මෛත‍්‍රි වේදිකාවෙන් ඉවතට.. මහින්දගේ පසුබිම් කථනය ඇසෙයි.. 20 සංශෝධනයේ උගුල අටවන හැටි මෙන්න..
Posted on May 1st, 2018

කේ.එම්. වසන්ත බණ්ඩාර

20වැනි ව්‍යවස්ථා සංශෝධනය යනු 2015 සිට රග දක්වන යහපාලන නාට්‍යයේ අවසන් ජවනිකාව ලෙස හැදින්වීම වරදක් නොවේ. මේ නාට්‍යයේ පිටපත ලියන්නේ ඉන්දියාවේ රෝ ඔත්තු සේවාව විසින් බව මේ වන විට ඉතා හොදින් ඔප්පු වී ඇත. ඔවුන් විසින් 2014 දී යහපාලන නාට්‍ය පිටපත ලියන්නේ ව්‍යවස්ථා සංශෝධනයෙන් අවසන් කරන්නට බව ඉතා පැහැදිලියි. මේ නාට්‍යයේ විවිධ ප‍්‍රතිවිරෝධතා තිබෙන පිරිස් එකට ර`ගපාන බවද සත්‍යයකි. ඔහුන් විසින් පළමු වටයේදී ප‍්‍රධාන නළුවාගේ භූමිකාවට තෝරා ගන්නේ රනිල් වික‍්‍රමසිංහ මහත්මයාය. එහෙත් දැන් අවසන් ජවනිකාව හෙවත් 20 වැනි සංශෝධන ජවනිකාව රගපාන්නට එතුමාට නොහැකි බව ඉතා පැහැදිලියි. විශේෂයෙන්ම බැදුම්කර මගඩි චෝදනාව, පෙබරවාරි 10 පුංචි මැතිවරණ ප‍්‍රතිඵලය සහ විශ්වාසභංගය ඇතුළු මෙකී නොකී හේතු නිසා එතුමාට ප‍්‍රධාන නළුවාගේ භූමිකාව අහිමි වී ඇත. ඒ නිසා දැන් අවසාන ජවනිකාව සදහා තෝරාගෙන තිබෙන්නෙ අනුර කුමාර දිසානායක මහතාය.

නළුවා මාරු කිරීම මගින් පේ‍්‍රක්ෂක කුණු බිත්තර ප‍්‍රහාරයෙන් බේරෙන්නට පුළුවන් බව රෝ සංවිධානයේ අධ්‍යක්ෂක මහත්වරු ඉතා හොදින් දනිති. ඔවුන්ගේ තීරණය නිවැරදි බව බන්දුල ගුණවර්ධන මන්ත‍්‍රීවරයා වැනි අය මාධ්‍යට කරන ප‍්‍රකාශ වලින් පැහැදිලි වේ. සමහරවිට එතුමා විසින් ර`ගපාන්නේද නාට්‍ය පිටපතේ තිබෙන චරිතයක් විය හැක. එතුමලාට උපදෙස් දෙන දයාන් ජයතිලක වැනි මහත්වරු මෙම නාට්‍යයේ ර`ගපානවා පමණක් නොව පිටපත ලියන්නටත් දායක වන බවට කිසිදු සැකයක් නැත.

දැන් පෙනෙන හැටියට මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ භූමිකාව අවසන් ජවනිකාවෙන් ඉවත් කළා විය හැකියි. ඒ වෙනුවට හැකිනම් හිටපු ජනාධිපතිතුමා පසුබිම් කථනයකට හෝ යොදාගන්නට අධ්‍යක්ෂවරු උත්සාහ කරන බවටද සැකයක් නැත. පසුගිය පුංචි මැතිවරණ ප‍්‍රතිඵලය තුලින් ජාතියේ ආධ්‍යාත්මික නායකයා බවට පොදු මහජනතාව විසින් ඔසවා තැබූ මහින්ද රාජපක්ෂයන් ඒ උගුලින් බේරා ගැනීමද ජනතාවගේම වගකීමක් බවට පත්වී ඇත. එයට හේතුව මහමොළකරැුවන් ලෙස හදුන්වාගන්නා අය විසින් එතුමා එම උගුලට තල්ලූ කිරීමය.

එදා 19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීමේ ජවනිකාවේදී යොදාගත් සියලූ ශිල්ප ක‍්‍රම 20 ටත් යොදා ගන්නා බවට ද සැකයක් නැත. එදා එම වේදිකාවේ දී බලහත්කාරයෙන් සංශෝධන ඇතුල් කිරීම සදහා ශිල්ප හරඹ දැක්වූ විජයදාස රාජපක්ෂ නම් වූ සටන් නළුවා මෙදා 20 වැනි සංශෝධන ජවනිකාවේදී ව්‍යාජ දුෂ්ඨයාගේ චරිතයට තෝරාගෙන පේ‍්‍රක්ෂකයා නොමග යැවීමට ද අධ්‍යක්ෂවරුන් විසින් උත්සාහ කරනු පෙනේ. දැනටමත් ඔහු සමස්ථ කුමන්ත‍්‍රණය ගැන කතා නොකර විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමේ වරද ගැන පමණක් කතාකරන්නේ එහි පෙරහුරුවක් ලෙස බවටද සැකයක් නැත. ජනතා විමුක්ති පෙරමුණ විසින් විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමේ සටන්පාඨය දිගු කාලයක් තිස්සේ ඔසවාගෙන සිටි බැවින් එම ලේබලය යටතේ බෙදුම්වාදීන් සතුටු කරන ව්‍යවස්ථා සංශෝධනයක් ඔවුන් හරහා ඉදිරිපත් කිරීම ඉතා තර්කානුකූලවේ.

විධායක ජනාධිපති ක්‍‍්‍රමය අහෝසි කිරීම නැමති පරණ කුණු මස් කැබැල්ල බෙදුම්වාදී ව්‍යවස්ථා උගුල මත අටවන්නේ මහින්ද රාජපක්ෂ ප‍්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය ඊට කොටුකර ගැනීමට බව ඉතා පැහැදිලිව පෙනේ. විධායක ජනාධිපති ක්‍‍්‍රමය අහෝසි කිරීම සහ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම එකවිට කරනවානම් 20 වැනි සංශෝධනයට සහාය දිය යුතු බවට විවිධ පාර්ශව විසින් තර්ක කෙරෙන්නේද ඒ සදහාමය. නමුත් සැබෑ ලෙසම විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමට නම් ජ.වි.පෙ විසින් ඉදිරිපත් කරන පනත් කෙටුම්පතට පළමුව අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබුණු පසු පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ විශේෂ බහුතරයෙන් එය සම්මත විය යුතුයි. ඉන් පසුව අදාල ප‍්‍රතිපාදන ජනමත විචාරණයකට ඉදිරිපත් කළ යුතුය. නමුත් ජනමත විචාරණයෙන් සම්මත වීම අවශ්‍ය නොවන බෙදුම්වාදීන්ට අවශ්‍ය ඊනියා සුළු සංශෝධන විශේෂ බහුතරයෙන් පමණක් සම්මතකොට ක‍්‍රියාත්මක කිරීමට ඒ මගින් බාධාවක් එල්ලවන්නේ නැත.

කෙසේ වෙතත් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ යෝජනාව සද්භාවයෙන් ඉදිරිපත් කරන්නේ නම් ඒ ස`දහා ක‍්‍රම දෙකක් තිබේ. පළමුවැන්න පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත්කොට තුනෙන් දෙකේ විශේෂ බහුතරයෙන් සම්මත කිරීමය. දෙවැන්න 20 වැනි සංශෝධනය මගින් 19 වැනි සංශෝධනයේ ප‍්‍රතිපාදන නැවත සංශෝධනය කොට පාර්ලිමේන්තුව ක්ෂණිකව විසුරුවා හැරීමේ බලය ජනාධිපතිවරයාට ලබා දීමය. එවිට එම ක‍්‍රියාව ජනාධිපතිවරයාගේ අනුකම්පාවට යටත්වේ. ඒ අනුව විධායක ජනාධිපතික‍්‍රමය අහෝසි කිරීම සහ පාර්ලිමේන්තුව විසුරැුවීම යන කොන්දේසි දෙක එකවිට ඉටුකිරීමට සක‍්‍රයාගේ පුත‍්‍රයාවන වයිමාටවත් නොහැකි බව කුඩා ළමයෙකුට වුවත් තේරුම්ගත හැක. නමුත් ‘‘පාර්ලිමේන්තුව විසුරුවාහැරීම ම`ගින් කඩිනමින් බලය ලබාගත හැක’’ යන සැරසිල්ල සම`ග විධායක ජනාධිපති ක‍්‍රමය ඉවත් කිරීම නම් වූ කුණුමස් කැබැල්ල එකට තැබූවිට 20 වැනි සංශෝධන උගුලට පාර්ලිමේන්තුව් විශේෂ බහුතරය ගොදුරු විය හැක. එවැනි පාවාදීමක් සිදුකළහොත් ඒ පාවාදීම ශ‍්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව විසින් කරනු ලබන අවසන් පාවාදීම බවටද විවාදයක් නැත. එය ඒ තරමට බරපතල පාවාදීමකි.

එදා 19 වැනි සංශෝධනය ගෙනඒමේදී මැතිවරණ ක‍්‍රමය වෙනස් කිරීම සදහා 20 වැනි සංශෝධනය වහාම ගෙන එන බවට ආණ්ඩුව පොරොන්දු විය. නමුත් ඒ පොරොන්දු ඉටු නොවීය. ඒ වෙනුවට 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට ඇතුලත්ව නොතිබූ බරපතල සංශෝධන රාශියක් පාර්ලිමේන්තුවේ කාරකසභා අවස්ථාවේදී බලහත්කාරයෙන් ඇතුළු කරනු ලැබීය. අද ඒකාබද්ධ විපක්ෂයේ සිටින බෙහෝ මන්ත‍්‍රීවරු එදා බෙහොම අසරණව බලා සිටියහ. මෙදා සිදුවිය හැක්කේද එයමය. මෙදා පාර්ලිමේන්තුව විසුරුවා හරින යෝජනාව 20 වැනි සංශෝධනය සම්මත කළ විගස ගෙන එන බවට ‘‘කොළ සහ රතු අලි’’ විසින් පොරොන්දු ලබාදෙනු ඇත. සමහරවිට එකකට පසු එකක් සම්මත කිරීම ස`දහා ඒ දෙකම එකවිට ඉදිරිපත් කිරීම මගින් තවදුරටත් මන්ත‍්‍රීවරැුන් ගොනාට ඇන්දවීමට ඔවුන් කටයුතු කරනු ඇත. අවසානයේදී විධායක ජනාධිපතික‍්‍රමය අහෝසි කිරීම ජනමත විචාරණයක් දක්වා කල් යන අතර බෙදුම්වාදීන්ට අවශ්‍ය සංශෝධන ප‍්‍රමාණය බලහත්කාරයෙන් හෝ විපක්ෂය ගොනාට අන්දවා සම්මත කරනු ඇත.ආණ්ඩුව විසුරුවා හැරීමේ යෝජනාව කිසිදා ඉදිරිපත් නොවීමටද ඉඩ ඇත. දැන් මෙම බෙදුම්වාදී ව්‍යවස්ථා සංශෝධන නාට්‍යයට තවත් අළුත් ජවනිකාවක් එක් කොට ඇත. නමුත් එය මුල් පිටපතේම අංගයක් බවට සැකයක් නැත. එම ජවනිකාවේ ප‍්‍රධාන නළුවන් වන මනෝ ගනේෂන්ලා සහ හකිම්ලා කියන්නේ ඔවුන් 20වැනි සංශෝධනයට විරුද්ධ බවය. ඔවුන්ගේ ඊනියා විරෝධය එල්ල වන්නේ විධායක ජනාපති ක‍්‍රමය අහෝසි කිරීමේ සංශෝධනය පමණක් ඉදිරිපත් වන බව කියමිනි. ඒ මගින් ඔවුන් එක් පැත්තකින් අනුර කුමාර දිසානායකලා බේරගන්නා අතර අනෙක් පැත්තෙන් එම ලේබලය යටතේ බෙදුම්වාදී සංශෝධන සම්මත කිරීම සාධාරණිකරනය කෙරේ. අවසානයේදී ඔවුන්ගේ ඡුන්දය ලබා ගැනිමේ මුවාවෙන් බෙදුම්වාදී සංශෝධන සාධාරණිකරණය කෙරෙනු ඇත. ඊට අමතරව ටී.එන්. ඒ පක්ෂය කාරකසභා දැන් විවෘතවම ප‍්‍රකාශ කරන්නේ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම සමග ක්‍නවාර්ගික ගැටළුව විසදීම සදහා වන සංශෝධන එකට ගැට ගැසිය යුතු බවය.

20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත වූ පසුව යහපාලන ව්‍යාපෘතියේ මූලික අරමුණ ඉටුවේ. ඉන් පසුව ප්‍රෙක්ෂකාගාරයේ ගුටිකෙළි මැද ර`ගදැක්වෙන නාට්‍යයේ නළු නිළියන් කවුරු වුවත් එහි ප‍්‍රතිඵල කුමක් වුවත් ‘‘රෝ ’’ අධ්‍යක්ෂවරුන්ට ගැටළුවක් නැත. ඉන් පසුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළ යෝජනාව සම්මත කළත් නොකළත් ඔවුන්ට ප‍්‍රශ්නයක් නැත. 20 වැනි සංශෝධනයට පක්ෂව මිලදී ගන්නා යම් මන්ත‍්‍රීවරුන් තම මන්ත‍්‍රී පදවිය වසර 5 කට පෙර නිම කිරීමට එක`ග නොවීමට බොහෝ දුරට ඉඩ ඇත. එසේ වුවහොත් යෝජනාව සම්මත නොවේ. යෝජනාව සම්මත වුවත් පාර්ලිමේන්තුව විසුරුවා හැර මැතිවරණය පැවැත්වෙන්නේ වර්තමාන ජනාධිපතිතුමා සහ වර්තමාන මැතිවරණ කොමිසම යනුවෙන් හදුන්වන මැතිවරණ කොමසාරිස් යටතේය. එම තත්වය බෙහෝවිට 2015 අගෝස්තු තත්වයට යම් යම් පැතිකඩවලින් සමානවේ. එහි ප‍්‍රතිඵලය කුමක් වුවත් නාට්‍යයේ අධ්‍යක්ෂ වරුන්ට ගැටළුවක් නැත.

කෙසේ වෙතත් මෙම නාට්‍යයේ වෙස් වලාගත් චරිත රග පෑමට ‘රෝ’ ‘‘අධ්‍යක්ෂවරුන් විසින් තෝරාගෙන ඇති විපක්ෂයේ යම් නායකයින් හැසිරෙන ආකාරය තේරුම් ගැනීම පේ‍්‍රක්ෂකයාට පහසු නැත. විටෙක ඔවුන් විහිළු කාරයන් ලෙස රගපාන අතර විටෙක වීරයින්සේ කඩුව වනති. නමුත් ඔවුන් එසේ විවිධ චරිත රගපාමින් පේ‍්‍රක්ෂකයා අන්දවන්නේ ඉන්දු ඇමෙරිකානු බෙදුම්වාදී න්‍යායපත‍්‍රයට රට ගොදුරු කෙරෙන තෙක් කාලය මැරීමට බව පැහැදිලිව පෙනේ. රට අනතුරට හෙළා බලය ලබා ගැනීමේ එම දුෂ්ඨ උපක‍්‍රමය තුළ ඔවුන් අවසානයේදී ර`ගපාන්නේ දුෂ්ඨයාගේ භූමිකාව බව වැඩිකල් නොගොස් පේ‍්‍රක්ෂකයා විසින් තේරුම් ගනු ඇත. 20 වැනි සංශෝධනය කෙසේ හෝ බලහත්කාරයෙන් සම්මත කිරීමට ආණ්ඩුව සමත්වුවහොත් ඒ සදහා සටන් ආරම්භ වන්නේ ශ‍්‍රී ලංකා ඉතිහාසයේ අවසානය මෙසේ ලියා තැබිය යුතුය.

6 Responses to “මෛත‍්‍රි වේදිකාවෙන් ඉවතට.. මහින්දගේ පසුබිම් කථනය ඇසෙයි.. 20 සංශෝධනයේ උගුල අටවන හැටි මෙන්න..”

  1. Christie Says:

    A great article and it is good to see a contributor sees the real back ground to our politics.

    Before RAW was made a legal entity by Indira Gandhi in 1984 there was an Indian Intelligence Service called “The Third Eye’.
    It was formed by Bose, Mohandas and Nehru and other Hinduthwa leader long before the British left India.

    The Third Eye was involved in our politics long before British left us.

    Mohandas arrival in our country 91 years ago is a good example of the activities of the Third Eye.

    Then comes our Socialis leaders like N M and Phillip who failed and SWRD who succeeded.

  2. Christie Says:

    Third Eye still continues behind the scene operating in India as well as Indian Colonies of the former British Indian Empire and now in all countries where there is a large Hinduthwa population.

  3. Christie Says:

    ඉතාම වටිනා ලිපියක්.

    රෝ නීතිගත කෙරෙන්නේ 1984 දී ඉන්දිරා ගාන්දි විසිනි.

    “තිනෙත” නම් ඉන්දියානු රහස් ඔත්තු සේවය පටන්ගන්නේ ඊට බොහෝ කාලයකට පෙරය,

    එහි මූලිකයෝ වන්නේ බෝසේ, මොහන්ඩාස්, නේරු හා වෙනත් හින්දුත්වා නායකයන්ය.

    ඔවුන්ගේ මූලික අරමුන ඉන්දියාවත් ඉන්දියානු කොලනි වලත් මතු පැවැත්මය.

    1927 වසරේ මොහන්දාස් මෙරටට පැමිනීම එක් කරුනකි.

    තිනෙත අපරටේ පාලකයන් හැසුරුවේ ඒ කාලයේ සිටය.

    ඇන් ඇම්, පිලිප් වැනි අය හොඳම උදාහරනය.

    ඔවුන් ලවා රටේ බලය ගැනීමට් නොහැකි උවද බන්ඩරනායක ලවා බලය ලබා ගත්තේය.

    ඉන්පසුව ඩඩ්ලි හා මහින්ද හැරුන විට ඉතිරි කාලයන් තිනෙතටය.

    සින්හල අපි එක්වෙනතුරු හින්දුත්වා තිනෙත අපිව පාලනය කරාවි.

    මෙය වටහාගෙන සින්හල අපි එක්වී අපේ පාලනය අප අතට ගන්නා තුරු සින්හලයාට යන කලක් නැත.

    නැතිනම් සින්හල අපිට යන කල මුරුසියේ හා ගුයානා වල මුල් වැසියන්ට ගිය කලමය.

  4. Dilrook Says:

    It is not surprising Hakeem and Ganesan want to keep executive presidency. They will be nobodys if executive presidency goes.

    Only separatists support executive presidency. True nationalists oppose it. If India had an executive presidential system it would have split into smaller parts by now and its minorities would have turned it into another Pakistan.

    I’m amazed at the naive reasons cited to keep executive presidency where voters since 1994 voted to abolish it. Sirisena doesn’t care about his promises. If he does, he should immediately work to abolish executive presidency unconditionally.

  5. aloy Says:

    Just being curious, What is Gota’s stand on EP?. Would anybody care to throw some light?.

  6. NAK Says:

    Even though Chandrika promised to abolish the executive presidency in 1994 she didn’t win solely on that promise. She won because the then UNP government was so unpopular just as it is today(may be to the same degree) and Some thing similar happened in 2005 too.
    One doesn’t need to be a rocket scientist to see what would happen today if the executive presidency was not there even in its present ‘pathola’ form!
    Separatists are doing their best to get rid of the executive presidency because it is the one hurdle that prevents them from getting what they want and those who are supporting the abolishing of the presidency directly or indirectly are supporting the separatists.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress