදීමට සිටින හමුදා පුද්ගලයන්ගේ මානසික තත්ත්වය එයයි. පසුගිය යුද්ධය අපට ජයග්රහණය කළ හැකි වූයේ ජනපතිගේ විධායක බලය නිසාය. ව්යවස්ථාවට අනුව යුද වැදීම සහ සාමය සඳහා තීරණය කරන්නේ ජනපති . සෘජු තීරණ අවශ් මොහොතේ නොගතහොත් සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය එනතෙක්සිටීමට සිදුවුවහොත් වන්නේ ජය ගැනීමට නොව පැරදී පලා යැමටය. ඊළාම්වාදය තිබෙනතාක්කල් යුද්ධයක්නැවත ඇතිවීමේ ප්රවණතාවය තිබෙනතාක්කල් විධායක ජනපති ධුරය හෝ තිබිය යුත්තේ එබැවිනි.

කරුණු එසේ හෙයින් 13 වැනි සංශෝධනය බලාත්මකව පවතිනතාක්සහ ඊළාම්වාදය පවතින තාක්කල් (එයින් අවසානයේ නැවත ත්රස්තවාදය හිස එසවීමට ඉඩ ඇති බැවින්) විධායක ජනපති ධුරය තිබිය යුතු බව මගේ හැඟීමයි. “පාර්ලිමේන්තුව විසුරුවන්නේ නම් එයට අප එකඟයෑයි ඒකාබද්ධ විපක්ෂය පවසන්නේ පාර්ලිමේන්තුව විසුරුවන්නේ නැති බව ඔවුන් හො¹කාරවම දන්නා නිසා විය යුතුය. එසේම ජවිපෙ එයට එකඟ වුවහොත් එයට නොරැවටෙන මෙන් අප ඒකාබද්ධ විපක්ෂයෙන් ඉල්ලා සිටිමු. 19 වැනි සංශෝධනයට ඡන්දය දෙන ලෙස කීවේ ඊට පහුවදාම 20 වැනි සංශෝධනය ගෙන එන බවට පොරොන්දු වෙමින් බව අමතක නොකළ යුතුය. මහින්ද රාජපක් ජනාධිපතිතුමාට මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම වැළැක්වූයේ 19 න් බවද සිතා ගත යුතුය. එබැවින් ජනතාව තවදුරටත් මුලා කිරීමට ජවිපෙට සහ වර්තමාන රජයට ඉඩ නොදීමට ඒකාබද්ධ විපක්ෂය කටයුතු කළ යුතු වේ. “රට අනතුරට හෙළා බලයට පැමිණීමට උත්සාහ කරන්නේයයන ද්රෝහි චෝදනාවට ඔවුන් ලක්නොවිය යුතුය. එසේ වුවහොත් දේශප්රේමී ජනතාවගේ සහාය මින් මතු ඔවුනට නොලැබෙනු ඇත. වර්තමාන ඊනියා යහපාලනය තුළ වරප්රසාද වරදානවලට ගැති නොවී ඉන්ද්ලයක්මෙන් සිටිමින් මෙතෙක්කල් ඒකාබද්ධ විපක්ෂය රට වෙනුවෙන් කරන ලද කාර්යභාරය අපේ ඉමහත් ගෞරවයට පාත් වී ඇති බව ප්රකාශ කරමු. එය එසේම තවදුරටත් පවතින බව අපගේ ඒකායන විශ්වාසයයි.

6 Responses to “13 අහෝසි නොකොට විධායක ජනපති ධුරය අහෝසි කිරීම කුමන්ත්‍රණයක් ‌!”

  1. Hiranthe Says:

    I totally agree with Hon Sarath Weerasekara. He was the only member of the parliament who opposed 19a in the parliament.
    With 20a proposed by JVP whatever left from 19a will be taken out. After that there is no control over the PCs and North and East will come together with the huge sums of money paid to the Islamic leaders to agree to it and then declare the Ealam. End of the island of Sri Lanka.

    This must be the latest remedy proposed by the West and the Ealam lobby as they could see the objections and opposition of Maha Sanga for a new constitution.

    If JO agrees with this, we should treat all of them as traitors and opportunists along with the rest.

    We need another 100’s of Sarath Weerasekaras in the country to protect Mother Lanka.

  2. Dilrook Says:

    Completely oppositte to reality. My respected friend Sarath is wrong here.

    13A cannot be removed as long as EP remains. Two executive presidential commitments given to India in 1987 and 2009 sustains 13A. The first step in removing 13A is to abolish EP.

    This is why all 13A midwifes support EP.

    The moment EP is abolished the parliament is free to decide what to do with PCs.

    Even with a simple majority of 113 votes or less (depending on the opposing votes), the parliament can pull the economic plug on PCs via the budget allowing them to die a natural death. Only obstacle is EP.

  3. DR M D P DISSANAYAKE Says:

    A fine analysis by a fine National Leader Dr Sarath Weerasekera. Your courage to take the fight at the national and international forums is appreciated. You have been able to explain to the world at large the “other side of the story”. Many said Prez. MR cannot defeat LTTE. Many said building national highways is a dream. Many said Executive Presidency was an impediment to win the war.. Many laughed at Prez MR at the very outset when he said ” I will defeat LTTE”.

    “Can do” attitude of yours and your team will bring about a management change to the country

    Hiranthie is spot on with his comments.

    Cheers.

  4. Christie Says:

    3ත් විදායක ජපතියාත් දෙකම අයින් කල යුතුය.

    අපේ රටෙ සින්හලයන් පලමුව දෙකට බෙදුවේ 1951 දී බන්ඩරනායක ලවාය. ඔහු පසු පස සිටියේ ඉන්දියාවත් ඉන්දියානු පරපෝසිතයනුත්ය. ඔහු සින්හලයන්ට දිවිය ලෝකයක් මවා පෙන්වා අහින්සක සින්හලයන් නැගිටීම වැලක්වූයේය. සින්හලයන් කොටස් වලට බෙදීමට ඉන්දියාවත් ඉන්දියානු පරපෝසිතයනුත් පටන් ගතේ 1920- 30 ගනන්වල සිටය. හැන්ඩිලා කැප්ටන්ලා මෙහි මුල් දායකයෝය. ඇන් ඇම් පිල්ප් වැනි අය සේවකයෝය. ඔවුනට බලය නොලැබීම නිසා ඉන්දියාවත් ඉන්දියානු පරපෝසිතයනුත් බන්ඩා අල්ලගත්තේය. ජේ ආර් ඉන්දියාවට බැල මෙහෙකල පුද්ගලයෙකි.

    අද සින්හලයන් ආගමිකවත් දෙසපාලනවත් කොටස් වලට බෙදී ඇත.

    ඉන්දියානු පරපෝසිත චන්ද කුට්ටිය සියයට විස්සකට වඩා වැඩිය.

    මෙම චන්හ කුට්ටිය යොදා ඉන්දියාවට අවැසි ජනපතියකු පත්වේ. මෙයට උදාහරනය මහින්ද පත්කිරීමත් මහින්ද අයින් කිරීමත්ය.

  5. Christie Says:

    3ත් විදායක ජපතියාත් දෙකම අයින් කල යුතුය.

    අපේ රටෙ සින්හලයන් පලමුව දෙකට බෙදුවේ 1951 දී බන්ඩරනායක ලවාය.

    ඔහු පසු පස සිටියේ ඉන්දියාවත් ඉන්දියානු පරපෝසිතයනුත්ය.

    ඔහු සින්හලයන්ට දිවිය ලෝකයක් මවා පෙන්වා අහින්සක සින්හලයන් නැගිටීම වැලක්වූයේය.

    සින්හලයන් කොටස් වලට බෙදීමට ඉන්දියාවත් ඉන්දියානු පරපෝසිතයනුත් පටන් ගතේ 1920- 30 ගනන්වල සිටය. හැන්ඩිලා කැප්ටන්ලා මෙහි මුල් දායකයෝය. ඇන් ඇම් පිල්ප් වැනි අය සේවකයෝය. ඔවුනට බලය නොලැබීම නිසා ඉන්දියාවත් ඉන්දියානු පරපෝසිතයනුත් බන්ඩා අල්ලගත්තේය. ජේ ආර් ඉන්දියාවට බැල මෙහෙකල පුද්ගලයෙකි.

    අද සින්හලයන් ආගමිකවත් දෙසපාලනවත් කොටස් වලට බෙදී ඇත.

    ඉන්දියානු පරපෝසිත චන්ද කුට්ටිය සියයට විස්සකට වඩා වැඩිය.

    මෙම චන්හ කුට්ටිය යොදා ඉන්දියාවට අවැසි ජනපතියකු පත්වේ. මෙයට උදාහරනය මහින්ද පත්කිරීමත් මහින්ද අයින් කිරීමත්ය.

  6. SA Kumar Says:

    Dilrook
    the parliament can pull the economic plug on PCs via the budget allowing them to die a natural death !!!- you are absolutely right. this will happen whether EP or not in log term (25 years time) …………..

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress