රජෙක් හිටිය රටක නායකයා අගමැති වෙන්න පුළුවන්ද?
Posted on May 2nd, 2018

මතුගම සෙනෙවිරුවන්

මහා වංශය යනු අපගේ ලිඛිත ඉතිහාසයයි. එයට අමතරව දීප වංශය රාජාවලිය ආදී වංශ කතා තොරතුරු වලින්ද හෙළි කරන්නේ සිංහල ද්වීපය නොහොත් සිංහලේ හෙබ වූ රජෙක් රජ පරපුරක් සිටි බවයි. පූර්ව ඓතිහාසික යුගයේ රාවණා නමින් රජෙක්ද මෙරට ආණ්ඩු කල බව කියැවෙන බවද මෙහිදී සඳහන් කළ යුතුය. විල්පත්තු සෙල්ලිපි වල කනශ නම් රජෙක් ගැනද සඳහන්ය.  මෙම ඓතිහාසික තත්ත්වය ආසියාතික රටවල් අතරින් වෙනත් රටකට වඩා ඉහළින් සැලකෙන බවද මෙහිදී සටහන් කළ යුතුය.මෙරට රජවරුන් ගේ මූලික කාර්ය භාරය බුද්ධ ශාසනය ආරක්ෂා කර ගැනීමයි. මාගේ වෑයම බුද්ධ ශාසනය සුරක්ෂිත කිරීමයි යන්න දුටු ගැමුණු රජුගේ උදාන වාක්‍යකි.වසර පන්දහසක් කල් බුදු සසුන පවතින බැව් බෞද්ධයන් විශ්වාස කරන අතර පස්වාන් දහසකට බුදු වන්ඩ දේවයන් වහන්ස යනුවෙන් වැසියන් රජු ඉදිරියේ දනින් වැටෙන්නේ රජු බෝධිසත්වයෙකු මෙන් සැලකෙන බැවිනි .සත්වන අට වන සියවස් වල පටන් රාජ්‍යත්ව පිළිබඳ බෝධිසත්ව සංකල්පය තහවුරු වන අතර අවසාන රාජධානිය වන සෙංකඩගල මහනුවර පවතින නාථ දේවාලයේ රජුගේ අභිෂේකය සිදුව තිබෙන්නේ මේ හේතුවෙනි.එහිදී රාජ අභිධානය රජුට පළඳවන්නට ප්‍රථම නාථ දෙවියන් ගේ ශිර්ෂයේ පළඳවා යම් වේලාවක් තැබිය යුතු විය.රජු දේවත්වයට පත් වන බ ව එයින් කියැවෙයි.

සිංහල රාජ්‍යත්වයට බලවත් ගෞරවයක් රට වැසියා තුළ තිබුණි. රජු ආරක්ෂා කර ගැනීමත් රජ පවුල සුරැකීමත් මතු රජවන කුමාරවරු රැක ගැනීමත් සෙන්පති වරුන් ගේ වකකීම විය. අනුරාධපුරය බිඳ වැටී රට ආරාජික වූ අවස්ථාවේදී සිංහල රජ පවුල වනගතව සිටියදී ඔවුන් පෝෂණය කරමින් රැකගත් රුහුණු දඩනායාක සිත්නරු බිම් බුදල්නාවන් ට දුන් වරප්‍රසාද ගැන මහා විජයබාහු සමයේ  පනා කඩුව තඹ සන්නසින් හෙළි වෙයි. එසේම කාලිංග මාඝ වැනි ආක්‍රමණ හමු වේ සිංහල රාජ පවුල රැක ගත් හැටි ඉතිහාසයේ සඳහන් වෙයි. එසේම දඹදෙණි යුගයේ වත්හිමි නම් කුමරු ඉස්ලම් ආගමට ගොස් රට අන්‍යාගමික වන අතර සැඟවී සිටි ඔටුන්න හිමි කුමරු අන්‍යාගමික පාලකයා බලයෙන් පහකර යලි රාජ්‍යත්වයට පත්ව රටත් දැයත් සසුනත් ආරක්ෂා කරගත් ආකාරය හෙළි වෙයි.මෙම තත්ත්වය එකළ ලෝකයේ විශේෂයෙන්ම රාජ්‍යත්ව තිබූ ආසියාතික රටවලට පොදු ලක්ෂණයක් විය. චීනය කොරියාව  වැනි රටවල පවා සිය රාජ වංශය රැක ගැනීම තිබූ ආරකෂාකාරී සංවිධාන ගැන අපට දැන් දැන ගත හැකි වන්නේ ඒ රටවල සිනමා කරුවන් විසින් නිර්මාණය කරනු ලබන ඓතිහාසික ටෙලි සිත්තම් වලිනි.

සිංහල රජ පවුල බල රහිත තත්ත්වය පත් වීම ආරම්භ වන්නේ යුරෝපීයන් මෙරට ආගමනයත් සමගමය. නමුත් පරංගින් ඇසුරේ හැදී වැඩුණු කොනප්පු බණ්ඩාරයන් නැවත සිංහල බෞද්ධ රාජ්‍යත්වය ආරම්භ කරමින් සෙංකඩතල රාජධානිය ශක්තිමත් කරනු ලැබීය.නමුත් එයින් රජ පවුලේ ස්ථාවරත්වයක් ඇති නොවීය. එවකට දඹදිව තිබූ රාජ වංශයන් සියල්ල මුස්ලිම් ආක්‍රමණ හමු වේ බෙලහීනව යෑම නිසා සිංහල රජු රැක ගැනීම දුෂ්කර විය. රජ වරුන්ට බිසෝ වරුන් ලබා දුන් දන්ත හේමමාලා කීරවැල්ල රජකීය පරපුර 1617 කොන්ස්තන්තීනු සටනින් පසු වල් වෑදිම නිසා රජ පවුලට බිසෝ වරුන් සැපයීමට නැවත ඉන්දියාව දෙසට යොමු වන්න සිදු විය.මුස්ලිම් ආක්‍රමණය හමු වේ හින්දුත්වය රැක ගත් නායක් පෙළපතකින් කුමරියක් මෙරටට ගෙන එන්නේ මේ බලපෑමෙනි.මේ තත්ත්වය නිසා සිංහල රජ පෙළපත වෙනුවට නායක් රජ පෙළපතකට හිස නමන්නට අපට සිදු විය. මේ තේරීම පිටිපස සංඝරාජ ස්වාමීන් වහන්සේ සිටියහ. ඒ උපසම්පදාව නැවත ගෙන ඒමේ අභිප්‍රායෙනි. එහෙත්  උපසම්පදාව තහවුරු කළද අවසානයේ දී බුද්ධ ශාසනය  රැක ගැනීමට නායක්  පෙළපතට  හැකි නොවීය. රදළයන් රජු හා භේද භින්න වීම නිසා 1766 දී මුහුදු බඩ පෙදෙසින් ගව්වක ප්‍රමාණයක් ලන්දේසීනට ලියාදීමට ගිවිසුමක් ඇති කර ගත්හ.මේ සිංහලේ රාජ්‍යයයේ අවසානයේ ආරම්භයයි. මෙයට විරුද්ධව  තැන් තැන් වල  විසිර සිටි රජ පවුල් විසින්ම කැරැලක් ඇති කළද ඔවුහු ලන්දේසීන් ගේ ශක්තියෙන් උඩරට ආක්‍රමණය කළ නිසා භික්ෂූන් වහන්සේලාගෙන් සහ රදළයන්ගෙන් සහාය නොලැබී කැරැල්ල පහසුවෙන් පරාජයට පත් කර ගත හැකිවිය. නමුත් 1812 වන විට තත්ත්වය එසේ නොවීය. රජ වාසල තුළට වැදුණ කුමන්ත්‍රණ කරුවන් විසින් රජු බෙලහීන කරන ලදහ. රදළයන් බිලී බා ගැනීම ඇරඹී තිබුණි.මහ බ්‍රිතානය කිරීටයට රට භාර දෙන්නට ගිවිසුම් ගැසූ රදළයන් සිංහල රජ පවුල සහමුලින්ම ඉවත් කළහ. එතැන් සිට 1948 තෙක් ලංකාව ඉංග්‍රීසි කිරිටයට යටත්ව සිටි  අතර  පසුව  නිදහස යනුවෙන් ව්‍යවස්ථාමය ප්‍රතිපාදනයක් ප්‍රදානය කෙරුණි. එහි අරුත නම්  බ්‍රිතාන්‍ය රජු වෙනුවට නැවත සිංහල රජ පවුලට රට භාර නොදීමයි. එය භාර දෙන ලද්දේ බ්‍රිතාන්‍ය කිරීටයට සුවචව රජය කරවා ලිය හැකි අගමැති වරයෙකුටයි.

1972 වර්ෂයේ ජනරජ ව්‍යවස්ථාව සකස් කර කල්හි. මේ වැරැද්ද නිවරදි කොට ගත හැකිව තිබුණි. නමුත් එය එසේ නොවුණි.තවදුරටත් බ්‍රිතාන්‍ය පොදු රාජ්‍ය මණ්ඩලයට යටත් ව කටයුතු කිරීමට සිංහල නායකයන්ට රිසි විය. මේ වන විට රටේ ඇති වූ අස්ථාවරත්වය ට මූලික හේතුව වූයේ උතුරේ පටන් ගැනුණු ත්‍රස්තවාදයයි. මෙයට විසදුම් සෙවීමට අගමැති ආණ්ඩුක්‍රමයකින් බැරි විය. ඒ වෙනුවට රටටම එක වර ආණ්ඩු කළ හැකි නායකයකු අවශ්‍ය විය. අත්තනග්ලේ මන්ත්‍රී වරියට මුලු රටම ආණ්ඩු කිරීමට වරමක් නොමැති බව ජේ.ආර්. ගේ අදහස විය. ජනතා පරමාධිපත්‍ය විධායකය සඳහා ගොඩ නැගීම ඔහු ගේ අභිප්‍රාය විය. ජයවර්ධන හිටපු ජනාධිපති වරයා 1977 වසරේ බලයට පත් වූ විගසම සිය ව්‍යවස්ථා සංශෝධනය රටට ඉදරිපත් කලේය.1966 වසරේ දී ඔහු මෙම අදහස ප්‍රථම වරට ඉදිරිපත් කොට ඇත්තේ එම වසරේ දෙසැම්බර් මස 14 දි විද්‍යාභිවර්ධන සංගම් ශාලවේ පැවති රැස්වීමකදීය.මේ එහිදී ඔහු පළ කල අදහසයි. විධායකය තෝරා ගැනෙන්නේ ජනතාව විසින් වන අතර එය ව්‍යවස්ථාදායකයට නියමිතව ඇති කාලසීමාව මත රඳා පවතින්නේ නැත. එබඳු විධායකයක් ශක්තිමත් විධායකයක් වේ. එය නියමිත කාලසීමාවක් සඳහා බලයට පත් කොට සිටින අතර ජනතාව තෝරා ගෙන ඇති විධායකයක රුචි අරුචිකම්වලට යටත් වන්නේ නැත. එසේම ජනප්‍රිය නොවූවත් තම පාර්ලිමේන්තු කණ්ඩායමෙහි අප්‍රසාදයට පත් වීමට බිය නැති නිසා අවස්ථාවට අවශ්‍ය පියවර ගැනීමට එය බිය නොවන්නේය. අද අප මුහුණ පා සිටින්නාක් වැනි බරපතළ ප්‍රශ්ණයන්ට මුහුණ පාන අප වැනි සංවර්ධනය වෙමින් පවතින රටකට අත්‍යන්තයෙන්ම අවශ්‍යව ඇති බව මගේ විශ්වාසයයි. මේ යෝජනාව ඊට  අවුරුද්දකට පසු ඔහු සාකච්ඡාවට ගත් කල ඩඩ්ලි සේනානායක මහතා ඊට විරුද්ධ විය. නමුත් ආර්.ප්‍රේමදාස මහතා එම යෝජනාව ස්ථීර කළ බව පැවසේ. ආචාර්ය කොල්වින් ආර්.ද සිල්වා මහතාද සමගි පෙරමුණ කණ්ඩායම මෙහෙයවමින් ඊට විරුද්ධ විය.

ජයවර්ධන ජනාධිපතිවරයා 1978 මැයි 31 වන දින ශ්‍රී ලංකා විශ්ව විද්‍යාලයේ පැවැත්වූ උපාධි ප්‍රදානෝත්සවයේදී ඉතා වැදගත් දේශනයක් කරන ලදී. එහි සාරාංශය මෙසේය.      මම ඡන්දයෙන් තේරුණු පළමුවැනි විධායක ජනාධිපති රාජ්‍ය නායක හා ආණ්ඩු නායකයා මම වෙමි. එය ප්‍රබල පදවියක් වන අතර එහෙයින් වගකීම් සහිත පදවියක්ද වේ. මට පසුව අන්‍යනයන්ද මෙම පදවිය දරණු ඇති  බැවින් මගේ පදවි කාලයේදි අනුගමනය කිරීමට වටිනා පූර්වාදර්ශ සපයනු කැමැත්තෙමි. පළමුව මම නිරතුරුවම කැබිනට් මණ්ඩලය හා පාර්ලිමේන්තුව තුළින් කටයුතු කරන්නෙමි. ඒ සමග පෙර පැවති ලෙස කිසිදු අඩු වීමකින් තොරව පාර්ලිමේන්තු ක්‍රමය සංරක්ෂණය කරන්නෙමි.  ජනාධිපතිවරයාගේ මිනිස්සු හා ගැහැනු යනුවෙන් හැඳින්වෙන පරිදි ජනාධිපතිවරයා කෙරේ බලපාන පුද්ගලයන් කණ්ඩායමක් ගොඩ නොනගමි.ඒ අනුව ඔහු ජනාධිපති ලේකම් කාර්යාලයක් හෝ ප්‍රබල නිළධාරි මණ්ඩලයක් පිහිටුවා ගත්තේ නැත.මේ අයුරින් බලන කල්හි ජේ.ආර්. ජනාධිපතිවරයාගේ දූරදර්ශී නුවණ තේරුම් ගත හැකිය.

විධායක ජනපති ක්‍රමය ස්ථාපිතව 2018 වසරට වසර තිස්එකක් සම්පූර්ණ වෙයි.එහෙත් එහි නියම බලතල ප්‍ර යෝග කරගන්නට  දශක කීපයක් ඉකුත් විය. එය මැනවින් ප්‍ර යෝජනයට ගෙන කොටි ත්‍රස්තවාදය සහමුලින්ම අවසන් කරන ලද්දේ මහින්ද රාජපක්ෂ මහතා විසිනි.

යුද්ධය සංවිධානය කිරීම යුද්ධයට අණ දීම යුද්ධය පැවති කාල වකවානුවේ රාජ්‍ය තාන්ත්‍රිකව කටයුතු කිරීම වැනි අසීරු දෑ ජයගන්නට මහින්ද රාජපක්ෂ මහතා සමත් විය. ඔහුගේ චරිත ලක්ෂණ රජෙක් හා සමාන විය. එම නිසා යුද්ධයෙන් පසු ඔහුට මහරජානෝ යැයි නමක්ද ඇති විය.සැබවින්ම එම නම දැරීමට ඔහු සුදුසු වූයේ යුද්ධයේදී දැක්වූ සමත් නායකත්වය නිසාවෙනි. එහෙත් සිංහල රජ පවුල එහි ස්වභාවය දළදා වහන්සේ හා තිබෙන බැඳීම දශරාජ ධර්මය ආදී කිසිවක් ගැන හැඟිමක් මහින්ද මහතාට නොවීය. ඔහු වැඩ කලේ ඉවෙන් මෙනි. ඔහුගේ තීන්දු තීරණ ගැනීම් වලදී ඔහු විසින් පුරුදු පහුණු කල දෙශපාලන න්‍යයා ප්‍ර යෝජනවත් වූවා මිසක ඉතිහාසයෙන් උගත් පාඩම් ගැන හංකවිසියක් නොවීය. එම නිසා පශ්චාත් යුද්ධ කාලවකවානුවේදී මහින්ද රාජපක්ෂ මහතා අසාර්ථක විය.දූෂණ වංචා පිළිබඳ ඉස්මතු කිරීමට තැතනුවද  ඒවා නිදහස ලැබීමෙන් පසු සෑම අවදියකදීම සිදූවූ පොදු කරුණුය. අඩු වැඩිවීමක් සිදුවූවා පමණකි. නමුත් රට බලපාන බොහෝ තීරණ විශේෂයෙන් ශාසනික තීන්දු වලදී ඔහු දැක්වූ අසමත් කම් බොහෝ විය.එසේම දෙමළ ජාතිවාදය මවාදීව පාලනය කරගන්නටත් මුස්ලිම් අන්තවාදය නීතය මගින් පාලනය කරගැනීමටත් ඔහුට හැකිනොවූ බව සඳහන් කල යුතුය.

කෙසේ වෙතත් රජෙක් රජ පවුලක් සිටි රටක මහජනතාවගේ සිත් සතන් තුළ පවතින පොදු හැඟීම නම් ශක්තිමත් රාජ්‍ය නායකත්වයක් අවශ්‍ය බවයි. එය අගමැතිට ලඝු කරගැනීමෙන් නැවතත් 1948 දක්වා රට පසු බැසීමට හේතුවක් බවට පත් වේ. ඉන්දියන් සාගරයේ කුඩා දූපතක් වන ලංකාව ඒකීය රටක් වශයෙන් ලොව ඉදිරියේ අභිමානයෙන් හිස එසවීමට නම් මේ නායකත්වය අවශ්‍ය බවට විවාදයක් නැත.විධායක ජනපති ක්‍රමය අහෝසි කිරීමෙන් පළාත් සභා සහ මධ්‍යම රජය අතර තිබෙන බැඳීම ගිලිහේ.යම් විදියකින් පළාත් සභා අහෝසි කලද විධායක ජනපති ක්‍රමය සෑමදාටම තිබිය යුතු බවද පැවසිය යුතුය..

මතුගම සෙනෙවිරුවන්

3 Responses to “රජෙක් හිටිය රටක නායකයා අගමැති වෙන්න පුළුවන්ද?”

  1. Christie Says:

    J R was a quarter Indian. He just did what India and Indian Parasites told him to do.

  2. aloy Says:

    Seneviruwan,

    Your penultimate para is the crux of the matter. The මහරජානෝ does not have what it takes to be the king. I hope the citizenry realize it. The sooner the better.

  3. Ratanapala Says:

    We Sri Lankans are an Asian Country. By nature and by history we are accustomed to look up to leadership. Follow the leader mentality is ingrained in us. History of Asia and in fact around the world is that of leaders and their exploits in building and destroying nations. The concept of democracy is alien to our souls and in fact pure democracy is not found anywhere else in the world either. This concept has been used by imperialist nations to keep their former colonies in perpetual subjugation. Democracy is the ambrosia they feed the populace to drug them into a comatose state and is the keyhole through which they enter to wrest control of any who deviate from the ‘assigned path’!

    In Sri Lanka we have a majority who yearn to keep the country whole and work towards a common wealth and minorities who are interested in balkanizing the country and having fiefdoms for themselves and others who are working towards wholesale taking over by population and economy control.

    The democracy we have in the country today where the majority has got evenly divided between two warring factions dependent on minority support is leading the country down the slippery slope back to enslavment by the imperialist forces as well as ‘johnny come lately’ powers such as India.

    There is no major policy difference between the SLFP and the UNP in thier modus operandi. Only hindrance that they have is their inablitiy to form a stable government without the support of minorities – Tamils and Muslims who are in the final analysis for the continuation of the Sri Lankan state in the present form. In this scenario it is of paramount importance that all patriots – in the SLFP and the UNP unite under one banner to defeat the ‘camels who have their heads in the tent, as well as the ‘Greeks who come bearing gifts’!

    There is no better way forward, -for we are already in a ‘hole’- other than to continue with the democracy fiasco without loosing our wits. Over the last 70 years since Independence from the Imperialist forces it is obvious that we have not had proper statesmen leading our nation. Politicians have all played ‘ping pong’ infront of a mesmerised populace and over the years we have ended up with an uneducated lot as our lawmakers. Three years have passed since the coming into power of the Jadapalanaya which went to rob the entire nation within weeks of coming into power, practically nothing has happened to advance the cause of progress in the country. Indebtedness has increased by leaps and bounds and our food, environmental and physical security has deteriorated ad nauseaum.

    We have a chance and a way forward at the coming 2020 Presidential Elections – and that is to bring in a President who need not cowtow to the minorities for his existence. It is now up to the patriots in the SLFP and the UNP to do this by uniting under one banner – Pohottuwa and Gotabhaya!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress